‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

ක්‍රිකට් අලකලංචි ගොඩ ගැසෙයි..

ක්‍රිකට් අලකලංචි ගොඩ ගැසෙයි..

කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක සිද්ධියත් සමඟම තව තවත් ක්‍රිකට් අලකලංචි පැටවු ගසන තත්ත්වයකට පත්ව තිබෙන බව පෙනේ.

කුසල්ට එල්ල වූ තහනම් උත්තේජක චෝදනාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කළ නමුත් ඒ හා බී සාම්පල දෙකේම තහනම් උත්තේජක අඩංගු වූ බව තහවුරු විය. මේ වන විට කුසල්ට අයි. සී. සී. ය මඟින් තාවකාලිකව තරග තහනමක් පනවා තිබේ. නමුත් ICC කුසල්ගේ බී සාම්පලය සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නැත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කිසියම් වූ කුමන්ත්‍රණයක් කුසල්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා ද යන්න සොයා බැලිය යුතු බවයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරගය අතරතුර තරග පාවාදීමේ යෝජනාවක් කුසල්ට සහ රංගනට ඉදිරිපත් වූ බව කියැවෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කළ අතර, මේ සම්බන්ධයෙන් පැය තුනකට අධික කාලයක් කුසල්ගෙන් සහ රංගනගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. මේ අතර නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කටයුතු කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

තරග පාවාදීමට උත්සහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ - විමර්ශණ කටයුතු උපයෝගි කර ගෙන සමහර මාධ්‍ය ක්‍රීඩකයන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් ගෙන යන්න දරන උත්සාහය ගැන කණගාටුවන බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් පිරිසුදුව පවත්වාගෙන යන්නට කරන මේ උත්සාහය ගැන ක්‍රීඩා අමාත්‍යවරයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගේම මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකයටත් ස්තුති කළ යුතු බවද මැතිව්ස් කියයි.

"මේ සිද්ධිය වැරැදි විදියට යොදා ගෙන ක්‍රීඩකයන්ට මඩ ගහන්න - නම් කැත කරන්න මාධ්‍ය කටයුතු කළා. ක්‍රීඩකයන්ව අපහසුතාවයට පත් කළා. මේක ක්‍රීඩකයන්ට එරෙහිව කෙරෙන වැඩක් නෙවෙයි. ක්‍රීඩකයන්ට කරපු බලපෑමක් ගැන කළ විමර්ශනයක්. සොයා බැලීමක්" බවද මැතිව්ස් අවධාරණය කරයි.

"කුසල්ට සහ රංගනට කරපු අයුතු යෝජනාව ගැන නායකයා විදියට මම දන්න දේවල් ගැන විමසීමක් තමයි කළේ. අනුෂ සමරනායක සහ ගයාන් විශ්වජිත්ගේ වැඩ ක්‍රිකට් ආයතනය තහනම් කළේ මොන සාධක උඩද කියලා මම දන්නේ නෑ."

මැතිව්ස්ගෙන් මෙහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ. මේ අතර ක්‍රීඩකයන්ට සිදුවන අපහසුතා පිළිබඳ ක්‍රීඩා ආමාත්‍යවරයාට බලවත් විරෝධයක් 20 - 20 ක්‍රිකට් ලෝක කුසලානය මෙරටදී එළිදැක්වූ අවස්ථාවේදී ක්‍රීඩකයන්ගෙන්ම එල්ල වී තිබේ.

හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුනිද මේ තරග පාවාදීමේ යෝජනාව කුසල්ට සහ රංගනට ඉදිරිපත් වී තිබූ බව සනාථ කර තිබුණි. නමුත් සිදත් වෙත්තමුණි ප්‍රකාශ කර තිබුණේ නිශ්චිතවම එකී සැලසුම ගාලු තරගය ද යන්න කීමට නොහැකි බවය.

කුසල්ට සහ රංගනට තරග පාවාදීමට යෝජනා කළ පුද්ගලයන් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දිනෙක ඉඟි කිරීමක්ද කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කරන්නෙකු එක් අයෙක් බවත්, ඔහුව එම තනතුරට ගෙනා ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවෙකුද එම දෙදෙනා වේ.

කුසල් ජනිත් පෙරේරා සහ මේ පුහුණු වේග පන්දු යවන්නා අතරද සමීප සබඳතාවක් ඇතැයිද කියැවේ.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ගාල්ලේ (ඔක්. 14 - 17) පැවැති සෝර්බස් - තිසේරා පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 6 ක ජයක් ශ්‍රී ලංකාව හිමි කර ගත්තේය. මේ තරගයේ කඩුලු රකින්නා සහ හත්වැනි පිතිකරුවා වූ කුසල් ග්‍රේබ්‍රියල්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටී දැවීයන විට රැස් කර තිබුණේ ලකුණු 23 කි. රංගන හේරත් මුල් ඉනිමේ ලකුණු 68 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 79 කට කඩුලු 4 ක් වශයෙන් ලකුණු 147 කට කඩුලු 10 ක් බිඳ දමමින් තරගයේ වීරයා විය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කරන්නේ මේ විමර්ශන සාක්ෂි සටහන් කිසිවක් ක්‍රීඩකයන්ට එරෙහි වන්නක් නොවන බවයි. කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයකුට එරෙහිව පොලිස් පරීක්ෂණ සිදු නොවන බව එම නිලධාරිහූ වැඩිදුරටත් ප්‍රකාශ කරති.

තරග පාවාදීමක් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා කළ පැමිණිල්ලේ ශ්‍රී ලංකා පුහුණු සංචිතයේ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කර තිබූ බව වාර්තා වේ. රංගන, කුසල් සහ මැතිව්ස් ගෙන් කටඋත්තර සටහන් කර ගත්තේ එම පැමිණිල්ල පිළිබඳ බවත්, එය ක්‍රීඩකයන්ට එරෙහිව සිදු නොවන්නක් බවද ඔවුහු අවධාරණය කරති.

මේ අතර ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු තරග පාවාදීමකට හවුල් වෙතැයි තමා විශ්වාස නොකරන බවයි. "මම ඉතාමත් වගකීමෙන් කියනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග පාවාදීමට සම්බන්ධ නෑ කියලා. අපේ ක්‍රීඩකයන් දෙන්නෙක්ව මේ සඳහා හවුල් කර ගන්න ගිහින් තියෙනවා. මේ සිද්ධිය පාලක මණ්ඩලයට වගේම ICC යටත් වාර්තා වෙලා තියෙනවා."

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සාක්කිදීමට යන ඔක්කෝම වැරැදිකාරයෝ නෙවෙයි. ඒ නිසා මේ සිද්ධියට වැරැදි ප්‍රචාරයක් ලබාදීමත් සුදුසු නැති බව ක්‍රිකට් සභාපතිවරයා පවසයි.

දැනට මේ සිද්ධියට ක්‍රීඩකයන් හවුල්කර ගන්න ගිය අනුෂ සමරනායක සහ පුහුණුවීම්වලදී පන්දු යවන්නකු ලෙස කටයුතු කළ ගයාන් විශ්වජිත්ගේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් වැඩ තහනම් කරනවා යැයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්