හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
සති පොත

සති පොත

කටුනායක සිද්ධිය ගැන පෙත්සම් 10 ක්

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළදී පසුගියදා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තම බලය ඉක්මවා ගිනි අවි පාවිච්චි කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳව අපක්‍ෂපාති පරීක්‍ෂණයක් පවත්වා ඔවුන්ට එරෙහිව නඩු පවරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් දස දෙනෙකු පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ගොනු කරනු ලැබීය.

ජුනි 30 බ්‍රහස්පතින්දා – ලක්බිම

විදේශීය සිසුන් දහසකට මෙරට සරසවිවල ඉඩ

මෙරට විශ්ව විද්‍යාලවලට මේ වසරේදී විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000 ක් බඳවා ගැනීමටත් පාඨමාලා සඳහා ඔවුන්ගෙන් ගාස්තුවක් අයකර ගැනීමටත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කැර තිබේ.

ජුනි 28 අඟහරුවාදා – ලංකාදීප

නව පොලිස්පති ඉලංගකෝන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය්‍ය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නව පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

ජුනි 30 බ්‍රහස්පතින්දා – ලංකාදීප

රජයේ ඉඩම්වලට හොර ඔප්පු හදන කල්ලියක්

පුත්තලම, නුවරඑළිය, මොනරාගල, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය දිස්ත්‍රික්කවල රජයට අයත් ඉඩම් සඳහා හොර ඔප්පු සකස්කොට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් එම දිස්ත්‍රික්කවල ඉඩම් මිලදී ගැනීමේදී වඩා සැලැකිලිමත් වෙන්නැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජූනි 30 බ්‍රහස්පතින්දා – දිවයින

ඇමෙරිකානුවන්ගේ ප්‍රශ්නවලට විසැඳුම් ඇතැයි රිපබ්ලිකන් අපේක්‍ෂක කියයි

2012 ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. රිපබ්ලිකන්පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින මිෂෙල් බැච්මන්, ඇමෙරිකානුවන්ට අද ඇති ප්‍රධාන ගැටලුව වන විරැකියාව ණය බර හා සෙසු ගැටලු සඳහා තමා ළඟ විසඳුම් ඇතැයි කියයි.

ජුනි 29 බදාදා දිවයින

අලුත් ආරක්‍ෂක පද්ධතියක්

ත්‍රස්තවාදය, අපරාධ ඇතුළු නීති විරෝධි ක්‍රියා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට ආරක්‍ෂක පද්ධතියක් ආරම්භ කිරීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය තීරණය කරයි.

ජුනි 30 බ්‍රහස්පතින්දා – දිනමිණ

රජුගේ බලතල සීමාවක්

මොරොක්කෝවේ 6 වැනි මොහොමඩ් රජු සතු ඒකාධිපති බලතල සීමා කිරීම් සඳහා එරට වැසියන් මේ සිකුරාදා පැවැත්වෙන ජනමත විචාරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

ජූනි 30 බ්‍රහස්පතින්දා දිනමිණ

අයිෆා හොඳම නළුවා ෂාරුක්

විදෙස් රටවල වාර්ෂිකව පැවැත්වෙන බොලිවුඩ් සිනමා උලෙළ ලෙස ප්‍රසිද්ධ ‘අයිෆා’ සිනමා සම්මාන උලෙළ කැනඩාවේ ටොරොන්ටෝ නුවර රොජර්ස් සෙන්ට්‍රල් රඟහලේදි නැටුම් ගැයුම්වලින් අලංකාරව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී හොඳම නළුවා සම්මානය හිමි වූයේ ෂාරුක් ඛාන්ටය.

ජූනි 27 ලංකාදීප


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා