හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

සංචාරක කර්මාන්තයේ හොඳම ව්‍යවසායකයා

සංචාරක කර්මාන්තයේ හොඳම ව්‍යවසායකයා
සම්මානය මන්දාරා රිසෝට්ස් සහ ට්‍රැවල් දිනා ගනී

සාගර පලිහවඩන මහතා හොදම ව්‍යවසායකයාට හිමි සම්මානය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපති නාලක ගොඩහේවා මහත්වරුන් අතින් ලබාගත් අවස්ථාව.

ශ්‍රී ලංකා සංචාරක ආයතනය විසින් සංවිධානය කරන ලද 2010 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ හොඳම ව්‍යවසායකයන් තේරීමේ තරගාවලියෙන් 2010 වර්ෂයේ සංචාරක කර්මාන්තයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය මන්දාරා රිසෝට්ස් සහ ට්‍රැවල් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සාගර පලිහවඩන මහතා දිනා ගත්තේය.

සම්මාන ප්‍රදාන උත්සවය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපති නාලක ගොඩහේවා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි. එහිදී සාගර පලිහවඩන ඔහුට හිමි සම්මානය ලබා ගත්තේය.

සංචාරක කර්මාන්තය පිළිබඳ ඉතා දීර්ඝ කාලීන අත්දැකීම්වලින් පසුව පලිහවඩන මහතා 2000 දී රු. මිලියන 300ක මහා පරිමාණ ආයෝජනයක් කරමින් කතරගම “මන්දාරා රෝෂන්” තරු පංතියේ සංචාරක හෝටලය ආරම්භ කළේය.

උතුරු නැඟෙනහිර යුද්ධය හේතු කොටගෙන සංචාරක ව්‍යාපාරය පසු බෑමට ලක්ව තිබුණ අවස්ථාවක, ශ්‍රීී ලංකාවේ සංචාරක කලාපයට අයත් නොවූ, අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් වූ කතරගම තරු පංතියේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට මහා පරිමාණ ආයෝජනයක් කිරීමේ අවදානම, අභියෝගයක් කරගත් සාගර පලිහවඩන වසර කීපයකින් යාල වනෝද්‍යානය නැරඹීමට එන දෙස්- විදෙස් සංචාරකයන්ට මන්දාරා රිසෝට්ස් එකම සුවපහසු නිවහන කරමින් සිය ව්‍යාපාරික අභියෝගය ජය ගත්තේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා