එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

මන්දගාමී වුවත් සති මැද ඉහළ යයි

මන්දගාමී වුවත් සති මැද ඉහළ යයි

වෙළෙඳ පොළ ගනුදෙනු පසුගිය සතිය තුළ සැලකිය යුතු ලෙසින් අඩු වූ නමුත් සති අන්ත සිකුරාදා ගනුදෙනු යළි වැඩිවීමක් පෙන්නුම් කළද මේ සතිය ආරම්භයේදී යළි පහළ යාම් ඇරැඹිණි. සතිය ආරම්භක සඳුදා (17) ගනුදෙනු 2299 ක් ලෙස දැක්වුණු අතර ඒ පෙර සතිය අවසානයේ දැක්වුණු ගනුදෙනු 3256 සැලකිය යුතු ලෙසින් පහළ යාමකි. ප්‍රතිශතයක් ලෙස ගත් කළ ගනුදෙනු සංඛ්‍යාවේ පහළ යාම 41% කට අධික විය. දිනයේ විශේෂ සිදුවීම වූයේ කිසිදු සමාගමක කොටස් මිලියනය ඉක්මවා අලෙවි නොවීමයි. එසේ වුවත් සමාගම් රැසක කොටස් මිල ඉහළ ගියේය. මිල ඉහළ ගිය සමාගම් අතර සෙලින්කෝ ඉන්ෂුවරන්ස් (99.90), කළම්ඹු සිටි (14.30), ලංකා අශෝක් ලේලන්ඩ් (25.00), ටී සර්විසස් (15.00), ජී එස් ෆිනෑන්ස් (16.80) සමාගම් කැපී පෙනුණි. මිල පහළ යාම් පොදුවේ දිස් වූ අතර සමාගම්හි එතරම් කැපී පෙනෙන වෙනස්කම් දැක්වුණේ නැත.

පසු දින එනම් 18 වැනිදා ගනුදෙනු 3299 ක් දක්වා ඉහළ ගියේය. ඒ පෙර දිනට වඩා ගනුදෙනු 1000 ක වැඩිවීමකි. ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය 44% ක වැඩිවීමකි. සමාගම් තුනක කොටස් මිලියනය ඉක්මවා අලෙවි විය. එම සමාගම් අතර ජේ.කේ.එච් (1256631), ටෙක්ස්ටර්ඩ් ජර්සි (1208657), ඒෂියා ඇසට් (1465255) සමාගම් දැක්වුණි. දිනයේ මිල ඉහළ ගිය සමාගම් අතර සමාගම් එතරම් කැපී නොපෙනුණු අතර ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටසක මිල රුලියල් 100 කින් ඉහළ ගියද අලෙවි වූයේ සමාගමේ කොටස් 3 ක් පමණි. හන්ටර්ස් සමාගමේ කොටසක මිලද රුපියල් 27.20 කින් ඉහළ ගියද අලෙවි වූයේ කොටස් 62 ක් පමණි.

මිල පහළ ගිය සමාගම් අතුරින් නෙස්ලේ (78.40) කැපී පෙනුණි. සිලෝන් ප්‍රින්ටර්ස් සමාගමේ කොටසක මිල රුපියල් 76.80 කින් පහළ ගියද අලෙවි වූයේ සමාගමේ එක් කොටසක් පමණි.

19 වැනිදා බදාදා වෙළෙඳ පොළ ගනුදෙනු යළි ඉහළ ගියේය. ඒ ගනුදෙනු සංඛ්‍යාව 3175 ක් දක්වා ඉහළ යමිනි. දිනයේ මිලියනය ඉක්මවා කොටස් අලෙවි වු සමාගම් සංඛ්‍යාව තුනක් ලෙසින් දැක්විණි. ඩයලොග් (5046427), ජේ.කේ. එච්. (1738731), ඒෂියා ඇසට් (2515282) එම සමාගම් ලෙස දැක්වුණි.

දිනයේ මිල ඉහළ ගිය සමාගම් ලෙසින් දැක්වුණේ ගුඩ් හෝප් (9.30), කළම්ඹු සිටි (7.60), කැපී පෙනුණු අතර මිල පහළ යාම් අතුරින් කැපී පෙනුණේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් (59.90), සිලෝන් ටුබැකෝ (20.00), එන් ඩී බී කැපිටල් (39.00), ෂර්ලිමාර් (14.00), ටැන්ජරීන් (11.80), සමාගම්ය.

සමස්ත කොටස් මිල දර්ශකය පෙර සතිය අවසානයේ සිකුරාදා දැක්වුණේ ඒකක 5896.23 ක් ලෙසිනි. එය ආරම්භක සඳුදා ඒකක 5914.11 ක් ලෙසද අඟහරුවාදා (18) ඒකක 5907.64 ක් ලෙසින් හා 19 වැනිදා බදාදා 5912.05 ක් ලෙස දැක්වුණි.

එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය පෙර සතිය අවසානයේ ඒකක 3207.11 ක් ලෙසද ආරම්භක සඳුදා ඒකක 3213.42 ක් ලෙසද දැක්වුණි. අඟහරුවාදා එම අගය දැක්වුණේ ඒකක 3214.64 ක් ලෙසිනි. බදාදා දිනයේ දී (19) එය දැක්වුණේ ඒකක 3225.22 ක් ලෙසිනි.

වෙළෙඳ පොළ මේ අයුරින් මන්දගාමී වෙද්දී ආයෝජකයන්ද එතරම් උනන්දුවක් නොදක්වන්නාක් මෙන්ම අලුතින් කොටස් මිලදී ගැනීම් මෙන්ම තමන්ගේ තිබෙන කොටස් අලෙවියට හෝ උනන්දුවක් නොදක්වන බව පෙනේ. බොහෝ ආයෝජකයන් වෙළෙඳ පොළ අමතක කර දමා ඇතැයිද බොහෝ ආයෝජකයන් වසරකට අධික කාලයක් තිස්සේ වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා යොමු නොවී ඇති බවද වාර්තා වේ.

මෙය වෙළෙඳ පොළ අනාගත දැක්මට එතරම් හොඳ නොවන බවත් ආයෝජකයන් දිරිමත් කළ යුතු වැඩ පිළිවෙළ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවද කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්