.
පුංචි පැළේ ගසවෙනා
සිංහරාජ
වනාන්තරය රැකගනිමු
1988 ඔක්තෝබර් 21 දින ලෝක උරුමයක් ලෙස
ප්‍රකාශයට පත්ව ඇති සිංහරාජ වැසි
වනාන්තරය හෙක්ටයාර් 11184ක වර්ග
ප්‍රමාණයකින් යුක්ත ය. අදින් වසර මිලියන
15කට පෙර දක්වා වූ ඈත ඉතිහාසයකට හිමිකම්
කියන සිංහරාජ වනාන්තරය ලංකාවේ දකුණු හා
සබරගමු යන පළාත්වලටත් ගාල්ල, මාතර,
රත්නපුර යන දිස්ත්‍රික්කවලටත් අයත් වෙයි.
මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ ශාක
විශේෂවල පරිණාමය, ව්‍යූහය හා සංයුතිය
නොවෙනස්ව පැවතීම ය. ශ්‍රී ලංකාවට ආවේණික
ශාක වර්ගවලින් 13 ක් ම සිංහරාජයෙන් හමු
වී ඇත. එසේ ම දැවමය වටිනාකමින් ඉතා
අධිකය. ශාක විශේෂ 157ක් ද, ක්ෂීරපායි සත්ව
විශේෂ 40ක් ද උරග විශේෂ 65 ක් ද ඇති බවට
වාර්තා වී ඇත. ඒ අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ
සතුන් බොහෝමයක් සිටින බවට සඳහන් වේ.
අතීතයේ සිට ම මිනිසාගේ අකාරුණික
බලපෑම්වලට ලක්වන සිංහරාජයේ අනවසර වන
විනාශය අදටත් පැවතීම කනගාටුදායක ය.
වටිනා ශාක හා සත්ත්ව ප්‍රජාව අහිමි වී
අවසානයේ මුඩු බිමක් පමණක් ඉතිරිවීම මෙහි
අවසාන ප්‍රතිඵලය වනු ඇත.
පොතපත ඇසුරෙනි.
අවන්ති මෝක්ෂා විජේවර්ධන
8 ශ්‍රේණිය ‘සී’,
මාවතගම ජාතික පාසල,
කුරුණෑගල, මාවතගම.
හේන් ගොවියාගේ
දහසක් දුක් විඳ හේන කෙටුවේ
ඇට ඉහලා බව බෝගය වැව්වේ
දරුවෙකු වාගෙයි හේන බැලුවේ
සරු අස්වැන්නක හීන මැවුවේ
වැහි පොදයක් නෑ පොළවට වැටුණේ
පෑවිල්ලට මගෙ හේන වැනසුණේ
කුසගින්නේ දැන් ඉන්නට වෙන්නේ
හදවත වැලපෙයි අනේ දෙවියනේ
ඩී.එම්.කේ.පී.ටී. දිසානායක
13 ශ්‍රේණිය ‘කලා’,
දෙණිකේ ද්.වි.,
දෙණිකේ.
පොඩි
සාධු
පොඩි කාලේ මිතුරො එක්ක
වෙල් එළියේ දුව පැනලා
ඇළේ වෙලේ පැනල නටලා
නැටු හැටි මතකයි
ගස් ගල් උඩ දුව පැනලා
ගස්වල ගෙඩි මල් නෙළලා
ඉගිළී යන කුරුල්ලන්ට
ඔච්චම් කෙරුවා
ඕවිට ළඟ ගලේ ඉඳන්
කුරුල්ලන්ගෙ ගීත හඬට
මගෙ වස්දඬු ගී රාවය
මා එක් කෙරුවා
ඒ හැම දේ අතීතයට
එකතු වෙලා අවසානයි
දැන් නම් මම පැවිදි වෙච්ච
පුංචි හිම නමක්
පොඩි සිවුරෙන් දෙවුර වසන්
බෝ ගහ යට වාඩි වෙලා
සන්සුන් ඉරියවුවෙන් ඉඳ
බවුන් වඩමි මං
එක දවසක් අම්ම කිව්වා
මහණ වුණොත් පුතේ ඔයා
හතර වරිගයම නිවනට
පැමිණෙතැයි කියා
අම්මේ මා ඔබෙ සිහිනය
සපුරාලා සතුටු සිතින්
සංවර ලෙස සිවුර ඇඳන්
බවුන් වඩනවා
හිරුදිනි කුමාරි විජේතිලක
11 ශ්‍රේණිය 'කිව්', ඩඩ්ලි සේනානායක මධ්‍ය
විද්‍යාලය,
තෝලංගමුව
මා
ගිය දුම්රිය ගමන
ගාල්ලේ සිට මාතලේට දුම්රියෙන් ගියේ
සතුටින්ය. මුහුද බලමින් කොළඹ පසු කළා. කොළඹ
දුම්රියපළ ඉතා විශාලයි. රඹුක්කන පසු කළ
විට උමං යටින් ගියේ හරිම බයෙන්.
ලස්සන කඳු, දියඇලි, ගංඟා හරිම ලස්සනයි. ඒ
දුම්රිය ගමන ආයෙත් යන්න ඇත්නම්.
තිසර දහම් දිසානායක
2 ශ්‍රේණිය 'බී',
පිලාන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලය,
වංචාවල - ගාල්ල
වැස්ස වහිනවා
වැස්ස වහිනවා
අගල් පිරෙනවා
වැව් උතුරනවා
වැස්ස වහිනවා
සුළං හමනවා
ගස් පෙරළෙනවා
ගෙවල් කැඩෙනවා
වැස්ස වහිනවා
කඩදහි ඔරු පා කරන්න
වැස්ස වහිනවා
හෝ හෝ ගා වැස්ස වහිනවා
සචිත්ත දිල්ෂාන් කුමාර,
3 ශ්‍රේණිය,
හුන්නෙලෙම්බුව මහා විද්‍යාලය,
කුලියාපිටිය.
දිනක උදාව
හිරු කුමරා අඳුර මකා දමා ලස්සන දවසක
මෙහෙවර ආරම්භ කරයි. කිචි බිචි නදින් ගීත ගයන
කුරුලු කිරිලියෝ මිනිසුන් අවදි කරති. රැයෙහි
නිදාගත් මිනිස්සු අවදිවී යුහුසුලුව තම
තමන්ගේ වැඩෙහි යෙදෙති. පාළුවට ගොස් තිබූ මහා
මාර්ග ටිකින් ටික වාහනවලින් පිරෙන්නට පටන්
ගනියි. පුංචි දරු දැරියෝ සුදු ඇඳුමින් සැරසී
පාසල කරා ඇදෙති.
පුංචි මල් කැකුළු හිරුට සිනාසෙන්නාක්
මෙන් පෙති විහිදමින් විකසිත වෙයි. මී මැසි
සමනලයින් විගසින් පියාඹා යන්නේ මල්වල රොන්
උරා බීමටයි. තණ පත් මත වැටුණු පිනි බිඳු හිරු
රැස් වැටී දියමන්ති මෙන් දිලිසෙයි. උදෑසන
හමන සිසිල් සුළඟ ගත සිත ප්‍රබෝධවත් කරයි.
රැය ගෙවී පහන් වී ප්‍රබෝධවත් දිනක්
උදාවෙයි.
ජේ. සීමානි ශශිප්රභා
ජයලත්
5 ශ්‍රේණිය,
මල්වාන ජයන්ති විද්‍යාලය,
පොතුකොළදෙණිය.
වැඩිහිටියන්ට
සලකමු
ශ්‍රී ලාංකික ජනතාව සිංහල සංස්කෘතිය හා
ජාතිය සුරක්ෂිත කරන අභිමානවත් ගෞරවනීය
ජාතියකි. ඉතා පෞරාණික ප්‍රෞඪ ඉතිහාසයේ
පටන් සාරධර්මවලින් පිරිපුන්, අගනා
ගුණධර්මයන්ගෙන් පෝෂණය වූ අපගේ ලක්වැසියෝ
වැඩිහිටියන්ට සැලකීම මූලික කොට ගත්හ. රන්,
මිණි, මුතු, රිදී වලට වඩා අපගේ වැඩිහිටියෝ
වටිනාකමින් අගතැන්පත් වෙති.
අප යහමඟ යවන, අපට ඔවදන් ලබාදෙන, සමාජ
අභියෝගවලින් අපව ආරක්ෂා කරන, අපට වඩා එක්
දිනකින් හෝ වැඩිමහලු වූවන් අපි
වැඩිහිටියන් ලෙස සලකමු. පුංචි මල් කැකුළු
වැනි කුඩා දරුවන් නිවසේ වැඩිහිටියන්
තුළින් පෝෂණය වන අතර ඔවුහු සිප්සතර
හැදෑරීමට ගුරුගෙදරට යති. එතැන් පටන්
ඔවුහු නිෙවසේ වැඩිහිටියන්ට මෙන් ම
ගුරුවරුන්ට ද සැලකීමට, ගෞරව කිරීමට
පුරුදු වෙති.
“ඔවා දෙනු පර හට - තමා සම්මතයෙහි පිහිටා
සිට”
ඉහත කියමනෙහි ආකාරයට අනුන්ට ඔවදන්
දීමට පෙර තමා එම ඔවදන්හි පිහිටා සිටිය
යුතුය. එහෙත් වර්තමාන සමාජයේ සමහර
වැඩිහිටියෝ තමා වැරැදි කරමින් අන් අයට යහ
මඟ යෑමට උපදෙස් දෙති. අප එවැනි
වැඩිහිටියන් ආදර්ශයට ගන්නේ කෙසේද? එහෙත්
මෙම සමාජයේම අපව යහමඟට යොමු කරන වැඩිහිටි
පිරිසක් ද වෙති. අපව යහමඟට ගන්නා මෙවැනි
වැඩිහිටියන්ව අප පිදිය යුත්තේ සැදැහැ
සිතින් නොවේ ද? එම නිසා එවැනි වැඩිහිටියන්ට
නිතරම ගෞරවයෙන් සැලකීමට අප සැම අද පටන්
පුරුදු වෙමු.
උත්පලා අංජලී සෙනෙවිරත්න
7 ශ්‍රේණිය ‘එෆ්’,
රත්නාවලී බාලිකා විද්‍යාලය,
ගම්පහ.
දහම් පාසල
උදෙන් පිබිද
මල් නෙළාන
සුදට සුදේ සුදු ඇදගෙන
ඉරිදා උදේ මේ යන්නේ
මුළු මිදුලම අමදිති
මලසුන් සෝදා හරි
පැන් ඉසලා මල් පුදලා
බුදු හිමියෝ නමදිති
ගුරුවරුන්ට කන්දෙමු
පොත් පාඩම් කරනෙමු
දෙගුරුන් නමදින්නෙමු
හොඳ ළමයින් වන්නෙමු
තරුෂි නවෝද්‍යා රණසිංහගේ
7 ශ්‍රේණිය,
ජයන්ති ඉරු දින දහම් පාසල,
රනිස්වල.
දක්ෂ දරුවෝ
පබසරාගේ ගිරවා සහ ගොවියා

පබසරා කුමාරි තිඹිරියාගම ඉගෙනීමෙහි
මෙන්ම නිර්මාණකරණයේ ද දක්ෂය.
ජයවර්ධනපුර ධර්මපාල මහා විද්‍යාලයේ
පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පබසරාගේ
අලුත්ම පොත ගිරවා සහ ගොවියා කතන්දර පොතයි.
මාල ගිරවකු හා ගොවියකු අතර ඇතිවන සංවාදය
තුළින් සත්ත්ව කරුණාව මනුස්සකම, ගහකොළ
පරිසරය ගැන ද පබසරා කුමාරි දියණිය කතාබහ
කරන්නීය. ඉතාමත් සරල බස් වහරින් යුතුව
නිර්මාණය කර ඇති මේ කතා පිංච කුඩා දරුවන්ගේ
සිත් ඇද ගනු නොඅනුමානය.

|