එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

.


Astrology - සතියේ කල දසාව

ශ.ව. 1935 ක් වූ මීන රවි 09 භාග මැදින් මස අව ශත­වත තිථි­ය­ලත් මාර්තු මස 23 වැනි ඉරිදා සිට 29 වැනි ශනිදා දක්වා ...- හරිපි‍්‍රය ගුණසේකර

නව නිර්මා­ණ­ව­ලට හිත යොමු­වෙයි. රැකියා පුහු­ණු­වක් ලබා ගැනීම සඳහා විදේ­ශීය ආය­ත­න­ය­කින් ඇරැ­යු­මක් ලැබේ. හදිසි ධන ලාබ ගෙන දෙයි. සැම කට­යු­ත්තක් ම ඔබගේ වාසි­යට හේතු­වන අයු­රින් අව­සන් කර­ගත හැකි ය.
සමාජ සේවා කට­යු­තු­වල නිරත අයට සුබ­දා­යක ය. මැති ඇමැ­ති­වරු හා ප්‍රභූ ඇසුර ලැබෙන අතර ඔවුන්ගේ ප්‍රසා­ද­යට ලක්වෙයි. ස්වයං රැකි­යා­වල නිරත අයට ලාබ ලැබීමේ මාර්ග සැලසේ මෙතෙක් පැව­තුන ආන­යන අප­න­යන ප්‍රශ්න­යක් නිර­වුල් කර­ගැ­නී­මට හැකි­වෙයි. ගෙදර දොර කට­යුතු මෙන් ම පවුලේ කට­යු­තු­ව­ලදී ඇති­වුණ අව­හි­රතා ක්‍රම­යෙන් මග හැරී යන සති­යකි.

ජය අංකය - 04
සුබ දවස - සඳුදා

හිතට මහත් බරක්ව පැවැති ප්‍රශ්න­යක් විසඳා ගැනී­මට හැකි­වෙයි. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ඔබ බලා­පො­රොත්තු වන පරිදි ලබා­ගත හැකි­වෙයි. සතියේ මුල් භාගයේ ආර්ථික තත්ත්වය එත­රම් අය­හ­පත් නොවේ. අ‍නපේ­ක්ෂිත සිද්ධින් ඉස්මතු වීමට ඉඩ ඇති බැවින් විය­දම් පාල­නය කර ගැනීම සුබ­දා­යක ය. උප­දේශ ලබා දෙන්නට කට­යුතු කරන අයකු නිසා පාඩු සිදු­වී­මට ඉඩ ඇත. ඔහු කියන දේ ඉව­සි­ලි­ව­න්තව අසා සිට තම බුද්ධිය මෙහෙ­යවා කට­යුතු කළ යුතු ය. සෙම් රෝග හා පාද­වල ආබාධ වැඩි වීමට හේතු­වන ලකුණු පෙන්වයි.

ජය අංකය - 08
සුබ දින - සිකු­රාදා

රැකි­යාවේ තන­තුරු උස­ස්වී­මක් පිළි­බ­ඳව කරන ලද ඉල්ලී­මක් සාර්ථක වෙයි. අස­ල්වැසි අය­කුට ඇති­වන ප්‍රශ්න­යක් වෙනු­වෙන් තමා සතු මුද­ලක් වැය කර­න්නට සිදුවේ. නව ගෘහ භාණ්ඩ මිලට ගැනී­මට තිබ‍ූ සැල­සු­මක් කල් දම­න්නට සිදුවේ. ඉගෙ­නීමේ යෙදී සිටින අයට ස්වකීය උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබා ගත හැකි­වනු ඇත. විදේශ භාෂා ප්‍රගුණ කළ අයට විදේශ චාරිකා සඳහා ඇරැ­යුම් ලැබේ. ප්‍රචා­රක කට­යු­තු­වල යෙදෙන අයට හා ජන­මාධ්‍ය කරු­වන්ට යහ­පත්ය.

ජය අංකය - 03
සුබ දින - බදාදා

ප්‍රශ්න හමුවේ නොසැලී කට­යුතු කිරී­මට උත්සාහ කළ යුතු ය. තම සේවා කට­යු­තු­වල නිරත වීමේදී කාර්යය බහු­ල­ත්වය නිසා අත්‍ය­වශ්‍ය වැද­ගත් කට­යුතු කල් දැමීමේ වාතා­ව­ර­ණ­යක් උද්ගත වීමට ඉඩ­කඩ පවතී. එවැනි අවස්ථා ගැන විශේෂ අව­ධා­න­යක් යොමු කළ යුතු ය.
ගමන් බිමන් අධික වෙයි. එවැනි ගමන් වලදී ඇළ දොළ ගංගා අසල හෝ කඳු බෑවුම් අසල සැරි­සැ­රී­මේදී පරෙ­ස්සම් විය යුතු ය. වැටීම් තැලීම් ආදි­යට හා අන­තුරු බාධක වල ඉඩ ඇත. විදේශ රැකි­යා­ව­ලට ඉල්ලුම් කළ අයගේ බලා­පො­රොත්තු ඉටු වෙයි. චර්ම ‍රෝග ඇති­විය හැකි ය.

ජය අංකය - 07
සුබ දින - සඳුදා

ගුරු වෘත්තිය හා කථි­කා­චාර්ය වෘත්තීන්හි යෙදෙන අයට සමා­ජයේ කැපී පෙනෙන තත්ත්ව­යක් උදා කරයි. කරන කියන දේ අන්‍ය­යන් ගරු කරන තත්ත්ව­යක් ඇති කරයි. සංව­ර්ධන කට­යු­තු­වල යෙදෙන අයට යහ­පත් ය. දේශ­පා­ලන කට­යු­තු­වල යෙදෙන අයට ජනතා අපේක්ෂා ඉටු කිරී­මට වෙහෙ­සිය යුතු ය. වැවිලි කර්මා­න්තයේ යෙදෙන අයට තම සේවා කට­යුතු වැඩි දියු­ණුව සඳහා ණය මුදල් ලබා ගැනී­මට හැකි­වෙයි.
සති මැද ගමන් බිමන් අධික වෙයි. ආග­මික උත්සව වලට සහ­භාගි වීමට අව­ස්ථාව යෙදේ. ස්ථාන­ගත ප්‍රශ්න­ය­කට විස­ඳුම් ලබා­ගැ­නී­මට හැකි වෙයි.

ජය අංකය - 02
සුබ දින - ඉරිදා

කාල­යක සිට සිත තුළ පැවැති කැල­ඹිලි ගති තුනීවී යයි. පෙර නොතිබූ උන­න්දු­වක් සිතට නැඟී එයි. එඩි­තර ගති­යෙන් යුතුව ඉදි­රි­යට පියමං කිරීමේ හැකි­යාව හා ධෛර්යය ඇතිවේ. අනා­ගත සැල­සු­මක් සම්පා­ද­නය කිරී­මට උත්සා‍හ ගනී. බොහෝ දුරට ඇසුරු කරන අයගේ උදව් උප­කාර තුළින් එය සාර්ථක කර ගැනී­මට හැකි­වෙයි. පෙම්ව­තුන් පෙම්ව­ති­යන් අතර ප්‍රේම සබ­ඳතා වර්ධ­න­ය­වෙයි.
ජීව­නෝ­පාය මාර්ග­යන්හි වෙන­සක් ඇති විය හැක. රැකි­යා­ව­ලට ඉල්ලුම් කළ අයට ඒ පිළි­බ­ඳව සම්මුඛ පරී­ක්ෂ­ණ­ව­ලට කැඳ­වීම් ලැබේ. තරග විභාග ආදි­යට සහ­භාගි වන අයගේ අද­හස් සඵ­ලවේ. වරින් වර මතු­වන හිස රද­යක් නිසා වෛද්‍ය ප්‍රති­කාර ගැනී­මට සිදු­වෙයි.

ජය අංකය - 07
සුබ දින - බදාදා

මුදල් තත්ත්වයේ යහ­පත් වර්ධ­න­යක් ඇති­වෙයි. තම සේවා කට­යුතු පිළි­බඳ ප්‍රධා­නීන්ගේ ඇගැ­යී­මට යොමු වෙයි. වැටුප් වර්ධ­ක­යට හා තන­තුරු උසස් වීම­කට ඉඩ සැලසේ. ලිය­කි­ය­වි­ලි­ව­ලින් සාර්ථක ප්‍රති­ඵල ලැබේ.
ඡායා­රූප ශිල්පීන්ට, මුද්‍ර­ණ­ක­රු­වන්ට යහ­පත් ය. බලා­පො‍රො­ත්තුවූ ණය මුද­ලක් අනු­මත වෙයි‍. ඉකුත් මාස­යට වඩා කට­යුතු සාර්ථ­කව සිදු කිරී­මට ලැබේ. දරු­ව­කුගේ මංගල කට­යු­ත්තක් පිළි­බ­ඳව තීර­ණ­ය­කට එළැ­ඹී­මට හැකි­වෙයි. විකුණා ගන්නට අප­හ­සුව තිබූ දේප­ළ­කට ගැනුම් කරු­වකු සොයා ගැනී­මට හැකි­වෙයි.

ජය අංකය - 04
සුබ දින - සිකුරාදා

ස්ථාන­ගත ප්‍රශ්න මතු­වී­මට ඉඩ යෙදේ. එහෙත් කර­ගෙන යන කට­යු­තු­වල වෙන­ස්වී­මක් සිදු නොවේ. ලාබ ලැබිය හැකි ව්‍යාපා­රික අංශ කෙරෙහි හිත යොමු­වන සති­යකි. අධ්‍ය­යන කට­යුතු වලට බාධා මතු­වෙයි.
සති මැද සැල­කිය යුතු අයෙ­කුගේ උප­කා­ර­යෙන් වැද­ගත් කාර්ය­යක් ඉටු­කර ගැනී­මට හැක‍. මින් හිතට සතුට ගෙන දෙයි. කලා­ක­රු­වන්ට හා නිර්මාණ ක්ෂේත්‍ර­යන්හි නිරත අයට යහ­පත් ය. අති­රේක ලාබ හිමි­වෙයි. චිත්ත ධෛර්යය වර්ධ­නය වෙයි‍. තමන් අපේක්ෂා කරන කට­යුතු සාර්ථක කැර­ගත හැක. ප්‍රිය සම්භා­ෂ­ණ­ය­කදී හමු­වන අයකු සමඟ ඇති­වන හිත­වත් කමක් ආද­ර­ය­කට පරි­ව­ර්ත­නය වෙයි. උෂ්ණා­ධික රෝග මෙන් ම චිත්ත පීඩා ද ඇති­විය හැක

ජය අංකය - 05
සුබ දින - අඟ­හ­රු­වාදා

මුදල් තත්ත්වයේ සැල­කිය යුතු වර්ධ­න­යක් ඇතිවේ. වාහන අලු­ත්වැ­ඩි­යා‍වක් සඳහා විය­ද­මක් දර­න්නට සිදු­වෙයි. සහ­කරු හෝ සහ­කා­රිගේ පාර්ශ්වයේ ඥාති­ය­කුගේ මංග­ල්‍ය­යක් සඳහා වි‍‍ෙශ්ෂ අව­ධා­නය යොමු වෙයි. විදේ­ශ­යක සිටින හිත­ව­ත­කුගේ පැමි­ණීම හිතට සතුට දන­වන සිදු­වී­මක් වෙයි. සොර සතුරු බියක් වර්ධ­නය විය හැක. විද්‍යා අංශ­යෙන් අධ්‍යා­ප­නය ලබන අයට යහ­පත් ය.
ආර­ක්ෂක අංශ­ව­ලට හා හමුදා සේවා­වල නිරත අයට රාජ­කාරි අධික වන අතර අති­රේක ආදා­යම් හිමි කර­ගත හැකි වෙයි.

ජය අංකය - 09
සුබ දින -  බ්‍රහ­ස්ප­තින්දා

සුබ­දා­යක සති­යකි. නාය­ක­ත්වය හිමි­කර ගැනී­මට උත්සාහ කරන අයට සාර්ථක ප්‍රති­ඵල ලැබේ. අසල් වැසි­යන්ගේ දිරි ගැන්වීම තුළින් තම කාර්ය­යන් සාර්ථක කර ගැනී­මට හැකි වෙයි. රැකියා සඳහා විදේශ ගත­ව­න්නන්ට සුබ­දා­යක ය. සංචා­රක කට­යු­තු­වල නිරත අයට ආර්ථික සහන අත්වෙයි.
මංගල කාර්ය­ය­කට සහ­භා­ගි­වී­මට හැකි­වෙයි. වැඩි­හිටි පාර්ශ්වයේ තීරණ අනුව කට­යුතු කිරී­මට හැකි වෙයි. කලක් තිස්සේ පැවැති දුෂ්ක­රතා අඩු වී යයි. දුෂ්කර ප්‍රදේ­ශ­වල රැකියා කරන අයට තම ගම් පළා­ත්ව­ලට ස්ථාන මාරු ලබා ගැනී­මට හැකි­වෙයි. අනා­ගත අභි­වෘ­ද්ධිය උදෙසා කරන කට­යුතු සාර්ථ­ක­වෙයි.

දරු­ව­කුගේ අනා­ගත අභි­වෘ­ද්ධිය උදෙසා වෙහෙ­සක් දර­න්නට සිදු­වෙයි. සිතේ සහ­නය හා සැන­සීම වර්ධ­නය වෙයි. රැකියා ස්ථානයේ අවුල් සහ­ගත තත්ත්ව­යක් මතු­වෙයි. මේ තත්ත්වය මැඬ­ප­වත්වා ගැනීම සඳහා හිත­ව­ත­කුගේ සහ­යෝ­ගය ලැබේ. දුර බැහැර ඥාති­ය­කුගේ පැමි­ණී­මක් සිදු­විය හැක. සහෝ­ද­ර­ය­කුගේ රෝග­යක් මුල් කොට තැන්පත් මුද­ලක් වැය කර­න්නට සිදු­වෙයි. නිවාස සැල­සුම් කරු­වන්ට නිවාස හා ඉඩම් අලෙවි කර­න්නන්ට සුබ­දා­යක ය. ආදා­යම් සරු­වෙයි. වාහන ලාබ හිමි වෙයි.
පවුලේ විශේෂ අව­ස්ථා­වක් වෙනු­වෙන් සති අන්තයේ උත්ස­ව­ය­කට සහ­භා­ගි­වී­මට අව­ස්ථාව උදා­වෙයි.

ජය අංකය - 02
සුබ දින -  බදාදා

ආර්ථික අංශය යහ­පත් වෙයි. උසස් නිල­ධා­රීන් සමඟ කට­යුතු කිරී­මේදී කල්ප­නා­කාරී විය යුතු ය. මේ සතියේ අනා­ගත අභි­වෘ­ද්ධිය සඳහා නව පිය­ව­රක් ගැනී­මට හැක. සති අන්තයේ ප්‍රිය සම්භා­ෂ­ණ­ය­කට සහ­භාගි වීමට අව­ස්ථාව සැලසේ. කෘෂි කර්මාන්ත හා මැණික් පතල් කර්මා­න්තයේ යෙදෙන අයට දේශ­ගු­ණික විප­ර්යාස නිසා බලා­පො­රොත්තු වූ අර­මුණ ඉටු­කැර ගැනී­මට අප­හසු වෙයි.
අධ්‍යා­පන කට­යු­තු­වල නිරත අයට තම විභාග කට­යුතු ආදි­යෙන් උසස් සාමා­ර්ථ­යක් ලබා ගැනී­මට හැකි­වෙයි.

ජය අංකය - 05
සුබ දිනය - සඳුදා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්