කව් සිළුමිණ
සංස්කරණය - රත්න ශ්‍රී
විජේසිංහ

සටහන : අතීතකාමී
සිතිවිල්ලක් වුවද හෘදයාංගම රීතියකින්
ලියැවී වින්දනීය ගුණයෙන් හද සසල කරවන්නට
සමත් රචනයකි. එදා ඇඳි සිතුවම යනු
ප්‍රාර්ථනා කළ ජීවිතය ම නොවේද? එහි වූ ගහකොළ
මල් ඒ ජීවිතයේ මල් සරිපත නොවේද? එහිවූ
වැරදීම් ද ජීවිතයේ ම කොටස්ය.
අත්තම්මාගේ
අලුත් සිතුවම
මුදු සුමුදු පා පොඩිති - අහඹු ලෙස විසිර
ගිය
රෝස, නිල් පසු බිමක - පණ ගැහෙණ සිතුවමක්
හරි පරෙස්සමට මං - ළඟ තියන් ඉන්නවා
දුක හිතෙන වෙලාවට අත ගගා බලනවා..
ලීස්තර හතරකින් - වට කරපු රාමුවේ
දියඇළි ද කඳුවැටි ද තාම ගොස නඟනවා
ඒ ඇහුණ හිනා හඬ සිතුවමේ තැනින් තැන
මේ දැනුත් දෙසවනෙහි නිනඳ වී ඇහෙනවා
ළදු පඳුරු පරයමින් රිකිළි ලූ මල් ගහේ
මල් පිපී සුවඳ දී හිත පුරා ගලනවා
කඳුළු කැට ගුලි කරන් බිම වැටුණ මල්පෙතිත්
පරමලක සුවඳ එන මල් ගොඩේ තියෙනවා
ජීවිතේ ගමන් මඟ සැඳෑ හිරු පායලා
ආයෙමත් හිස් පිටක් පෙරළිලා තියෙනවා
රෝස පා පොඩිත්තෙන් හදවතට තට්ටු කර
අලුතෙන්ම සිතුවමක් අදින්නැයි කියනවා
හරි වැරදි ඉරි ගොඩක් මකන්නට බැරි ලෙසින්
මගේ පැරණි සිතුවමේ මට තවම පෙනෙනවා
නොවැරදී ඉරක් වත් අලුත් සිතුවම අදින
මගේ හිතේ මට හොඳම පාට මං හොයනවා..
පද්මිණි ශ්‍රියාලතා
දරුවන්ට වඳින ගාථාව
සුදු නෙළුම් සොඬෙන් ගත් -
- ඇත් පැටව් දත් විලිස්සා
කරදිය වලල්ලෙන් එතෙර දේශේ -
- දීපංකරේ යද්දී
රොටි ගෙඩිය දෙකට පලන් කෑමට -
- පොර බැදුව දා රෑ හීනෙන්
ඇගේ කුස තුළ ට වම් ඇලයෙන් රිංගු -
- මහා කෙළ නා රජාණෝ
කාලය, දේශය, දීපය ආදී -
- පස්මහ බැලුම් පුම්බා බැළුන්
දෙමවුපියන් වශයෙන් අප දෙදෙනා -
- තෝරා ගත්ත පාපෙන්
තන පුඬුවේ ඉස්ම ඩිංගෙන්ම පමණයි -
- A - B - C - D විටමින්
කොස් මදුලක් කන්න කැකිරි දත් එනකම් -
- පෝෂණ මල්ලේ ම පිහිටයි
පියවර ඔසවපං කඩිනමින් -
- කරදණ්ඩ උස් මහත් වෙනකම්
අපුලෙන් හරි ඉංගිරිස් - කොරියන් -
- කටගා ගනින් යන්තම්
බැලමෙහෙවර සඳහා ඕනෑතරම් -
- ඇබෑරුතු තිබේ පිට රටින්
මෙහේ උලාකන්න නම් යන්නෙපා -
- කකුල් දෙක අල්ලා නමාමී
නන්ද පාඬිකෝරාළ
සැප්තැම්බර් මස 19
වැනි දිනට යෙදෙන, ධර්මසිරි ගමෙග් නම් උත්තම
පුරුෂයාණන්ගේ දසවන අනුස්මරණය
නිමිත්තෙනි.
පීතෘ ප්‍රදීපය
හෙළ සකු මඟ රස දත් මිණි අර
කවියකි සඳලකරින් සිරිසාර
නිම් නැති සෙනෙහස පිරි රුවනාර
ගිම් කල්හිත් හිනැහුණු සිලිලාර
නොපිපි කැකුළුවල සුවඳට ලොබ බැඳ
පිපෙන තුරුම පොහොණිය කර ළඟ හිඳ
පලයෙ රසය සිතු සේ මනසින් විඳ
වැඩුවෙ සදා බෝසත්කම් ම ය සොඳ
අඳුරු ගුහාවට පෑයූ සිසිකර
සොඳුරු කළා අපෙ මන හිඳ සඳ ගිර
ඉසුරු පතා නොගියෙන් ගමනක් දුර
සිරිස නොදැරුවා කදමලුවල බර
ප්‍රේමය හඳුනන නොඉදුල් වන පෙත්
රඟ දෙන ඇළදොළ සිහිලළ උල්පත්
ඔබේ දෙපාවලට සුව විඳි තණ පත්
ඔබ ආ ගිය මඟ බලනව තවමත්
බාධක කඩඉම් කපොලු මුදා හැර
පසල් දනව්වලටත් අත දිගුකර
පත්තර මහගෙය සරසවියක් කර
යොවුල් පහන් වැට දැල්වූ මුනිවර
රංජිත් මල්ලියාවඩු
මායාව යදින්නී
සිදාදියෙ මාළිඟා පසුකරන් ඇදෙන්නී
සලෙල හද මත් කරන් මායාව හෙළන්නී
වීදි මුලු මංසන්ධි අසල සැරිසරන්නී
සූ සැටක් මායාවෙ දැල සෙමෙන් වියන්නී
පාළු කපමින් රැයේ අඳුර බිඳ හෙළන්නී
මැදියමත් සමඟ මායාව විසි කරන්නී
පතිනියක් විලස හද දරු සෙනේ වඩන්නී
සඳදියෙන් ආත්මය පරිශුද්ධ කරන්නී
පැල්පතේ නිදි පැදුරෙ මවක් ලෙස හඬන්නී
පැතුම් ළයෙ සිරකරන් මායාව යදින්නී
ඩබ්ලිව්. එම්. මලිඳු
පියුමාල්
අකුරු
ඥානය තාක්ෂණික
අදහසත් විනිවිද යන
දරුවන් තටු ලැබ
තැන තැන ඉගිලෙන
අහස යට ම
කළු කටු පඳුරු අතර
විසිරී ගිය අක්ෂර
ඇහිඳින්නට තතනන
තනියම නම ලියන්න
නැතිවුණු අකුරු සොයන
දුෂ්කර විදුහල් බිම
දරුවන් විඳින දුක ම
අකුරක් වී නිල්ගැබ
පායන තුරා දිනෙක
මට තව උන් රිදවන
වේවැල් කෝටු කුමට?
කේ.පී.ඩබ්. ප්‍රියන්ත ජයලත්
රතු පලස යට
කළු තාර පලස මත
තැබූ නිරුවත් දෙපා
රිදුම් දී...
වැටුණු උණු කඳුළු කැට
පැල්ලම්...
යනෙන රතු පලස යට
දනිමි ඇති බව අදත්...
බන්දුසිරි ජයලත් රූපසිංහ
කැකුලියන්ගේ ලොවින්
කළලෙහි උපන්නත් ගෑවී නොසිට එහී
දුලවත් වෙමින් ගුමු ගී සවනතට ඇහී
රත්සර වුවනතින් වස්වා සතුටු වැහී
අපි හිසොසවා සිටියෙමු පුෂ්කරණි යෙහී
රුං රුං ගගා පෙම්බස් කියමින් රහට
භෘංගාවලී රොද බැඳ සිටියත් අවට
සැලමුතු පෙමක් නො දැනුණි නො පෙනුණි ඇහැට
එබැවින් නො නැමුණෙමු මල් බමරුන් බහට
කිසිවකු දිනක් පොකුණට බැස රුදු ලෙසිනී
මල්නටුවලින් අප වෙන් කර ගෙන ගොසිනී
අප මිල කරන හඬ මුළු දවසෙ ම ඇසිණී
අපගේ කුමරි බඹසර එදින ම නැසිණී
රළු අත් දොවා නළ ජලයෙන් වතුර මලේ
බලහත්කාරයෙහි උහු අප පුබුදු කළේ
අප මලසුනෙහි මාබල් මත අඬන වෙලේ
හෙළුවහ සුසුම් කැකුලියො මල් වෙළෙඳ-පොළේ
මුකුලිත වුව ත් කෙලෙසා දැමු කැකුලු මල
ඇඬුවෝ කවරහු ද? සෙව්වත් වෙළෙඳ මිල
සැදැහැති සුපින්වතුනට අප කිළිටි කළ
සාදු! සාදු! ලැබියන් ලොකු මොනර කොළ
තබ්බෝවේ වික්‍රම

තනිවුණු පඹයා
දුප්පත්,
කල්ගිය - ඇටකටු වුණෙ මට
කැඩුණු කුඩා ලීයක් සහ “කොසු මිට”
අත්මේසුත්.... වැරහැලි.. අපහාසෙ ට
තනි ‘කණු - පස’ සිටවුණි පස් ගොඩක ට
හැඳසිටි, කම්කරු ඇඳුම පරණ කොට
කලිසම්, කමිස ද, කබා, ඉරුණු විට
කතිරය උසුලමි නැග, පොඩි කන්දට
“වැස්ස, එළිය, හිරු, හිම” වද දෙයි, මට
උදව් කරන්නට, මගක් නොවූ විට
විසුලු ම'තොප්පිය.. පිදුරෙන් පිරුණට
“වනපෙත සියොතුනි නිවසනු හිස පිට
ඇයි ද? පියාසර කරනුයෙ එපිටට
ඉංග්‍රීසි ලේඛක
‘ජේම්ස් කර්කප්’ මහතාෙග්
‘The lonely Scarecrow’
නම් පැදිපෙළ ඇසුරෙනි.
පරිවර්තනය කළේ - තරුෂිනි
සඳූෂා ඕවිටිගල.
ගොඩක් පිං ඇති...
උයන්පල්ලාය මං
නෙක පලින් හා මලින් සපිරි
මේ විසල් උයනේ මාසෙ පඩියට
බලා කියා ගන්නා මල් පැළ...
ගේට්ටුවෙන් එනකොට නුඹලා
වැටෙන රුපියලකට දෙකකට
ගෙදර උන්ගෙ බඩ පිරෙයි යන්තමට
මගෙ හිතෙ නොපිරුණත් යහමට...
මහා විසාල ගස්යට මෙහි
ආදරේ ඇත නුඹලාට පිටදී නැති
එහි සුව නැතත් මට හරි හැටි
උයනටත් මටත් ගොඩක් පිං ඇති...
අසනි වැස්සට පිපෙන
දුක්ගිනි එක්කම හැලෙන
කඳුළු මලක් ඇත මෙහි රැඳුණ
දවසට උයනට කවුරුත් නේන...
කේ.බී. ඒ. ගයාන් ඉන්දුල
ප්‍රේමය ද අඩසඳකි...
නිකින්නට වෑ දියේ
පෑයූ අඩ සඳකි පෙම
දුරුත්තට හීතලේ
විසිරිලා වෙන් ව යන
නෙතු පිනන සොඳුරු ඒ
දසුන හද සැනසුව ද
කැළඹි කළ අඳුරු දිය
බිඳී යයි අඩ හඳ ම
සබඳ නුඹ නොදනී ද?
ප්‍රේමය ද ඒ විලස
පෑයූ අඬ සඳක් වග
දිනෙක අනියත උරුම...
තත්සරණි නිමර්ෂා
කාරියවසම්
වැඩිහිටි සවුදම
ඉන්න හිටින්නට ගේදොර හැදුවත්
වෙන අය එහි සිටිතෙයි
වන්නම කරකවමින් ගිය වේගෙට
යන්න බැරුව සිටිතෙයි
පින්නට හේදුනු මලක් වගේ ගත
දැන් වැහැරී තිබෙතෙයි
ඔන්න කියනවා වැඩිහිටි සවුදම
නාකිත් තරිකිට තෙයි!
සඳුන් අරටු වැනි දෙටු පුරවැසියන්
කුලදෙවි නම ලබතෙයි
ඔවුන් සුරක්සිත කරනා අයහට
දෙවියොත් හිස නමතෙයි
තුරන් කරන්නට වැඩිහිටි අතවර
යෙදෙතොත් පින් පිරෙතෙයි
හිතන්න කවුරුත් මට විතරක් නොව
කාටත් ඔයටික වෙයි
ගලගම හී.ග. පියතිස්ස

නුදුරු අඳුර
කර්තෘ
: ජනක ගොඩේවිතාන
ප්රකාශනය : කර්තෘ ප්රකාශනයකි
ආධුනික කවියකු වුවද, ජනක ගොඩේවිතාන සිය
ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් පළ කර සිටින්නේ
ආධුනිකත්වය ඉක්මවමින් සිටිනා
ප්රතිභාවකි. සුලභ හා සාම්ප්‍රදායික
වස්තූන්ට වුවද අපූර්ව ගුණ පිරිනමන්නට විටෙක
ඔහුගේ පරිකල්පනයට හැකිවේ. ‘සීගිරි ළදුනි’
යනුවෙන් නම් කළ රචනය නිදසුනකි.
රජුන් සෙව් අබිමන
තොල්පෙති අතර සඟවන
සීගිරි ළඳුනි රන්වන
කියව අවපැහැගත්ත කාරණ
පිටරටින් එන කෘමිකැල
හිතුමතේ පැනවිත් වැට
දෙතොල් සිප නොගෙන ම
සපා කා යති පියොවුර
කලන්දක ජාතක පුවත වර්තමානයට කැඳවන
ජනක, මවු දරු සබඳතා දුරස් කරන ලෝකයත්,
දරුවන් රැකගන්නට ලෝකය දරන උත්සාහයත්
කදිමට එක්තැන් කොට දක්වන්නේ මෙලෙසිනි:
මවු අතින් රැගෙන දිය මතට හෙළන
පොඩි ලේන පැටව් හිතුමතේ
මාරුතය පැමිණ පලන සයුර මතින
තෙත ලෙහෙනා වලග හැම අතේ
නූතන කවිය පිළිබඳ විචාර චින්තාවක් පවා
විටෙක ජනකගේ කවියට වස්තු විෂය වේ.
සඳ තරු පවා පණමට විකුණන රටක
වැඩි ලංසුවට විකිණෙන කවියක දෙකක
සඳ මල් කඳුළු එල්ලා කොහෙදෝ කොණක
ග්ලිසරින් එක්ක විකුණනවා කඩපිලක
කවියකු සම්ප්රදාය හදාළ යුතුය. එසේ
හැදෑරිය යුත්තේ එහි මැ ඇලී ගැලී ඉන්
යැපෙමින් ඉන්නට ම නොව එය ඉක්මවා යෑමට ය. ජනක
එබඳු උත්සාහයක යෙදෙන්නෙකි. සිරි රහල්
හිමියන් කැලණියට යැවූ සන්දේශ හාරක
සැළලිහිණියා අද කියන්නේ මෙබඳු බසකි:
තිත්ත ඇත්තට නො කැමති
රජ මැතිඳුන්ට වික්මැති
පුරඟනන් ගැන රුවැති
ලියන කවි මට කම්නැති
යළිත් නොම එමි
මෙහි ම නවතිමි.
අභිනව ගුප්ත
|