රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

සමහර ‍බොස්ලා තීන්දු තීරණ ගන්නේ ඔළුවට වැටෙන කේලම් ප්‍රමාණය අනුව

සමහර ‍බොස්ලා තීන්දු තීරණ ගන්නේ ඔළුවට වැටෙන කේලම් ප්‍රමාණය අනුව

කිෂූ ගෝමස්

ෂෙව්රොන් ලුබ්රිකන්ට් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි

• ඔබ ඇමෙරිකානු සමාගමක ළාබාලතම MD / CEO. මේ තනතුරට පත්වෙද්දි වයස කීයද...

අවුරුදු 35 යි.

• ඒ ඔටුන්න ඒ වයසට බර වැඩියි කියලා හිතුණෙ නැද්ද...

හිතුණා. හැබැයි ඒ වයස නිසා නෙවෙයි. මේකට සුදුසු ම කෙනා මමද... කියන සිතිවිල්ලෙන්. මට කලින් මේ තනතුර දැරුවේ ඇමෙරිකානුවන් තුන්දෙනෙක්. රටවල් 183 ක ව්‍යාපාර කටයුතු මෙහෙයවන දැවැන්ත බහුජාතික සමාගමක ශාඛාවක CEO වෙන්න ලේසි නැහැ. ඒත් එහෙම වෙච්චි පළමු ශ්‍රී ලාංකිකයා මම. CEO හැටියට මං සමාගම බාරගනිද්දි මිලියන 600 ක්ව තිබූ ලාභය අද වන විට මං මිලියන 2500 දක්වා ගෙනාවා. හොඳම ව්‍යාපාර නායකයා, හොඳම අලෙවිකරුවා, හොඳම තරුණ අධ්‍යක්ෂවරයා, ඔය වගේ පුද්ගලික සහ ආයතනික වශයෙන් සම්මාන රැසක් දිනා ගත්තා. මේවා තමයි මං මගේ ඔටුන්නට කෘත ගුණ සලකපු විදිය.

• මේ ඔබේ කී වැනි රස්සාවද...

දෙවැනි. මං වෘත්තිය ජීවිතය ඇරැඹුවේ කොකා කෝලා සමාගමේ අලෙවි විධායකයකු ලෙසින්.

• දක්ෂතාව... කුසලතාව... කැපවීම... මේ කාරණා තුනට ඔබේ ජීවිතය ඇසුරින් විග්‍රහයක් දෙන්න...

මාව මේ තැනට ඔසවා තැබුවේ මා තුළ වූ ඔය කාරණා තුනමයි. මට ඉහළින් සිටින අය ජාත්‍යන්තර සමාගමක අය වීමත් ප්‍රබල ලෙස බලපෑවා.

මානව සම්පත සම්බන්ධයෙන් නිවැරැදිම තීරණ ගන්නේ ඔවුන්. දක්ෂයා කවුරු ද... ඔහු ඔසවා තබන්න ඔවුන් මැළි වන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය පර්ෆෝමන්ස් පමණයි. ඒ හා බැඳුණු විනය හා ගුණගරුක බව පමණයි. ජාත්‍යන්තර සහ දේශීය සමාගමක වෙනසත් එයයි.

• කිෂූ ගෝමස්ට ඒ වාසනාව තිබුණට බොහෝ ‘වැඩ කාරයෝ’ මේ රටේදී කැපී යන අවස්ථා තමයි වැඩිම...

ඒක තමයි මා කිව්වේ, දේශීය හා ජාත්‍යන්තර සමාගමක වෙනස මෙයයි කියලා. ව්‍යාපාරික - රැකියා ලෝකය පිරමීඩයක්. පහළ මට්‍ටමේදී සංඛ්‍යාව වැඩියි. ඉහළට යද්දි අඩුයි. තරගය වැඩියි. අපිට කරන්න පුළුවන් අපේ උපරිම සුදුසුකම් පෙන්වීම පමණයි. උපරිම සුදුසුකම් හඳුනාගත්තොත් ලොක්කට බැහැ මාව අත්හරින්න.

හැබැයි, ඇතැම් දේශීය සමාගම්වල නායකයන්ගේ තීරණ, තීන්දු වෙන්නෙ ලොක්කගෙ ඔළුවට වැටෙන ‘කේලම් පදනම් කරගෙන. එතකොට කොයිතරම් පර්ෆෝම් කළත්, ඔහු කොයිතරම් දක්ෂයෙක් වුණත් කැපිලා යනවා. හදවතින් ම ශ්‍රී ලාංකික වුණත් අවුරුදු 25 ක්ම මම ඇ‍ෙමරිකානු සමාගම්වලට පමණක් වැඩකළ හේතුවත් මෙයමයි.

ඔය කියන තත්වය අවසානයේදී ‘බොස්’ කෙනකුගේ පැවැත්මට බලපෑමක් කරන්නේ කොහොමද...

බොරුකාරයෝ ඉහළට ඇවිත් කේලම් නිසා දක්ෂයෝ කැපී ගියොත් එතැනිනුයි ආයතනයක පිරිහීම ඇරැඹෙන්නේ.

හැබැයි ලෝකයේ මේ දුර්වලතාව එන්න එන්න අඩුවෙමින් පවතිනවා. කිසිම නායකයකුට පවතින්න බැහැ නිවැරැදි තීරණ නොගත්තොත්. එවැනි අවස්ථාවක ජාත්‍යන්තර සමාගම් නම් මුලින් ම එළියට දාන්නේ ලොක්කව.

• ඔබට සමාගමක යන්න මීට වඩා ඉහළ තැනක් නැහැ. වයසත් තියෙන නිසා තව හම්බ කරන්න පුළුවන් බිස්නස් එකකට අතගහන්න කාලෙ හරි...

ඕක මහා සාම්ප්‍රදායික සිතිවිල්ලක්. හුඟක් අය එහෙම කරනවා තමයි. මට ලැබෙන්නේ, සියල්ල සතුටින් ඉටුකරගත හැකි හොඳ වැටුපක්. ඒ තුළ මට අවශ්‍ය ජීවිතය මං ගත කරනවා.

එතැනින් එහාට මට තියෙන්නෙ ආත්ම තෘප්තිය හා බැඳුණු දේවල් ටිකක්. මම යම් ඩිමාන්ඩ් එකක් හදාගෙන තියෙනවා. ඉහළ සමාගම්වල නායකත්වයේ පටන් සේවකයන් දක්වා පිරිස් වලට මම දේශන පවත්වනවා. මම මොඩ්ලින් කරනවා. පත්තරවලට ලිපි ලියනවා. මිනිස්සුන්ට උදව් කරනවා. ඔස්කා පදනමට සම්බන්ධ වී සිනමාවට සහ සාහිත්‍යයට වැඩ කරනවා. HIV රෝගීන් වෙනුවෙන් වැඩ කරනවා. මේවා කරන්න මට කාලය අවශ්‍යයයි. ඒ නිසා තව තවත් සල්ලි හොයන්න හිරවෙච්ච ජීවිතයක් මට අවශ්‍ය නැහැ.

• අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් ඔක්කොම සපුරලා හමාර වෙලා මේ තැනට ආව නම් හොඳයි කියලා හිතිලා නැද්ද...

මට මාකටින් ඩිග්‍රියක් තිබුණට, මං පශ්චාත් උපාධිය සම්පූර්ණ කළේ MD වුණාට පස්සේ. ඒත් මට MB එක ගන්න, ප්‍රායෝගිකව ලද මේ දැනුම හුඟක් ප්‍රයෝජනවත් වුණා.

• රටක දියුණුවට ප්‍රබලවම බලපාන සාධක මොනවා කියලද ඔබ හිතන්නේ...

අංක 1 තමයි ආයෝජනය. අපේ රටේ තවමත් විශාල ආයෝජන සිදුවන්නේ නැහැ. අංක 2, ඉඩම්. අනෙක් රටවල් හා බලද්දි අවශ්‍ය තරම් ඉඩම් අපිට නැහැ. අංක 3, තාක්ෂණය. තාක්ෂණය අතින් තවමත් අපි පිටුපසින්. අංක 4, මානව සම්පත. ඇති තරමට අපිට තිබෙන්නේ මේ සම්පත පමණයි. මිලියන 9 ක ශ්‍රම බලකායක් ඉන්න රටක් අපි. හැබැයි ඒ බළකායේ ඵලදායිතාව කෝ. ඒකවත් නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා රටක් අපි.

• මේ මිලියන 9 ක ශ්‍රම බළකායේ ඵලදායිත්වයට ආණ්ඩුව ඔබෙන් යෝජනාවක් ඉල්ලුවොත්...

මම දෙන්නේ ඉහළ මට්ටමෙන් ගත යුතු යෝජනා දෙකක්. නිවැරැදි අධ්‍යාපනයක් දෙන්න සහ ආකල්පමය වෙනසක් ඇති කළ සංස්කෘතියක් ඇති කරන්න කියන යෝජනා දෙක.

ස්විස්ටර්ලන්තයට පුළුවන් වුණා නම් මාස 4 ක් කොකෝ වවලා මාස 4 ක් හරක් ඇති කරලා ලෝකෙ හොඳම චොක්ලට් හදන්න, ලෝකෙ හොඳම අත් ඔර්ලෝසු හදන්න, ලෝකෙ අවදානම් අඩුම රට වෙලා ලෝකෙ හොඳම බැංකුව ඇතිකරන්න. රටක් හැටියට ඔවුන් එහෙම වුණේ ආකල්පමය වෙනසකින් ඇති කර ගත් සංස්කෘතියක් නිසා.

මේ කාරණා දෙක හදන්න මේ රට වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. හැබැයි දේශපාලනයෙන් ‍තොරව.

• දේශපාලනය ඔබට තිත්තයි වගේ. ඒත් සමහරු හිතුවේ ඔබ දේශපාලනයට එයි කියලා...

මට අවශ්‍ය, වෙනස කරන්න නම් කිෂූ ගෝමස්ලා 25 ක්වත් අවශ්‍යයයි. තනි මම එහෙම ගිහින් තවත් එක දේශපාලනඥයෙකු වනවාට වඩා, වැඩි සමාජ මෙහෙවරක් මං මෙහෙම ඉඳගෙන කරනවා.

• කාටවත් කිෂූ ගෝමස් කෙනෙක් වෙන්න බැහැ... කියලද ඔබ හිතාගෙන ඉන්නෙ...

ඔව්. කාටවත් බැහැ. කවුරුහරි කිෂූ ගෝමස් වෙන්න හදනවා නම්, එයාට තත්පර 12ක් තුළ මීටර 100ක් දුවන්නත්, තමන්ගෙම ෂර්ට් එක කපලා තමන්ම මහගන්නත්, මොඩ්ල් ෂෝ එකක හෝ තරු පහේ හෝටලයක ලොබි එකක ෂර්ට් එක ගලවලා රෑම්ප් එකේ ඇවිදින්නත්, පොල් ගස් නැගලා‍ පොල් කඩන්නත්, ලෝකයේ ඕනෑම තැනෙක දේශන පවත්වන්නත්, පුවත්පත්වලට ලිපි ලියන්නත් වගේම දැවැන්ත බහුජාතික සමාගමකට නායකත්වය දෙන්නත් ගායකයකු වෙන්නත් වගේ හුඟක් දේ කරන්න වෙනවා. මගෙන් යමක් ගත්තට කමක් නැහැ. ඒත් මං වෙන්න උත්සාහ කරන්න එපා.

• ‘කිෂූ’ කියන්නේ ඔබ ආරූඪ කරගත් නමක්ද...

නැහැ. කිෂූ ප්‍රදීප් කුමාර ගෝමස්. ඒක මගේ අම්මා දාපු නම. ළමයි හයදෙනාටම අම්මා තීරණය කළා අමුතු අමුතු නම් දාන්න. ආශා, කිෂූ, අනූෂා, ශකිලා, රුමේෂ්, මහේෂ්.

• අන්තිමට පොල් ගහකට නැග්ගෙ කවදද...

මීට අවුරුදු තුනකට කලින්. කටුබැද්දෙ කැම්පස් පාරේ වෙල් යායට මායිම් වෙච්චි මගේ පාරම්පරික ඉඩමෙ පොල්ගහකට නැඟලා පොල් කැඩුවා.

• ඒ කියන්නෙ ඔබ මොරටුවේ...

තාත්තා මොරටුවේ. අම්මා මාතර. ගම විදිහට සලකන්නේ මොරටුව. පරම්පරා හතරක් ජීවත්වුණු මොරටුවේ මහගෙදරයි මං වැඩි කලක් හිටියේ. ඒ ගෙදර බාප්පට උරුම වුණා. බාප්පා වේල්ස් කුමාර හිටපු ගුරුවරයෙක්. රාජකීය හිටපු විදුහල්පති. එම්.එල්.බී.ගෝමස්. බාප්පා උගන්නපු නිසා මං මාතර ශාන්ත සර්වේෂස් විදුහලේ ඉඳලා වේල්ස් කුමරෙට ආවා. බාප්පාගේ දේපළ උරුම වුණේ මට.

• ඇඳුම් කපලා මහන්න ඉගෙනගත්තෙ මොඩ්ලින් කරන්න ගත්තට පස්සෙද...

මැෂිම පාගන්නවත් උස නැති කාලෙමයි අම්මා මට මහන්න ඉගැන්නුවේ. අම්මා හය දෙනාටම මහන්න ඉගැන්නුවා. තාත්තා හයදෙනාටම ෆොටෝග්‍රැෆි ඉගැන්නුවා.

තාත්තට මාතර ස්ටුඩියෝ එකක් තිබුණා. දවසක් තාත්තට යන්න බැරිවුණු කොටහලු උත්සවයක ෆොටෝ ගන්න ගියේ මං.

• ඔබ විශාල වැටුපක් ලබන කෙනෙක්. ඒ උපයන මුදලින් යමක් දන් දෙන පුරුද්දක් නැද්ද...

දෙනවා. හැබැයි හොඳට ‍හොයලා බලලා. මට ‘ෆීල්’ වුණොත් මං උපරිම ලෙස උදව් කරනවා. මම දෙන උදව්වෙන් කෙනෙක් ප්‍රයෝජන ලබනවා නම් තමයි මටත් තෘප්තියක් දැනෙන්නේ. කීයක් හරි කඩාගන්න ඕනෙය කියන සිතිවිල්ලෙන් එන අය දිහා මං ඇහැ ඇරලවත් බලන්නෑ.

• ඒත් ඔබ ඇඳුම පැලඳුමට ‍බොහොම වියදම් කරන කෙනෙක්...

කිෂූ ගෝමස් විදියට මං Personal Brand එකක් හදාගෙන තියෙනවා. ඒකෙ එක අංගයක් තමයි ලස්සනට ඇඳීම පැලඳීම. ‘ස්මාට්’ විදියට ඉන්න මං වියදම් කරන එක නාස්තියක් විදියට දකින්නෙත් නෑ.

• මේ වෙලාවේ ඇඳලා ඉන්න ඇඳුම් ආයිත්තම් කොච්චර විතර වටිනවද...

ෂර්ට් එක 4500යි. කෆ්ලින්ක්ස් දෙක 6000යි. ඔරලෝසුව 150,000යි. සපත්තු දෙක 6000යි. මං කලක් ‘Envoy’ ෂර්ට් එකේ ශ්‍රී ලාංකීය Brand Ambasodor වෙලත් හිටියා.

• මාසෙ පඩිය බිරිය අතට දෙන සැමියෙක්ද ඔබ...

නැහැ. අවශ්‍ය හැම වියදමක්ම ඇයට දෙනවා. එයා මම නැතිව තනියම කොහේවත් යන්නවත් කැමැති කෙනෙක් නෙවෙයි. ඉඳහිටවත් ගියත් මට නොකියා යන්නෙ නැහැ. ආවමත් ‘මං ආවා’ කියලා කෝල් කරනවා. මේවා මං බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි. ඒත් ඒ තමයි එයාගෙ පුරුද්ද. අනෙක මං කවදාවත් කියලා නැහැ එයාට රස්සාවක් කරන්න එපා කියලා. මේ තමයි අපේ ජීවිත ගලා ආ විදිය.

• අවුරුදු 21ක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් තවම මොඩ්ල්ස් කරන එක බිරියට ප්‍රශ්නයක් නෙවෙයිද...

එයා කැමැතියි මං ලස්සනට ඉන්නවට.

• බිරිය ඔබේ කී‍වැනි පෙම්වතියද...

තුන්වැනි පෙම්වතිය. හැබැයි මුලින්ම මට හිටියේ ලියුම් විතරක් ලියපු, කවදාවත් කතා නොකළ හිතින් පෙම් කළ යුවතියක්. ඒ දහය වසරෙදි.

• බලෙන්ම වගේ ඇ‍ඟේ එල්ලෙන්න එන අය නැද්ද...

එහෙම ඒවා නම් අනන්තයි. ඒත් මේ ගොඩනඟා ගත්තු ඉමේජ් එකට හානි වෙන දේවල් නම් කරන්නෑමයි.

• ඒ කියන්නෙ ඔබට ට්‍රයි කරලා වැඩක් වෙන්නෑ...

ඇත්තටම ඔව්. එහෙම දැනෙනවා නම් හිත රිදවන්නේ නැතිව ට්‍රැක් එක මාරු කරන හැටිත් මං දන්නවා.

• හද කම්පනය කළ ගීතයක් තියෙනවද...

ඔව්. අසංක ප්‍රියමන්ත පීරිස්ගේ ‘සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා’ ගීතය මගේ හද කම්පනය කළා. මම හිතුවෙ එදා අසංක ප්‍රියමන්ත, කවදාහරි ඊළඟ අමරදේව වෙයි කියලා.

පණ්ඩිත් අමරදේවයන්, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ මං කැමැතිම ගායකයෝ. මං වැඩිපුර ගායනා කරන්නෙත් ඔවුන්ගේ ගීත.

• පත්තර බලනවද...

උදේ 5.30 නැගිටලා 6.45 වෙද්දි ගෙදරින් පිටත් වෙන මං 7.00ට ඔෆිස් එකේ. ලංකාවේ තියෙන ඔක්කොම දිනපතා පත්තර මගේ මේසෙ උඩට එනවා. ඒ ඔක්කොම කියවන්නේ විනාඩි 20න්. මුළු කතාවම නොකියෙව්වාට, මගේ රේඩාර්වලින් ඒ අවශ්‍ය ටික උකහාගන්නවා. ඒ නිසා දවස පටන් ගනිද්දි රටේ තොටේ වෙලා තියෙන දේ පිළිබඳ මං දැනුවත්.

• ඔබ ශරීරයේ ලස්සන පවත්වාගෙන යන්නේ මස් මාංශ වලින් ඈත් වෙලාද...

නෑ, හැබැයි මස්මාංශ කෑවට මං කැරපොත්තෙක්වත් මරන්නෑ. හැබැයි ඒකට මගේ වයිෆ් කැරපොත්තෙක් දුටු තැන ස්ප්‍රේ කරනවා. ඊයෙත් මං එයාට කිව්වා ලබන ආත්මෙ ඔයා ඉන්න ගෙදරක මං කැරපොත්තෙක් වෙලා ඉපදුණොත් දෙයියන්ගෙම පිහිටයි කියලා.

• ආදරය ජීවිතය බෙදාගන්න අවස්ථාවක් ලැබුණොත් කාවද ඉස්සරවෙලාම තෝරා ගන්නේ...

බිරිඳයි දරුවො දෙන්නයි. මට මේ තුන්දෙනාවම එකපාර ඕනේ.

• මේ හැමෝගෙම ජීවිත පාට කරන්න කිව්වොත් මොන පාටද ඔබ තෝරාගන්නේ...

පුංචි කාලෙ පුරාම විඳපු කුඹුර, වෙල් යාය පුරා විහිදුණු ඒ කොළ පාටට අදත් මං ප්‍රියයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්