|
||
ඒ හිනාවෙන්නේ අපට ද?බන්ධන හද හදා නිදහසේ සැරිසරන සමන්දිනී නවෝද්‍යා දේශාභිමානී ගීතදේශාභිමානී ගී යනු දේශය වර්ණනා කරමින්
දේශයට ආදරයකින් හා භක්තියෙන් යුතුව
ලියැවුණු ගීය. අප මවුබිමේ ඇති ස්වාභාවික
සම්පත් ‘ඓතිහාසික හා සොබා සිරිය මේ ගීවලින්
වර්ණනා වෙද්දී අප සිතේ අප රට ගැන ඇල්මක් හා
ආදරයක් ඇතිවේ. වීර රණවිරුවන්, වෙහෙර
විහාර, වැව්, දාගැබ්, රජවරුන් ආදී සියලුම
දේ දේශාභිමානී ගීවලින් කියැවේ. නුවන් දුමිදු රණසිංහ, වෘකයා හා ලේනා
දවසක්
ලේනෙක් අත්තෙන් අත්තට පනින කොට නිදා හිටපු
වෘකයකුගේ ඇඟ උඩට කෙලින්ම වැටුණා. වෘකයා එක
පාරට ගැස්සිලා ඌ අල්ලගෙන කන්න හැදුවා. ලේනා
පින්සෙන්ඩු වෙන්න ගත්තා: “හොඳා,
මං උඹ අත හරින්නම්, ඒත් උඹ මට කියපන් මොකද
මට හැමදාම කාන්සි, ඒකට උඹලා ලේන්නු හැම
තිස්සෙම බොහොම විනෝදෙන් ඉන්නේ කියලා
විතරක්.” “ඉස්සෙල්ලා මට ගහට නගින්න දීපන්, මං ගහේ
ඉඳන් කියන්නම්, නැත්නම් මං උඹට බයයි.”
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියෝතෝල්ස්තෝයි උපන්නේ වැඩුණේ හා තම ජීවිතයෙන් වැඩි කලක් ගත කළේ ගම්බද පරිසරයක යාස්නයා පල්යානා පෙදෙසෙහිය. ඔහු ළමයින්ට ඉතා ඇළුම් කළ අතර සිය ගමේ ළමා ළපටියන්ට බොහෝ කෙටිකතා හා කතන්දර ලිව්වේය. ඔහු ළමයින් සඳහා ලියූ තම කෙටිකතා සහ
කතන්දර මුද්‍රණය කළේ හෝඩිය හා රුසියානු
කියවීම් පොත් නමැති පොත්වලය. මෙය පළවෙන්නේ
තෝල්ස්තෝයිගේ කූඹියා හා පරෙවියා නම් උපමා
කතා එකතුවෙහි කතාවකි. මා දුටු සීගිරියකුරුලු ගීතයයි ඈතින් ඇසෙන්නේ කේ. එම්. ඒ. එච්.
කුමාරසිංහ අපේ වැඩ අපිම කර ගනිමුවැඩ යනු කාර්යයන් ය. අප කළයුතු කාර්යයන් බොහෝ ය. ඒවා තනිවම කර ගැනීම අපගේ යුතුකමකි. අධ්‍යාපනය ලබන දරුවන් වශයෙන් අපි අපගේ
වැඩ කර ගත යුතුවේ. නමුත් දෘශ්‍යාබාධිත හෝ
මහලු අයට තම වැඩ කර ගැනීම අසීරු ය. ඒ
අවස්ථාවල ඔවුනට උදවු කිරීම අපේ යුතුකමකි. විහඟ සුලක්ෂණ, මා දුටු ගිරා පවුලමාර ගසේ බෙණයේ ගිරා පවුලක් ජීවත් වෙති. ගිරා අම්මා ගිරා තාත්තා සහ පුංචි ගිරා පැටවු දෙදෙනෙක් එහි සිටිති. ගිරා මව සහ ගිරා පියා වනයේ ඈතට ගොස් ආහාර සොයාගෙන එති. කුරුලු පැටවු මව හා පියා එන තුරු බලා සිටිති. කුරුලු පැටවු සතුටින් කීචි... බීචි... ගාමින් ගිරා මව කෑම කවන තුරු, බලා සිටිති. තටු ගසමින් කූඩුව තුළ දඟලති. ඒ දැක මා සිතට දැනුණේ ප්‍රීතියකි. මෙත්මිණි පියුමි
කුමාරසිංහ, මං හැමදාමත් මහ පාරේ!හිරු නැඟෙන්නට පෙර, අරවින්දි සිරිවර්ධන කුරුල්ලෝකුරුල්ලෝ අපේ යාළුවෝ ය. උදේ පාන්දරින් ම අවදි වෙලා ගීත ගයනවා. ළමයි කුරුල්ලන්ට ආදරෙයි. ගෙවල්වලත් සුරතලයට ඇති කරනවා. කුරුල්ලන් ලෝකයේ ලස්සන වැඩි කරනවා. කුරුල්ලෝ ගොවියන්ගේ ඉටු මිතුරෝ ය. කුරුල්ලෝ නැතිදාට ලෝකයම පාළු වෙනවා. එම නිසා කුරුල්ලන් රැක ගැනීම අපේ යුතුකමකි. යූ. ලිතුම් දම්කෙත්, දක්ෂ දරුවෝ“සමනල සිහින” කාව්‍ය සංග්‍රහය වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්ලිව්. ජේ. පසන් චාමිකර සිසුවා විසින් රචනා කරන ලද “සමනල සිහිනය” කාව්‍ය සංග්‍රහය පසුගිය දා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී, ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද උත්සවයේදී එළිදැක්විණ. කුඩා කල සිටම කාව්‍ය නිර්මාණයට දස්කම් දක්වන පසන් සිසුවා කාලයක සිටම ටිකිරි හමුවට කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරන්නෙකි. ඉංග්‍රිසි භාෂාවට දස්කම් දක්වන ඔහු ගායනා තරගවලට ද ඉදිරිපත්ව දස්කම් දක්වා ඇත්තේය. පැරකුම් සමුදුර පැරකුම් නිරිඳුන් ඩබ්ලිව්. ජේ. පී. චාමිකර
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |