‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ප‍ෑගෙන ගැමියාගේ දැවෙන ප්‍රශ්න ගැන ලියූ ප්‍රේම්චාන්ද්

ප‍ෑගෙන ගැමියාගේ දැවෙන ප්‍රශ්න ගැන ලියූ ප්‍රේම්චාන්ද්

ඔහු ජීවත් ව සිටි අවධියේ දී ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කිසිවකුගේ අවධානය යොමු වූයේ නැත. එහෙත් එම යුගයේ ලිංගිකත්වය, අපරාධ, දේවකථා, මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන සුරංගනා කථා, ඉන්ද්‍රජාලිකයන් පිළිබඳ කථා, ත්‍රාසජනක කථා, වීරකථා ආදිය ඉන්දීය පාඨකයන් ග්‍රහණය කර තිබූ අවධියක සාහිත්‍ය ලෝකයට පිවිසි ප්‍රේම්චාන්ද් හාත්පසින් ම වෙනස් ලෝකයකට පාඨකයා ගෙනයෑමට සමත් විය.

ඔහු තමා ජීවත් වූ ලෝකය, තමන්ට එදිනෙදා හමු වන චරිත, ඔවුන් ගත කරන දුක්බර ජීවිත, ඔවුන්ට මුහුණ දීමට සිදු වන දුක්ගැහැට, ඔවුන්ගේ සතුට හා දෝමනස්සයන්, ශක්තිය හා දුර්වලතා ඉන්දීය සමාජයේ දිවි ගෙවූ වැඩ කරන ජනතාවගේ ආශාවන්, බලාපොරොත්තු මෙන් ම ඉච්ඡාභංගත්වය ඉතා ම අව්‍යාජ ලෙසට ද අතිශය තාත්වික අයුරින් ද චිත්‍රණය කළ අාකාරය එම යුගයේ සාහිත්‍යකරුවන් මවා තිබූ සුන්දර ලෝකයට දැඩි අභියෝගයක් විය. එවකට ඉන්දියාවේ වාසය කළ ගොවි කම්කරු ජනතාවගේ ජීවන රටාවන් ඉතාම සානුකම්පික ලෙසටත් යථාර්ථවාදී ලෙසටත් නිරූපණය කිරීම නිසා ඔහුගේ නිර්මාණ ඉහළ පන්තිය නියෝජනය කළ ජනයාට වඩා සාමාන්‍ය ජනතාවගේ අවධානයට යොමු විය. එහෙත් එම යුගයේ ජන ජීවිතය හඳුනාගත් ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවකු ලෙස ප්‍රේම්චාන්ද්ට අගැයීමක් හිමි වුණේ ඔහුගේ මරණින් පසුව ය.

ප්‍රේම්චාන්ද් කුඩා අවධියේ පටන් අසරණ තත්ත්වයට පත් වූ අයෙක් විය. 1880 ජූලි 31 වැනි දින බරණැස් නගරය අසල පිහිටි ලම්හි නමැති ඉතා කුඩා ග්‍රාමයක උපත ලැබූ ප්‍රේම්චාන්ද් එවකට දුප්පත් රායි යනුවෙන් නම් කර‍ තිබිණ. කුඩා අවධියේ පටන් උර්දු හා හින්දි භාෂාවෙන් සිය ලිවීමේ කටයුතු සිදු කළ ඔහුගේ 7 වැනි වියේ දී මවගේ මරණයත් වයස 14 දී පියාගේ මරණයත් නිසා ඉතා ම ළාබාල වයසේ දී ම ජීවන බර හිස මතට ගැනීමට ඔහුට සිදු විය. ඔහුට මුළු පවුලක් ම රැක ගැනීමට සිදුවීම නිසා ආර්ථික අග හිඟතාවන්ට මුහුණ දීමට අවස්ථාව යෙදිණ.

කෙසේ වෙතත් මැට්‍රිකියුලේෂන් විභාගය සමත් වූ ඔහුට ග්‍රාමීය පාසලක ගුරු තනතුරක් ලබාගැනීමට හැකි විය. ගුරු තනතුරේ සිටියදී ම ශාස්ත්‍රවේදී විභාගය සමත් වූවත් ගාන්ධි තුමා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගෙන ගිය වි‍රෝධතා ව්‍යාපාරයට අනුව රජයේ රැකියාවලින් අස්වීමේ තීරණයට ඔහු ද හිස නැමී ය.

ඔහුගේ ආර්ථික අර්බුදය තව තවත් අධික වූ අතර ඔහු චිත්‍රපට සඳහා කථා පිටපත් ලිවීම ඇරඹුවේ ය. එහෙත් නිෂ්පාදකයන් හා අධ්‍යක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් අනුව තම කථා පිටපත් වෙනස් කිරීම නිසා උරණ වූ ඔහු එම කාර්යය ද අත්හැර දමා නැවත බරණැසට පැමිණියේ ආර්ථික වශයෙන් අතිශය බංකොලොත් තත්ත්වයට පත්වී සිටියදී ය. මේ අතර දැඩි ලෙස අසනීප වූ හෙතෙම 1936 ඔක්තෝබර් 8 වැනිදා ඇසිටින් නොහොත් ප්ලෝදරය නම් වූ රෝගයට ගොදුරුවී මරණයට පත් විය.

එදා පැවති නවකතා සන්දර්භයන්ට එරෙහිව යථාර්ථවාදී කථා පුවත් මඟින් දුප්පත් කමින් පෑගී සිටින එසේ ම ධනවතුන් හා කුලවතුන් ගේ පයට පෑගී දුක් විඳින ගම්බද දුගී දුප්පත් ජනතාවගේ ශෝකී රාවය පිළිබිඹු කිරීම ඔහු අතින් සිදුවීම හේතුවෙන් තාත්විකවාදයේ පු‍රෝගාමී ගත්කතුවරයකු ලෙස ෙප්‍ර්ම්චාන්ද් සලකනු ලබයි. සමාජයේ බලවත් තත්ත්වයේ පසුවන කුහකයන් අතින් දුර්වලයන් පෑගී දුක් විඳින අන්දම වැනි සමාජයේ පුප්පා උලුප්පා දැක්වීම සේම දූෂණය, මහල්ලන්ට විවාහ කරදීමෙන් අනතුරුව කනවැන්දුම් තත්ත්වයට පත්වන දැරියන්, වෛශ්‍යාවන්, වැඩවසම් ක්‍රමය, දුප්පත්කම, යටත් විජිතවාදය පමණක් නොව ඉන්දීය නිදහස් සටන යන මාතෘකා ඔහුගේ නිර්මාණවලට පසුබිම් විය.

ඔහු අතින් නිර්මාණය වූ 300 ක් පමණ වූ කෙටිකතා සහ නවකතා අතුරෙන් ‘සේවාසාදන්’, ‘රංග්භූමි, ‘ගබන්’, ‘නිර්මලා’ හා ‘ගෝධාන්’ පාඨක ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූ එසේ ම විචාරකයන්ගේ විශේෂ පැසසුමට ලක්වූ කෘති වේ. ප්‍රේම්චාන්ද්ගේ ප්‍රථම ශ්‍රේෂ්ඨතම නවකතාව ලෙසට ගැනෙන ‘සේවාසාදුන්’ තම පුවතට පසුබිම් වූයේ වෛශ්‍යා වෘත්තිය ගැනයි.

ඔහුගේ තවත් විශිෂ්ට කෘතියක් වූ රංගභූමි හෙවත් චව්ගන් - ඉ - හස්ටි නවකතාව ඉතාම සංකීර්ණ වූ කථා පුවතකි. ගම්බද ඉන්දියාවේ කම්කරුවන් හා ගොවීන් අත්දුටු පීඩනය හා වධහිංසා අලළා ගෙතුණ කතාවේ කථානායකයා සුර්දාස් නම් වූ අන්ධ කෙනෙකි. එසේ ම සමාජයෙන් ඔහුට අත්විඳීමට සිදුවන ජීවිතයත් මරණයත් අතර පවතින සිදුවීම් මෙම කථාව තුළින් හැඟීම් බරව නිරූපණය කර ඇත.

ඉන්දියා සමාජයේ පිළිකාවක් බඳු වූ ළමා විවාහයන් හා දෑවැදි ප්‍රශ්නය අලළා ගෙතුණු ‘නිර්මලා’ නවකතාව ප්‍රේමචාන්ද් අතින් නිර්මාණය වූ නවකතා අතුරින් විශිෂ්ට ගණයේ කෘතියක් ලෙස විචාරක අවධානය යොමු වී ඇත. 15 වියේ පසුවන නිර්මලා ඇයට වඩා වසර 20 කින් පමණ වැඩිමහලු අයකු සමඟ විවාහ වී ඇති අතර දෑවැද්දක් දිය නොහැකි තත්ත්වයේ පසුවීම නිසා ඇයට අත්විඳීමට සිදුවන දුක් ගැහැට මෙම නවකතාව මඟින් දැක්වේ.

මුන්ෂි ප්‍රේම්චාන්ද් ගේ විශිෂ්ටතම නිර්මාණය ලෙසට විචාරකයන් මෙන් ම පාඨකයන් විසින් ද පිළිගනු ලබන්නේ ‘ගෝදාන්’ නම් වූ නවකතාවයි. බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන්ගේ පාලන සමයේ ඉන්දීය ගම් වැසියන්ගේ සමාජ ආර්ථික ව්‍යුහය පසුබිම් කරගෙන රචිත මෙම නවකතාෙව් ඉංග්‍රීසි පරිවර්තනය The gift of the cow (එළදෙනගේ ත්‍යාගය) යන නමින් පළ විය.

ප්‍රේම්චාන්ද් අතින් නිර්මාණය වූ සෑම චරිතයක්ම ජීවත්වන්නේ අතිශය කුරිරු දුෂ්ට සමාජ ව්‍යුහයක් සහිත පසුබිමක ය. ඒ පසුබිමේ සිට ඔවුන් ගෙන යන ජීවන අරගලය තුළින් කිසිදාක නොලැබෙන එසේ ම දැකිය නොහැකි වන සුඛෝපභෝගී තත්ත්වය පිළිබඳ ප්‍රේම්චාන්ද් තුළ පවතින සිහිනය මේ සෑම නවකතාවක් තුළින් ම බලාපොරොත්තුවක ඉඟියක් ෙලස මතු කිරීම ද විශේෂත්වයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්