රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»


වයස අවුරුදු හතරේදී දුර්ගා දේවියගේ අවතාරය වූ මැටිනා

වයස අවුරුදු හතරේදී දුර්ගා දේවියගේ අවතාරය වූ මැටිනා

නේපාලයේ කත්මන්ඩු නුවර වෙසෙන ඇගේ පියා ඔරලෝසු කාර්මිකයෙකි. ඇය තවමත් හතරවැනි වියේ පසුවන මැටිනාය. 2008 වසරේ දවසක හිටිහැටියේ ප්‍රතාප්මන් ශාක්‍ය නම් වූ මේ දුප්පත් ඔරලෝසු කාර්මිකයාගේ වැඩපළට බෞද්ධ භික්ෂුන් තුන්නමක් වැඩම කළහ. ප්‍රතාප්මන් හා ඔහුගේ බිරිය සුනීතා ඔවුන්ට අසුන් පැනවූහ.

භික්ෂුන් වහන්සේ තමන් ආ කාරණය කීයේ අසුන්වලවත් වාඩි නොගෙනමය.

“ඔබේ දියණිය ඊළඟ රාජකීය කුමාරි තනතුරට තෝරාගෙන තියෙනවා” ඔවුහු කීහ.

ප්‍රතාප්මන්ට පුදුමයක් නොවූයේ ඔහු ඊට කලින් “රාජකීය කුමාරිය” තේරීම සඳහා සිය දියණියගේ හඳහන් පිටපත ලබා දී තිබූ නිසාය.

ඒත් ප්‍රතාප්මන්ට හා සුනීතාට මෙය අදහන්නවත් බැරි තරම්ය. තමන්ට දරන්නවත් බැරි මේ නේපාලයේ උතුම් පදවිය සිය කුළුඳුල් දියණියට ලැබීම මහා පිනක් ලෙස ඔව්හු සලකති.

බුදුන් ජනිත වූ බිම ලෙස සැලකෙන නේපාලයේ ශාක්‍ය කුලයේ ළදරු කුමරියත් “රාජකීය කුමාරි” හෙවත් “ජීවමාන දෙව්දුව” ලෙස තෝරා ගැනීම සියවස් හතරක පමණ සිට නේපාලයේ පවතින සිරිතකි. හින්දු විශ්වාසය අනුව ඇය දුර්ගා දෙව්දුව හෙවත් විශ්වයේ මාතාවගේ අවතාරයකි. දුර්ගා යනු අසුරයන් පරාජය කර ජයලැබූ දෙව්දුවකි. මෙය අයහපත පරදා යහපත ජය ගැනීමේ සංකේතයක් සැමරීමක් ලෙස සැලැකේ.

මැටිනා ‘රාජකීය කුමාරි’ ලෙස තෝරාගත් බව දැනුම් දීමෙන් මාස කීපයකට පසුව 2008 ඔක්තෝබර් 8 වැනිදා උදෑසන 11.39 ට යෙදුණු සුබ නැකතින් නව ‘කුමාරි දේවි’ ලෙස පත්කෙරුණේ නේපාල ජනාධිපති රාම්බරන් යාදේව් අතිනි.

රතු හා රත්තරන් පැහැති සාරියකින් සරසා මුතුමාල පැලැන්දු ඇය ‘කුමාරි දේවි’ නිල මැදුර වන ‘කුමාරි ඝර්’ වෙත කැඳවාගෙන ගියේ පෙරහරිනි.

නේපාලයේ මිලියන 27 ක් පමණ වූ ජනගහනයෙන් දහයෙන් අටක්ම හින්දු භක්තිකයන්. බෞද්ධයන් ඉන්නේ සියයට 11 ක් පමණයි. ඒත් එහි හින්දු හා බෞද්ධ ජනයා ආගමික සහජීවනයෙන් ජීවත් වෙති. “කුමාරි දේවි” පත්කිරීම බෞද්ධ චාරිත්‍රයක් වුවත් හින්දුහු ද ඇය ශුද්ධ වූ දෙව්දුවත් ලෙසට ගෞරව කරති.

“කුමාරි දේවී” ළදරු දෙව්දුව වාසය කරන මාලිගාව පිහිටා ඇත්තේ කත්මණ්ඩු නගරයේ ඩර්බර් චතුරස්‍රයේය. එය සංචාරක නිකේතනයක් වශයෙන් ද හැඳින්වෙනවා. එහි විවිධ බඩු භාණ්ඩ පිරුණු සාප්පු සංකීර්ණයක් ද වෙයි. දේවි දේවතාවුන්ගේ පිළිම රූප වැනි දේත් එහි කඩසාප්පුවල පිරී තිබේ.

 

කුමාරි දේවිගේ මන්දිරය

“කුමාරි දේවිගේ මන්දිරය ඇත්තේ චතුරස්‍රයේ දකුණු පසිනි. එහි ඉදිරිපිට ‘කුමාරිඝර්’ ජීවමාන දෙව්දුව කුමාරි දේවිගේ මන්දිරය” යනුවෙන් පුවරුවක් සවිකොට ඇත්තේය.

1757 දී ගඩොලින් කුඩාවට නිමකළ මෙහි කවුළු නිමවා ඇත්තේ කැටයම් කළ ලීයෙන්. එහි බිත්තිවල නොයෙකුත් ආගමික රූප කැටයම් කර තිබීම තවත් විශේෂයක්.

රාජකීය කුමාරි දේවිය සොයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි.

විශේෂයෙන්ම ඇය නේවාරි ප්‍රජාව අතර ශාක්‍ය කුලයේ දැරියක විය යුතුයි. බුදුන් වහන්සේ ද එම ශාක්‍ය ප්‍රජාවට අයත් බව ඔවුන්ගේ විශ්වාසයයි.

කත්මණ්ඩු නගරයේ පටු මාවතක ජීවත් වුවත් තම දියණියගේ ශරීර ලක්ෂණ හා හඳහන අනුව ඇය ‘කුමාරි දේවි’ යට ගැළපෙන බව සිතූ ඇගේ පියා ප්‍රතාප්මන් ඇගේ හඳහන කුමාරි සොයන භික්ෂු මණ්ඩලයට ඉදිරිපත් කළේය.

ඉතා පැහැපත් සමක් ලස්සන ඇස් හා දත් වගේම ඉතා කළු හිසකෙස් ‘කුමාරි'ට තිබිය යුතුවා මෙන්ම ඇය කාගෙත් සිත්ගන්නා සුරතල් පෙනුමක් ද තිබිය යුතුයි. ඇගේ පවුල හොඳ බෞද්ධ ආගමික පසුබිමකින් යුක්ත වීම ද විශේෂයකි.

මෙවර ‘කුමාරි දේවි’ තේරීමේ පරීක්ෂණයට ඉදිරිපත් වූ ළදැරියන් සයදෙනකු සතියක් පමණ පරීක්ෂා කොට තෝරා ගැනීම බාර වූයේ ද මේ බෞද්ධ භික්ෂුන් වහන්සේටය.

ඒ පරීක්ෂණවලින් සමහරක් තිගැස්සෙන ඒවාය. අඩ අඳුරු මිදුලක තැන තැන මීහරක් හා එළු හිස්කබල් ප්‍රදර්ශනය කරමින් බියකරු වෙස්මුහුණු පැලඳ කෑගසන මිනිසුන් අතරින් මේ දැරිය බිය නොවී යෑමට සමත්විය යුතුය.

අනතුරුව තවත් කාමරයකට ගෙන යන ඇය ඉදිරියේ කාන්තා ඇඳුම් ගණනාවක් විසුරුවා හැරේ. ඒවා අතර හිටපු කුමාරිගේ ඇඳුම් නිවැරැදිව තෝරා ගැනීම අනාගත කුමාරි දේවිගේ කටයුත්තයි. මැටිනා මෙය නිවැරැදිව තෝරාගෙන තිබුණාය. ඇයට නියම වශයෙන්ම දුර්ගා දේවියගේ බැල්ම වැටි ඇති බව කී භික්ෂුහු ඇයට නව තනතුර පිරිනැමීමට තීරණය කළහ.

මේ කුමාරි පදවිය ඇයට ජීවිත කාලයටම පිරිනැමෙන එකක් නොවේ. ඇගේ පළමු මාස් ශුද්ධිය ඇතිවූ පසුව ඇය ඊට නුසුදුසු තැනැත්තියක් වෙයි. එමෙන්ම ශරීරයේ ලේ ගලන තුවාලයක් ඇතිවුවහොත් එය ද නුසුදුසුකමකි. ලේ දුටු විට දුර්ගා දෙව්දුවගේ බලය ඇය වෙතින් ඉවත්වන බව විශ්වාසයයි.

කුමාරි දේවි පදවිය ලත් පසු ඇයට තමා ළමා කාලයේ කළ යුතු කෙළි සෙල්ලම් හා මිතුරියන් අමතක කළ යුතු වෙයි. එහෙත් මැටිනාට ‘කුමාරි ඝර්’ මන්දිරයේ නිදහසේ ඇවිද ගිය හැකිය. ඇගේ දෙමවුපියන් හා සොයුරියට සතියකට වරක් ඇයගේ මන්දිරයට ගොස් ඇය බැලිය හැකිය.

ඇය වසරකට දහතුන් වතාවක් විශේෂ දෝළාවකින් වීදි සරමින් ජනතාවගේ දුක්ගැනවිලි බාර ගන්නීය. එහි දී ඇගේ හැසිරීම අනුව ඒවාට ප්‍රතිචාර දැක්වෙන බව තවත් විශ්වාසයකි. ඇය එහිදී ඇගේ දෙපා සිප ගැනීමට ජනතාවට අවසර දෙයි.

ඇය තමන්ට පුදන ආහාර දෙස ආශාවෙන් නොබැලුවොත් ඒ පිදු තැනැත්තා ආර්ථික අතින් කඩා වැටෙන බව තවත් විශ්වාසයකි. ඇය කිසිවකු දෙස බලා ඇස් පොඩි කළහොත් ඒ තැනැත්තා මියයන බව ද කිසිවකු දෙස බලා හැඬුවොත් හෝ මහහඬින් හිනාවුවහොත් ඔවුන් දැඩිව ගිලන් බවක් කියති. ඇය කිසිවක් නොකියා නිහඬව පුද පූජා බාරගතහොත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවන බවත් තවත් විශ්වාසයකි.

“කුමාරී” නම් වන ජීවමාන දෙව්දුවගේ කටයුතු කිරීම සඳහා සේවිකාවෝ දසදෙනෙක් වෙති. ඇයට ආහාර සැපයීම හා ඇය පිරිසුදු කිරීම ඔවුන්ගේ කාර්යයි.

ජීවමාන “කුමාරි” දෙව්දුවට තනතුරින් ඉවත්වූ පසුත් විවාහ වන්නට බැරි බව ඉස්සර නම් මතයක් තිබුණත් දැන් ඒ මතය වෙනස් වී ඔව්හු විවාහ වී දරුවන් ද ලබති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්