හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
නැණ ගුණ පිරි සරු රටක්

නැණ ගුණ පිරි සරු රටක්

ජනාධිපති කාර්යාලයේ
සමාජ සංවර්ධන අධ්‍යක්ෂ
නන්දන විජේසිංහ

දරු දැරියන් දැයේ මල්කැකුළු බඳුය. හෙට දින නිර්මාණය වන නව ශ්‍රී ලංකාවේ උරුමකරුවන් මෙන්ම භාරකරුවන් වන්නේ ද ඔවුන් ය. යුද්ධයේ ගිනි දැල්වල අමිහිරි වේදනාව අද අපට මතකයක් පමණි. සතුට සිනහව සුබ සිහිනවල ඇරැඹුමත් පුරා තිස් වසරක් පුරා පැවැති යුද්ධයේ නිමාවත් අද උදා වී ඇත. උතුරත් දකුණත් යා කෙරෙන සහෝදරත්වයේ මිහිරි සිහින හදවතේ එක් කොනක තද කරගෙන අද දවස උදාවන තුරු අපි මඟ බලා සිටියෙමු. අලුත් ශ්‍රී ලංකාවක් සඳහා වූ ජාතික අපේක්‍ෂාව යථාර්ථයක් බවට පත් කරලමින් ළමා ලෝකය සෙනෙහසින් නිදහසින් සහ හෘදයාංගම බවින් අනූන සොඳුරු නිවහනක් බවට පත් කරන ස්වර්ණමය යුගයක් අද උදාවී ඇත. දශක තුනක් පුරා උතුරු නැඟෙනහිර පැවැති අභාග්‍ය සම්පන්න භීෂණකාරි වාතාවරණයට මුහුණ දුන් උතුරු නැඟෙනහිර දරු දැරියන් වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නැණ ගුණ වැඩුම සිසු දිරිය ජාතික වැඩසටහන ආරම්භ කළේ ඒ හදවත් නැවත පුබුදුවාලීම අරමුණු කරගනිමිනි.

2006 වර්ෂයේ සිදු වූ කැබිතිගොල්ලෑව බෝම්බ ප්‍රහාරයෙන් අවතැන් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් 2006 ජුනි 15 වැනිදා ඇරැඹුණු නැණ ගුණ වැඩුම ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් විය.

පෙර නිමිති

දශක ගණනාවක් පුරා විවිධ රජයන්ට ඇති කළ නොහැකි වූ සහජීවනය දැන් යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර ඒකාබද්ධතාවක් පසුගිය කාලය පුරා පැවැතීම අනාගත අලුත් ශ්‍රී ලංකාවක පෙර නිමිතිය. උතුරත් දකුණත් යා කෙරෙමින් එකිනෙකාගේ හැඟීම් දැනීම් බෙදා හදා ගනිමින් පැවැතීම කාලීනව වැදගත් සිද්ධියකි.

මූලික වශයෙන් මේ ව්‍යාපෘතිය මඟින් ගැටුම් පැවැති සහ දුෂ්කර ප්‍රදේශවල විවිධ ජනවර්ගවලට අයත් අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් තුළ ත්‍රස්තවාදය නිසා ඇති වී ඇති මානසික ආතතිය සමනය කිරීමට සහය වීමත් ත්‍රස්තවාදය නිසා අඩාල වී ඇති ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා ශිෂ්‍යයන් බලගැන්වීමත් සිදු කෙරේ.

කැබිතිගොල්ලෑව, මැදවච්චිය, පදවි ශ්‍රී පුර, වවුනියාව, ත්‍රිකුණාමලය, ගෝමරන් කඩවල, වැලිඔය, සම්පත් නුවර, සාම්පූර්, තෝ පූර්, පුල්මුඩේ, සේරු නුවර, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, මන්නාරම ආදි ගැටුම් පැවැති හා දුෂ්කර ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සිදු කෙරේ.

පසුගිය පස් වසර (2006 – 2011) ‘නැණ ගුණ වැඩුම දිරිය’ ජාතික වැඩසටහන යටතේ ආකල්ප සංවර්ධන හා සමාජ සංවර්ධන, වැඩමුළු සිසු දිරිය, සමාජ පිහිටු වීම, සිසු දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය සිසු දිරිය, ශිෂ්‍ය ප්‍රදර්ශන සිසු දිරිය රංගන හා මනෝ උපදේශන කඳවුරු වැනි විවිධ විශේෂ ක්‍රියාකාරකම් සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන්ගේ නායකත්වයෙන් සහජීවනයෙන් හා සහභාගීත්වයෙන් සිදු කළ අතර එකී ක්‍රියාකාරකම් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සුරැකෙන පරිදි දේශීය හරවත් විවිධ සම්ප්‍රදායන්ට ගෞරවයක් හා නිසි පිළිගැනීමක් හිමි වන අයුරින් ක්‍රියාත්මක විය. එමඟින් සහජීවනයේ නැවුම් කාල පරිච්ඡේදයක් සනිටුහන් කිරීමටත් ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ මධ්‍යස්ථානයක් වශයෙන් ගොඩ නැඟීමටත් උතුරු - නැඟෙනහිර හා උතුරු මැද පළාත්වල නැණ ගුණ වැඩුම සිසු දිරිය සමාජ සංවර්ධන වැඩමුළුව ස්ථාපිත කරන ලදී.

ජනාධිපති කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක් මේ සඳහා දායකත්වය සපයයි. එමෙන් ම සිවිල් සමාජයේ ද සහයෝගය ලැබෙයි. ගැටුම් පැවැති හා දුෂ්කර ප්‍රදේශවල සිසු දරුවන්ගේ මනෝ සමාජීය සංවර්ධනය මගිින් පුරවැසි යුතුකම් හා වගකීම් පිළිබඳ චරිතායන අධ්‍යාපන හා නායකත්ව කුසලතා වර්ධනය කිරීම ද තවත් එක් අරමුණකි. ජනාධිපති සමාජ සංවර්ධන අධ්‍යක්‍ෂ නන්දන විජේසිංහ මහතාගේ මෙහෙයවීම මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුය.

නැණ ගුණ වැඩුම සිසු දිරිය ජාතික වැඩසටහන ප්‍රධාන වශයෙන් ම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කර තිබේ. එහිදි පළමු අදියර යටතේ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් තරුණ තරුණියන්ට කෙටි කාලීන සහන ලබාදී අන්තර් ජනවාර්ගික, ආගමික, සහජීවනය බලගැන්වීම හා නායකත්ව පුහුණුව, අරමුණකොට වසර තුනකට වැඩි කාලයක් ක්‍රියාත්මක කර තිබේ. ඉන් අනතුරුව දෙවැනි අදියරේදී තරුණ තරුණියන් අතර ඇති වූ සහජීවනය තහවුරු කර ගැනීමේ අරමුණෙන් ‘නැණ ගුණ වැඩුම සිසු දිරිය සමාජ’ ස්ථාපනය කරන ලදි. එහිදී අන්තර් සහජීවනය ඇති කෙරෙන ක්‍රියාකාරකම් රාශියක් සිදු කර තිබේ.

තුන්වැනි අදියර යටතේ එක් එක් අධ්‍යාපන කලාපයන් හි ශිෂ්‍ය නායක නායිකාවන් විධිමත් පුහුණුවකට ලක් කොට ආකල්ප ප්‍රතිශෝධන නියෝජිතයන් වශයෙන් උතුරු නැඟෙනහිර සහ අනෙකුත් ප්‍රදේශවලත් කටයුතු කිරීමට නියමිතය. සාරධර්ම අගයන විනයෙන් ශික්‍ෂණයෙන් පිරිපුන් දේශීයත්වයත්වය සහ අධ්‍යාත්මික සංවර්ධනයෙන් අනූන තරුණ නායකත්ව ජාලයක් බිහි කිරීමෙන් සමාජ සංවර්ධනයේ ධාවක බලවේගයක් බවට පත් කිරීමත්, ආදර්ශවත් සැබෑ වෙනසක් ඔවුනොවුන් තුළ ඇති කිරීමත් යෝජිතය.

නැණ ගුණ වැඩුම සිසු දිරිය ජාතික වැඩසටහන 2006 වර්ෂයේ සිදු වූ කැබිතිගොල්ලෑව ප්‍රහාරයෙන් අවතැන් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කොට අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන්නකි. මෙම ව්‍යාපෘතිය මඟින් ගැටුම් පැවැති සහ දුෂ්කර ප්‍රදේශවල විවිධ ජනවර්ගවලට අයත් අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් තුළ ත්‍රස්තවාදයෙන් හටගත් මානසික ආතතිය සමනය කිරීමට සහාය වීමත් ත්‍රස්තවාදයෙන් අඩාල වී ඔවුන් එම දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා ශිෂ්‍යයන් බල ගැන්වීමත් සිදු කෙරෙන බව ජනාධිපති සමාජ සංවර්ධන අධ්‍යක්‍ෂ නන්දන විජේසිංහ මහතා සඳහන් කරයි.

එමෙන් ම ත්‍රස්තවාදය නිසා දශක කිහිපයක් තුළ දේශයේ සමාජ සංස්කෘතික සංදර්භය පුරා පැතිර පවතින වෛරය අවිශ්වාසය සැක බිය තුරන් කරමින් එක් එක් ජාතීන්ට ඔවුනොවුන් කෙරේ ගෞරවය දැක්වීමටත්, එකිනෙකාගේ අනන්‍යතාවය රැක ගැනීමටත් නැණ ගුණ වැඩුම සිසු දිරිය මගිින් සාක්ෂාත් කර ගැනීම අරමුණු අතර වන බවත් අන්‍යොන්‍ය අවබෝධය වඩා වර්ධනය කිරීමෙන් දශක කිහිපයක් ශ්‍රී ලාංකික සමාජ දේහය තුළ බලයෙන් ස්ථාපිත කොට ඇති සමාජ අසංවිධානාත්මක ස්වරූපයත් යථා තත්ත්වයට පත් කිරීමත් ව්‍යාපෘතියේ තවත් වැදගත් අරමුණක් වී ඇත.

අරමුණු

ජාති ආගම් සහ පන්ති භේද හරහා ගොඩැනඟී ඇති අයහපත් සමාජ සම්බන්ධතාව හඳුනා ගැනීමත්, සමාජ සංවර්ධනයට එමඟින් එල්ල වන බාධාවන් ගැන තරුණ තරුණියන් තුළ අවබෝධයක් ඇති කර වීමත් සිසු දිරිය ව්‍යාපෘතියෙන් අපේක්‍ෂිතයි. විවිධ කණ්ඩායම් බෙදී වෙන් වී අනන්‍යතාව ගොඩ නඟා ඇතත් ඒ සියල්ල පදනම් වනුයේ මානව සම්බන්ධතා මත බව පැහැදිලි කර දීමට නැණ ගුණ වැඩුම සිසු දිරිය මඟින් උත්සාහ කෙරේ.

ගැටුම් පවතින ප්‍රදේශවල සිසු දරු දැරියන් තම දැනුම විනෝදය වර්ධනය කර ගනිමින් ඵලදායිතාවය, ස්වාභිමානය හා පෞරුෂ වර්ධනය, ජාතික වගකීම, නායකත්වය, නාට්‍ය රස වින්දනය, ගැටුම් සමථකරණය, මානසිත ආතතිය, මනෝ උපදේශන, ඉලක්ක හා අරමුණු ස්වභාව සෞන්දර්ය වැනි ක්‍ෂේත්‍රයන්ට අමතරව උසස් පෙළ විෂයානුබද්ධ දේශනවලට ද සහභාගී වී තම දැනුම අවබෝධය වර්ධනය කරගනු ලැබේ.

නැණ ගුණ වැඩුම සිසු දිරිය වැඩසටහනට මෙතෙක් සම්බන්ධ වූ තරුණ දූ දරුවන් අතර ගොඩනැඟුණු සහෝදරත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමත් ඒ මගිින් සම්බන්ධතා ජාලයක් ගොඩැනඟීමත් ‘සිසු දිරිය’ සමාජ පිහිටුවීමේ මූලික අරමුණයි. සිසු දිරිය ශිෂ්‍ය ප්‍රදර්ශනයන් මගිින් ද තරුණ තරුණියන්ගේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් එළි දැක්වීමට ඔවුනොවුන් විසින් ම අවස්ථාවක් නිර්මාණය කර ගෙන ඇත. මෙහිදී සුවිශේෂි හැකියාවන් ඇති දරු දැරියන්ට ඒ ප්‍රදේශවල ජීවත් වන අනෙකුත් තරුණ තරුණියන්ට ආකල්ප සංවර්ධනය කාර්යක්‍ෂමතාව, ඵලදායිතාව ඉහළ නැංවීම සහ ආධ්‍යාත්මික සංවර්ධනය සහජීවනයත් සමාජ සංවර්ධනයේ ධාවක බලවේගයක් බවටත් තරුණ සහ ශිෂ්‍ය ප්‍රජාව පත් කර ගැනීමත් මෙමඟින් අපේෂිතයි. මෙහිදී උතුරේ සහ දකුණේ තරුණ ප්‍රජාව අතර විධිමත් සම්බන්ධතා ජාලයක් නිර්මාණය කිරීම ප්‍රධාන අරමුණු අතර වන බව විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ත්‍රස්තවාදය

තරුණ හදවත් අමු අමුවේ පුළුස්සා දමන ලද කෲර බියගුළු ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව අනාගත ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යය බවට පත්කරලීමේ මූලික පුරෝගාමි තරුණ නායකත්වයන් ගොඩනැඟීම අප කාගේත් අරමුණයි. අද අපි නිදහසේ පය ගසන්නේ ඒ නිදහස වෙනුවෙන් සිහින මැවූ අපේ උත්තරීතර රණවිරුවන්ගේ ලේ, මස්, නහරවලින් පමණක් නොවෙයි. හුස්ම පොදින් පවා සාර වූ භූමියක. අද මේ දෙරණේ මල් පූදින්නේ ඒ උත්තම මිනිසුන් වෙනුවෙනි. ඔවුන් අපට ලබාදුන් නිදහස අප රැකගත යුතුය. එය හෙට දිනයේ භාර වන්නේ මේ රට භාර ගන්නට සිටින සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු දැයේ සියලුම දරු දැරියන්ට. ඒ මහා කර්තව්‍ය ඉටුකළ හැකි නව චින්තනයකින් හෙබි තරුණ පරපුරක් නිර්මාණය කිරීමේ අභිලාශයෙන් යුතුව ක්‍රියාත්මක වන නැණ ගුණ වැඩුම ව්‍යාපෘතියට වසර පහක් සපිරෙන මේ මොහොතේ ලක් මාතාවගේ අනාගත නායකයින්, උරුමක්කාරයින් හඳුනා ගැනීම, අවශ්‍ය පරිදි ඔවුන් මෙහෙයවා ගැනීම ඔවුන්ට අයෝමය ශක්තිය ලබා දීම අපගේ පරම යුතුකමයි. නැණ ගුණයෙන් පිරි සාරවත් දේශයක් බිහි කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අපේක්‍ෂාවයි. එබඳු යහ ප්‍රතිමාන කරා ළඟාවීම මහින්ද චින්තනයෙත් අපේක්‍ෂාවයි.