![]() ![]() |
||
ශ. ව. 1937 ක්වූ කටක රවි 31 භාග නිකිණි මස පුර දියවක තිථිය ලත්
අගෝස්තු මස 16 වැනි ඉරිදා සිට 22 ශනිදා දක්වා...
අන්‍යයන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට හැක. එම හැකියාවන් නුරුස්සන අයගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් නිසා ආයතන ප්‍රධානීන් සමඟ පැවැති විශ්වාසය බිඳි යන තත්ත්වයක් උද්ගත වෙයි. අසල්වැසියන් සමඟ කෙරෙන ගනුදෙනුවලින් ගැටලු විසඳා ගැනීමට හැකි වෙයි. දරුවන් පිළිබඳ සතුටුදායක ආරංචි අසන්නට ලැබේ. රෝගීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මේ සතියේ ඔවුන්ගේ අඩුපාඩු සපුරාලීමට මුදල් වැය කරන්නට සිදු වේ. ජය අංකය - 08 මේ සතිය සිතේ සතුට වර්ධනය වෙයි. ජීවනෝපාය මාර්ගවලට අභියෝග එල්ල වුවද ඒවා ජයග්‍රහණය කර ගැනීමට හැකි වෙයි. උසස් අයගේ සැලකිලි හා ගෞරව ලැබේ. රජයේ සේවයේ යෙදෙන අය සේවා ඇගැයීම්වලට ලක් වෙයි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටු වෙයි. ලේඛකයින්ට කෘති එළිදැක්වීමෙන් ප්‍රසිද්ධිය හා කීර්තිනාමය හිමි වෙයි.
ජය අංකය - 02
හිතවතුන් හා ඥාතින් එකතු වන උත්සව කටයුත්තකට සහභාගිවීමට ඇරැයුම් ලැබේ. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ අත් වෙයි. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතුවල වෙනසක් ඇතිවීමට ඉඩ ඇත. ක්‍රියාශීලී ගති පැවැතුම් අන් අයගේ ප්‍රසාදයට ලක්වීමට හේතු වෙයි. සති මැද මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වනු ඇත. දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදු වෙයි.
ය අංකය - 07 නිෙවසේ අලුත්වැඩියාවකට හෝ අලුතින් කොටසක් එකතු කිරීමට හැකි වෙයි. මේ සඳහා තැන්පත් මුදලක් වියදම් කිරිමට සිදු වනු ඇත. ගුප්ත විද්‍යා කටයුතු කෙරෙහි ඇති උනන්දුව වැඩි වෙයි. නව නිර්මාණවල යෙදෙන අයට යහපත්ය. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික අංශවල සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි වෙයි. මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු හොබවන අයට අතිරේක රාජකාරි බහුලව යෙදේ. ජය අංකය - 06 වාහනයක් හෝ ඉඩමක් මිලට ගැනීම පිළිබඳව තිබු බලාපොරොත්තු ඉටුවන ලකුණු පහළ වෙයි. ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණයකින් ජය ලබා ගැනීමට හැකිය. අතිරේක ආදායම් මාර්ග ඉහළ යයි. රැකියා ස්ථානයේ අතිරේක වගකීම් පැවරීම නිසා රාජකාරි බහුල විය හැක. පරිගණක අංශවලින් තම හැකියාවන් එළිදැක්වීමට හැකි වෙයි.
ජය අංකය - 09 උසස් තනතුරු හොබවන අයගේ සහායෙන් අදහස් ඉටුකර ගත හැකිය. හිතවතුන්ගේ ආදර සැලකිලි ලැබේ. මිල මුදල් ලබා ගැනීමේ අරමුණෙන් යෙදෙන ගමන්වලින් ප්‍රයෝජන අත් වෙයි. විවිධ අය තම ඇසුරට පත්වන කාලයක් බැවින් එවැනි අය පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතුය. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. තරග විභාග ජය හිමි වෙයි. සෙම් ආබාධ ඇතිවී
ජය අංකය - 08 පර්යේෂකයන්ට පර්යේෂණ කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වේ. දැනුම වර්ධනය සඳහා කියවීමේ රුචිය වැඩි කර ගැනීමට වෙහෙසෙයි. විශ්‍රාමිකයන්ට සහන කාලයකි. තම හැකියාවන් ප්‍රදර්ශනයට සහ ස්වයං රැකියාවල යෙදෙන අයගේ කටයුතු සාර්ථක වෙයි. වාහන ලාභයක් ඇත. රාජකාරි කටයුතුවල යෙදීමෙන් උපරීම තෘප්තියක් ලබයි.
ජය අංකය - 04 මේ සතියේ ග්‍රහ යෙදුම් අනුව දුර ප්‍රදේශයක සංචාරය කිරීමට හැකි වෙයි. සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් වැළකිය යුතුය. ස්නායු ආබාධ වැඩි වෙයි. පූජනීය ස්ථාන භාරකාරත්වයේ සිටින අයට විශේෂ සැලකිලි හා වරප්‍රසාද හිමි වේ. සති අන්තයේදී හිතවතකුගෙන් උදව් උපකාර ලබා ගැනීමට ඉඩ සැලැසේ.
ජය අංකය - 09 රැකියා කටයුතුවල තරමක අවුල් සහගත තත්ත්වයක් ඇතිවුවද එම තත්ත්වය සාර්ථකව මැඬ පවත්වා ගැනීමට හැකි වෙයි. නව ඥාති සබඳතා ගොඩනඟා ගැනීමට හැකි වෙයි. සහකරු හෝ සහකාරියට රෝගාබාධ වැලඳීමට ඉඩ ඇත. මිලට ගැනීම් හා අෙලවි කිරීම් ආදි කටයුතුවල යෙදෙන අයට යහපත්ය. තරග විභාගවලින් ජය ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි.
ජය අංකය - 09 මිශ්‍ර ඵල ගෙන දෙන සතියකි. විදේශ ගතව අධ්‍යාපන කටයුතුවල නිරත දරුවකුගේ වියදම් සඳහා තම සහකරු හෝ සහකාරියගේ පාර්ශ්වයේ ඥාතියකු ඉදිරිපත් වීමෙන් සිතේ සහනදායක තත්ත්වයක් ඇති වෙයි. දුෂ්කර ප්‍රදේශවල රාජකාරියේ නිරත අයට තම ගම් ප්‍රදේශවලට මාරුවීම් ලබා ගැනීමට හැකි වෙයි. කලා ක්ෂේත්රයේ හා හස්ත කර්මාන්තවල නිරත අයට භාණ්ඩ ප්‍රදර්ශන සඳහා කලා නිකේතනවල ඇරැයුම් ලැබේ. ජය අංකය - 04 උසස් බලාපොරොත්තු ඇති කරන සතියකි. කාලයකට පෙර ගත් ණය මුදලක් ආපසු ගෙවා දැමීමට හැකි වීමෙන් සිතේ සතුට වර්ධනය වෙයි. රැකියා කටයුතු කෙරෙහි විශේෂයෙන් උනන්දු වන සතියකි. සති අන්තයේ හිතවතකුගේ ඇරැයුමක් පරිදි ප්‍රිය සාදයකට සහභාගි වීමට හැකි වෙයි. කෘෂි කර්මාන්ත කටයුතුවල නිරත අයට පතල් හා මැණික් ව්‍යාපාරිකයන්ට යහපත්ය.
ජය අංකය - 05 ප්‍රමාද වෙමින් පවතින වැඩ කටයුතු නිමා කර ගැනීමට අමතර වෙහෙසක් දැරීමට සිදු වේ. එක අරමුණක රැඳී සිටීමට අපහසු වෙයි. කෙටි ගමන් බිමන් අධික වෙයි. වෙනදාට වඩා නිහතමානීව කටයුතු කිරීමෙන් අන්‍යයන්ගේ සිත් දිනා ගැනීමට හැකි වෙයි. විවිධ පුද්ගලයන්ගේ උපදෙස් පිළිගැනීමේදී බුද්ධිමත්ව කටයුතු කිරීමට උත්සාහ ගත යුතු වන්නේ අවාසිදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බැවිනි.
ජය අංකය - 09 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |