මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»

ශ්‍රී ලංකාවට පරාජයන් වැලක්
නෙට්බෝල් ලෝක කුසලානය

ශ්‍රී ලංකාවට පරාජයන් වැලක්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ සී කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදීම දැඩි පසුබෑමකට ලක්වෙමින් එකී වටයේ තරග තුනම පරාජය විය.

පසුගිය දෙවසරේදීම ආසියානු ශූරියන් වූ සිංගප්පූරුව හමුවේ මුල්ම තරගය 56 - 43 ක් ලෙස පරාජයට පත් වූ අතර දෙවැනි තරගාවලියේදී මලාවි රාජ්‍යය හමුවේ 101 - 18 ක් ලෙස දැවැන්ත ලෙස පරාජය වූ අතර තෙවැනි තරගයෙන්ද දකුණු අප්‍රිකාව හමුවේ 89 - 17 ක් ලෙස පරාජය විය.

මේ අනුව ශ්‍රී ලංකාව සුපිරි වටයෙන් ඉවතට විසිවිය. මූලික වටයේ තරග තුනේදී ශ්‍රී ලංකා ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල 78 ක් රැස්කරද්දී ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 246 ක් රැස් කළහ.

මෙවර නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයට නවසීලන්තය, මලාවි රාජ්‍යය, උගන්ඩාව, ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ වේල්සය එක්වූහ. නවවැනි ස්ථානයේ සිට දහසය වැනි ස්ථානය දක්වා කණ්ඩායම් තේරීමේ වටයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී එච් කාණ්ඩයේ ෆීජි අතර පැවැති තරගයෙන් ද 77 - 31 ක් ලෙස පරාජය විය.

2011 නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව කණ්ඩායම් 16 ක් අතරින් 14 වැනි ස්ථානයට පත් විය. එකී තරගාවලියේදී ඔස්ට්‍රේලියාව ලෝක ශූරියන් වන විට නවසීලන්තයට අනුශූරතාව හිමි විය. එංගලන්තයට තෙවැනි ස්ථානය හිමි විය.

ඔස්ට්‍රේලියාව මෙතෙක් දහවතාවක් ලෝක ශූරියන් වී තිබෙන අතර නවසීලන්තය සිවුවතාවක් සහ ට්‍රිනිඩෑඩ් ටුබෑගෝ එක් වතාවක් ලෝක ශූරියන් වී තිබේ.

ශ්‍රී ලංකාව 1963 පළමු ලෝක කුසලාන තරගාවලියේ නවවැනි ස්ථානය දිනා ගෙන තිබෙන අතර, එතෙක් මෙතෙක් මේ තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගෙන ඇති ඉහළම ස්ථානය ද මෙය වේ.

දහසය වැනි නෙට්බෝල් ලෝක කුසලානය අද (16 දා) අවසන්වීමට නියමිතය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්