රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.

කරුණාරත්න අමරසිංහ

ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කථාව...

ප්‍රංශ ජාතික අන්ද්‍රේ ජිද් ලියූ ‘ලා සිම්ෆනි පැස්ටරාල්'. එය පූජකයකු සහ හදාවඩාගත් අන්ධ අනාථ දැරියක් පිළිබඳ කතාවක්. දෑස් සනීප කළ පසු පූජකයාත් ඔහු‍ගේ පුතුන් දෙදෙනාම මේ යුවතිය කෙරෙහි පෙමින් බැඳෙනවා.

පෙනෙන සහ නොපෙනෙන ලෝකය අතරේ මිනිසුන්ගේ සිත් සතන් විනිවිද දුටු කෘතියක් ලෙසයි එය මා දකින්නේ.

ප්‍රබන්ධ නොවන කෘතිය...

දීඝ නිකායේ, පරිනිබ්බාන සූත්‍රය. මට බුදුන්ව ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් ලෙස දැකිය හැකි වන්නේ මේ කෘතියෙන් පමණයි.

මේ දිනවල ඔබ කියවන්නේ...

එය මා නැවත නැවත කියවන කෘතියක්. එනම්, ‘කොසොල් රජු දුටු පුදුම සිහින 16 සහ බුද්ධ දේශනාව’ කවි පොත. එය මාතර යුගයේ ලියැවුණත් වෙන කිසිම කලෙකටත් වඩා අදට ගැළපෙනවා. එකල බුදුන් පැවසූ අනාවැකි සහ පලාපල සහිතව බුදුන් ඒවාට දුන් තේරුම් මේ කෘතියේ අන්තර්ගතයි.

කෙනකුට කියැවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘතීන් තුනක්...

පන්සිය පනස් ජාතක පොත - මනුෂ්‍ය සිත් විනිවිද දකින්නත් එය අවබෝධ කරගන්නත් ජාතක පොත තරම් වෙන කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. එය කියවා මෙනෙහි කිරීමම ප්‍රමාණවත්. ඒ වගේම නිර්මාණකරුවකුට මේ පොත වස්තු සම්භාරයක්. ඤාණ සමුදායක්.

ඊළඟට මං කැමැතියි, ඕනෑම කෙනෙක් විනය පිටකයට අයිති භික්ෂු ප්‍රාතිමෝක්ෂය සහ භික්ෂූණී ප්‍රාතිමෝක්ෂය පොත් දෙක කියවනවා නම්.

භික්ෂු විෂයෙහිලා පැන නැඟෙන කාම ප්‍රශ්නවලදී බුදුන් ඒවා දෙස ගැඹුරින් බැලූ ආකාරය සහ ගැඹුරින් කළ විග්‍රහයත් මින් කියැවෙනවා. ඒ සඳහා පැනවූ ශික්ෂා පදත් මෙහි ඇතුළත්. මතුපිටින් අතපත ගෑමක් නොවී ඉතාමත් ගැඹුරින් කළ මේ පැහැදිලි කිරීම්, නවකතාකරුවකුට ඉතා හොඳ මූලාශ්‍ර සපයනවා.

පොතක ඔබ වඩා වැදගත්කොට සලකන්නේ රචනා ‍ෙශෙලියද... අන්තර්ගතයද... නැතිනම් අවසානයද...

යම් කෘතියක, බස හෝ යෙදුම් හෝ අන්තර්ගතය හෝ එකකින් එකක් ගලවා වෙනම ගත හැකි දෙයක් නෙවෙයි. සාර්ථක ලියැවීමකට මේ කාරණා තුනම එකිනෙකට බද්ධ වී තිබිය යුතුයි.

ඔබ ළමා කාලයේ දී කියැවූ හොඳම පොත...

‘පොල්කිච්චී සහ කුරුපිංචී'. මගේ ළමා අවධියේ මා කුරුල්ලන්ට ආදරේ කරන්නට පටන් ගත්තේ මේ පොත කියැවීමෙන් පසුවයි. එවිට මා කළුබෝවිල බුද්ධඝෝෂ විදුහලේ තුනේ පන්තියේ. මේ පොත අපිට අතිරේක කියැවීම් පොතක් ලෙසත් නිර්දේශ කර තිබුණා මතකයි. එය ඇලෙක්සැන්ඩර් වැලිවිට නම් ‘දිනමිණ’ පත්‍රකලාවේදියකු ලියූ පොතක්.

ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක ග්‍රන්ථ තිබෙනවාද...

ඔව්. නවකතා, සංස්කෘත සාහිත්‍යය සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ.

මෙතෙක් ඔබ කියැවූ පොත්වලින් ජීවිතයට ලැබුණු දේ...

මගේ ජීවිතය සකස් වූයේ පොත්වලින්මයි. හැබැයි මා පොත් කියෙව්වේ තෝරා බේරා ගෙන. කියවන්න පටන් ගන්නා විට හිටි මා නෙවෙයි, පොත කියවා අවසන් වන විට ඉන්නේ. බුද්ධියෙන්, මනසින් සහ අත්දැකීම්වලින් මුහුකුරා ගිය කෙනකු බවට පත්වනවා.

මම, මම වුණේ විශාල පිරිසකගේ නුවණින් හා අත්දැකීම්වලින්. මා ඇතුළේ සිටින්නේ ඒ අයයි. හැබෑ ජීවිතය තරම්ම ප්‍රබල මේ අත්දැකීම් වැඩිපුරම මට ලැබුණේ පොත් හරහා මුණගැහුණු චරිත වලින්.

ඔබට අනුව, පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...

‍අකිරා කුරසෝවා අධ්‍යක්ෂණය කළ ‘රෂෝමාන්'. එය ‘රිව්නොසු’ ජපන් ලේඛකයාගේ ‘අකුතගාවා’ නවකතාවෙන් කළ නිර්මාණයක්. සරච්චන්ද්‍රයන් ‘මනමේ’ නිර්මාණය කළේත් මෙහි ආභාසයෙන්.

ඔබ ඉහළින්ම අගයන කතුවරයා...

පියදෝර් ඩොස්ටවොස්කි. ඔහුගේ නවකතාවක් විසිවැනි වියේදී කියෙව්වොත් අවුරුදු 120ක් ජීවත් වීමෙන් ලබන අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා. ඔහු, මනුෂ්‍යයකුගේ චෛතසික, සාමාජික, මානසික වශයෙන් සිත් ගැඹුරින් ක්‍රියාකරන ආකාරය විනිවිද දුටු ලේඛකයෙක්.

ඔබගේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...

ජාතක පොත. ඊට වඩා දෙයක් තවත් නැහැ.

ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...

Crime and Punishment ඇසුරින් මුනිදාස සෙනරත් යාපා පරිවර්තනය කළ ‘අපරාධය සහ දඬුවම’

වසර 100ක් ජීවත්වෙලත් ලැබිය නොහැකි තරමේ පරිණතභාවයක් මේ කෘතිය කියැවීමෙන් ලැබෙනවා. එය මගේ මතකයේ සදා තිබෙනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්