රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


පොත් පුවත්

“වැසිවස්සන්නෝ සමඟ නිර්මාණාත්මක ප්‍රඥාව” 11 වැනිදා දොරට වඩී.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ලියූ අලුත්ම ග්‍රන්ථය ‘වැසිවස්සන්නෝ සමඟ නිර්මාණාත්මක ප්‍රඥාව’ මේ මස 11 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

බෞද්ධ වෘත්තාන්තවේදය පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටින මට පෙරළා ජාතක මූලාශ්‍ර හැදෑරීමෙන් ඉටුකළ හැකි නිර්මාණාත්මක සන්නිවේදන කාර්යය කොතරම්දැයි වැටහෙන්නට විය. සදාතනික වටිනාකමකින් යුතු වූ මානව අනුභූතියක් කුරු ධර්ම ජාතකය තුළ ඇති බව මට මතක් විය. එහෙත් මා ලියා ඇත්තේ කුරු ධර්ම ජාතකයේ ප්‍රත්‍යුත්පාදනයක් බව ‘වැසිවස්සන්නෝ සමඟ නිර්මාණාත්මක ප්‍රඥාව’ ග්‍රන්ථය පරිශීලනයේදී පාඨක ඔබට වැටහෙනු ඇත.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ ‘වැසිවස්සන්නෝ සමඟ නිර්මාණාත්මක ප්‍රඥාව’ ග්‍රන්ථය එදින විශේෂ අඩු මිලකට පාඨකයන්ට දයාවංශ ජයකොඩි සහ සමාගමයෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

පරාරෝපණය යොවුන් නවකතාව
 

කර්තෘ - ලක්ෂ්මන් කොඩිතුවක්කු

මිල - රු. 250

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

භෞතිකව හා ආධ්‍යාත්මිකව මිනිසා මුහුණ දෙන ගැටලු අළලා ඉතාමත් සරල සහ අර්ථවත් බසින්, යොවුන් නවකතාවක් ලෙසින් නිර්මාණය වී ඇති මේ කෘතිය වත්මන් යොවුන් පරපුර විසින් කියවා රස විඳිය යුතු සේම ආදර්ශයට ගතහැකි ඉහළ අගයකින් යුතු කෘතියකි.

ජාතික නිෂ්පාදනය හැඳින්වීම සහ ‍ගණනය කිරීම
 

කර්තෘ - රොනල්ඩ් එම්. රීඩ්

මිල - රු. 400

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

සර්ව ආර්ථික විද්‍යාවේ වඩාත් ජනප්‍රිය පුළුල් මෙන් ම සංකීර්ණ මාතෘකාවක් වන ජාතික ආදායම පිළිබඳ වටිනා කරුණු රැසක් මෙම ග්‍රන්ථයෙහි අඩංගු වී ඇත.

ජාතික ආදායමේ වෘත්තාකාර ප්‍රවාහය ජාතික ආදායම ගණනය කිරීමේ විවිධ ක්‍රම සහ ඒවායේ ප්‍රයෝජන, ජාතික ආදායම් නිශ්චය කරන සාධක සමතුලිත ජාතික ආදායම සහ ජාතික ආදායම් ගුණිතය යන කරුණු ඒ අතර වෙයි.

උසස් ජ්‍යොතිෂය ග්‍රහබල සහ භාවබල
 

වෛද්‍යාචාර්ය ආර්.එම්. විලියම්

මිල - රු. 190

ප්‍රකාශනය - ඇම්.ඩී. ගුණසේන සමාගම

ලග්නයට අනුව ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වයත් ඉන් ඇතිවන සුබ අසුබ ඵල ගැනත් අසුබ මඟ හරවා සුබ ඵල උදාකර ගැනීමට නිවැරැදි මඟත් මේ කෘතිය පහදා දෙයි. ජ්‍යොතිෂය පවතින්නේ නිවැරැදි පලාඵල කථනය මතයි. ශුභ ග්‍රහයා අශුභ වන හැටිත් පාප ග්‍රහයන් සුබවන අයුරුත් දැකගත හැක්කේ ග්‍රහබල හා භාව බල තුළින් පමණි. මේ ඒ පිළිබඳ විග්‍රහ කරන කෘතියකි.

මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුව

පරිනාමවාදය සහ මානව විද්‍යාව

සංස්කරණය - ඩබ්ලියු. ඒ. අබේසිංහ

ප්‍රථම මිල රු. 550

ද්විතීය භාගය - රු. 500

ප්‍රකාශනය - සී/ස සරස (පුද්) සමාගම

මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණාත්මක විචාරාත්මක සහ ශාස්ත්‍රීය පොතපත සියල්ල විධිමත්ව පෙළ ගස්වා එකතු කළ කෘතීන් මාලාවක් ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණයක් මත එතුමාගේ ඉතා වැදගත් ලිපි නැවතත් පාඨකයන්ට පරිශීලනය කිරීමට අවස්ථාවක් මේ කෘතින් නිසා සැලසී ඇත.

අරුණලු නැගෙනු ඇත
 

කර්තෘ - ගුණරත්න ඒකනායක

මිල - රු. 420

ප්‍රකාශනය - නිපුන් පොත්

තරුණ පරපුරේ නැගිටීම හා අසහනය පිළිබඳව ලියැවුණු නවකතාවකි. රටක තරුණ පිබිදීම ඕනෑම රටකට පොදු ධර්මතාවයකි. අනාගතය පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන ජීවත්වන තරුණ තරුණියන්ගේ ඒ බලාපොරොත්තු සුන්වීම මේ හැසිරීම් රටාවට මුලය.

දඬුවැට අද්දර
 

කර්තෘ - ඕවිස්සේ ප්‍රේමවර්ධන

මිල - රු. 200

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

ජීවිතයේ අඳුරු අහුමුලු ගවේෂණය කරමින් මානව හිතවාදි සංකල්පයන් ඔස්සේ රසික සිත් අවදි කරවීමෙහිලා යම් ප්‍රයත්නයන් දැරීමට කවියා යන්ත දරා ඇත.

ණය බරින් මිරිකෙමින් ගොවිතැනෙහි යෙදෙන ගොවීන් ගැන මෙන් ම කුඩා දරුවන්ගේ මනස පිළිබඳ ලියූ නිර්මාණාත්මක කාව්‍ය රචනා ගණනාවක් මෙයට ඇතුළත්ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්