‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»

ලේ වැකුණු ඇත්දළ අනිද්දා ‘දරසෑයක’

ලේ වැකුණු ඇත්දළ අනිද්දා ‘දරසෑයක’

මේ ඇත්දළ පිළිබඳ ශ්‍රී ලංකා රජය වසර හතරක් තිස්සේ නිසි අවධානය යොමු නොකිරීම පිළිබඳ ලෝකයේ අවධානය යොමුවී තිබිණ. ‍ලොව රටවල් අතර වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ දී අන්තර්ජාතික ජෛවීන් ආරක්ෂා කිරීමේ ගිවිසුම් සඳහා අත්සන් කරන ලද රටවල් ඒ ගිවිසුම් අනුව කටයුතු කරන්නේද යන්න විමසා බලයි. එම ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරිම අපට පසුගිය කාලය පුරා අවාසි සහගත විය. ඇත්දළ ආදාහනයේ දී පාංශකූල පිංකම හා පිරිත් සජ්ඣායනය සඳහා ස්වාමීන් වහන්සේ 40 නමක් පමණ වැඩමවිම සිදුවන අතර වෙන්ත් ආගමික පූජකවරුන්ද සහභාගීවීමට නියමිතය. මෙම කටයුත්ත සඳහා තානාපතිවරුන්. විදෙස් මාධ්‍යවේදීන්. රජයේ නිලධාරීන්හා පාසැල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ඇරයුම් ලබා ඇත.

අන්තර්ජාතික රේගු දිනය ජනවාරි 26වැනිදාට යෙදි තිබේ. ඒ දිනය සමරමින් ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගනු ලැබු ඇත්දළ මෙට්‍රික් ටොන් 150 කොළඹ දී ආගමික වතාවත් වලින් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් පුළුස්සා දැමේ.

සතුන්ට ආදරය කරන ලෝවැසියන් ගේ දෙනෙත් පසුගිය වසර හතර පුරා ම ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබිණ. ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයනට හොඳ වැටැහීමක් නොතිබුණද අප රට කෙරෙහි ලෝක අවධානය යොමු වූ ප්‍රධාන කරුණු අතර අත්අඩංගුවට ගෙන ආරක්ෂිතව රඳවා තැබූ ඇත් දළ තොගයද විය.

එම ඇත්දළ තොගය ශ්‍රි ලංකා රජය මගින් අලෙවි කරනු ලබන්නේ ද, එසේත් නැතිනම් රජය මගින් රට පුරා වූ විහාර අතර බෙදා දෙනු ලබන්නේ ද යන්න කෙරෙහි ලෝකය පුරා වු සත්ත්වවේදීහු අවධානය යොමු කළහ. ලේ වැකුණු මේ ඇත් දළ මිනිස් වර්ගයා කෙරෙහි වූ සාපයක් ලෙස සලකා සර්ව ආගමික වතාවත් සිදු කොට පුළුස්සා දැමීමට කටයුතු යොදා ඇත. මේ සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලය ද, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශය ද, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රමුඛ වන ජීවි දෙපාර්තමේන්තුව ද එක්ව කටයුතු කරයි. ජාතික වටිනාකමක් ඇති කටයුත්තක් ලෙස සලකා හොල්සිම් ලංකා සමගම හා ලාෆ් හෝල්ඩින් ආයතනය ඒ සඳහා සහයෝගය ලබා දේ.

ලොව පුරා විසිරී පවත්නා බොහෝ වෙළෙඳ ආයතන සත්ව ආරක්ෂණ සම්මුති ආරක්ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දක්වයි.

ඉතා සංවේදී බුද්ධිමත් සත්ව විශේෂයක් වන අලි ඇතුන් මිහිතලයෙන් වඳවී යාම වළක්වාලීමට යම් කැප කිරීමක් කිරීම අපගේ වගකීම වේ.

ඉතා ඈත අතීතයේ සිට ම අලිඇතුන් හා ඇත්දළ වෙළෙඳමට කීර්තියක් ඉසිලූ රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසගතය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය හා ජනගහනය සසඳද් දී තවමත් වැඩිම අලි ගහනයක් ඇත්තේ ශ්‍රි ලංකාව තුළය. ඈත අතීතයේ සිට ම ශ්‍රි ලාංකේය ජනයා වනසතුන් හා අලිඇතුන් සමඟ

සහජීවනයෙන් ජීවිකාව කළෝය. එහෙත් මෑත අතීතයේ අලිමිනිස් ගැටුම් අසන්නට හා දකින්නට ලැබිණි. ඒ හේතුවෙන් අලි ඇතුන් ගේ ද මිනිසුන් ගේ ද ජිවිත විනාශ විය. මේ ගැටුම් වලට හේතු පාදක වී ඇත්තේ වැරැදි ජනාවාසකරණයයි. අලිමං පිළිබඳ අවධානය යොමු නොකොට දේශපාලන උවමනා එපාකම් අනුව ජනාවාසද වගාබිම්ද සකසා ගැනිම මේ ගැටුම් වලට මුල්වි තිබේ.

ශ්‍රි ලාංකේය සංස්කෘතිය තුළ සංස්කෘතික වස්තුවක් ලෙස අලි ඇතුන් මිනිසා විසින් අධ්‍යාත්මයෙන් පුදනු ලබයි . දළදා පෙරහර ප්‍රමුඛ පෙරහර සමයේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ අලි ඇතුනට අතිවිශේෂ ස්ථානයක් හිමිය. ඇත් දළ සඳහාද ලක්වැසියෝ එම ගෞරවය තිළිණකරති. ඇත් දළ ශ්‍රී ලාංකිකයාට පූජනීය වස්තුවකි. එසේ පූජනීය වන්නේ රාජ රාජ මහා මාත්‍යාදීන් අලිඇතුන් දරුවන් ලෙස ඇති දැඩි කරමින් මියගිය පසු ලබා ගන්නා ඇත් දළ තම විහාරයට පූජා කළ බැවිනි. එ්වා ලේ තැවැරුණු ඇත් දළ නොවේ. දළදා මාලිගාවේ සෑම ඇත් දළ යුගළක් සඳහා ම ලිපි ගොනුවක් තිබේ.

ඇත් දළ, ඇත් දත්, අලිකෙඳි ආදිය සඳහා ලංකාව තුළ ඉල්ලුමක් නිර්මාණය වී ඇත. ඒ ඉල්ලුම නිර්මාණය වී ඇත්තේ එම ද්‍රව්‍ය මිනිසා විසින් ළඟ තබා ගත යුතු සුවිශේෂී වටිනා කමකින් යුත් විශේෂ බලය, ශක්තිය හා ධනය වර්ධනය කරගනු ලබන වස්තූන් ලෙස මිනිස් සිත තුළ වැඩි ඇති මිත්‍යා මතය හේතුවෙනි. ලෝකයේ ජනයා අතරින් වැඩි දෙනා ඇත් දළ භාවිතයෙන් සැකැසු ආභරණ පැළැඳීමට ප්‍රිය ය. ඊට හේතුවී ඇත්තේ ද මුල් බැස ගත් මිත්‍යා විශ්වාස හා මතයන්ය.

ලෝකයේ සත්ත්ව කොටස් ජාවාරම් අතර ඇත් දළ ප්‍රධාන වේ. ලොව පුරා ජිවින් ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන ආයතන ඇත් දළ වෙළෙඳාමට වැට බැඳීමට නීති සම්පාදනය කොට තිබේ. එහෙත් එය නවතා ලීමට තවමත් හැකියාව ලැබී නැත. එය නවතා ලීම සඳහා මිනිස් සිත් හි පැලපදියම්ව ඇති මිත්‍යා විශ්වාස ඉවත්කර දැමිය යුතුවේ.

ලෝකයේ දැනට ඇතුන් බහුල ලෙස සිටින්නේ වික්ටෝරියා විල ආශ්‍රිත ප්‍රදේශයේ ය. ඒ අතරින් පැන්සානියා, උගණ්ඩා, කෙන්යා, මොම්බාසා හා දකුණු අප්‍රිකාව වැනි රටවල් ප්‍රකටය. ගොඩබිම් ප්‍රදේශයන්හිදි රැස්කරගනු ලබන ඇත් දළ ලොවපුරා බෙදා හැරීම සඳහා යොදාගනුයේ කෙන්යාවේ මොම්බාසා වරායයි. බොහෝ දුරට නැව්ගත කරනු ලබන ඇත්දළ වල ගමනාන්තය වන්නේ සිංගප්පූරු, මැලේසියා, තායිලන්තය, වැනි රටවල්ය. ඇත්දළ මිළ දී ගනු ලබන්නේ හොංකොං හා චීනයයි. මේවා මිල කරනු ලබන්නෙ හොංකොං හා චීනයයි. එසේවනුයේ ඇත්දළ භාවිතයෙන් නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන්නන් මේ රටවල වෙසන බැවිනි.

ලොවපුරා ජාවාරම්කරුවන් අතින් අතට මාරු කනු ලබන ඇත්දළ අපගේ මුහුදු සිමාව හරහා ගියද ඒවා අත්අඩංගුවට ගැනීමේ නෛතික බලයක් අපට නැත. එහෙත් ජාත්‍යන්තර නීතියට අනුගතව යම් රටක් කරනු ලබන ඉල්ලීමක් සලකා බැලීමේ හැකියාව අපට ඇත. 2012 වසරේ දී හදිසි අලුත්වැඩියා කටයුත්තක් සඳහා කොළඹ වරායට සේන්දු වූ කෙන්යානු නැවක රැගෙන ආ ඇත් දළ තොගය රේගු බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පරික්ෂා කිරීමේ දී අත්අඩංගුවට ගැණින. ඇත්දළ මේට්‍රික් ටොන් 150 හෙවත් කිලෝ ග්‍රෑම් 1548 තිබිණ. මෙහි අඩංගු ඇත්දළ ප්‍රමාණය 359 කි. ලංකාවේ ඇතුන්ගේ දළයක දිග අඩි හතරක් හයක් අතර වූවද විශාල අපිකානු ඇතුන්ගේ දළ අඩි අටක් පමණ දිගු වේ. ඇත්දළ වෙළෙඳාම් කරන්නන්හට ඇත්දළ යුගළ හෝ සම්පූර්ණ ඇත්දළ අවශ්‍ය නෙවේ. එබැවින් මේහි අඩංගුව ඇත්තේ ඇත්දළ කැබැලිය. මෙම ඇත්දළ තොගය 2012 වසරේදි එවකට හොංකොංහි වෙළෙඳපොල වටිනාකම අනුව ශ්‍රී ලංකා රුපියල් කෝටි හතළිහකට තක්සේරු කර ඇත. මේ සැබැවින්ම ඇත්දළවල වටනාකම නොවේ. ඇත් දළ යනු අමිල භාණ්ඩයක් ද නොවේ. මේ නියම කර ඇත්තේ මිනිස් සිතේ ඇත්දළ පිළිබද පවත්නා වටිනාකමයි. මත්ද්‍රව්‍ය, කාර්තීර් ආදියට මෙන්ම ඇත්දළ වලටද ඇත්තේ මිනිසා විසින් මවාගත් වටිනාකමකි.

අප්‍රිකාවේ වනය පුරා නිදහසේ සැරිසරමින් සිටින ඇතුන් සමූලඝාතනය කරමින් උන් වෙඩිපහරින් අඩපණව මරහඬදෙද්දී ගලවාගන්නා ඇත්දළ අලෙවි කරනු ලබන ජාවාරම්කරුවෝ බොහෝ විට ඉන් ලැබෙන මුදලින් අවි අ­ායුධ මිලදි ගනු ලබයි. බොහෝවිට ඇත්දළ ජාවාරමේහි යෙදෙන්නෝ ලොව වටා සිටින ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයන් යන්න පිළිගත් මතයකි. හිමිකරුවා විඳින වේදනාව නොසලකා උදුරාගනු ලබන මේ ඇත්දළ තුළ සැඟව ඇත්තේ ශක්තිය, බලය, විර්ය, සෞභාගය හෝ ආශිර්වාදය නොවේ. තමන්ට වේදනා දෙමින් තමන් සතු වූ එකම ආයුධය හෝ උපකරණය උදුරා ගන්නා මිනිසුන් කෙරෙහි මියයාමට මොහොතකට පෙර ඒ ඇතුන්ගේ සිත්හි කැටි වූ සාපයයි.

මේ ඇත්දළ තොගය වරාය භුමියේ දී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගැනීමත් සමඟ කොළඹ වරාය සක්‍රීය වරායක් ලෙස ලොව පුරා ප්‍රචලිතවිය. කොළඹ වරාය හරහා නීත්‍යානූකූල නොවන ගනුදෙනු කළ නොහැකි බව ලොව පුරා විවිධ ජාවාරම් වලට සම්බන්ධ පිරිස් අවධාරණය කරගනු ලැබිය. ඉන් ශ්‍රී ලංකාවට කීර්තියක් ළඟාවිය. එදා අත් අඩංගුවට ගන්නා ලද ඇත්දළ බහාලුම රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව හා අධීක්ෂණය යටතේ වසර හතරක් පුරා තිබිණි.

ශ්‍රී ලංකාව විසින් මේ ඇත්දළ නැවත අලෙවිකරන්නට යෙදෙනු ඇත. එසේත් නැතිනම් රට පුරා විහාර හා දේවාල අතර බෙදාහරිනු ඇත. යනුවෙන් තොරතුරු ලොව පුරා පැතිර ගියේය. ඉන් අපට අත් වූයේ අපකිර්තියකි. ඇත්දළ තොගයට ශ්‍රී ලංකාව කුමක් කරනු ඇද්දැයි විමසමින් සිටී සත්ත්වවේදින්ට හා ජනතාවට අපූරු පණිවුඩයක් ඉදිරිපත් කර තිබේ. ඒ එම ඇත්දළ පුළුස්සා දමනු ලබන බවයි.

ඇත්දළ පුළුස්සා දමනු ලබන පළමු රට ශ්‍රී ලංකාව නොවේ. 1968 වසරේ සිට සෑම මසකට දෙවරක් කෙන්යාව වනයේ ගොඩගසනු ලබන ඇත්දළ තොග පිටින් හමුදා ආරක්ෂාව යටතේ පුළුස්සා දමනු ලබයි. අමෙරිකාව, තායිවානය, චිනය, වියට්නාමය, සිංගප්පූරුව වරින් වර ඇත් දළ පුළුස්සා දමනු ලැබූ රටවල් ය.

කෙසේ වුවද වෙනත් රටක විසූ සතුන් සමුල ඝාතනය කරමින් ලබා ගත් ඇත්දළ පුළුස්සා දැමීමේදී අපි ලෝකයට පණිවුඩයක් දෙමු. අලිඇතුන් සමඟ අනාදිමත් කාලයක් තිස්සේ ශ්‍රී ලංකා වාසින් කෙරෙහි වූ සංස්කෘතික සහ සම්බන්ධතාවය ඒ පණිවුඩ තුළ සැඟවී ඇත. අප්‍රිකානු වනයේ සරමින් සිටීමේ ඇතුන්ගේ ආත්මයට යම් සහනයක් සැලැසීම අරමුණුකොට ගෙන මේ 26වැනි දා පෙරවරු 10 ගෝල්ෆෙස් පිටියේදි සර්ව ආගමික වතාවත් සිදුකෙරේ. ඉන් අනතුරුව පාංශකූල පූජාවක් පවත්වනු ලබයි. ඉන් අනතුරුව සංඝයා වහන්සේගේ පිරිත් සජඣායනා මධ්‍යයේ ඇත්දළ කැබලිවලට කඩනු ලැබේ.

ඒ සඳහා ලාෆ් හෝල්ඩින් ආයතනය ටොන් 100බරින් යුත් පීඩනය යන්ත්‍රයක් ලබා දී ඇත. කැබැලි කරගත් ඇත්දළ පසුව හොල්සිම් සිමෙන්ති ආයතනයේ උඳුනේ දමා පුළුස්සනු ලබයි පිළිස්සීම සඳහා සේන්ට්‍රි ග්‍රේට් අංශක 2000ක උෂ්නත්වයක් භාවිත කරනු ලබයි. මේ සියලු කටයුතු ශ්‍රී ලංකා පොලීසිය, රේගු දෙපාර්තමෙන්තුව, වනජීවි දෙපාර්තමෙන්තුවේ අධික්ෂණය යටතේ සිදුකෙරේ.

මෙසේ ඇත්දළ පුළුස්සා දැමීම පිළිබඳ විවිධ අදහස් උදහස් තිබේ. නීත්‍යානූකූලව වෙළෙදාම් කළ නොහැකි භාණ්ඩයක් වන ඇත්දළ අත්අඩංගුවට ගත් පසු ඒවාට මිලක් නියම කිරීම ප්‍රදර්ශනය කිරීම අන්තර්ජාතික සම්මුතිවලට පටහැනිවේ. ශ්‍රී ලංකාව ද අත්සන් කරනු ලැබූ අන්තර්ජාතික ජෛවී ආරක්ෂා කරගැනීමේ සම්මුතියේ එවන් තහනම් භාණ්ඩයක් අත්අඩංගුවට ගත්විට කළ යුතුදේ සඳහන් කොට තිබේ. එහි සඳහන් ක්‍රමවේදය වන්නේ වටිනාකමක් දැක්විය නොහැකි වනසේ විනාශ කිරීම, ගබඩා කර තබාගැනීම, හා අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු සඳහා භාවිත කිරීමයි. ශ්‍රී ලංකාව අත්සන් කරනු ලැබූ සම්මුතියට රටවල් 181ක් අත්සන් කර තිබේ. ඇත්දළ විනාශ කිරීමේදී ලෝකය ම භාවිත කළ ක්‍රමවේදය මේ අවස්ථාවේ දි අප ද භාවිත කරමු. එහෙත් අපි ඒ පුළුස්සා දැමීමට අගනා කමක් දී ඇත්තෙමු.

ඇත්දළ පිළිස්සීම අපරාධයක් ලෙස දකින්නෝ එය මිල කරති. එ්වා විහාරස්ථානයන්ට පූජා කිරීමට හැකිය යන මතය ගොඩනගති. එහෙත් කෲර වදහිංසා දී අත්පත් කරගත් රුධිරය වැහුණු මේ දළ කිසි ලෙසකින් පූජනීය වස්තූන් නොවන බව අප මිනිසුන් ලෙස සිහියේ තබා ගතයුතුය.

මේ ඇත්දළ පිළිබඳ ශ්‍රී ලංකා රජය වසර හතරක් තිස්සේ නිසි අවධානය යොමු නොකිරීම පිළිබඳ ලෝකයේ අවධානය යොමුවී තිබිණ. ‍ලොව රටවල් අතර වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ දී අන්තර්ජාතික ජෛවීන් ආරක්ෂා කිරීමේ ගිවිසුම් සඳහා අත්සන් කරන ලද රටවල් ඒ ගිවිසුම් අනුව කටයුතු කරන්නේද යන්න විමසා බලයි. එම ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරිම අපට පසුගිය කාලය පුරා අවාසි සහගත විය.

ඇත්දළ ආදාහනයේ දී පාංශකූල පිංකම හා පිරිත් සජ්ඣායනය සඳහා ස්වාමීන් වහන්සේ 40 නමක් පමණ වැඩමවිම සිදුවන අතර වෙනත් ආගමික පූජකවරුන්ද සහභාගීවීමට නියමිතය. මෙම කටයුත්ත සඳහා තානාපතිවරුන්. විදෙස් මාධ්‍යවේදීන්. රජයේ නිලධාරීන්හා පාසැල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ඇරයුම් ලබා ඇත.

ලක් රජය ඇත්දළ විනාශ කිරීමට ගත් තීරණය අන්තර්ජාතික වශයෙන් අපට කීර්තියක් ළඟාකර දී ඇත. මිහිතලය මත වෙසෙන සියලු සත්වයන්හට ඔබට හා මට මෙන්ම මේ බිම උරුමය. අලි ඇතුන්ට මේන්ම සියලු සතාසීපාවාට මේ මිහිමත සුවසේ විසීමට අපි අයිතිය ලබා දිය යුතුවෙමු.

අලිඇතුන් මිහිමතින් වඳවීයාම වැලැක්වීමේ එක් පියවරක් ලෙස මිනිසුන්වන අප ඇත්දළයට දෙන මිල නොසලකා හල යුතුවෙමු. ඒ සඳහා එක් පියවරක් ලෙස අත්අඩංගුවට ගත් ඇත් දළ විනාශ කර දැමිමට කටයුතු කිරීම මහඟු පියවරකි.

 

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්