![]() ![]() |
||
මන්දගාමී වුවත් සති මැද ඉහළ යයි
පසු දින එනම් 18 වැනිදා ගනුදෙනු 3299 ක් දක්වා ඉහළ ගියේය. ඒ පෙර දිනට වඩා ගනුදෙනු 1000 ක වැඩිවීමකි. ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය 44% ක වැඩිවීමකි. සමාගම් තුනක කොටස් මිලියනය ඉක්මවා අලෙවි විය. එම සමාගම් අතර ජේ.කේ.එච් (1256631), ටෙක්ස්ටර්ඩ් ජර්සි (1208657), ඒෂියා ඇසට් (1465255) සමාගම් දැක්වුණි. දිනයේ මිල ඉහළ ගිය සමාගම් අතර සමාගම් එතරම් කැපී නොපෙනුණු අතර ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටසක මිල රුලියල් 100 කින් ඉහළ ගියද අලෙවි වූයේ සමාගමේ කොටස් 3 ක් පමණි. හන්ටර්ස් සමාගමේ කොටසක මිලද රුපියල් 27.20 කින් ඉහළ ගියද අලෙවි වූයේ කොටස් 62 ක් පමණි. මිල පහළ ගිය සමාගම් අතුරින් නෙස්ලේ (78.40) කැපී පෙනුණි. සිලෝන් ප්‍රින්ටර්ස් සමාගමේ කොටසක මිල රුපියල් 76.80 කින් පහළ ගියද අලෙවි වූයේ සමාගමේ එක් කොටසක් පමණි. 19 වැනිදා බදාදා වෙළෙඳ පොළ ගනුදෙනු යළි ඉහළ ගියේය. ඒ ගනුදෙනු සංඛ්‍යාව 3175 ක් දක්වා ඉහළ යමිනි. දිනයේ මිලියනය ඉක්මවා කොටස් අලෙවි වු සමාගම් සංඛ්‍යාව තුනක් ලෙසින් දැක්විණි. ඩයලොග් (5046427), ජේ.කේ. එච්. (1738731), ඒෂියා ඇසට් (2515282) එම සමාගම් ලෙස දැක්වුණි. දිනයේ මිල ඉහළ ගිය සමාගම් ලෙසින් දැක්වුණේ ගුඩ් හෝප් (9.30), කළම්ඹු සිටි (7.60), කැපී පෙනුණු අතර මිල පහළ යාම් අතුරින් කැපී පෙනුණේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් (59.90), සිලෝන් ටුබැකෝ (20.00), එන් ඩී බී කැපිටල් (39.00), ෂර්ලිමාර් (14.00), ටැන්ජරීන් (11.80), සමාගම්ය. සමස්ත කොටස් මිල දර්ශකය පෙර සතිය අවසානයේ සිකුරාදා දැක්වුණේ ඒකක 5896.23 ක් ලෙසිනි. එය ආරම්භක සඳුදා ඒකක 5914.11 ක් ලෙසද අඟහරුවාදා (18) ඒකක 5907.64 ක් ලෙසින් හා 19 වැනිදා බදාදා 5912.05 ක් ලෙස දැක්වුණි. එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය පෙර සතිය අවසානයේ ඒකක 3207.11 ක් ලෙසද ආරම්භක සඳුදා ඒකක 3213.42 ක් ලෙසද දැක්වුණි. අඟහරුවාදා එම අගය දැක්වුණේ ඒකක 3214.64 ක් ලෙසිනි. බදාදා දිනයේ දී (19) එය දැක්වුණේ ඒකක 3225.22 ක් ලෙසිනි. වෙළෙඳ පොළ මේ අයුරින් මන්දගාමී වෙද්දී ආයෝජකයන්ද එතරම් උනන්දුවක් නොදක්වන්නාක් මෙන්ම අලුතින් කොටස් මිලදී ගැනීම් මෙන්ම තමන්ගේ තිබෙන කොටස් අලෙවියට හෝ උනන්දුවක් නොදක්වන බව පෙනේ. බොහෝ ආයෝජකයන් වෙළෙඳ පොළ අමතක කර දමා ඇතැයිද බොහෝ ආයෝජකයන් වසරකට අධික කාලයක් තිස්සේ වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා යොමු නොවී ඇති බවද වාර්තා වේ. මෙය වෙළෙඳ පොළ අනාගත දැක්මට එතරම් හොඳ නොවන බවත් ආයෝජකයන් දිරිමත් කළ යුතු වැඩ පිළිවෙළ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවද කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |