රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

මාතලේට 2014 දි අලුත් ව්‍යාපෘති 6870 ක් වියදම රුපියල් දස ලක්ෂ 8200 ක්

මාතලේට 2014 දි අලුත් ව්‍යාපෘති 6870 ක් වියදම රුපියල් දස ලක්ෂ 8200 ක්

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා යෝධ ව්‍යාපෘති 4 ක් ඇතුළුව ව්‍යාපෘති 6870 ක් 2014 දි ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා රුපියල් දසලක්ෂ 8200 ක් වැය වන බවත් මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පවසයි.

මේ යටතේ මාතලේ විසල් ජල සම්පාදන යෝජනා ක්‍රමය ප්‍රධාන තැනක් ගනී. ඒ සඳහා වියදම රුපියල් දස ලක්ෂ 3200 කි. මාතලේ යටවත්ත, උකුවෙල, රත්තොට, පල්ලේපොළ, නාඋල අඹන්ගඟ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ලක්ෂ 3 කට අධික ජනතාවට මින් ප්‍රතිලාභ ලැබේ.

ඊට අමතරව මාතලේ - කුරුණෑගල මාර්ගය ද දැන් රුපියල් දසලක්ෂ 3197 ක වියදමින් පුළුල් කර කාපට් කරනු ලැබේ. මා‍තලේ රත්තොට ප්‍රදේශයේ ද දැන් යෝධ නව පාලම් දෙකක් ඉදිවෙයි. මීට අමතරව පසුගිය වසර දෙක ඇතුළත මාතලේ රත්තොට මාර්ගය කාපට් අතුරා පුළුල් කර ඇතැයි රෝහණ දිසානායක ඇමැතිවරයා පවසයි.

මාතලේ ආසනය තුළ පසුගිය වසර පහ ඇතුළත පාලම් 25 ක් පමණ ඉදිකර ඇත. වැල් පාලම් හා සපත්තු පාලම් හරහා ජලය වැඩි කාලයට අමාරුවෙන් එහා මෙහා ගිය ජනතාවට එම පාලම් මඟින් විශාල පිරිසකට සෙතක් ලැබී ඇත. මාතලේ ප්‍රදේශයේ මාර්ග කිලෝ මීටර් 48 ක් කාපට් අතුරා සංවර්ධනය කර තිබේ. පසුගිය වසර 5 ඇතුළත අලුත් විදුලි යෝජනා ක්‍රම 100 ක්, අලුත් ලංගම බස් රථ 43 ක් මාතලේ ජනතාවට ලබාදීමට නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පියවර ගෙන තිබේ.

බස් ධාවනය නොකළ අලුත් මාර්ග 8 ක බස් ධාවනය වන අතර මාතලේ ලංගම ඩිපෝවේ ආදායම පසුගිය වසර 5 ඇතුළත සියයට 60 කින් වැඩිවී ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

දිවි නැඟුම වැඩසටහන යටතේ මාතලේ නගරය අසල දිවි නැඟුම ලාභින්ගේ නිපැයුම් අලෙවි කිරීමට ව්‍යාපාරික ස්ථානයක් සකස් කර දී තිබේ. වියදම රුපියල් ලක්ෂ 20 කි. ඊට අමතරව පළාත් නැඟුම, මඟ නැඟුම, විධිවිධාන අයවැය හා විශේෂයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අංශ යටතේ මාතලේ මැතිවරණ බල ප්‍රදේශ ඇතුළත දැන් විශාල සංවර්ධනයක් වී ඇතැයි ද රෝහණ දිසානායක මහතා කියයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්