මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»

අහිතකර චර්යා රටා බෝල්ට්ගේ
මලල ක්‍රීඩා

අහිතකර චර්යා රටා බෝල්ට්ගේ

කෙටි දුර ධාවන ඉතිහාසයේ මීටර් සියය සහ මීටර් දෙසීය යන ඉසව් දෙක සඳහා එකවර ලෝක වාර්තා තබන්නට ක්‍රීඩකයකු සමත් වී නම් ඒ අනෙකකු නොව උසේන් බෝල්ට්ය. ඒ මදිවාට ඔහු මීටර් 4x400 ධාවන තරග ඉසව්ව සඳහාත් ලෝක වාර්තාව තබන්නට හවුල් වී තිබේ. නරඹන්නන් ඇසිපිය හෙළන සැණෙකින් ජය පිට ජය ලබන, වාර්තා පිට වාර්තා තබන විසි අට හැවිරිදි මේ ක්‍රීඩකයා ලෝක මාධ්‍ය හඳුන්වන්නේ ‘විදුලියක්’ හැටියටයි. අකුණු සරක් සරි වේගයක් මේ අසාමාන්‍ය මිනිසා තම සිරුර තුළ පවත්වාගෙන යන්නේ කොහොමද? අවැසි තැන සැණෙකින් ඒ වේගය ලබන්නට ඔහු තමන්ගේ ජීවන වත්පිළිවෙත් හැඩගස්වාගෙන තිබෙන්නේ කොහොමද? මේ වගේ ගැටලු සමහරවිට දැනටමත් ඔබ තුළ නැඟී ඇතිවාට සැකයක් නැත. තමන්ට ආදරය කරන, තමන් ගැන සෙවිල්ලෙන් පසුවන ක්‍රීඩා ලෝලීන්ගේ මේ කුතුහලයට උසේන් බෝල්ට් පසුගිය දා කදිම පිළිතුරක් දී තිබිණ. ඔහු පිළිතුර සපයා තිබුණේ සී. එන්. එන්. නාලිකාවේ අමන්දා ඩේවිස් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය. මේ කියන සම්මුඛ සාකච්ඡාවේදී වැඩිපුරම කතාබහට ලක්වී තිබුණේ උසේන් බෝල්ට් කන බොන සැටිය. එහි එක අවස්ථාවකදී ඔහු තමන්ගේ ආහාර චර්යාව විස්තර කරන්නේ මේ අන්දමටයි.

“ආහාර පාන හැටියට මම එළවළු හුඟක් ආහාරයට ගත යුතුව තිබෙනවා. නමුත් අද වන විට මම වැඩිපුර ආහාරයට ගන්නේ කෙටි ආහාර වර්ග. ඒවා ආහාර හැටියට එකතුකර ගැනීම මා අත්හැරිය යුතු වෙනවා. එය මට තරමක් අසීරු කාරණයක්. මොකද, මට රෑ දෙගොඩහරි යාමෙට මොනව හරි කෙටි කෑමක් කන්න වුවමනාවක් එනවා...” යැයි කියා බෝල්ට් පවසයි.

මේ නරක ආහාර චර්යාව ඔහු සම්බන්ධයෙන් කෙතරම් ගැඹුරු මට්ටමක පවතින්නේද යන්න වඩාත් හොඳින් පැහැදිලි කරන්නේ උසේන් බෝල්ට් ස්වයංචරිතාපදානයයි. චීනයේ බෙයිජිං ඔලිම්පික් තරගාවලියට සහභාගි වී සිටි සමයේ බෝල්ට් කළ කී දේවල් කෘතියෙහි එක් තැනෙක සටහන්ව ඇත. එහි දක්වා ඇති ආකාරයට බෙයිජිංහි ජීවත්වූ කාලයෙන් දවස් දහයක් තුළ ඔහු ආහාර ගෙන තිබුණේ ප්‍රකට අවන්හලකිනි. අනුභවය සඳහා ඔහු එයින් මිලයට ගෙන තිබුණේ කුකුළු මස් යෙදූ කෙටි කෑම වර්ගයකි. දින දහයක් තුළ එයින් ඒකක දහසක් පමණ තමන් කා දැමූ බව ඔහු එම කෘතියේ සඳහන් කර ඇත. තමන්ගේ ආහාර වේලට එළවළු එකතු වීම ඉතා වැදගත් කාරණයක් හැටියට ස්වයං චරිතාපදානයේ පවා හෙතෙම දක්වා ඇත්තේය. නමුත් තමනට එළවළු පිස ගන්නට පුළුවන්කමක් නැති බව ඔහු ඒ වහාම එහි සඳහන් කර තිබේ.

ආහාර පාන පිළිවෙත අක්‍රමවත්ව පවත්වාගෙන යන්නා සේම උසේන් බෝල්ට් තමන්ගේ නින්ද ගැනත් ඒ හැටි තැකීමක් කරන්නේ නැත. රෑ දෙගොඩහරි යාමයක් වනතුරු ඇහැරගෙන සිටීම ඔහුගේ සාමාන්‍යය පුරුද්දය. අවදියෙන් සිටින ඒ කාලය ඔහු යොදවන්නේ එක්කෝ වීඩියෝ ක්‍රීඩාවක නිරතවීමටයි. නැත්නම් චිත්‍රපට බැලීම සඳහායි.

“මම හිතන්නේ මට අත්හැර ගන්න බැරි නරකම පුරුද්දක් මේක. මම කොහොම හරි ඉක්මනින් නින්දට යන්න පුරුදු වෙන්න ඕනෑ...” යි කියා ඔහු සාකච්ඡාව අතරතුර කියා සිටියේය.

සෞඛ්‍යසම්පන්න නොවන මෙවැනි චර්යාවන් නිසා ඇතිවන බලපෑම්වලට යටවන්නට උසේන් බෝල්ට්ට අද සිදුව ඇති බව සමහර ක්‍රීඩා විචාරකයෝ පවසති. මේ බව වඩාත්ම හොඳින් දැක ගන්නට ලැබුණේ පසුගියදා නිමාවට පත්වූ සංවත්සරික ක්‍රීඩා උළෙලේදීය. මේ ක්‍රීඩා උළෙලේදී මීටර් සියය නිමකරන්නට බෝල්ට්ට තත්පර 9.87 ක කාලයක් අවශ්‍ය විණ. තරගය පැවැත්වුණේ 2012 වසරේදී බෝල්ට් මීටර් සියය දිව ගිය ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගණයේදීමය. 2012 ඔලිම්පික් තරගාවලියේදී බෝල්ට් මීටර් සියය නිම කළේ තත්පර 9.63 ක කාලයක් ගත කරමිනි. නමුත් මීටර් සියය ලෝක වාර්තාව තැබූ 2009 වසරේදී බෝල්ට් මේ ඉසව්ව සඳහා ගත කළේ තත්පර 9.58 ක කාලයක් බව වාර්තාවල දැක්වේ. මේ වෙනස ඇති කර තිබෙන්නේ බෝල්ට් අනුගමනය කරන සෞඛ්‍යසම්පන්න නොවන චර්යාවන්ද යන සැකය දැන් කාගේත් අවධානයට ලක්ව තිබේ. කොහොම වුණත් සෞඛ්‍ය සම්පන්න නොවන පිළිවෙත් නිසා ඉක්මනින්ම ශාරීරික ශක්තිය විනාශ කර ගන්නට බෝල්ට්ට පුළුවන්කමක් නැත. එයට හේතුව 2017 වසරේ ලෝක ශූරයන්ගේ ක්‍රීඩා උළෙලට සහභාගිවීමෙන් පසුව තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඔහුම ප්‍රකාශයට පත් කර තිබීමය. ඒ නිසා තවත් වසර තුනකට ආසන්න කාලයක් පුරා ක්‍රීඩා ක්ෂේත්‍රයේ රැඳෙන්නට ඔහුට සිදුව ඇත. අමන්දා ඩේවිස් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ ගැනත් කතා කරන්නට බෝල්ට් අමතක කර නොතිබිණි.

“...ඔව්, ඉතින් ඒක එහෙම වෙයි. මම හිතන්නේ ඉදිරි ක්‍රීඩා වාර දෙකට සහභාගිවීමෙන් පස්සේ මට තවත් ඉටු කරගන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ කියලා. ඉතින් මම මොකටද තවත් ක්‍රීඩාවේ රැඳෙන්නේ?” යැයි කියා ඔහු ඒ ගැන මතක් කළේය.

බෝල්ට් සඳහන් කරන ඉදිරි ක්‍රීඩා වාර දෙකෙන් එකක් වන්නේ බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවරදී පැවැත්වෙන 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය බෝල්ට් සහභාගිවන අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වන්නට හොඳටම ඉඩ ඇත. එහිදී තම සුපුරුදු දස්කම් විදහා දක්වන්නට ඔහු දැන් සිටම සූදානම් වේ. බෝල්ට් පවසන දෙවන ක්‍රීඩා වාරය - 2017 ලෝක ශූරයන්ගේ ක්‍රීඩා උළෙලයි. දැනට බෝල්ට් දරන මතයේ හැටියට ඔහු සිය ක්‍රීඩා දිවිය අවසන් කරන්නේ එකී 2017 - ලෝක ශූරයන්ගේ තරගාවලියෙනි. මේ ක්‍රීඩා තරගාවලි දෙක තුළදී දස්කම් නොපෙන්වුවහොත් බෝල්ට්ට ක්‍රීඩාවෙන් සමුගන්නට සිදුවන්නේ ඇල්මැරුණු ගතියක් ඇතිවය. එදාට කිසිවකු ඔහු ‘විදුලියක්’ ලෙස හඳුන්වා නොදෙනු නිසැකය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්