හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
වසර 100 ක් සපුරණ ‘කහතුඩුවේ ඉස්කෝලේ’

වසර 100 ක් සපුරණ ‘කහතුඩුවේ ඉස්කෝලේ’

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇති පැරණිම පාසලක් වන කහතුඩුව ඩබ්. ඇන් පෙරේරා කනිෂ්ඨ විද්‍යාලය 7 වැනිදා සිය ශත සංවත්සරය සමරයි. ඒ වෙනුවෙන් එදින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකි. පසුදින උදේ සංඝගත දක්ෂිණාවකි.

මා මුලින්ම අකුරු කළ මේ පාසල පිළිබඳව එයට වසර 100 ක් සපිරෙන මේ මොහොතේ අකුරු පේලි කීපයක් හෝ පුවත්පතකට ලියන්නට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි.

1911 දී ආරම්භ වී 1962 දී රජයට පවරාගෙන ඇති මේ විද්‍යාලය කො/ කහතුඩුව සිංහල බාලිකා පාඨශාලාව ලෙස ද 1966 සිට කහතුඩුව කනිෂ්ඨ විද්‍යාලය ලෙස ද පවත්වාගෙන ගොස් තිබේ. මුල් කාලයේ පොල්අතු සෙවිලි කළ පුංචි ගොඩනැඟිල්ලක බිහිවී ඇති මේ පුංචි පාසල අද වනවිට තට්ටු ගොඩනැගිලි ඇතුළු ප්‍රධාන ගොඩනැගිලි 4 ක සෙවණ ලබයි. 1995 දී පමණ විද්‍යාලයේ නම කහතුඩුව ඩබ්.එන්. පෙරේරා කනිෂ්ඨ විද්‍යාලය ලෙස වෙනස් වී තිබේ. මේ වනවිට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 400 කි. ගුරුවර ගුරුවරියන් 20 කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙදෙනකි.

විද්‍යාලයේ වත්මන් විදුහල්පති කේ. විජයරත්න මහතාත් මේ විද්‍යාලයේ ම ආදි ශිෂ්‍යයෙකු වීම විශේෂත්වයකි. ඔහුගේ ක්‍රියාකාරිත්වය වත්මන් ප්‍රගතියට බලවත් රුකුලකි.

විද්‍යාලයේ වත්මන් දියුණුව සඳහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා නිතරම කැපවෙයි. විදුහලේ ශත සංවත්සරය සැමරීමේ උත්සවය ජුලි 7 වැනිදා පවත්වන්නේ එතුමන්ගේ ප්‍රධානත්වයෙනි. එදින බන්දුල ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ 10 ක් වටිනා උපකරණ පාසලේ උන්නතිය සඳහා පරිත්‍යාග කරනු ලබයි.

7 වැනිදා පවත්වන ශත සංවත්සර උත්සවයෙන් පසු ආදි කර්තෘවරුන් සහ ආචාර්ය මණ්ඩලවලට පිං අනුමෝදන් කර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසුදින උදේ සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.

දැනට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විදුහලට පරිගණක දෙකක් පරිත්‍යාග කර තිබේ. පරිගණක ඒකකයක් ඉදිවෙමින් පවතී. එය සම්පූර්ණ වීමෙන් පසු ප්‍රදේශයේ ජනතාවට තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මෙය පවත්වාගෙන යාමට විදුහල්පතිවරයා අදහස් කරයි. ඉදිරියේදී තවත් හිටපු ගොඩනැගිල්ල ඉදිකිරීමට ද යෝජිත ය. ඒ සඳහා රජයේ හෝ පෞද්ගලික ආයතනවල උදව් අපේක්ෂා කරයි.

විදුහලෙන් බිහිකළ ශිෂ්‍ය පරපුර අතරින් අද සිය ගණනක් රටේ ඉහළ තනතුරු හොබවති. ඉංජිනේරුවරු, වෛද්‍යවරු, පුවත්පත් කතුවරු, පරිපාලන නිලධාරීහු, නීතිඥවරු, විදුහල්පතිවරු ඒ අතර සිටිති. වසර 100 ක් සපුරණ මාගේ විදුහල් මාතාවනි, තවත් දිග කලක් යෙහෙන් වැජඹී තවත් රටට වැඩදායි නැණ ගුණ පිරි වියතුන් පිරිසක් රටට දායක කිරීමට ඔබට අවස්ථාව ලැබේවායි පතමි.