දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»

ආර්ථික සංවර්ධනයට අලුත් ආර්ථික භෝග සොයා යා යුතුයි

ආර්ථික සංවර්ධනයට අලුත් ආර්ථික භෝග සොයා යා යුතුයි

උණ ශාකය තෘණ පවුලේ සාමාජිකයෙකි. විවිධ වර්ණ සහිත විවිධ උණ වර්ග දක්නට ලැබුණත් ඒවායේ ඇති ආර්ථික හා වාණිජ අගය ගැන අපි හරි හැටි නොදනිමු.

එහෙත් චීනය, ඉන්දියාව, පිලිපීනය, තායිලන්තය සහ ඝානාව යන රටවල් ඉතා විශාල වශයෙන් උණ ගස් වගා කරන, එමඟින් ආදායම් ලබන රටවල්ය.

ශ්‍රී ලංකාවේ ද උණ වගාව ව්‍යාපාරික මට්ටමින් ඇරැඹීමේ ව්‍යාපෘතියක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනයක් දැන් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයයි. ඒ මූල්‍ය ආධාරය හැටන් නැෂනල් බැංකුව ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

උණ සහ බට ආදියෙන් තවමත් අප ප්‍රයෝජන ගන්නේ ඉතා අඩුවෙනි. එසේ ම ඉබේ වැවෙනවා විනා, උණ වගාව ආර්ථික භෝගයක් ලෙස ව්‍යාප්ත කිරීමක් ද අප රට තුළ නැත. එහෙත් රටවල් රාශියක් දැන් උණ වගාව නව ආර්ථික වැවිල්ලක් ලෙස හඳුනාගෙන එය ව්‍යාප්ත කිරීමේ නිරත වේ. එමඟින් ලබන විවිධ වාසි රාශියකි.

අසල්වැසි ඉන්දියාවේ වගා හානි බහුල ප්‍රදේශවලට ආර්ථික වැවිල්ලක් ලෙස උණ වගාව හඳුන්වා තිබේ.

ඉතා කෙටි කාලයක් තුළ සශ්‍රීකව වැවෙන උණ ශාකයෙන් අප නොදන්නා පල ප්‍රයෝජන රාශියක් ලබාගත හැකි ය. ගෘහ භාණ්ඩ, නිෂ්පාදනයේ දී මෙන් ම උණ ලීයෙන් පැදුරු, කලාල, තිර රෙදි ආදිය නිපදවේ. එසේ ම බුමුතුරුණු නිපදවීමට ද උණ ශාකය උපකාර කර ගැනේ. උණ ගසේ ළදරු මොටෙයියන් ගෙන් විවිධ ආහාර, සෝස් ආදිය සකසා ගැනෙයි. අග්නිදිග ආසියානු රටවල උණ පැළෑටියෙන් විවිධ ආහාර සකසා ගැනීම පැරැණිතම කලාවකි. චීනය උණ පැළෑටියෙන් විවිධ ඖෂධ සකසා ගනී.

ලොව විශාලතම භූමි ප්‍රමාණයක උණ වගාව පැතිර ඇත්තේ චීනයේ සහ ඉන්දියාවේ ය. ඉන්දියාවේ උණ වර්ග 136 ක් වැවෙන අතර එයින් 19 ක් දේශීය වර්ග ලෙස සැලකේ. ඉන්දියාවේ වනගහනයෙන් සියයට 12 ක් යටව තිබෙන්නේ උණ වගාව සඳහා ය. ඉන්දියාවේ වාර්ෂික උණ ශාකමය නිෂ්පාදනය ටොන් දස ලක්ෂ 4 – 5 අතර ප්‍රමාණයකි. දර හිඟයට මුහුණ දී ඇති දිළිඳු ජනකොටස් ආහාර පිසීමේදී තවමත් වැඩි වශයෙන් දර භාවිත කරන රටක් වූ ඉන්දියාවේ දිළිඳු ජනයාගේ දර ප්‍රශ්නයට එක් විසඳුමක්ව ඇත්තේ උණ ශාකයයි.

ගොවි ජනතාව අතර උණ වගාව ජනප්‍රිය කිරීම සඳහා ඉන්දියාව විවිධ ව්‍යාපෘති හඳුන්වා දී තිබේ. ගොවි සංවිධාන සඳහා විවිධ ආධාර උපකාර ද ලබාදී විකල්ප ආදායම් මාර්ගයක් ලෙස ඉන්දියාව දැන් උණ වගාව දියුණු කරගෙන යයි.

අප්‍රිකාවේ රටවල් රාශියක් ආදායම් ලබන්නේ ස්වභාවික සම්පත් අලෙවි කිරීමෙන්, ඝානාව සිය වන සම්පත කපා විකිණීම නිසා එරට වනවැස්ම ක්‍රමයෙන් අඩුවිය. මෙහිදී වනවැස්ම බේරා ගැනීමට පිහිට වුණේ උණ වගාවයි. විවිධ ජගත් ආධාර ආයතනවලින් ආධාර ලබාගත් ඝානාව උණ වගා ව්‍යාපෘති රාශියක් ආරම්භ කෙළේ ය. එයින් වඩාත් ම ප්‍රසිද්ධ ව්‍යාපෘති ASHANTH නම් ව්‍යාපෘතියයි.

ඝානාව ඉන්ධනයක් ලෙස උණ අගුරු භාවිතාවට පෙලඹී සිටී. නයිජීරියාව ද උණ අගුරු පිටරටින් ආනයනය කරයි. ඝානාවේ දේශීය පාරිභෝජනය සඳහා උණ අගුරු මෙ.ටො. 700000 ක් ‍වාර්ෂිකව අවශ්‍ය වේ. ඝානාවේ බටහිර කලාපයේ උණ වගාව වනාන්තර පුරාම පැතිර තිබේ.

චීනයේ සහ ඉන්දියාවේ උණ ගස්වලින් පිරුණු භූමි ප්‍රමාණය මොන තරම් විශාල ද කිවහොත් ලෝකයේ ම ඇති උණ වනාන්තර ප්‍රමාණයෙන් අඩක් ම පිහිටා ඇත්තේ එම දෙරටේ ය. ලෝකයේ උණ ගස් ආශ්‍රිත නිෂ්පාදනයෙන් සියයට 54 කටම හිමිකම් පාන්නේ ද චීනයයි.

චීනයේ උණ වගාවන් හා සුළු පරිමාණ උණ නිෂ්පාදන කර්මාන්ත මඟින් යැපෙන සංඛ්‍යාව ලක්ෂ 350 ක් පමණ වේ. ඒ තරමට චීනයේ ආර්ථිකයට උණ කර්මාන්තය වැදගත් ය.

උදාහරණ වශයෙන් ගත් කළ චීනයේ ආහාර ගැනීමේ දී උණ පතුරු දෙකක් (CHOPSTICKS) භාවිතාවට ගැනේ. වාර්ෂිකව එවැනි උණ පතුරු බිලියන 57 ක් චීනයට අවශ්‍ය ය. මේ සඳහා වර්ග මීටර් දස ලක්ෂ 1.8 ක උණගස් වගාවක් වැනසී යයි. වාර්ෂිකව චීනය හෙක්ටෙයාර් 100000 – 125000 ප්‍රමාණයක උණ වගා නැවත අරඹයි.

චීනය සුළු කර්මාන්ත අංශයේ දියුණුවට උණ වගාව ඉවහල් කරගෙන තිබේ. එසේ ම ඇසුරුම් කර්මාන්තය සඳහා ද උණ පතුරු භාවිතයට ගැනේ‍. උණ ගෘහ උපකරණ, උණ ගෘහ භාණ්ඩ ආදිය අපනයන කරන අතර ඇමෙරිකාව හා බටහිර යුරෝපයේ ඒවාට අගනා වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබේ.

ස්වභාවික උණ පදුරුවලට සමාන ප්ලාස්ටික් උණ පදුරු නිෂ්පාදනය කිරීම ද මෑතක සිට වැඩි වී තිබේ‍. එසේ ම කුඩා ළමයින් සඳහා පාසල් උපකරණ නිපදවීමේ දී ද චීනය ස්වකීය ගස් කොළන් ඉතුරු කර ගැනීමට උණ ශාකය දෙසට හැරී තිබේ.

ශ්‍රී ලංකාවේ ද උණ වගාව දියුණු කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත යුනිඩෝ සංවිධානයෙන් හැටන් නැෂනල් බැංකුවට ඇ. ඩොලර් 600000 ක මුදලක් ලබාදුන්නේ ය. එම මුදලින් උණ වගාව දියුණු කිරීමේ ගැමි පුබුදුව ව්‍යාපෘතියට ආධාර කිරීමට නියමිත ය.

දේශීය වෙළෙඳ පොළේ අද වන විට විවිධ ඉදිකිරීම් කටයුතු සඳහා උණ ගස් භාවිතා කැරේ. මේ හැර ඉතා සුළුවෙන් උණ ශාකය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන නිෂ්පාදකයෝ ද වෙති. එහෙත් ලෝක දැව කර්මාන්තයේ උණ ගසට හිමිව ඇති තැන අපේ දැව කර්මාන්තයේ තවම හිමිව නැත. විකල්ප දැවයක් ලෙස උණ පල්ප් මඟින් චීප් බෝඩ් ආදිය තැනීම ඉන්දුනීසියාවේ හා තායිලන්තයේ දක්නට ලැබේ. මේ නිසා අපේ වටිනා දැව සම්පත දිනෙන් දින වැනසෙන්නේ විකල්ප වගා තිබියදී ය.

වෙළෙඳ පොළට අවශ්‍ය උණ සැපයීම ස්ථාවර කිරීම, කර්මාන්ත සඳහා උණ ගස් භාවිතා කිරීම, සුළු කර්මාන්ත සඳහා ආධාර කර ගැනීම උණ ගස් පදම් කිරීම ආදිය මඟින් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීම ආදී වශයෙන් ව්‍යවසායකයනට මේ නවතම ව්‍යාපාරයට එකතු විය හැකි ය.

නැ‍ඟෙනහිර පළාතේ විශාල ලෙස උණ වගාකිරීම සඳහා විදේශීය ව්‍යවසායකයන්ගේ එකඟතාව ද පළ වී ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් ලබා ගත හැකි ආදර්ශ බොහෝ ය. පිලිපීනයේ උණ වර්ග 62 දක්නට ලැබෙන අතර ස්වදේශික උණ වර්ග 21 කි.

ඌණ වගාව වැඩි දියුණු කිරීම සඳහා ආදර්ශක ගොවිපොළ රාශියක් එරට පිහිටා‍ තිබේ. එසේ ම වඩාත් ලාබ දායක උණ වර්ග තෝරා බේරා ගෙන ඇති පිලිපීනයේ පෞද්ගලික අංශය වානිජ මට්ටමින් උණ වගා කිරීමට ආධාර සපයයි.

එසේ ම පිලිපීනයේ විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨ‍ය උණ වගාව දියුණු කිරී‍මේ විවිධ පර්යේෂණවල නිරත වේ. පටක බද්ධය මඟින් නවතම උණ වර්ග හඳුන්වා දීම ද සිදු කරයි. UNDP – FAO යන අන්තර්ජාතික ආයතන සහායයෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන පිලිපීනය උණ මොටෙයියන්ගෙන් විවිධ ආහාර නිපදවා වෙළෙඳ පොළට නිකුත් කරයි. සම්ප්‍රදායික LABONG නම් තනිකරම උණ මොටෙයියන් භාවිතා කර නිපදවා ගන්නා ආහාරය සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමට පිලිපීනය පියවර ගෙන තිබේ.

ජාවා, මලයා, තායිවානය, ජපානය, වියට්නාමය, කොලොම්බියාව, බංගලාදේශය, ඕස්ට්‍රේලියාව සහ තායිලන්තය යන රටවල් මෑතක සිට උණ වගාවන් දියුණු කර, ඒවායින් උපරිම ආදායම් ලබා ගැනීමට උත්සාහ දරති.

ශ්‍රී ලංකාවේ උණ වගාව ආරක්ෂා කර ගැනීම සඳහා වන සම්පත් විෂය බාර සියලු ම ආයතන කටයුතු කරන අතර උණ වගා රැක ගැනීමට විවිධ නීති රීති ද පනවා තිබේ.

ශ්‍රී ලංකාවේ බට වර්ග, කටු උණ, කොළ උණ, කහ ‍උණ, චීන බට, යෝධ ‍උණ, සියම් බට, ආදි වශයෙන් ප්‍රභේද 14 ක් පමණ දක්නට ලැබේ. පේරාදෙණිය, හක්ගල සහ ගම්පහ උද්භිද උද්‍යානයන්හි විවිධ උණ වර්ග 20 කට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ.

එසේ ම විවිධ ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ සහ ඇසුරුම් කර්මාන්තයට අදාළ නිෂ්පාදන ද දක්නට ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්