රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

රුධිරය කැටි ගැසීම වැඩිවීමත් දරුණු ලෙඩක්

රුධිරය කැටි ගැසීම වැඩිවීමත් දරුණු ලෙඩක්

රුධිරය ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

මහින්ද ද අල්විස්

සෑම මනුෂ්‍යයකුගේම, සෑම සත්ත්වයකුගේම ජීවිතය රඳා පවතින්නේ රුධිරය මතය. සෑම මනුෂ්‍යයකුගේම ජීවිතය ආරම්භ වන්නේ මවගෙන් කිරි උරා බීමෙනි. අප සලකන්නේ කිරිකැටි බිලිදා ජීවත් කරවීම සඳහා මවගේ රුධිරය කිරි බවට පත්වන බවය. එවැනි අගනා සම්පතක් වන අප ශරීරයේ පවතින රුධිරය නිර්මාණය වී ඇති ආකාරයත්, රුධිරයේ ඇතිවන රෝගාබාධ පිළිබඳවත්, එම රෝගාබාධවලින් වැළකී සිටීමට සහ එම රෝග සුවකර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් වීම ඉතා වැදගත්ය.

රුධිරයේ ප්‍රධාන කොටස් දෙකක් ඇත. ඉන් පළමුවැන්න දියරමය කොටසය. දෙවැන්න සෛලමය කොටසය. මිනිස් රුධිරය ස්වල්පයක් ගෙන කිසියම් භාජනයක දමා තැබු විට දියරමය කොටස සහ සෛලමය කොටස වෙන් වේ. එහිදී ඉහළින් තිබෙන්නේ දියරමය කොටසය. පහළින් තිබෙන්නේ සෛලමය කොටසය.

සෛලමය කොටස සෑදී තිබෙන්නේ රතු රුධිරාණු සුදු රුධිරාණු යන සෛලවලිනි. රතු රුධිරාණු තුළ “හිමොග්ලොබින්” නම් ද්‍රව්‍ය අඩංගු ය. රුධිරය තුළ තිබෙන වටිනාම ද්‍රව්‍යය වන්නේ හිමොග්ලොබින්ය. හිමොග්ලොබින්වලට වැඩි වටිනාකමක් ලැබී තිබෙන්නේ ශරීරය පුරා ඔක්සිජන් ගෙන යනු ලබන්නේ හිමොග්ලොබින් මඟින් බැවිනි. එසේම රුධිරය ශරීරය පුරා ගමන් කර අපිරිසුදු වූ විට රුධිරයට මිශ්‍ර වන කාබන් ඩයොක්සයිඩ් වායුව ආපසු ගෙන යන්නේ ද මෙම හිමොග්ලොබින් මඟිනි.

සුදු රුධිරාණු තුළ ද ප්‍රධාන කොටස් කීපයක්ම ඇත. ඒ නියුට්‍රොෆිල්, ලිම්ෆොසයිට්, ප්ලෙට්ලට් (පට්ටිකා) ආදියයි. විවිධ රෝගාබාධවලට ගොදුරු නොවී සිටීමේ ශක්තිය අපගේ ශරීරයට ලබා දෙන්නේ සුදු රුධිරාණු සෛල මඟිනි. කිසියම් බැක්ටීරියා ආසාදනයක් ශරීරයට ඇතුළු වූ විට එම බැක්ටීරියා සමඟ සටන් කර එම ආසාදනයෙන් ශරීරය බේරා ගන්නේ නියුට්‍රොෆිල්මඟිනි.

ශරීරයේ කිසියම් කැපීමක් හෝ තුවාලයක් සිදුවී ශරීරයෙන් රුධිරය වහනය වන විට එම රුධිර වහනය නැවැත්වීමට ක්‍රියා කරනු ලබන්නේ පට්ටිකා මඟිනි.

අප ශරීරය මත කිසියම් සුළු හෝ සිරීමක්, කැපීමක්, තුවාලයක් සිදුවූවොත් බොහෝ විට රුධිරය වහනය වේ. ස්වල්ප වේලාවක් රුධිරය වහනය වී බොහෝ විට ඉබේම එම රුධිර වහනය නැවතී යනු ඇත. ඒ රුධිරය කැටි ගැසීමට හේතු වන පට්ටිකා ඇතුළු සාධකවල බලපෑම නිසාය.

ඇතැම් විටෙක සුළු තුවාලයක් ඇතිවීමකින් වුවද රුධිර වහනය නවතින්නේ නැතිනම්, එය ගැටලුවකි. ඇතැම් විටෙක එයට හේතුව රුධිරය තුළ ඇති රුධිරය කැටි ගැසීමේ සාධකවල අඩුපාඩුවක් විය හැකිය. මෙය වහා සොයා බැලිය යුතුය. මේ පිළිබඳව සෙවීමට වෛද්‍ය පරීක්ෂණ කීපයක්ම ඇත.

මෙහිදී “Bleeding time” පරීක්ෂණය සිදු කරනු ලැබේ. එය සිදුකරනු ලබන්නේ රෝගියාගේ කන මත විදීමක් සිදුකිරීමෙනි. එහිදී කනෙන් රුධිරය ගැලීමට පටන්ගන්නා මොහොතේ සිට එම රුධිර වහනය නැවතෙන අවස්ථාවට ගතවන කාලය මනිනු ලැබේ.

රුධිරයේ පට්ටිකා අඩුවන විට රුධිරය කැටි ගැසීම ඇනහිට රුධිර වහනය වැඩි වනවා සේම රුධිරයේ පට්ටිකා ප්‍රමාණය වැඩි වන විට රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩි වේ. එය විශාල ගැටලුවකි. එය රෝගයකි. රුධිරයේ පට්ටිකා ප්‍රමාණය වැඩිවූ විට මොළය, පෙණහලු, හෘදය වැනි ඉන්ද්‍රියයන්වල රුධිර නාළ තුළ රුධිරය කැටි ගැසී එම රුධිර නාළ අවහිර වී ජීවිතය අහිමි වීම පවා සිදුවිය හැකිය. එබැවින් රුධිරයේ පට්ටිකා අවශ්‍ය ප්‍රමාණය වඩා අඩුවීමත්, වැඩිවීමත් සුදුසු නොවේ.

රතු රුධිරාණු තුළ ඇතිවන ගැටලු

යකඩ, විටමින් බී, විටමින් බී12, ෆෝලික් ඇසිඩ් මෙන්ම ආහාරවල තිබිය යුතු රතු රුධිරාණු හෙවත් රක්තානු නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය හිඟවූ විට රතු රුධිරාණුවල දෝෂ ඇති වේ. එසේම ජානගත රෝගාබාධ නිසා ද රතු රුධිරාණු තුළ දෝෂ ඇතිවේ; ශරීරයේ තිබිය යුතු රතු රුධිරාණු සෛල ප්‍රමාණයේ අඩු වැඩි වීම් ඇති වේ.

රුධිරයේ රතු රුධිරාණු සෛල අඩුවීමට බලපාන ප්‍රධාන රෝගය වන්නේ තැලසීමියා රෝගයයි. රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කෙතරම් ලබාදුන්න ද, තැලසීමියා රෝගයට ගොදුරු වුවහොත් එයින් මිදීමට හැකියාව ලැබෙන්නේ නැත. තැලසීමියා රෝගය ඉදිරි පරම්පරාවට පැතිරීම වැළැක්වීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ තැලසීමියා වාහක තත්ත්වයේ (සුළු තැලසීමියා තත්ත්වයේ) සිටින කාන්තාවක සහ පුරුෂයකු විවාහ නොවීමය.

ඒ; තැලසීමියා වාහක තත්ත්වයෙන් හෙවත් සුළු තැලසීමියාවෙන් පෙළෙන දෙදෙනකුගේ විවාහයෙන් ලැබෙන දරුවන්ට මහා තැලසීමියා රෝගය හට ගැනීමට ඉඩ තිබෙන නිසාය. තැලසීමියාවට ගොදුරු වූවන්ගේ රුධිරයේ රතු රුධිරාණු ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පැවතීම නිසා රුධිරය පිටතින් ශරීරයට ලබාදීමට සිදු වේ. තැලසීමියා රෝගයට ගොදුරු වූවන්ට ඇතැම් විටෙක මසකට වරක් හෝ දෙවරක් රුධිරය පිටතින් ලබාදීමට සිදු වේ.

ජානගතව එන රුධිරය ආශ්‍රිත තවත් රෝගයක් වන්නේ Cycalcell anemia රෝගයයි. මෙහිදී රතු රුධිරාණුවල හැඩය. සම්පූර්ණයෙන්ම වෙනස් වේ. රතු රුධිරාණුවක සාමාන්‍ය හැඩය රවුම් ගෝලාකාරය. මෙම රෝගීන්ගේ රක්තාණුවල හැඩය දෑකැත්තක ආකාරය ගනී. එය අස්වාභාවික හැඩයකි. රක්තානුවේ හැඩය එලෙස වෙනස් වී ඒවා විනාශ වේ. එම හේතුවෙන් රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වේ. ඉහතින් සඳහන් කළ ආකාරයේ රුධිරයේ රක්තානු හෙවත් රතු රුධිරානු අඩුවීම රක්තහීනතාවය (Anemia) ලෙස හඳුන්වනු ලැබේ.

ශරීරයේ හිමොග්ලොබින් අඩුවූ විට පෙන්නුම් කරන රෝග ලක්ෂණ ලබන සතියේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්