X
Loading Image...
 
 

කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


සිළුමිණ: සිත්මල්යාය - පුංචි පැළේ ගස වෙනා පුංචි ළමෝ ලොකු වෙනා

පුංචි පැළේ ගස වෙනා පුංචි ළමෝ ලොකු වෙනා

“දරුවන්ගේ හදවත්වල ළතෙත් බව සහ සංවේදී බව මතු කිරීම මගේ එක් අරමුණක්”

විමල් විෙජ්රත්න
ඡායාරූපය - සරත් පීරිස්

යැයි නවගත්තේගම වෙලේවැව සුමේධ විදුහලේ විදුහල්පති විමල් විජේරත්න පවසයි.

“එක දරුවෙකුට එක පැළයක්” සංකල්පය යටතේ විදුහල් බිමේ සිසිලැති වන වියනක් ද වතුර මල් පද්ධතියක් ද නිර්මාණය කිරීමට මුල් වූ ඔහුගේ චින්තනය හා අධ්‍යාපනය පිළිබඳ ආකල්ප විමසීම ජීවිතයට නව කවුළුවක් විවර කිරීමකැයි සිතුවෙමි. මීට දශකයට පමණ ඉහත ආනමඩුව රළපනාවට යාබද ගම්මානයක ජීවත්වන ඉන්දීය සම්භවයක් ඇති ගල්වඩුවන්ගේ ජීවන විත්තිය සොයා ගිය මාහට රැළපනාව විදුහලේ මුල් පුටුව හොබවන අමුතු විදියේ විදුහල්පතිවරයකු පිළිබඳ අසන්නට ලැබුණි.

පාසලට ළමයකු ඇතුළත් කරගන්නා විට පැළයක් ද රැගෙන ආ යුතු බව ඔහු දෙමවුපියන්ට දැනුම් දෙයි.‍ මෙහි සුලමුල විමල් විජේරත්න මහතාගෙන් විමසීමි.

ඔහු මුලින් ම සේවය කර ඇත්තේ ආනමඩුව කැලේගම විදුහලේ ය; ප්‍රාථමික පන්ති භාර ගුරුවරයකු ලෙස ය. එකල එහි විදුහල්පතිවරයා (වත්මනෙහි කුරුණෑගල ලක්දාස් විදුහලේ විදුහල්පති) පරිසරයෙහි සහ ගහකොළ වල වටිනාකම පිළිබඳ ගුරුවරුන් සමඟ නිතර කතා කර ඇත. පරිසර සංවේදී බව තම සිත්හි මුලින් ම රෝපණය වූයේ එයින් යැයි විජේරත්න මහතා පවසයි.

රළපනාව විදුහලට කලකට පෙර අප ගිය ගමනෙහිදී විදුහල් ඉඩමෙහි ස්තර‍ කිහිපයකින් යුත් කදිම වන වියනක් තිබෙනු දුටුවෙමු. ඒ වන වියන නිර්මාණය වූයේ මෙසේ ය‍.

“මං විදුහල්පති හැටියට වැඩ කරන කාලේ ළමයෙක් බාරදෙන්න එන දෙමවුපියන් පැළයක් බැගින් රැගෙන ආ යුතු බව දැනුම් දුන්නා. ළමයා විදුහලට ඇතුළත් කිරීමේදී ඒ පැළය විදුහල් බිමේ රෝපණය කරනවා. පාසලෙන් අස් වන දිනය වනතුරු ඒ පැළය මැරෙන්නට නොදී රැක ගැනීම ළමයාගේ වගකීමක්.

“ඔව්! නියං කාලෙට වතුර දාන්න ඕනෑ. ඒක පහසුවෙන විදියට වැඩ පිළිවෙළක් යෙදුවා” විජේරත්න මහතා කීය.

2001 දී රළපනාව විදුහලට මාරුවක් ලැබිලා එනකොට ඒක එළු ගාලක් වගේ තිබුණේ. පාසල සතුව ලොකු ඉඩමක් තිබුණා. ලඳු කැලෑවෙන් යටවෙලා. පාසලේ දරුවන් ගෙනාපු පැළ හිටවන්නට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උදව් ඇතිව පැළ හිටෙව්වා. මුල් කාලෙ වැවෙං වතුර දැම්මා‍. පස්සේ කාලෙ අපේ වැඩසටහන දැකලා කොළඹ මහ රෝහලේ 44 වෝඩ් සංවිධානය අපට ජල ව්‍යාපෘතියක් දුන්නා. අද වනවිට රළපනාව ඉස්කෝල ඉඩමේ කොටසක, සුන්දර වනගහනයක් නිර්මාණය වෙලා තියෙනවා” රළපනාව විදුහලේ ඔහු වසර 10 ක් සේවය කළේ ය.

2010 වසරේදී නැවත ඔහුට වෙලේ වැව විදුහලට ස්ථාන මාරුවක් ලැබිණ. ඔහු නැවත එහි සේවයට යන විට මුල් කාලයේ දී 10, 11 පන්තිවල ඉගෙන ගත් ළමයින් ගෙන් බොහෝ දෙනෙක් දෙමවුපියෝ බවට පත්ව සිටියහ. ඔවුන්ගේ දරුවන් ද පාසලට ඇතුළත් කෙරෙමින් තිබිණ.

“දෙවැනි වර සේවයට පැමිණි පසුව පළමු වැනි පන්තියට ළමයින් බාරගැනීමේ කටයුතු කරන ගුරුවරියන්ට මම උපදෙස් දුන්නා. එක වසරකට එක වර්ගයක පැළයක් බැගින් දරුවන් සමඟ බාරගන්න. ඒ අතර දෙළුම්, රඹුටං, අඹ, ජම්බු යනාදී වශයෙන් වසරින් වසර පලතුරු පැළ රෝපණය කළා. විදුහල් බිමේ කොටසක් පලතුරු උයනක් බවට පත් වුණා. 11 වසර දක්වා හැම පන්තියකට ම ආසන්න වෙන්න වතුර මලක් බැගින් හැදුවා.‍ කැරකෙන වතුර මලේ වතුරෙන් ගොටු කොළ වැනි පැළෑටි වර්ධනය වෙනවා. ගිනියම් පරිසරය සිසිල් වීම නිසා, දරුවන්ගේ ගතට සිතට සිසිලක් ලැබෙනවා” විජේරත්න මහතා කියයි.

තම මුල්ම පත්වීම වූ කැලේගම විදුහලේ සේවය කරන සමයෙහි වැඩිවන පැළෑටි ගහනයට ජල සම්පාදනය කිරීමේ ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා ක්‍රමයක් ඔහු හඳුනාගත්තේ ය. එකල ආනමඩුව නගරයෙහි සිඩ්නි මාකස් ඩයස් මහතාගේ පු‍රෝගාමිත්වයෙන් පරිසර හිතකාමී වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක විය. බිඳුණු වීදුරු සහ ඝන කඩදාසි මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ද එහි විය‍. විජේරත්න මහතා සිසු දරුවන් සමඟ එක්ව එම ද්‍රව්‍ය එක්රැස් කර අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂයක පමණ අරමුදලක් සම්පාදනය ක‍ළේ ය. විදුහලේ පැළ තවානෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පැළ සපයාදීම ‍ඔස්සේ වසරකට රු. 20000 ක පමණ ආදායමක් ද එම අරමුදලට එක්විය.

විධිමත් ගෙවතු වගාවක් ද විදුහල් බිමෙහි ආරම්භ විය. ජල සැපයුම සිදු කෙරුණේ විදුහලෙහි සිට තරමක් දුරින් නළ මාර්ග ඔස්සේ ය. වාර්ෂික ගෙවතු වගා තරගයෙන් වෙලේවැව විදුහලට දිවයිනෙන් ම පළමු වැනි ස්ථානය හිමිවිය. ඒ අනුහසින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම විදුහලට වගා ළිඳක් පරිත්‍යාග කළේ ය. එය වගා ළිඳක් වුව ද විදුහලට ක්‍රමානුකූල ජල සම්පාදන පද්ධතියක් ලැබෙන තුරු ප්‍රදේශවාසීන් බිමට ජලය සපයාගෙන ඇත්තේ ද එම ළි‍ඳෙනි.

විමල් විජේරත්න මහතා පාසල් කාලයෙන් පසුව තම නි‍ෙවස පිහිටි ඉඩමෙහි ද ගෙවතු වගාව සහ වන වගාව කරයි. එහි ප්‍රතිඵල ලෙස 2014 වසරේ පුත්තලම දිස්ත්‍රික් ගෙවතු වගා තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකි විය.

“වන වගාව සහ ගෙවතු වගාව ගැන වැඩිපුර උනන්දු වනකොට පාසලේ අධ්‍යාපන කටයුතු නිසියාකාරව කරන්නෙ කොහොමද?” මම ඇසුවෙමි.

“අධ්‍යාපන වැඩවලට කිසිම බාධාවක් නෑ. රුකුලක් මිස. 5 ව‍සරෙ ශිෂ්‍යත්ව විභා‍ගෙන් ආනමඩුව කලාපයෙන් පළමු තැන ඉන්නේ වෙලේවැව විදුහල” ඔහු පිළිතුරු දෙයි.

“ඔබ අමතර පන්ති කරනවද?”

“මම කවදාවත් මුදල් අරගෙන පන්ති තියන්නෑ. අපේ විදුහලේ ගුරුවරුත් එහෙමයි. ළමයින්ට ටියුෂන් යන්න අවශ්‍යතාවක් නැහැ ගුරුවරුන් හරියට වැඩ කරනව නම්.”

“ඔබ ගුරුවරුන්ට ටියුෂන් කරන්ඩ එපා කියනවද?”

“මම අහන ප්‍රශ්නෙ මේකයි. වෛද්‍යවරයෙක් ලෙඩුන් පස් දෙනකුට බේත් කරද්දී එක් කෙනෙක් දෙන්නෙක් මැරෙන්ඩ පුළුවන්. දුප්පත් දෙමාපියන් ගෙන් සල්ලි අරගෙන ළමයින්ට උගන්නද්දී එක් කෙනෙක් දෙන්නෙක් ෆේල් වෙනව නම් අපි ටියුෂන් කරන එක හරිද? ඒක අපරාධයක්. ඒ විතරක් නොවෙයි. ගුරුවරු වැටුප් ගන්න කොට මම ඔවුන්ට මතක් කරනව. ඔබ මෙ පමණ දින ගණනාවක් වැඩට ඇවිත් නැහැ. නමුත් ඔබට සම්පූර්ණ වැටුප ලැබෙන බව ඔබ දන්නවද?”

“ගුරුවරුන් අමනාප වෙන්නැද්ද?”

“නෑ. ඔවුන්ගේ හෘදය සාක්ෂියට ඇමතුවා ම ඔවුන් හොඳින් වැඩ කරනවා. යහපත් ආකල්ප ඇති වෙනවා. අප එක පවුලක සාමාජිකයො වගේ.”

“විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ඇතුළෙ ඔබ හිතන සංවේදීකම සහ ආකල්ප වර්ධනය ඇති වෙයි ද?”

“ඒක ලොකු ප්‍රශ්නයක්. ළමයි A 3, A9 විභාගවලින් ගත්තට වැඩක් නෑ. ඔවුන් පොදු දේපළ විනාශ කරනව නම්, මිනිස්සුන්ට පහර දෙනවා නම්. ඒ නිසා ගුරුවරයා අලුතින් නිර්මාණය කළ යුතුයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට යහපත් ආකල්ප සහ ජීවිතාවබෝධය ඇති වන අධ්‍යාපනයක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාවක්. ” විමල් විජේරත්න මහතා, ගුරුවරයාගේ භූමිකාව පිළිබඳ සංවේදී බවකින් ද ඉදිරි දැක්මකින් ද පළ කරන අදහස් බෙහෙවින් වටී. ඔහුගේ වෘත්තිය හා ජීවන චර්යාව ද අධ්‍යාපන කතරට සිසිල් පොද වැස්සකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්