කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»

රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමකට සමාව ලැබෙන්න ඉඩ තියෙනවා

රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමකට සමාව ලැබෙන්න ඉඩ තියෙනවා

සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකෙජ්‍යෂ්ඨ මාධ්‍ය‍ෙව්දී ෙමාෙහාමඩ් රසුල්ඩීන්

ෂරියා නීතිය සම්බන්ධයෙන් සහ මරණ දඬුමට නියම වි ඇති කාන්තාව පිළිබඳව බොහෝ තොරතුරු දන්නා ශ්‍රි ලාංකීය මාධ්‍යවේදියෙකු වන මොහොමඩ් රසුල්ඩීන් මහතා මේ පිළිබඳව අදහස් දැක්විය."මේ සම්බන්ධයෙන් මට ප්‍රථමයෙන් කියන්න අවශ්‍යවන්නේ ගල්ගසා මරණ බවට කෙරෙන ප්‍රකාශය වැරැදි මා එරටට ගොස් දැනට වසර 25 කට ආසන්නයි.කවදාවත් මම ගල්ගහලා මරනවා දැකලා නැහැ.

මරණ දඩුවම නියම වුණත් ඇයට ගල්ගහලා මරනවා කියලා සඳහන්වෙලා නැහැ ඒක වැරදි ප්‍රචාරයක්. මෙහිදි දෛවෝපගත සිදුවිමක් ලෙස මා දකින්නේ මරණ දඬුවමට නියම වි මරණයට පත් රිසානා නාෆික්ට අධිකරණ තීන්දුව ලබාදුන් ද්වාද්මි අධිකරණයමයි මේ කාන්තාව සම්බන්ධයෙන් තීන්දුව ලබාදුන් අධිකරණයත් එකම අධිකරණයක්. සෞදි අරාබියේ නීතිමය තත්ත්වය සළකා බැලිමේදි පෞද්ගලික සහ පොදු වශයෙන් නීතියකොටස් දෙකකට බෙදෙනවා; එදා රිසානාට බලපෑවේ ‍ෙපෟද්ගක නීතියයි.

එහෙත් මේ කාන්තාව සම්බන්ධයෙන් බලපෑවේ පොදු නීතිය. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රිකව යම් ඉල්ලිමක් කළහොත් ඇයට යම් සමාවක් ලැබෙන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. ඇය වෙනුවෙන් ඇපෑලක් කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් යම් සුබවාදි තීන්දුක් ලැබෙවි කියලා මා විශ්වාස කරනවා. සවුදිය ඉතාමත් ආරක්ෂිත රටක්, නීත්‍යනුකූලව ජිවත්වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ; මේ කාන්තාව සම්බන්ධයෙන් සෞදියේ තානාපතිවරයා හුගක් වෙහෙසෙන‍වා. විශේෂයෙන් ලංකාවෙන් මෙවැනි රටවලට පිටත්වෙන සේවකයන් ඒ රටවල නිතිය සම්බන්ධ‍යෙන් දැනුවත් කළ යුතුයි.

ඒ රටට ඇතුල්විමේදි තමන් අත්සන් කරන එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි. මේ කාන්තාවට යම් ලිහිල් තීන්දුවක් ලැබෙයැයි අපි විශ්වාස කරනවා."ආරාබියේදී ෂරියා නිතිය අනුව මෙවැනි වරදකට දඬුවම මරනය වුවද මානුෂික හේතූන් මත ෂරියා නීතිය පවා වෙනස් වූ අවස්ථා ඇත. මෙවැනි අතිශයින්ම මානුෂික හේතූන් හමුවේ බොහෝ පිරිස් ඈ සම්බන්ධයෙන් කම්පනයට පත්වන අතර ඇතැමෙක් විවේචනය එල්ල කරති. කතුන් වහල් මෙහෙවරෙහි යැවිම පිළිබඳව විරෝධය පාති.

සාමාන්‍යයෙන් මෙවැනි සිදුවිම් සම්බන්ධයෙන් කම්පාවීමත් හැඟිම්බර වීමත් නිසාම අැතැෙමක් සෞදි අරාබියට ෂරියා නීතියට දොස් කීම, සෞදියේ නීතිය විවේචනය කිරිම, මැදපෙරදිග කතුන් නොයැවිමට උද්ඝෝෂණය කිරිම, අනෙත් පාර්ශවයන්ට දොස් කීම සාමාජයේ පොදු ධර්මතාවයයි‍. ඒ එකිනෙකා සමාජය කියවන ආකාරයයි. සෞදි රජයට දොස් කිම හෝ බැනවැදිමට වඩා වැදගත් වන්නේ ඇගේ දඬුවම ලිහිල් කර ගැනිමට උත්සහා දැරිමයි‍‍.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්