‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

සතර දිගන්තය

යොවුන් ක්‍රිකට් කිරුළ ඇරැඹේ

එකළොස්වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 27 දා බංග්ලාදේශයේදී ආරම්භ වේ. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ හතරකින් රටවල් 16 ක් යොවුන් ලෝක කුසලානය සඳහා තරග වදිති.

මෙවර තරගාවලිය ආරම්භ වන්නේ 27 දා පැවැත්වෙන සත්කාරක බංග්ලාදේශය සහ පසුගිය යොවුන් ලෝක ශූරයන් වන දකුණු අප්‍රිකාව අතර තරගයෙනි. එදිනම පැවැත්වෙන දෙවැනි තරගයට එංගලන්තය සහ ෆීජි තරග වදිති. මෙවර තරගාවලියට බංග්ලාදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ තමන් සතුටු නොවන බව පවසමින් ඔස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවත් විය. මේ පිළිබඳ ධ්ඛ්ඛ් යෙන්ද ඔස්ට්‍රේලියාවට අනුමැතිය හිමි විය.

මෙවර තරගාවලියට බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ෆීජි, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, අයර්ලන්තය, ඉන්දියාව, කැනඩාව, ශ්‍රී ලංකාව, නේපාලය, නවසීලන්තය, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, නැම්බියාව, ස්කොට්ලන්තය යන රටවල් තරග වදිති.

මෙතෙක් පැවැති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව (1987 - 88, 2001 - 02, 2009 - 10) තෙවතාවක්ද, ඉන්දියාව (1999 - 2000, 2008 - 08, 2012) තෙවතාවක්ද පාකිස්තානය (2003 - 04, 2005 - 06) දෙවතාවක්ද, එංගලන්තය (1997 - 98) සහ දකුණු අප්‍රිකාව (2013 - 14) එක් වතාව බැගින්ද දිනා ගෙන තිබේ.

කේටි ගෙන් ලෝක වාර්තාවක්

කාන්තා මීටර් 800 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට කේටි ලෙඩෙකි සමත් වූවාය. ඒ සඳහා කේටි ගත කළ කාලය විනාඩි 08.06:68 කි. මේ වන විට මීටර් 400 සහ 1500 නිදහස් ආර ඉසව්වන්හිදී ලෝක වාර්තාවලටද හිමිකම් කියන්නීය.

ටෙක්සාස්හි පැවැති පිහිනුම් තරගාවලියේ මීටර් 100 සහ 200 නිදහස් ආර ඉසව්වල ජය හිමි කර ගත් කේටි දැනට 18 වන වියේ පසු වේ.

ඔලිම්පික්, ලෝක ශූරතා සහ පෑන් පැසිපික් ශූරතාවලියේ රන් පදක්කම් 15 ක් දිනා ගෙන තිබේ.

ලීග් රග්බි අද තරග 2 ක්

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ නවවැනි සතියේ තවත් තරග දෙකක් අද තුරඟ තරග පිටියේ හා හැව්ලොක්ස් පිටියේ පැවැත්වේ.

මුල් අදියර අවසානයේ මහනුවර කණ්ඩායම තමන් සහභාගි වූ තරග හතම ජය ගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. පළමු අදියරේ හැව්ලොක්ස් කණ්ඩායම තරග හතෙන් හයක් ජය ගෙන දෙවැනි ස්ථානයට පත් විය. එම අදියරේ සී. එච්. සහ එෆ්. සී. කණ්ඩායමට එකදු ජයක් හෝ හිමි කර ගැනීමට නොහැකි විය.

දෙවැනි අදියරේ තරග පසුගිය සතියේ ආරම්භ වූ අතර එහිදී සුවිශාලතම පෙරළිකාර ජය වාර්තා කර ගැනීමට සමත් වූයේ පොලිස් කණ්ඩායමයි. පොලිසිය නාවික හමුදාව පරාජය කරමින් 16 - 11 ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය. පළමු අදියරේ දෙපිල අතර පැවැති තරගයෙන් නාවිකයන් 27 - 24 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ගෙවි ගිය සති අන්තයේ සෙසු තරගවලදී මහනුවර, හැව්ලොක්ස් සහ සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායම් ජය ගැනීමට සමත් වූහ.

එම සති අන්තයේ මහනුවර කණ්ඩායම 78 - 13 ක් ලෙස සී. එච්. සහ එෆ්. සී. පරාජය කිරීමට සමත් විය. මුල් අදියරේ දෙපිල අතර තරගයෙන් මහනුවර 80 - 3 ක් ලෙස සී. එච්. සහ එෆ්. සී. පරාජය කිරීමට සමත් විය.

දෙවැනි අදියරේ ගුවන් හමුදාව සහ මහනුවර, නාවික හමුදාව සහ සී. ආර්. සහ එෆ්. සී. ඊයේ තරග වැදීමට නියමිතව තිබූ අතර, අද පොලිසිය සහ සී. එච්. සහ එෆ්. සී., හැව්ලොක්ස් සහ යුද හමුදාවත් තරග වදිති. පසුගිය වසරේ ලීග් රග්බි ශූරතාව දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්