රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

පනස්විය සපුරන තුම්මෝදර සමිතසෝම හිමි

පනස්විය සපුරන තුම්මෝදර සමිතසෝම හිමි

ගම්පහ මැදගම සිරිසුනන්දරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරය, මොරගොඩ සිරිමහින්දාරාමය යන උභය විහාරාධිපති තුම්මෝදර සමිතසෝම ස්වාමීන් වහන්සේ මෙම නොවැම්බර් මස 09 දිනට සිය පනස්වියට පා තබන සේක.

1964 නොවැම්බර් මස 09 දා කුලියාපිටිය තුම්මෝදර නම් වූ සුන්දරගම් පියසේ පතිරන්නැහැලාගේ පොඩි අප්පුහාමි සහ රාජපක්ෂ අධිකාරි මුදියන්සේලාගේ කමලා කුමාරිහාමි යුවළට දාව වසන්ත රත්නසිරි බණ්ඩාර නමින් පුත් කුමරෙක් උපනි.

1985 ඔක්තෝබර් මස 23 දින තුම්මෝදර සමිතසෝම නමින් පැවිදි බිමට ඇතුළත් වූහ.

මූලික පිරිවෙන් අධ්‍යාපනය හා බණ දහම් ප්‍රගුණ කොට 1986 දී උපසම්පදා සීලයෙහි පිහිටුවූහ. උප සම්පදාවෙන් පසු මොරගොඩ සිරිමහින්දාරාමයේ ආගමික කටයුතු පවරන ලදින් තම ගුරු හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි එහි වැඩ වසමින් ප්‍රදේශවාසීන්ගේ ගෞරවාදරයට පත්වූහ.

මාදෙල්ගමුවේ මහින්දසෝම ස්වාමීන්වහන්සේ ගේ හදිසි අපවත්වීමෙන් පසු නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විශේෂාධිකාරි මණ්ඩල තීරණය අනුව එහි විහාරාධිපති තනතුරට පත්වූයේ 1997 අගෝස්තු මාසයේදී ය.

තරුණ වියේදීම විහාරාධිපති තනතුරට පත් උන්වහන්සේ සිය ගුරු දේවයාණන් වහන්සේගේ බලාපොරොත්තු සපුරාලමින් මැදගම විහාරස්ථානය නවීන විහාරංගයන්ගෙන් සම්පූර්ණ වූ අලංකාර දැකුම්කළු විහාරයක් බවට පත් කළහ. බොදු බැති මතුන් පුංචි කැලණිය නමින් හඳුන්වන මෙහි සත් මහල් දහම් පාසල් ගොඩනැඟිල්ලක් සහ එහි මුදුනෙහි මහනුවර පත්තිරිප්පුවේ ආකෘතිය අනුව සැකසූ ධාතු මන්දිරයකි. සර්වඥ ධාතූන් තැන්පත්කර ඇති එහි දළදා මාළිගයෙහි මෙන් ම දිනපතා තෙවරක් තේවාව සිදු කෙරෙයි. මොරගොඩ විහාරස්ථානය අලංකාර චෛත්‍ය රාජයාණන් වහන්සේ ගෙන් ද දෙමහල් සංඝාවාසයකින් දහම් පාසල් ගොඩනැඟිල්ලකින් ද, ධර්ම ශාලාවකින් හා අලංකාර බුද්ධ ප්‍රතිමාවකින් ද යුක්තව අංග සම්පූර්ණ විහාරයක් බවට පත්කර ඇත.

තම ‍ගුරුදේවයාණන් වූ මාදෙල්ගමුවේ මහින්ද සෝම හිමියන් සිහිවීම සඳහා උන්වහන්සේගේ ප්‍රතිමාවක් ද නිර්මාණය කර ඇත.

සිය පනස් වන ජන්ම දිනයේදී එනම් නොවැම්බර් 09 දා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ පින්බර දෝතින් මේ සියල්ල විවෘත කෙරෙනු ඇත.

උන්වහන්සේ ගේ කාර්ය ශූරත්වය වටහාගත් මහා නායක හිමියෝ නිකායේ පාලක සංඝ සභාවට 2005 දී සමිත සෝම හිමියන් පත්කර ගත්හ.

තම පනස්වන ජන්ම දිනය වෙනුවෙන් දායක සභාවේ අනුග්‍රහයෙන් තම උපන්ගමේ විහාරස්ථානය වූ දෙනව විහාරස්ථානයට දහම් පාසල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා පසුගිය 02 දින මුල්ගල් තැබූ අතර, දහම් පාසලේ දරුවනට නිල ඇඳුම් හා පොත් බෑග් ද පරිත්‍යාග කළහ.

‍‍මෙම සේවා අගයමින් රාමඤ්ඤ නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක පාලක සංඝ සභාව විසින් ‘සිරි ස්වර්ණ ජ්‍යොත්‍යාභිධාන මහින්දසෝම වංසාවහන්ස සද්ධර්ම කිත්ති සිරි’ යන ගෞරව නාමයෙන් පුදනු ලැබ ඇත.

උන්වහන්සේට නිදුක් නි‍රෝගී සුවය හා දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.

සිරි සුනන්දාරාම විහාරස්ථ දායක සභාවේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්