දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»

ගුවන් හමුදාවට 63 යි 14 වැනි ගුවන් හමුදාපති වැඩ බාරගනී

ගුවන් හමුදාවට 63 යි 14 වැනි ගුවන් හමුදාපති වැඩ බාරගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 63 ක් පිරෙද්දීම එහි 14 වැනි ගුවන් හමුදාපති තුමා වැඩ භාර ගැනීම විශේෂ සිදුවීමකි.

පසුගිය 27 වෙනිදා හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම සිය ධුරයෙන් විශ්‍රාම ගත් අතර එදින ගුවන් හමුදා මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයේදී ගුවන් හමුදාපතිවරයාගේ යෂ්ටිය ගුවන් හමුදාපති ධුරයට පත්වන එයාර් වයිස් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලක වෙත බාරදෙන ලදි.

63 වසර සපුරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරම්භය සනිටුහන් වනුයේ දෙවැනි ලෝක යුද්ධයේ අමිහිරි අත්දැකීම් හමුවේ ශ්‍රී ලංකාවට ගුවන් ආරක්ෂක පද්ධතියක වුවමනාව දැනී තිබුණු 1949 අවධියේදීය. එවකට ආරක්ෂක විදේශ අමාත්‍යවරයාගේ ලේකම් ආර්.ජී. සේනානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතක් නිසාවෙනි. ඒ අනුව 1951 මාර්තු මාසයේ 1 වෙනිදා රාජකීය ලංකා ගුවන් හමුදාව පිහිටුවනු ලදී. එහි මුල්ම ගුවන් හමුදාධිපතිවරයා වූයේ ගෲප් කැප්ටන් ජේ.බී. බ්ලඩන් මහතාය.

මෙසේ විදේශික නිලධාරින්ගේ නායකත්වයෙන් ආරම්භ වූ ලංකා රාජකීය ගුවන් හමුදාවේ ප්‍රථම ශ්‍රී ලාංකික හමුදාපතිවරයා වූයේ එයාර් කොමඩොර් ඊ.ආර්. අමරසේකර මහතාය. ඒ මහතා 1962 නොවැම්බරයේ සිට 1970 දක්වා එම පදවිය හෙබවීය. 1971 ජනවාරි මස ගුවන් හමුදාපති ධුරයට පත්වූයේ ඉතා ළාබාලම ගුවන් හමුදාධිපතිවරයා වූ 38 හැවිරිදි එයාර් කොමඩොර් පී.එම්. මැන්ඩිස් මහතාය. හෙලි ටුවර්ස් ගුවන් සේවයේ ආරම්භය ද ඒ මහතාගේ සමයේ දී සිදුවිය.

තිස් වසරක් පුරා පැවතුණ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී අරගලයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ප්‍රහාරක ජෙට් බළගණ තර කරමින් විශාල මෙහෙයක් ඉටුකළේ උතුරේ ත්‍රස්තවාදි මර්මස්ථාන කඩා බිඳ සුන් කර දමමින් 2009 මැයි 19 දා ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුළුමනින්ම තුරන් කර දැමීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අණ දුන්නේ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකය.

ඉන් අනතුරුව ගුවන් හමුදාපති ධුරයට පත්වූ එයාර් වයිස් මාර්ෂල් හර්ෂ ‍අබේවික්‍රම මහතා ද ගුවන් හමුදාවට අමිල මෙහෙයක් ඉටු කළේ එයට අවශ්‍ය සම්පත් සැපයීමෙන් හා අභ්‍යන්තර ගුවන් සේවා හා විවිධ ව්‍යාපෘති අරඹමිනි. සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට කටයුතු සිදු කරමින් මෙන්ම ඉරනමඩු වැනි ගුවන් පථ ද වැඩි දියුණු කරමින් ඒ මහතා කළ සේවාව පැසසිය යුතුය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් මෙහෙවර ඉටු කළ එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එයාර් චීෆ් මාර්ෂල් ධුරයෙන් පිදුම් ලැබ පසුගිය 27දා සිට ධුරයෙන් විශ්‍රාම ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිය තවදුරටත් ගුවන් තලයට ඔසවා තබමින්ය.

ගුවන් හමුදාවේ 14 වෙනි ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් වයිස් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලක මහතා බණ්ඩාරවෙල සාන්ත තෝමස් හා කොළඹ රාජකීය විදුහල්වල ආදි ශිෂ්‍යයෙකි.

1980 වසරේ ගුවන් හමුදාවේ 8 වැනි බඳවා ගැනීම් පාඨමාලාව යටතේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණ ඒ මහතා 1982 අප්‍රේල් මස ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨයෙන් මූලික හා උසස් පියාසර පාඨමාලා සාර්ථකව නිමා කිරීමෙන් පසුව පියාසර ලාංඡනයට හිමිකම් ලැබීය.

1986 පාකිස්ථාන ගුවන් හමුදාවේද පියාසර උපදේශක පාඨමාලාව හැදෑරූ ගුණතිලක මහතා SF260TP හා පුකාරා යන ප්‍රහාරක යානා මඟින් මානුෂීය මෙහෙයුම් යුගයේ විශාල මෙහෙවරක් ඉටුකළේය.

නිර්භීත සේවාව හා කැපවීම වෙනුවෙන් රණශූර පදක්කමෙන් ද පුද ලද එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ගුවන් නියමුවෙකු හා උපදේශකවරයෙකු වශයෙන් පියාසර පැය 4000 සම්පූර්ණ කර ඇත.

ජෙනරල් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධි පාඨමාලාව ද හදාරා ඇති ඒ මහතා අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ පීඨාධිපති හා අංක 2 ප්‍රවාහන බළගණයේ අණ දෙන නිලධාරි ලෙස පත්වීම් ලැබ තිබූ අතර ගුවන් හමුදාපති වීමට ප්‍රථම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුර දරා තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්