![]() ![]() |
||
ශ.ව. 1936 ක්වු ධනු රවි
20 භාග දුරුතුමස පුර තුදුස්වක තිථිය ලත් ජනවාරි මස 4 වැනි ඉරිදා සිට 10 වැනි
ශනිදා දක්වා....
මේ සතියේ සහෝදරයකුගේ කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නට සිදුවෙයි. උත්සව හා ප්‍රිය සම්භාෂණ ආදිය සඳහා ඇරැයුම් ලැබේ. හදිසි ධන ලාබයක් අත්වීමට ඉඩ ඇත. එය ඇතැම් විට ලොතරැයි ජයක් විය හැක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. නව ව්‍යාපාර ආරම්භ කරන අයට ඒ සඳහා සම්බන්ධ කරගන්නා සේවකයන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. ගෘහ ජීවිතයේ නව වැඩ පිළිවෙළකට යොමු වීමෙන් විවිධ කාර්යයන් පිළිබඳව අත්හදා බැලීමට අවස්ථාව උදාවෙයි. විශේෂ ඇරයුම් මතුවීමෙන් කාගෙත් පැසසුමට ලක් වෙයි. විදේශ ගමනක් සම්බන්ධව තැන්පත් මුදලක් වැය කෙරෙනු ඇත. තරග ආදියෙන් ජය ලැබේ.
ජය අංකය - 9 වෘත්තිය කටයුතුවලට අදාළ ඉහළ නිලධාරීන්ගේ සහාය ලබා ගනී. ඒ මගින් රැකියාවේ උසස් වීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. අන් අයගේ සහාය පැතීමට උත්සාහ නොකළ යුතු වනුයේ අනවශ්‍ය ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති නිසාය. නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට මේ සතියේ අවස්ථාව සැලසේ. දේශපාලන කටයුතුවල නිරත අයට සුබ කාලයකි. පිට කොන්ද බෙල්ල හා පාද ආබාධ ඇතිවීමට ඉඩ ඇත. ඈත පළාතක ඥාතියකුගේ ඇරැයුමක් ලැබීමෙන් දුර ගමනකට යොමු කෙරේ. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ඒ පිළිබඳ සම්මුඛ පරීක්ෂණ වලට කැඳවීම් ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි.
ජය අංකය - 1
පදිංචියේ තාවකාලික වෙනසක් සිදුවෙයි. ගැටලු මතු වුවද ඇසුරු කරන්නන්ගේ සහයෝගය ලැබීමෙන් තම කාර්යයන් සතුටුදායකව නිමා කැර ගැනීමට හැකි වෙයි. හදිසි ධන ලාබ ලැබිය හැකිය. ආදායම ඉහළ මට්ටමක පවතී. එහෙයින් යහමින් මුදල් අතමිට ගැවසෙන සතියකි. අවිවාහකයන්ට මංගල යෝග උදාවෙයි. වැඩිහිටියන්ගේ අනුග්‍රහයෙන් ඒ පිළිබඳ තීරණයකට එළැඹිය හැකිවෙයි. භාෂා පරිවර්තකයන්ට, ප්රචාරක කටයුතුවල යෙදෙන්නන්ට, මුද්‍රණකරුවන්ට යහපත්ය. අමතක වී ගිය ණය මුදලක් ආපසු ලබා ගැනීමට හැකි වෙයි. ඈත පළාතක සිටි ඥාතියකුගේ පණිවුඩයක් මත එහි යාමට සිදුවෙයි.
ජය අංකය - 5 මිශ්රඵල දෙන සතියකි. ගමන් බිමන්වලින් අඩුවක් නැති අතර ආදායම් මාර්ග වර්ධනය කර ගනී. තීරණ ගැනීමේදී ඉක්මන් වීෙම් ස්වරූපයක් පෙන්නුම් කරයි. මුදල් අධිකව වැය වෙයි. මේ වැය කිරීම් නිසා ආර්ථිකයේ යම් බිඳ වැටීමක් පෙන්නුම් කරයි. මිතුරන් අතර සුහදතාව වර්ධනය වෙයි. සමාජ සේවා කටයුතුවල නිරත අයට යහපත්ය. අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව වැඩිවන සතියකි. පාද ආබාධ හා හිසරදය ඇති වෙයි. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. සතුටින් ගත කරන කාලයකි.
ජය අංකය - 8
බුද්ධිමත් අය සමඟ මිත්‍ර සබඳතා ඇතිකර ගැනීමෙන් ජීවන රටාවේ නව නැම්මක් ගොඩ නඟාගත හැකිය. තම රාජකාරි කටයුතුවලට අමතරව අතිරේක ව්‍යාපාර ඇරැඹීමට උත්සාහ දරයි. මුදල් ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු වෙයි. මිතුරකුගේ අනුග්‍රහයෙන් එය විසඳා ගැනීමට හැකිය. බුද්ධිමත්ව ගන්නා තීරණ තුළින් සහන සැලසේ. කෘෂිකර්මාන්ත කටයුතුවල නිරත අයට සුබදායකය. හවුල්කරුවන්ගේ අඩුපාඩුවක් නිසා සිතේ උදාසීන තත්ත්වයක් ඇතිවෙයි. දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්න කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කැර ගනී. අපත්යවීම් ඇති විය හැකි හෙයින් ආහාර ගැනීෙම්දී කල්පනාකාරී විය යුතුය.
ජය අංකය - 8 එක අරමුණක රැඳී සිටීම අපහසු වෙයි. අමනාප වූවන් නැවත මිත්‍රවෙයි. බලාපොරොත්තු රැසක් ඉටුකැර ගැනීමට හැකි වෙයි. අධ්‍යාපන කටයුතුවලට නැඹුරුව සිටින දරු දැරියන් වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන්නට සිදු වීෙමන් විවේකය අඩු වෙයි. සති අග කෙටි ගමන් බිමන් අධික වෙයි. වැඩිහිටි සහෝදරයකුෙග් උපකාරයෙන් වාහනයක් මිලදී ගැනීමට හැකි වෙයි. ආහාරපාන ගැනීමේදී කල්පනාකාරී විය යුතුය. ස්ථාන පිළිබඳ මතභේදයකට ඉඩ ඇත. එහෙත් පවුලේ සහයෝගය නිසා බොහෝ දුරට එම ප්‍රශ්නවලට මුහුණ දීමට පහසු වෙයි.
ජය අංකය - 1 රජයේ සේවයේ යෙදී සිටින අයට අතිකාල දීමනා ලබා ගැනීමට අවකාශ සැලැසේ. සිතට එකඟව කටයුතු කිරීමට අපහසු වන දිනයකි. පවුලේ කටයුතු සාර්ථකව කැර ගැනීමට හැකිවෙයි. පෙම් සබඳතා සාර්ථක කැර ගැනීමට හැකි වෙයි. විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට හෝ සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ ගනී. සේවා ස්ථානයේ නිරත සෙසු අයගෙන් චෝදනා එල්ල වීමට ඉඩ ඇත. සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැක.
ජය අංකය - 3 උරුම හිමිකම් පිළිබඳ ප්‍රශ්නයකට තම වාසියට හේතුවන ආකාරයෙන් තීන්දු ලබා ගැනීමට හැකිවෙයි. පිට ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වෙයි. හිතට එන සිතිවිලි පාලනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. ක්ෂණික තීරණ ගැනීම ද කරදර වැඩිවීමට හේතුවක් විය හැක. ඉවසිලිවන්තව හා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. කෘෂිකර්මාන්ත කටයුතුවල ආයෝජනය කිරීමෙන් ආර්ථික වාසි සැලසේ. ස්වයං රැකියාවල යෙදෙන අයට ලාබ ප්‍රයෝජන අත්වෙයි.
ජය අංකය - 7 සංචාරක ව්‍යාපාරයේ නිරත අයට ආර්ථික වාසි අත්වෙයි. ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. දේපළ වර්ධනයක් ඇතිවෙයි. ධන ලාබයක් හිමිකර ගැනීමට අවස්ථාව උදා වෙයි. නිවාසයක් මිලදී ගැනීමට හෝ නිවෙසට අලුතින් කොටසක් එක් කිරීමට හැකිවෙයි. විදේශ ශිෂ්‍යත්ව ලාබ අත්කැර ගැනීමට හැකි වෙයි. තරග විභාග ආදියෙන් ජය අත්වෙයි.
ජය අංකය - 8 නොයෙක් හේතුන් නිසා අඩපණ වූ වැඩ කටයුතු යළි ගොඩ නඟා ගත හැකිය. අනාගත දියුණුව පිළිබඳව වෙහෙසෙයි. අසල්වැසි සහයෝගය ලබාගැනීමට හැකි වෙයි. තාක්ෂණික සේවා, දේශීය වෛද්‍ය අංශ ආදියට සම්බන්ධව අධ්‍යාපනය ලබන අයට යහපත්ය. උසස් අධ්‍යාපනය ලබන අයගේ පැතුම් ඉටුවෙයි. ශරීර සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂඥ වෛද්‍ය උපදේශ ලබා ගැනීම කෙරෙහි උනන්දුවිය යුතුය. වාත රෝග, චර්ම රෝග ආදිය ඇති වීමට ඉඩ ඇත.
ජය අංකය - 2 මේ සුබාසුබ මිශ්‍ර සතියකි. ගෘහ ජීවිතයේ අඩුපාඩු සපුරා ගැනීමට හැකි වෙයි. හිතවත් අයගේ සහාය තුළින් වෙළෙඳ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට හැකි වෙයි. මෙතෙක් පසුබෑමකට හේතු වුණ තනතුරක් ගැනීමට හැකිවේ. ඒ සඳහා හිතවත් අයකුගේ සහාය ලැබේ. මංගල කටයුතුවල සුබ කාලයක් වුවද තීරණ ගැනීම කල් දමන්නට සිදුවේ. දරුවන් නොමැති අයට දරුපල වාසනා ගෙන දෙයි.
ජය අංකය - 9 රහස් වැඩ පිළිවෙළක් අනාවරණය වීමෙන් තමන්ට සහාය දෙන අය ඇසුරෙන් ඈත්වීමට උත්සාහ දරනු ඇත. එයින් තමාට අවශ්‍ය කටයුතු බලාපොරොත්තු වූ ආකාරයට ඉටු කර ගැනීමට නොහැකි වේ. උගත් අයගේ ඇසුර තුළින් විසඳා ගත නොහැකි ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට හැකි වෙයි. දුර බැහැර ඥාතියකු නිවෙසට පැමිණෙයි. විදේශ රැකියා සඳහා ඉල්ලුම් කළ අයගේ බලාපොරොත්තු ඉටු කැර ගැනීමට හැකිවෙයි.
ජය අංකය - 6 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |