හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
උතුරු නැඟෙනහිරින් ලක්ෂයක් එක්වන කතරගම ඇසළ පෙරහර මෙවර තේමාව ‘රකිමු මිනිස්කම’

උතුරු නැඟෙනහිරින් ලක්ෂයක් එක්වන කතරගම ඇසළ පෙරහර මෙවර තේමාව ‘රකිමු මිනිස්කම’

සිංහල දෙමළ ඇතුළු සියලු ජාතීන් එකට එක්කරන කතරගම ඇසළ පෙරහර මෙවර ‘රකිමු මිනිස්කම’ යන තේමාව යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කතරගම දේවාලයේ බස්නායක නිලමේ හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය කටයුතු සංවිධානය කර ඇත.

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා කප් සිටුවීම මැයි මස 28 දින කතරගම මහා දේවාලයේ කපු මහත්වරුන් විසින් දේවාලයේ මිණිබැඳි මංඩපයේදී පෞරාණික චරිත්‍රානුකූලව සිදුකරන ලදී.

කප් සිටුවන දිනවලදී කතරගම මහාදේවාලය සමීපයේ ඇති අෂ්ඨඵල බෝධීන් වහන්සේගේ එක් ස්ථානයක “රන්වන් බෝපත්” හටගනී. මෙය කතරගම පුදබිමේ සියැසින් දැක බලා ගත හැකි හාස්කමකි.

කප් සිටුවීම අනුව කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 01 දින ඇරඹිණි.

ජූලි මස 02 දින කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන දේව පෙරහර මහා වාසල් දොරටුවෙන් පිට වීදියට පිවිසේ. එම වීදියේ ගමන් කර පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණ පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කරනු ලබයි.

වල්ලි අම්මා දේවාලයේ සිට පෙරහර මහා වීදියේ ගමන් කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

ඇසළ මහා පෙරහරේ 6 දිනය පෞරාණික චාරිත්‍ර රැසක් ඉටුකරන ඉතාමත් වැදගත් දිනයකි.

ජූලි මස 06 දින ඇසළ මහා පෙරහරේ 6 වන දිනයයි.

මෙදින කතරගම මහා දේවාලය ඉදිරිපිට ඇති ‘අතුපන්දලමට’ අලුතින් අතු දමා සකස් කිරීම දේවාලය අභ්‍යන්තරයේ ඇති කඩොල් ඇතාගේ දළ දෙක දේවාල තිරය දෙපස මංඩපකර තැන්පත් කිරීම මහජනතාවට දැකබලා ගැනීම සඳහා අවස්ථාව ලබාදීම බස්නායක නිලමේතුමාගේ වලව්වේදී මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානමය පිංකම සිදුකර කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කරවීම මෙදින සිදු කෙරේ.

පෞරාණික චාරිත්‍රානුකූලව බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පෙරහරේ ගමන් කිරීම ඇරඹේ.

ජූලි මස 12 දින රාත්‍රි ඇසළ පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මධ්‍යම රාත්‍රියෙන් පසුව ගිනිපෑගීම සිදුකෙරේ.

ජූලි මස 13, 14 යන දිනයන්හි පළමු පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මධ්‍යම රාත්‍රිය ආසන්නයේ තවත් පෙරහරක් කතරගම මහා දේවාලයෙන් ආරම්භ වී පළමු පෙරහර ගමන් කළ වීදිවලම ගමන්කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

ජූලි මස 15 දින මහාදේවාලයේ අවසාන ඇසළ මහා පෙරහර පැවැත්වේ.

මෙදින පෙරහර ආරම්භ වීමට ප්‍රථම කිරි විහාරයේදි කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් විසින් සධාතුක කරඬුව බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාට බාරදීම සිදුකෙර්.

බස්නායක නිලමේතුමා සධාතුක කරඬුව කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයේ බුදු පෙරහරේ ගමන් කරන හස්තියාගේ පිටේ සවිකරන ලද “රන්සිවි ගෙයින්” තැන්පත් කරනු ලැබේ.

බුදු පෙරහර පෙරටු කරගෙන කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර වෙහෙර වීදියේ ගමන්කර කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයට පැමිණේ.

ඇසළ පෙරහර සමයේ කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයේ ඉටු කරන ලද “පිරිත් නිල” රාජකාරිය වෙනුවෙන් බස්නායක නිලමේ තුමා විසින් කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ට පුද පඬුරු පිළිගැන්වීම සිදුකෙරේ.

කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් විසින් බස්නායක නිලමේතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලය මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව ආගමික වාවත් සිදුකරනු ලැබේ. ආගමික කටයුතුවලින් පසුව චෛත්‍ය මළුවේදී දහම් හමුවක් පවත්වනු ලැබේ.

අනතුරුව ඇසළ මහා පෙරහර කිරිවෙහෙර රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී වෙහෙරවීදිය දේවාල මළුව පිටවීදියේ ගමන්කර වල්ලිඅම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කිරීමෙන් පසුව පෙරහර මහා වීදියේ ගමන්කර මහාදේවාලයට ගෙවදිනු ඇත.

ජූලි මස 16 දින දියකපන පෙරහර කතරගම මහාදේවාලයෙන් ආරම්භ වී පිටවීදියේ ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ.

එම දේවාලයේ සිට මැණික් ගඟට පිවිස මැණික් ගඟ ඉහළට ගොස් (ජිවමාලි තොට) දියකපන තොටුපලේ ‘වස්ත්‍ර මංඩපයේදී’ දිය කපනු ලැබේ.

දියකපන ශුද්ධ වූ ජලය පෙරහරින් වල්ලිඅම්මා දේවාලයට ගෙනවිත් එම දේවාලයේදී බැතිමතුන්ට බෙදාදෙනු ලැබේ.

දියකපන පෙරහර වල්ලිඅම්මා දේවාලයේ සිට මහා දේවාලයට ගෙවදීමෙන් ඇසළ පෙරහර කටයුතු අවසන් වෙයි.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල් තැනක් දෙමින් උඩරට පහත රට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම් වලින් ද අලි ඇතුන් ගෙන් ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.

මෙවර කතරගම පෙරහර ‘රකිමු මිනිස්කම’ යන තේමාව යටතේ සියලු ජාතීන්ගේ සහ සියලු වැසියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන බව කතරගම බස්නායක නිලමේ පවසයි. මෙවර උතුරු නැගෙනහිර පළාත්වලින් ලක්ෂයකට අධික ජනකායක් පෙරහරට සම්බන්ධවීමට සූදානමින් සිටින බවත් ඔවුන්ට පානීය ජලය ඉඳුම් හිටුම් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවත් බස්නායක නිලමෙතුමා පවසයි.

මීට අමතරව පොලිතින් වලින් තොර පූජා භූමියක් කතරගම පවත්වාගෙන යාම සඳහා සියලු කටයුතු යොදා ඇති බවත් ඒ සඳහා සියලු බැතිමතුන්ගේ සහාය බලාපොරොත්තු වන බවත් නිලමේ තුමා පැවසීය. මෙවර මහ පෙරහර සඳහා නැටුම් කණ්ඩායම් 50 ක් හස්ති රාජයන් 20 ක් පමණ එක්වීමට නියමිතය. පෙරහර බැලීමට එන ජනතාවට ආරක්ෂාව, ප්‍රථමාධාර පහසුකම් ලබාදීමට මෙන් ම සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදීමටත් කටයුතු යොදා තිබේ.

මොණරාගල දිසා ලේකම් කතරගම ඇසළ උත්සව කඳවුර භාර නිලධාරි යූ.කේ.එස්. මිහිඳු කුලසූරිය, කතරගම ප්‍රාදේශීය ලේකම් ටී.බී.එම්. අතපත්තු යන මහත්වරු ඇසළ පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණ බැතිමතුන්ට පහසුකම් සැලැසීමට කතරගම ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගැනීමේ ඇසළ පෙරහර කමිටුව කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේදී කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසනාවන් ද ලබාගෙන කටයුතු සංවිධානය කර ඇත.

උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් කතරගම පුදබිමට පැමිණ බැතිමතුන්ට යුද හමුදාව පූර්ණ ආරක්ෂාව සලසන අතර වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වනසතුන්ගෙන් බැතිමතුන්ට කරදරයක් ඇති නොවන අයුරු කටයුතු සැලසුම් කර ඇත.

ප්‍රධාන විදුලියට අමතරව විදුලි ජනක යන්ත්‍ර පූජා භූමියේ ක්‍රියාත්මක කෙරේ. පැය 24 පුරාම ජලය සැපයේ. බැතිමතුන්ගේ පහසුව සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් පුදබිමේ පිහිටා ඇත.

කතරගම පුදබිමට පැමිණ ලක්ෂ සංඛ්‍යාත කිරිවෙහෙර රාජ මහා විහාරය කතරගම මහා දේවාලය ප්‍රධාන කාර්යාලය තේවානි අම්මා දේවාලය’ දුටුගැමුණු විශ්‍රාම ශාලාව හින්දු විශ්‍රාම ශාලාව සෙල්ල කතරගම මහාසේන රාජ මහා විහාරය සෙල්ල කතරගම පුරාණ ගණදේවාලය වැඩසිටිකන්ද යන ස්ථානවල දිවාරාත්‍රි ඇසළ දන්සල් පැවැත්වේ.

දුම්රිය බස් රථ ඒකාබද්ධ සේවාවක් කතරගම මාතර කතරගම බණ්ඩාරවෙල අතර ක්‍රියාත්මක වේ. ලංකාවේ ප්‍රධාන නගරයන්ට කතරගම සිට විශේෂ බස් සේවාවන් ද පැවැත්වේ.

දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් ගේ උපදෙස් පරිදි කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි චන්දිමාල් මහතා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස්කර ඇත.