ලෝ පසිඳු සිත්තරු
 

ලෝ පසිඳු සිත්තරු

 

තොම්මාසෝ මැසැසියෝ

තොම්මාසෝ මැසැෂියෝ නමැති මේ ශිල්පියා යුරෝපීය චිත‍්‍ර කලාවේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ අයෙකි. එහෙත් ඔහු පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ් මඳ වශයෙනි.

ෆ්ලෝරන්ස් නුවර උපත ලද ගියෝර්ගියෝ වසාරි නම් චිත‍්‍ර ශිල්පියා ”ඊඩ්ඡ් ඹ්ධ්ඍඡ්ඉ ර්‍ණජ් ඊඩ්ඡ් ඒඅඊධ්ඉඊඉ”නම් සිය ග‍්‍රන්ථයේ කියන පරිදි මැසැෂියෝ නොතාරිස්වරයකු ගේ පුතකු ලෙස ෆ්ලෝරන්ස් නුවර අසල ඇරේසෝ ගමේ උපත ලැබී ය. ඔහු ලැබූ ප‍්‍රාථමික පුහුණුව ගැන තොරතුරු හරි හැටි දත නො හැකි වුව ද ඔහු ෆ්ලෝරන්සයේ සාන්ත කෲස් දෙව්මැදුරේ ඇති ශිල්පී ගයාටෝ ගේ සිතුවම් දීර්ඝ ලෙස අධ්‍යයනය කර ඇත.

ඔහු තම සිතුවම්වල ති‍්‍රමාන අවකාශයක් ඇසුරේ දෘශ්‍යමය බරක් සහ ස්කන්ධයක් ආරෝපණය කෙළේ ය. මෙසලිතෝ නම් චිත‍්‍ර ශිල්පියා සමඟ එක් ව ඔහු බ‍්‍රැනාකි දෙව් මැදුරේ කළ චිත‍්‍ර නිර්මාණ ලියනාඩෝ ඩාවින්චි වැනි ශිල්පීන් ගේ ශෛලීන් දියුණු කර ගැනීමට මහත් සේ බලපා ඇත. පුනරුද චිත‍්‍ර ප‍්‍රබෝධයේ පුරෝගාමියකු වූ මැසැෂයෝ ජීවත් වූයේ ඉතා කෙටි කලකි. ඔහු 1468 වර්ෂයේ දී විෂක් ශරීර ගතවීමෙන්, 27 වන වියේ දී මෙලොවින් සමුගත්තේ ය. මේ සුළු කාලයේ දී ප‍්‍රකට නිර්මාණ තුනක් ඔහු අතින් නිර්මාණය විය. ඒවා අතර “කන්‍යාතුමිය හා දරුවා”, “පිටුවහල් කිරීම” හා “කප්පම් මුදල” වෙසෙස් තැනක් ගනී.