‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

ඉහළම ආයෝජකයන්ට අගමැතිගෙන් ඇරියුම්

ඉහළම ආයෝජකයන්ට අගමැතිගෙන් ඇරියුම්

ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක ආර්ථික සමුළුවේදී ලොව මුල් පෙළේ සමාගම් දහසක ප්‍රධානීන්ට ආයෝජනයට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ උදාවී ඇත යන පණිවිඩය ගෙන යෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට සහභාගිවීම නිසා අවස්ථාව උදා විය.

අගමැතිවරයාට එම ආයෝජකයන් සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද එහිදී අවස්ථාව සැලැසිණි.

ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික සමුළුව සේ සැලැකෙන ස්විට්සර්ලන්තයේ මුළු දුන් 46 වැනි ලෝක ආර්ථික සමුළුවට ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු සහභාගිවූ අවස්ථාව සලකුණු කරමින් එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දිදුලන ආර්ථිකයකින් සපිරි සමෘද්ධිමත් රටක් බිහි කිරීමේ ජනපති - අගමැති සිහිනය සැබෑ කිරීමට ශක්තිමත් අඩිතාලම දමාගැනීමට සමත් විය.

මේ මස 20 - 23 දිනවල ස්විට්සර්ලන්තයේ නැ‍ඟෙනහිර රමණීය ඇල්ප්ස් කඳු පන්ති ආශ්‍රිත නිකේතන බිමේ ලොව දියුණු රටවල රාජ්‍ය නායකයන් 40 දෙනකු සමඟ ආර්ථික විශේෂඥයන් 2500කට ආසන්න පිරිසක් මුළු දුන් මේ සමුළුවට ලොව මුල් පෙළේ සමාගම් 1000ක ප්‍රධානීහු එක්ව සිටියහ. ශ්‍රී ලංකා අගමැතිවරයාට ඉහළම අාෙයා්ජකයන්ට...

ඒ පිරිස් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට ද අවස්ථාව සැලැසිණි.

ඒ අනුව මිලියනපතියන් කිහිප දෙනෙකු සඳහා අඩිතාලම දැමීම නොව මිලියනපතියන් මිලියන ගණනින් බිහි කිරීමේ තම රටේ සිහිනය ජය ගන්නට අගමැතිවරයා සමත් වී තිබේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ සංතෘෂ්ටික දර්ශකය (Happiness Index) ඉහළ මට්ටමක පවත්වා ගැනීම, ජාතිය යහ ගුණයෙන් හා යහ පැවැත්මෙන් හෙබී සමෘද්ධිමත් ජාතියක් විය යුතු ය යන පණිවිඩය, ලෝක ආර්ථික සමුළුවේදී අවධාරණය කළ අගමැතිවරයා, ඒ සඳහා ගොඩනැ‍ඟෙන්නට තම රටට විත් නව ආයෝජන සහ ව්‍යාපාර සිදු කරන්නැයි මුල් පෙළේ සමාගම් 1000ක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහි කිරීම, ආදායම් ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, ග්‍රාමීය හා වතුකරයේ, මධ්‍යම පාන්තිකයන්ට සහ රජයේ සේවකයන්ටත් දේපොළ අයිතිය ලබාදීම සහ ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් බිහි කිරීම තම පංච විධි ප්‍රතිපත්තිය බව ද අගමැතිවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.

වසර 2500කට වඩා වැඩි සංස්කෘතික හා ජාතික උරුමයක් සහිත ශ්‍රී ලාංකික ජාතියේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයත්, 2015 අගෝස්තු 17 පැවැති මහ මැතිවරණයත් සඳහන් කළ අගමැතිවරයා, ඉන් ජය ගත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මානව හිමිකම් සුරකින, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, ජාතීන් අතර සමඟිය, සංහිඳියාව රජයන, නීතියේ ආධිපත්‍ය ගරු කරන සමාජයක් රටක් බිහි වී ඇතැයි ද කියා සිටියේය.

ඒ අනුව ගොඩනැ‍ඟෙමින් තිබෙන නව ආයෝජන, ව්‍යාපාර පවත්වාගෙන යෑමේ සුබවාදී පරිසරයෙන් ප්‍රයෝජන ගැනීමට අප රටට එන්නැයි අගමැතිවරයා ලෝක නායකයන්, ආයෝජන හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.

ලෝකයේ කීර්තිමත්ම හා ශක්තිමත්ම සමාගම් 1000 සමාජයේ ප්‍රධානීහු එක්වූ සමුළුවක් ඇමැතු අගමැතිවරයා එහිදී අප රටේ නව ආයෝජන අවස්ථා පිළිබඳව කළ පැහැදිලි කිරීමට ඔවුන්ගෙන් ඉතා සුබවාදී හා ඉහළ ප්‍රතිචාර ලැබිණි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්