‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»

වකුගඩු ජාවාරමේ සුලමුල

වකුගඩු ජාවාරමේ සුලමුල

ශරීර අවයව මුදලට විකිණීම නීතියෙන් තහනම්ය. මිනිස් ජීවිතයක් බේරා ගැනීමට ශරීර අවයවයක් ලබාදීමට විශේෂයෙන් වකුගඩු පරිත්‍යාග කිරීමට අපේ රටේ පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වූ වාර අපමණය. එය තවමත් එසේමය.

මුදල් අපේක්ෂාවෙන් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් අපේ රටේ වකුගඩු පරිත්‍යාග කළ අය ගැන ද අපි අසා ඇත්තෙමු. ඒ හිතවත්කම් දැනහැඳුනුම්කම් හා සබඳතා අනුව යමිනි.

ඒ වගේම වකුගඩුවක් පරිත්‍යාග කරන බව කියා වකුගඩු අවශ්‍යතා ඇති රෝගීන්ගේ පවුල්වලින් විශාල මුදල් හා වෙනත් ලාභ ප්‍රයෝජන ලබාගෙන වකුගඩු ලබා නොදී මාරු වූ ව්‍යාජ වකුගඩු පරිත්‍යාගශීලින් ගැන ද වාර්තා වී ඇත.

මේ මතකයන් හා සිදුවීම් පෙළට අලුතෙන්ම ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් ද හවුල් වී ඉන්දියාවේ ප්‍රාන්තයක සිදු වූ මහා පරිමාණයේ වකුගඩු ජාවාරමක් ගැන ඉකුත් දා පළවූ පුවත රටේ බොහෝ දෙනාගේ අවධානයට හා කතාබහට ලක්වූයේ හොර ජාවාරමක් හා නොමිනිස් ක්‍රියාවක් ලෙසය.

නීති විරෝධි වකුගඩු ජාවාරමකට හවුල් වූයේ යැයි කියන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනෙකුට ඉන්දීය පොලීසිය නඩු පවරා තිබෙන බව 'හින්දු' පුවත්පත ඉකුත් 20 වැනිදා වාර්තා කළේය. මේ වෛද්‍යවරුන් හයදෙනා මෙරට පෞද්ගලික රෝහල් හතරක සේවය කරන වෛද්‍යවරුන් බව ද ඉන්දියානුවන් 60 දෙනෙකුගෙන් පමණ වකුගඩු මුදලට ලබාගෙන මේ වකුගඩු ජාවාරමේ නියැළී සිටි පුද්ගලයන් කිහිප දෙනා අතරේ බෙදී ගොස් තිබෙන බවද ඉන්දියානු පොලීසියට කරුණු අනාවරණය වී ඇත.

මෙම වකුගඩු ජාවාරමේදී වකුගඩු මුදලට විකුණා ඇත්තේ ඉන්දියානුවන් පිරිසක්ම වන අතර වකුගඩු බද්ධ කිරීම් සිදු වී ඇත්තේ ද ඉන්දියානුවන්ටමය. ශ්‍රී ලංකාවට මේ පිරිස් පැමිණ ඇත්තේ සංචාරක වීසා මත බව ද හෙළි වී ඇත.

ජාවාරමේ ප්‍රධාන අතරමැදිකරු ලෙස කටයුතු කරමින් සිටියදී ඉන්දියානු පොලීසියට කොටු වූ සුරේෂ් ප්‍රජාපති නම් වූ සැකකරුවකුගෙන් හා ඔහු සමඟ අත්අඩංගුවට ගත් තවත් ඔහුගේ සහායෙකුගෙන් මෙම වකුගඩු ජාවාරමේ සුලමුල හෙළිකර ගැනීමට ඉන්දියානු පොලීසියට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවට වකුගඩු බද්ධ කිරීමට එවනු ලබන එක් පුද්ගලයකුගෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 28 - 30 මුදලක් තමා අය කර ගත් බවත් එයින් ඉන්දියානු රුපියල් ලක්ෂ පහක මුදලක් තමාගේ ගාස්තු වශයෙන් තබාගෙන ඉතිරි මුදල් වකුගඩු පරිත්‍යාග කරන්නාට, සැත්කම සිදු කරන වෛද්‍යවරයාට සහ තවත් කිහිප දෙනෙකු අතරේ බෙදී ගිය බවත් අත්අඩංගුවට පත් ප්‍රජාපති නමැති සැකකරුවාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. මෙම ජාවාරම නිසා රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක නිවසක් ද තවත් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා ගෘහ භාණ්ඩ උපකරණ ද ප්‍රජාපති නමැති මේ සැකකරු මිලදී ගෙන තිබෙන බව අනාවරණය විය.

මුදල් ජාවාරමකට හවුල් වී වකුගඩු ඉවත් කරගැනීමේ කූට ව්‍යාපාරයකට සහභාගි වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් කවුරුන්දැයි හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කර එම වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අහෝසි කර වෛද්‍ය වෘත්තියෙන් ද ඔවුන් නෙරපා හරින බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට පවසා තිබේ.

ඉන්දියානුවන් 60 දෙනෙකුගෙන් මේ ජාවාරම සඳහා වකුගඩු ඉවත් කරගන්නට ක්‍රියා කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් හයදෙනෙකුට එරෙහිව නඩු පැවැරීමට පියවර ගන්නා බව ඉන්දීය පොලීසිය මඟින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

ඉන්දියාවේ තෙලුම්ගානා ප්‍රාන්තයේ නල්කොන්ඩා පොලීසිය මඟින් මෙම නඩුව පවරා තිබෙන බව ද වාර්තා වේ.

‘‘වකුගඩු බද්ධ කිරීම වෛද්‍යමය පැත්තෙන් රෝගියෙක් වෙනුවෙන් සිදුකරන සැත්කමක්. මුදල් මත මේක ජාවාරමක් කරගෙන කටයුතු සිද්ධ කරනවානම් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ හා සම්බන්ධ වෙලා කරුණු සොයා බලා කටයුතු කරනවා’’ යැයි මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ඇමැතිවරයා වැඩිදුරටත් කීය. නීතිය අනුව ශරීර අවයව විකුණන්න බැහැ. වකුගඩු බද්ධ කිරීමේදී ඒ නිසයි ළඟම ඥාතින්ගේ වකුගඩු පරිත්‍යාග වශයෙන් ලබාගන්නෙ. නමුත් සමහර ස්වාමින් වහන්සේ සහ පරිත්‍යාගශීලීන් නොමිලේ වකුගඩු පරිත්‍යාග කිරීම් සිදු කරනවා. එහෙම දේ අපේ රටේ සිදු වෙනවා.

අපට දැන් වාර්තා වී තිබෙන හොර වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරුන් හයදෙනෙකු ගැන වාර්තා වෙනවා පමණක් නොව නම් ද සඳහන් කර තිබෙනවා. ඒ නම් අනුව ජාවාරමට සම්බන්ධ වූ වෛද්‍යවරුන් හයදෙනා ද බ්‍රහස්පතින්දා (21) වන විටත් කවුරුන්දැයි හඳුනාගෙන නැහැ. නම් කොටස් පමණයි තිබෙන්නේ. අපි මේ ගැන පූර්ණ පරීක්ෂණ පවත්වනවා. මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය මඟින් රහස් පොලීසියට වාර්තා එවා තිබෙන බවයි දැනගන්නට තිබෙන්නෙ.

මේ පිළිබඳව මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එම වාර්තාවක පිටපතක් අපටත් ලබා ගන්නටත් උපදෙස් දුන්නා. ඉන්දියාවේ සෞඛ්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ද විමසා වාර්තාවක් ලබා ගන්නත් උපදෙස් දුන්නා.

පෞද්ගලික රෝහල් කිහිපයක් පිළිබඳව මේ චෝදනා නැ‍ඟෙන නිසා පෞද්ගලික රෝහල් විෂය භාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳව විමර්ශනයක් කරන්නටත් මම උපදෙස් දුන්නා. කමිටුවක් පත්කළා එහි සහායත් ඒ සඳහා ලබා ගන්න, සතියක් ඇතුළතදී මේ වාර්තාව ලබා ගන්නට ක්‍රියා කරනවා.

මගේ උපදෙස් අනුව පවතින මේ තත්ත්වය තුළ කිසිම විදේශිකයෙකුගේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් මෙරට පෞද්ගලික රෝහල්වල සිදු කිරීම ද තාවකාලිකව තහනම් කරන්නට නියෝග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා පෞද්ගලික රෝහල් වෙත ලබා දුන්නා. මට දැනගන්නට තියෙන ආකාරයට මේ වකුගඩු ජාවාරමේදී එක් අයකුගෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 28ක් පමණ ලබාගෙන ලක්ෂ 44 1/2 ක පමණ මුදලක් පුද්ගලයන් කිහිප දෙනෙකු අතරේ හුවමාරු වී තිබෙන බව ආරංචියි.’’

ලංකාවේ වකුගඩු ජාවාරමක් ගැන මීට ප්‍රථම වාර්තා වී නැති බව ද සඳහන් කළ වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉන්දියාවේ මෙවැනි දේ සිදුවෙමින් පවතින බව ද කීය.

‘‘ඉන්දියාවේ පහසුකම් තියෙද්දී ඇයි වකුගඩු බද්ධ සැත්කම්වලට ලංකාවට එන්නෙ කියන ප්‍රශ්නයේදී තිබෙන පහසුකම් අනුව අය කරන මුදල අනුව ඉන්දියාවට වඩා පහසුකම් හා ලාභය සලකාගෙන එනවා වෙන්නත් පුළුවන් බවයි අපට හිතෙන්නේ. ලංකාවේ පහසුකම් තියෙද්දි පිටරට ගිහින් සැත්කම් කරගෙන එන ලංකාවේ අයත් ඉන්නවා. වකුගඩු සැත්කම්වලටත් අපේ අය යනවා. කොහොම නමුත් දැනට අපට වාර්තා වී ඇති වකුගඩු ජාවාරමේදී එහෙන් මෙහාට ඇවිත් වකුගඩු බද්ධ කරන අයට අපේ රටෙන් වකුගඩු සපයා දෙන බවවත් යටින් ව්‍යාපාරයක් ගිහින් තියෙනව ද කියන්නත් දන්නෙ නැහැ. වතුකරයේ අයගෙන් එහෙම වකුගඩු ගන්න පුළුවන් බව සමහර විට කියලා තිබෙනවා ද දන්නෙත් නැහැ’’ යනුවෙන් තමන්ට ලැබුණ ආරංචියක් ගැන ද කරුණු කියා සිටි ඇමැතිවරයා ඒ නිසා මේ ජාවාරම පිටුපස තිබෙන කරුණු සියල්ල පරීක්ෂා කර බලනවා. ඒ නිසයි සතියක පමණ කාලයක් පරීක්ෂණ කමිටුවට ලබා දෙන්නෙ යැයි ද විස්තර කර සිටියේය.

‘‘වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකදී වකුගඩුව ලබාදෙන තැනැත්තා මෙය ලබා දෙන්නේ කැමැත්තෙන් ද වකුගඩුව ලබා දෙන තැනැත්තා හා වකුගඩුව බද්ධ කරන තැනැත්තා අතර සම්බන්ධතාවය බලපෑම් කරනවා ද මේ ආදි තොරතුරු සැත්කම සිදුකරන වෛද්‍යවරයා අසා දැන ගත යුතුය. එහෙම කළාම එම කරුණු එවිට සැත්කම් විස්තර සටහනේදී කෙටියෙන් හෝ වෛද්‍යවරයාට ලියා තබන්න පුළුවන්.

මේ සියලු කරුණු ගැන දැන් බලන්න සිද්ධ වෙනවා. අපිට පරීක්ෂණ කමිටුවෙන් ලැබෙන වාර්තාවත් ඉන්දීය පොලීසියෙන් ලබා ගන්නා වාර්තාව එර‍ට සෞඛ්‍ය ප්‍රධානියාගෙන් ලබාගන්නා වකුගඩු ජාවාරමේ විස්තරය වකුගඩු ජාවාරමේ නියැළුණ අය හා මෙරට අයගේ සම්බන්ධතාව සැත්කමට හවුල් වූ වෛද්‍යවරු කවුරුන් ද ආදි මේ සියලු කරුණු අපි මුලින්ම දැන ගත යුතු වෙනවා. මේ විස්තර ගන්න අපිට තව දින කිහිපයක් ඉඩ දෙන්න. ඉන් පස්සේ අපි ගත්ත පියවර ප්‍රකාශ කරන්නම්.

මේ වකුගඩු ජාවාරමට චෝදනා නඟා ඇති වෛද්‍යවරුන් හයදෙනා සම්බන්ධ වෙලා තියෙනවා කියා කරුණු තහවුරු වුණොත් අදාළ වෛද්‍යවරු වෛද්‍ය වෘත්තියෙන් නෙරපා දමන්න පියවර ගන්නවා. වෛද්‍ය සභාවත් තියෙනවා වෛද්‍යවරුන් සම්බන්ධව ක්‍රියා කරන්න. මම වෛද්‍ය සභාවට කරුණු ඉදිරිපත් කර මේ පියවර ගන්නටත් පසුබට වෙන්නේ නැහැ’’ යැයි ද ඇමැතිවරයා මේ ගැන සඳහන් කරමින් කරුණු අවධාරණය කළේය.

විධිමත් පරීක්ෂණයක් ඕනෑ

- වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම පරීක්ෂණය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබාදිය හැකි යම්කිසි සහායක් තිබේනම් ඒ සහාය සම්පූර්ණයෙන්ම ලබා දෙන්න නොපැකිළිව කටයුතු කරkafka යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.

මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් නම්කර ඇති ශ්‍රී ලංකා වෛද්‍යවරුන් හයදෙනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හෝ විධායක කමිටුවේ හෝ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන් නොවන බව ද වගකීමෙන් කියන්න පුළුවන්.

යම්කිසි වංචාවක් වෙලා තියෙනවානම් සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබෙන්නේ ඒ වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නයි. ඒකෙදි අපි අපේ සහාය ලබා දෙනවා. ඒ සමඟම අපි ප්‍රතිපත්ති තීරණයක් ගන්න ඕනෙ මේ සිද්ධිය අනුව විදේශිකයින්ට වකුගඩු බද්ධ සැත්කම් කරනවා ද නැද්ද කියන එක. අපේ සංගමයත් විධායක කමිටුව හා මධ්‍යම කාරක සභාවත් මේ ගැන ඒකමතිකව තීරණය කර තිබෙනවා’’ යැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්