‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»

එදා ෆෙඩරල් යෝජනා කළේ කොටි සාමයට ගේන්නයි

එදා ෆෙඩරල් යෝජනා කළේ කොටි සාමයට ගේන්නයි

හිටපු විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.ඇල්. පීරිස්

 

මහාචාර්ය ජී.ඇල් පීරිස් පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ හිටපු අධිකරණ ඇමැතිවරයකු සහ විදේශ කටයුතු ඇමැතිවරයෙකි. ඔහුට මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිමට නොහැකි වීය. එහෙත් නීති විශාරදයකු වන හෙතෙම මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයහි කටයුතුවලට පණ පොවමින් සිටී. ආණ්ඩුවේ නව ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාව ගැන සිළුමිණ ඔහු සමග කළ සාකච්ඡාවකි මේ.

මේ දිනවල නව ව්‍යවස්ථාවක් ගැන රටේ සාකච්ඡා වෙනවා. 2000 වසරේදී ඔබ ෆෙඩරල් ක්‍රමය මත පදනම් වු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පුරෝගාමීයා නමුත් දැන් ඔබ අද ෆෙඩරල් ව්‍යවස්ථාවකට විරුද්ධ ඇයි?

මේ රටේ පසුගිය වසර 15 ක කාලයේ සිදු වු දේවල් අනුව අපට වර්තමානයට ගැලපෙන ප්‍රතිපත්තිය කුමක්ද කියා තීන්දු කිරීමට සිදු වෙනවා. 2000 වසරේ චන්ද්‍රිකා මැතිනිය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජිත ව්‍යවස්ථාවේ ඒ ගැන වෙනස් ආර්ථකථනයක් සිදු වුවා. මා මේ කියන්නේ එ.ජා.ප ය විසින් පාර්ලිමේන්තුවේදී ගිනි තැබූ ව්‍යවස්ථාව ගැනයි. එකල අපි උතුරු නැගෙනහිර අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට උත්සාහ දැරුවා. එම උත්සාහය දැරුවාට වරදක් නෑ. එය නරක දෙයක් නොව හොද දෙයක්. එම ක්‍රියාදාමයේ අන්තර්ගත කොටසක් ලෙසයි 2000 යෝජිත වු ව්‍යවස්ථාවේ ක්‍රියාදාමයේ සියළු කොටස් දැකිය යුතු වෙන්නේ. 2000 වසරේ යෝජිත ව්‍යවස්ථාවේ ඒකීය භාවය ගැන වචනයක් සදහන් වුයේ නෑ. මොකද එකල එම වචනයට ලොකු විරෝධයක් එල්. ටී.ටී.ඊ සංවිධානයේ තිබු නිසා. නමුත් එම යෝජිත ව්‍යවස්ථාවේ හරය පිළිබද අවධානය යොමු කර යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමේ ප්‍රයන්තයේ එක් කොටසක් තමයි 2000 වසරේ ගෙන ආ යෝජිත ව්‍යවස්ථාව. නමුත් එය සම්පුර්ණයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලෙස අර්ථ දැක්වීම වැරැදියි.

2000 වසරේ ගෙන ආ එම යෝජිත ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම ෆෙඩරල් ක්‍රමය මත පදනම් වු ව්‍යවස්ථාවක් ලෙස නේද එදා ඔබ රටට හදුන්වා දුන්නේ?

ෆෙඩරල් ක්‍රමය මතම නොවෙයි. එහිත් මධ්‍යම රජයේ සහ රටේ ආරක්ෂාව පිළිබද බලතල රජය සතු වන ලෙස ව්‍යවස්ථාව සකසා තිබුණා. එම බලතල දුර්වල වන ලෙස එම ව්‍යවස්ථාව සකසා තිබුණේ නෑ. රටේ ආරක්ෂාව සාක්ෂාත් කර ගැනීම සදහා මධ්‍යම රජයට අවශ්‍ය බලතල තබා ගෙන තමයි එය සකස් කළේ. එම ව්‍යවස්ථාවේ ෆෙඩරල් කියන වචනය පාවිච්චි වුණේ නෑ. යුනියන් ඔෆ් අ රීජන්ස් කියන වචනය භාවිතා වුණේ. නමුත් එම යෝජිත ව්‍යවස්ථාව පදනම් කර ගෙන එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ අපට පමණක් නොව මුළු ලෝකයටම පැහැදිලි වු දෙයක් තමයි එල්.ටී.ටි.ඊ සංවිධානය කිසිදු ආකාරයක යුද්ධය නිමා කිරීමේ ස්ථාවරයක සිටියේ නැහැ. ඔවුන්ගේ උවමනාව වුයේ කාලය මැරීමයි. ඒ නිසා එදා සම්පුර්ණයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ආ බවට නගන තර්කය නිසි අධ්‍යයනයකින් තොරව කරන හුදු ප්‍රකාශ පමණයි.

ඔබට පැහැදිලිව කිව හැකිද අපේ රටට දැන් ගැළපෙන්නේ ඒකීය භාවය මත පදනම් වු ව්‍යවස්ථාවක්ද නැතිනම් ෆෙඩරල් ක්‍රමය මත පදනම් වු ව්‍යවස්ථාවක්ද?

අද තිබෙන දේශපාලන තත්ත්වය අනුව ඒකීය භාවය මත පදනම් වු ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.

ඔබ කියන්නේ පවතින දේශපාලන තත්ත්වය අනුව ව්‍යවස්ථාව ඒකීයද ෆෙඩරල්ද කියා තීන්දු කළ යුතු බවද?

නෑ. නෑ. අද ඉතා පැහැදිලිව පෙනෙනවා එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනම ඊළාම් රාජ්‍යයක් සදහා වෙන ඔවුන්ගේ සටන තවමත් නවතා දමා නෑ. රණබිමේ පරාජය වුවත් ඔවුන්ගේ සිහිනය තවමත් තිබෙනවා. අද බටහිර රටවල් වල එල්.ටී.ටී.ඊය මුදල් විශාල වශයෙන් එකතු කරමින් එම රටවල ආණ්ඩුවලට බලපෑම් කරන තැනට ඔවුන් පත් වෙලා. නෝර්වේ නගරාධිපතිවරයෙක් ලෙස එල්.ටී.ටී.ඊ නියොජිතයකු පත්ව සිටිනවා. කැනඩාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුවට එල්.ටී.ටී.ඊ නියෝජිතවරියක් පත්ව සිටිනවා. ඇය කැනඩා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතාව සිදු කළේ දෙමළ භාෂාවෙන්. කැනඩා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ඉංග්‍රීසි හෝ ප්‍රංශ බසින් හැර වෙනත් භාෂාවකින් පාර්ලිමේන්තුව අමතන්නට ඉඩ නෑ. නමුත් එම මන්ත්‍රීවරිය දෙමළ බසින් පාර්ලිමේන්තුව ඇමතුවා. ඒ වගේම අද එල්.ටී.ටී.ඊ යේ දේශසීමා රහිත ඊළාම් ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. එහි අගමැතිවරයා රුද්‍ර කුමාරන්. ඔහු විශේෂ විද්වත් කමිටුවක් පිහිටුවා තිබෙනවා ලංකාවේ රණවිරුවන් කළ යුධ අපරාධ සෙවීමේ ජිනීවා යෝජනා අනුව පිහිටුවීමට නියමිත අධිකරණ ක්‍රියාවලියහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට. ඒ නිසා මේ සියළු දේශපාලනමය තත්ත්වයන් තුළ මේ රට ආරක්ෂා කිරීමට ඒකීය භාවය මත පදනම් වු ව්‍යවස්ථාවක් සහ රජයක් අවශ්‍යයි.

ඔබ එදා චන්ද්‍රිකා මැතිනියගේ පැකේජය හරහාත් බලය බෙදීමේ ෆෙඩරල් විසදුමක් යෝජනා කළා. ඔබේ අද මතවාදය අවස්ථාවාදී එකක් නේද?

චන්ද්‍රිකා මැතිනියගේ පැකේජය මගින් එදා යෝජනා කළේ එල්.ටී.ටී.ඊ ය සමග පැවැති යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමටයි. එය එක්තරා උත්සාහ දැරීමක්. එය වරදක් නොවෙයි. එම උත්සාහය තුළින් ලෝකයට පෙනුණා ලංකා රජයට මෙය සාමකාමී ලෙස විසදා ගැනීමට අවංක උත්සාහයක් තිබෙන බවට. නමුත් එල්.ටී.ටී.ඊ යේ වරදින් එය අසාර්ථක වුණා. ඉතින් දැන් මොකක්ද වරද දැනට අවුරුදු 15 කට පෙර තිබුණේ වෙනම තත්ත්වයක්. අද කොටි සංවිධානය රණබිමෙන් පරාජිතයි. එදා ඔවුන් සන්නද්ධ සංවිධානයක්. ඇමෙරිකාවේ එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවය අනුව ඔවුන් එදා බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක්. නමුත් අද තිබෙන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. ඒ නිසා එදා යෝජනා කළ ප්‍රතිකර්ම අදට ගැලපෙන්නේ නෑ. නමුත් එල්.ටී.ටී.ඊ යේ අරමුණ වෙනස් වී නැහැ. නමුත් අද ඔවුන් වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට පාවිච්චි කරන ක්‍රමවේදය වෙනස්. ඒ නිසා එදා පාවිචි කළ යන්ත්‍රණ වෙනුවට වෙනත් යන්ත්‍රණ පාවිච්චි කළ යුතුයි. කවුරුන් හෝ කියනවා නම් අවුරුදු 15 පෙර දේවල් අද ඒ විදියටම ක්‍රියාත්මක කළ යුතුයි කියා එය ප්‍රායෝගික තත්වයක් නෙවෙයි.

ගිය සතියේ පැවැති එ.ජ.නි.ස මාධ්‍ය හමුවේදී අචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා ඔබට චෝදනා කළා ඔබ මේ රටේ ෆෙඩරල් ව්‍යවස්ථා සම්පාදනයේ පියා , සුළු පියා සහ බාප්පා කියා?

දේශපාලනයේදී එල්ල කරන නොයෙක් ආකාරයේ වාග් ප්‍රහාර ලොකුවට සැලකිය යුතු වෙන්නේ නෑ. මා හිතන්නේ ඔවුන් කරන්නේ වලංගු චෝදනාවක් නෙමෙයි. එදාට වඩා දශක එකහාමාරකදී සම්පුර්ණ දේශපාලන තත්ත්වය වෙනස් වීම මත එදා කියපු දෙය ඒ විදියටම අද කිව යුතුයි කියා කවුරුන් හෝ කියනවා නම් එය යථාර්ථවාදී අදහසක් නොවෙයි. එමෙන්ම එසේ කියන පුද්ගලයාට සමාජය සහ ඉතිහාසය ගැන කිසිදු අවබෝධයක් නෑ. එදා සහ අද තත්ත්වය අහසට පොළව වගේයි. රුසියාවේ එදා තිබු දේශපාලන සමාජ තත්ත්වය අද බ්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා යටතේ තිබෙන තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස්. බ්රෙස්රෙල්ගේ කාලයේ රුසියාව සම්බන්ධයෙන් ඉතිහාසඥයන් ප්‍රකාශ කළ මත අද කළ නොහැකියි. අද වෙනසක් නැද්ද? ඒ නිසා මේ අය කරන තර්ක පුහු තර්ක. ඒවා හරයක් නැති දේවල්.

පළාත් සභා ක්‍රමය තව දුරටත් ශක්තිමත් කරනවා නම් විධායක ජනාධිපති ධුරය ගැන ඔබේ අදහස කුමක්ද?

යම් පළාත් සභාවක කටයුතු නිසා රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙනවා නම් එය ආණ්ඩුකාරවරයාට පාළනය කිරීමට නොහැකියි. එවැනි තත්ත්වයක සෘජුව මැදිහත් වීමට විධායක ජනාධිපතිවරයාට බලතල තිබෙනවා. ඒ බලය තිබිය යුතුයි. ඒ බලය මධ්‍යම රජය හස්තයේ තිබිය යුතුයි. ඒ නිසා පළාත් සභා බලය පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් තුළින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ හැකියාවක් නෑ.

විධායක ජනාධිපති ධුරයට වඩා විධායක අගමැති ධුරය අපේ රටට කොතරම් දුරට ගැළපෙනවාද?

සර්වබලධාරී ජනාධිපති ධුරය අහෝසි කොට සර්වබලධාරී අගමැතිවරයකු පත් කිරීමේ කිසිදු ප්‍ර යෝජනයක් නෑ. එය ඊට වඩා භයානකයි. හේතුව තමයි ජනාධිපතිවරයෙක් මුළු රටම ඡන්දය දී පත් කර ගන්නා ධුරයක්. නමුත් අගමැතිවරයකු පත් කර ගැනීමට මුළු රටක් ඡන්දය දෙන්නේ නෑ. අගමැතිවරයකු පත් කිරීමට බලපාන්නේ යම් ඡන්ද කොට්ටාශයක හෝ දිස්ත්‍රික්කයක ජනතා මතය පමණයි. ඒ නිසා ජනධිපති බලයට බිය වී සර්වබලධාරී අගමැතිවරයකු පත් කිරිම අපේ වැනි රටකට භයානක තත්ත්වයක්.

නව ව්‍යවස්ථාවක් සැකසීමට පසුගියදා අගැමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වගන්ති 33 යුතු යෝජනාව ගැන ඔබේ මතය කුමක්ද?

අගමැතිතුමා පාර්ලිමේනතුවට ඉදිරිපත් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට පාවිච්චි කරන ක්‍රමවේදය විස්තර කරන යෝජනාවක්. නව ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාදාමය ආරම්භ කිරීමට එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතුයි.

එම යෝජනාව නීති විරෝධී එකක් ලෙස ඒකාබද්ධ විපක්ෂය අර්ථ දක්වන්නේ කුමන හේතුවක් පදනම් කර ගෙනද?

එම යෝජනාව කිසි සේත්ම පිළිගත නොහැකි ක්‍රමවේදයක්. ඊට ප්‍රධාන හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් නොව පිටස්තර ආයතනයක් විසින් නව ව්‍යවස්ථාවක් සැකසීමට ව්‍යවස්ථා මණ්ඩලයක් යෝජනා කිරීමයි. ව්‍යවස්ථා මණ්ඩලයක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් සදහන් වෙලා නෑ. එය පාර්ලිමේන්තුව විසින් කළ යුතු දෙයක්. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා මණ්ඩලයක් තිබුණා. ඒ අචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මැතිතුමා ව්‍යවස්ථාව සකස් කළ යුගයේ. ඊට හේතුවක් තිබුණා. බ්‍රිතාන්‍ය කිරීටය සමග අපේ තිබු සම්බන්දතාවය සම්පුර්ණයෙන් නැති කිරීමට. මොකද එදා අපේ රටේ රාජ්‍ය නායකයා විදියට පිළිගත්තේ එලිසබත් මහ රැජන. එය වෙනස් කිරීමටයි එදා ව්‍යවස්ථා මණ්ඩලය පැවැතියේ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ අදහස නම් නව ව්‍යවස්ථාව සැකසීම සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවරවලට අනුකූලව යන්නයි.

ඒ වගේම මේ යෝජනාව ඉතා භායනක එකක් ලෙස ඔබලා අර්ථ දක්වනවා ?

මෙහි භයානක කමක් තිබෙනවා. එනම් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන මෙහෙයුම් මණ්ඩලය. ඊට ලබා දීමට යෝජනා කර තිබෙන බලතල සීමාව ඉක්මවා යනවා. ඉන් නව ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලියට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම සහභාගී වීමේ බාධාවක් ඇති වෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 86 (1) වගන්තියේ පැහැදිලිව සදහන් වෙනවා නව ව්‍යවස්ථාවක් සැකසීමේදී සියලු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් පුර්ණ පාර්ලිමේන්තු කමිටුවක් ගැන සදහන් වෙනවා. ඒ ස්ථාවර නියෝග යටතේ නව ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාදාමයට අවතීර්ණ විය යුතුයි යන්නයි අපේ ස්ථාවරය වන්නේ.

නව ව්‍යවස්ථාවක් සැකසීමේ අගමැතිවරයාගේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී.ල.නි.ප. ය විසින් ඉදිරිපත් කළ යෝජනාවලට මොකද වුණේ?

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කළා. ඊට මේ යහපාලන ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන ඇමැතිවරු 8 දෙනෙක් අස්සන් කළා.

අස්සන් කළ ඇමැතිවරු කවුද?

සුසින් ප්‍රේමජයන්ත , මහින්ද සමරසිංහ , එස්.බී දිසානායක , අනුර යාපා , ෆයිසර් මුස්තාපා මැතිතුමා අස්සන් කළා. ඒ කියන්නේ මේ ගැන සෑහෙන මතයක් ගොඩ නැගී තිබෙනවා. එය ඒකාබද්ධ විපක්ෂයට සීමා වී නැහැ. එය ශ්‍රී.ල.නි.ප නියෝජනය කරන ඇමැතිවරු පවා පිළිගන්නවා. නමුත් අප සංශෝධන බාර දුන් පසුව ඇගමැති කාර්යාලය කියන්නේ එම යෝජනාව කිසි සේත්ම සංශෝධනය කරන්නේ නෑ කියායි. ඒ නිසා තමයි අගමැතිවරයාගේ යෝජනාව තවමත් සම්මත කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ. මේ රජයේ උවමනාව වුයේ ජනවාරි 9 දා අගමැතිවරයාගේ යෝජනාව සම්මත කර ගැනීම. මේ ගැන ජනවාරි 12 විවාදය ආරම්භ වුවත් එය පවාත්වාගෙන යන්නට බැරිව ගියා. ඒ වගේම ජනවාරි 26 මේ යෝජනාව ආණ්ඩුව සම්මත කර ගන්නට කථිකාකර ගෙන සිටියත් ජනවාරි 26,27,28, 29 මේ කිසිදු දිනයන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට මේ යෝජනාව ඇතුළත් කර නෑ. මේ නව ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාවේ යටි අරමුණ තමයි රටේ දැනට උද්ගතව පවතින ප්‍රශ්න ජනාතාවට අමතක කරවීම.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්