කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»

“පිරිත් හඬ හා හේවිසි නාදය තියෙනකම් රට අබෞද්ධ කරන්න බෑ”

“පිරිත් හඬ හා හේවිසි නාදය තියෙනකම් රට අබෞද්ධ කරන්න බෑ”

මිහිඳු මා හිමියන්ගේ හා දේවානම් පියතිස්ස මහ රජුගේ දායකත්වය ඇතිව ආරම්භ කරන ලද ලංකා බුදු සසුන පසුකාලීනව විටින් විට පැමිණි දකුණු ඉන්දීය තර්ජන ගර්ජන හමුවේද නොසැලී ඒවා මැඬ පවත්වාගෙන ඒමට මෙරට ගිහි පැවිදි දෙපක්ෂයම සමත් වුණා. ඒ දීර්ඝ කාලය තුළ අපේ දෛනික ජීවිතයට අවශ්‍ය සෑම කරුණකදීම ශාසනික සම්බන්ධතාව ඇතිවන පරිදි කටයුතු යොදා ඇති බවත් සිංහල බෞද්ධ සංස්කෘතිය දෙස බැලීමේදි පැහැදිලිව පෙනෙනවා.

දරුවෙක් මවුකුස පිළිසිඳ ගත් විට දසමසට ආසන්න වන විටම භික්ෂුන් වහන්සේලා කීපනමක් වැඩම කරවා අංගුලිමාල පිරිත දේශනා කිරීමෙන් මවටත් ඒ කුස ඔත් දරුවාටත් ආශිර්වාද කිරීම අපේ සිරිත.

දෙවනුව ඒ උපත ලද දරුවාට නම් තැබීම, ඉඳුල් කට ගෑම, ප්‍රථම කෙස් රොද කැපීම, විවාහයට පෙර තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා දීම, අසනීපයක් රෝගයක් හැදුණු විට බෝධි පූජා ආදි ක්‍රමවලින් සෙත් පැතීම, අවසාන අවස්ථාවේදි පවා පෙනී සිට ඔහුට අනුශාසනා කැර පිරිත් දෙසීම මරණින් පසු ඔහුගේ හෝ ඇයගේ භූමදාන, ආදාහන කටයුතු ආගමානුකූලව සිදු කිරීම, අවසාන වශයෙන් ඔහුට හෝ ඇයට පරලොව වශයෙන් යහපත් සිදුකරනු පිණිස, සන්දිත තෙමස් දාන ආදියත් කිරීමෙන් බෞද්ධයාගේ මුළු මහත් ජීවිතය ම සස්නට බැඳ තැබූ අයුරු අපට පැහැදිලිව ම අද දවසේ ද දකින්නට පුළුවන්.

මේ බැඳීම් නිසා බෞද්ධයා තුළ ශාසනය වෙත කැවී තිබුණේ රුධිර ධාතුමය සම්බන්ධතාවක්. මෙය කෙතරම් බලවත් වී ද කියතොත් බුදුරදුන් උපත ලද රටටවත් කර කියා ගත නොහැකිවූ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළේ සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලාය. ඒ බව ලෝකය ම දන්නා කරුණක්.

සිංහලයා තුළ මේ ආගමානුකූල බැඳීම ඇති කළේ දූරදර්ශී වියත් එදා - මෙදා තුර වැඩ සිටින හා වැඩි සිටින භික්ෂුන් වහන්සේමයි.

මේ නිසා පෘතුගිසි, ලන්දේසි, ඉංගිරිසි වැනි බටහිර ජාතීන්ටත් මෙරට බුදු සසුන අවුල් කිරීමක් මිස රටින් උපුටා දැමීමක් කළ නොහැකි වුණා. ඒ නිසයි බුදු සසුන රැඳී තිබෙන්නේ. මේ දියුණුවට හේතුව භික්ෂුන් වහන්සේලා සාමූහිකව සිදුකරන පිරිත් දේශනය හා ධර්ම දේශනා පිළිවෙළයි.

භික්ෂුන් වහන්සේ මේ රටේ ප්‍රධාන කාර්යභාරයක් හැමදාම ඉටු කළා. එදා දළදාව භාරකාරත්වය දරන්නාට පමණක් රජකම හිමිය යන පිළිගැනීම ඇති කළේත් හාමුදුරුවෝ. උදාහරණයක් රාජ වංශයෙන් කියන්නම්.

ක්‍රිස්තු පූර්ව 8 සියවසේදි පීතෘඝාතක කාශ්‍යප රජ්ජුරුවො සීගිරියේ සිට රජ පාලනය කළා. සිංහල රාජාවලියේ ඉතාම ක්‍රෑරතර අපරාධය කළ රජුන් දෙදෙනාගෙන් කෙනෙක් කාශ්‍යප රජු. මා එහෙම කියන්නෙ තමන්ගෙ පියා කලා වැව් බැම්මෙ තියලා මැටි ගහලා පණපිටින් මරා දැමූ නපුරෙක් ලෙස ඉතිහාසගත වන නිසයි. පීතෘ ඝාතක තවත් රජවරුන් සිටියත් ඔහු තරම් නරක නෑ. ඊළඟට ශ්‍රි විකුම රාජසිංහ ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුලට කළ ක්‍රෑර අපරාධය ඉතිහාස ගත වෙනවා.

එදා සිටි සංඝරාජ හාමුදුරුවො මහා සේනාවක් සමඟ තවත් භික්ෂුන් සමඟ පීතෘ ඝාතක කාශ්‍යපගේ මාළිගාව තිබුණු සීගිරිය හතර පැත්තෙන් ම වටකළා. බෙර හේවිසි නාද පවත්වාගෙන ආ මහ සෙනඟ සිහගිරි පාමුල සිටි රජුට අභියෝග කළා. සංඝරාජ හාමුදුරුවො දැනුම් දුන්නා. අප කාශ්‍යප රජු පිළිගන්නෙ නෑ. ඔහුට දළදා වහන්සේ අකැපයි. දළදා වහන්සේ අපට‍ දෙන්න. එතෙක් අප මේ භූමියෙන් යන්නෙ නෑ කියලා. කාශ්‍යප රජු බයවෙලා දළදාව සහිත රන් කරඬුව හිමියන් වෙත එවා තිබුණා. ඊට පසු ටික දවසකදි මුගලන් පැමිණ ඔහු විනාශ කළා. ඒකෙන් පෙනෙනවා ශාසනික සම්බන්ධයේ තරම. භික්ෂූන්ගේ නායකත්වය.

ඊළඟට මා තවත් වැදගත් සිද්ධියකට යනවා. අධිරාජ්‍යවාදී කාලයේ රට පාලනය කළ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඉංගිරිසි ජාතික දැන උගත් සුවිශේෂි බුද්ධියකින් පිරිපුන් එදා ලෝකයේ ම පතළ නමක් තියාගෙන සිටි හේලි නමැති පාදිලිතුමා වෙත යැවූ ලිපියක අනුසාරය මෙහෙමයි.

ශ්‍රී ලංකාව කුඩා රටකි. එය යටත් කැර ගැනීමට අපට හැකි විය. මුහුදින් වටවූ දූපතකි. ජනගහණය ලක්ෂ ගණනකට සීමිතය. වන පෙදෙස් බහුලය. ත්‍රිවිද දේශගුණයම මෙහි පවතී. මෙහි ජනතාව පිළිගත නොහැකි කිසියම් භූත ආගමක් අදහති. එය හැඳින්වෙන්නේ බුද්ධාගම නමිනි. එහි පූජකවරු සියල්ලෝ ම විශේෂ ආරාමවල වෙසෙති. බ්‍රහ්මචාරීහුය. හිස මුඩු කරන්නෝය. කසාවත් පොරවන්නෝය. දිනකට උදේ දවල් පමණක් වළඳන්නෝය. මිනිසුන්ගේ ගම්වාසීන්ගේ සියලුම ප්‍රශ්න විසඳනු ලබන‍්නෝ ද ඔවුහුමය.

ගස්වලට වඳිති. මැටි රූපවලට වැඳුම් පිඳුම් කරති. ඔවුන්ගේ මේ බුද්ධියෙන් තොර කටයුතු ගැන බලන විට පුදුම සහගතය.

මේ කුඩා රට දෙවියන් වහන්සේගේ අණට යටත් ක්‍රිස්තියානු ආගමට හැරවීම සඳහා බුද්ධිමත් පූජකවරුන්ගේ සහාය දැන් අපට අවශ්‍යව ඇත. එනිසා මේ දුටු වහා ම මාගේ ඉල්ලීම පිළිගෙන ලංකාවට පැමිණ මේ රට ක්‍රිස්තියානු - රාජ්‍යයක් කැර ගැනීම සඳහා ලෝප්‍රකට ධර්මදූතයාණන් කෙනෙකු වූ ඔබතුමන්ට ආරාධනා කරමි. තවදුරටත් මෙසේ ද කියමි.

අපේ අතිශ්‍රේෂ්ඨ ඉංගිරිසි අධිරාජ්‍යයේ නියෝජිතයා - වශයෙන් මේ රට මගේ ආණ්ඩුකාර කාලය තුළදී යටත් කැර ගැනීමට හැකි විය. ඔබතුමා වහා පැමිණ මේ රට දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් කරනු සඳහා ක්‍රියා කරනු මැනැවි.

ඊට අවශ්‍ය සියලු දෑ රාජ්‍යයේ ප්‍රධානියා වශයෙන් මම ඔබතුමන්ට සලසා දීමටත් පොරොන්දු වෙමි. (වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 1956 බෞද්ධ ‍තොරතුරු පරීක්ෂණ වාර්තාව බලන්න.)

ක්‍රිස්තියානු ධර්ම දූත ලෝප්‍රකට දේශක බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට ලියා එවූ පිළිතුරු ලිපිය මෙසේය.

ආණ්ඩුකාරතුමනි, මේ දිනවල මා අප්‍රිකා මහාද්වීපයට අයත් රටවල් ගණනාවක ක්‍රිස්තියානි ධර්ම දූත කටයුතුවල යෙදී සිටිමි. එය බෙහෙවින් ම සාර්ථකය. මේ සාර්ථක මහා වැඩපිළිවෙළ අතහැර මේ වේලාවෙදි ඔබ කියන ඔය පුංචි දේශයේ වැසියන් ක්‍රිස්තියානියට හරවා දැමීමේ කටයුතුවල යෙදීමට මට ඉඩකඩක් නැත.

මේ කටයුතු එක්තරා මට්ටමකට නිම කොට, ඔය කියන ලංකාවට පැමිණ ඔය කියන ජන කොටස එක ඇහැක් පියාගෙන එක් ඇසකින් දිනාගෙන ඔවුන් ක්‍රිස්තියානු කොට කාර්යය මට නිම කළ හැකිය.

මෙසේ කියා පසුකලෙක වසර කීපයකට පසුව ලංකාවට පැමිණි ඔහුට 11 වසරක් පුරා, රට පුරා ඇවිදිමින් දක්ෂ ලෙස කරුණු සහිතව යම් යම් දේශනා කළ ද, සපුරා මේ රට නම් ක්‍රිස්තියානු කළ හැකි නොවීය.

අවසානයේ මේ සුප්‍රසිද්ධ ධර්මදූත පාදිලිතුමා ලියා තබා රටින් පිටව ගියේ මෙසේය. ඔහු ලියූ ලිපිය සැකෙවින් කරුණු දක්වමි.

ආණ්ඩුකාරතුමනි, ඔබට මා එදා පළකළ පරිදි එක ඇහැක් පියාගෙන අනෙක් ඇස ඔවුන් දෙස බලා සතියක් තුළදි අපේ ආගමට ඔවුන් හරවා ගත හැකි. මේ පිරිස ඒ තත්ත්වයට පත් කැර ගැනීමට නොහැකිවූයේ කාරණා 2ක් නිසාය. ඔබතුමන් ඒ කාරණා ගැන සොයා බලා නීති මඟීන් කටයුතු කළ යුතුය.

ඉන් පළමුවැන්න නම් කසාය වස්ත්‍රයෙන් සැරසුණු මේ භික්ෂුන් සාමූහිකව දේශනා කරනු ලබන පිරිත් කීම නීතියෙන් ම තහනම් කළ යුතුයි. දෙවැන්න හෙවිසි හා බෙරකරුවන් තාලයකට අසන්නා තුළ කිසියම් ප්‍රහර්ෂයක්, උද්වේගයක් ඇති වන පරිදි නාද පවත්වන හේවිසි බෙර ගැසීම ආදිය ද නැවැත්විය යුතුය.

මා කොතෙක් දේශනා කළද ඒවා චතුර හා දක්ෂ ලෙස ඇදීම් බැඳීම් ඇතිවන ආකාරයෙන් කළ ද මේ පිරිත් හඬ හෝ හේවිසි නාදය අසන ඔව්හු ආපසු හැරී යති.

මගේ දේශනා අසා අපේ ආගමට හැරුණු ඇතැම් මිනිස්සු බොහොම භක්තිමත්ව කටයුතු කිරීමට පටන් ගති. ඒත් ඒ එක්ක ම අර මුලින් කී හේවිසි නාද හෝ පිරිත් හඬ ඇසූ මොහොතේ ම ඔව්හු ඒ දෙසටම දුවති. ඔවුන්ගේ ලේ ධාතුවට එය කැවී ඇතැයි සිතේ. ඒ නිසා මේ පවතින තත්ත්වය මත මෙහි පැමිණෙන වෙනත් කවර හෝ දේශකයකුට වුව මේ රටේ ජනතාව මුළුමනින් ම ක්‍රිස්තියානු හෝ අබෞද්ධ කළ නොහැකිය.

මෙසේ ලියා ආණ්ඩුකාරයාට දන්වා යැවී හේලි නම් ඒ ප්‍රසිද්ධ පාදිලි දේශකතුමා අප්‍රිකානු දේශය තවදුරටත් ක්‍රිස්තියානු කරවනු පිණිස ම පිටත් වී ගියේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්