දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»

බන්ධනාගාර පාසලක්

බන්ධනාගාර පාසලක්

අධ්‍යාපන අමාත්‍යාංශයත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශයත් එක්ව වටරැක ප්‍රදේශයේ ඉදිකරන ලද බන්ධනාගාර පාසල මේ මස 17 වන දින පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත වීමට නියමිත ය.

බන්ධනාගාර ගතව සිටින නිසි අධ්‍යාපනයක් ලැබිය යුතු පිරිස වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා උරුම කරදීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදිවෙන පාසල ද මෙයයි.

පියවර කිහිපයක් යටතේ ඉදිවෙන මෙම පාසලේ මුල් පියවර යටතේ අ.පො.ස (සා.පෙළ) අධ්‍යාපනය සඳහා 8,9,10 හා 11 පංති ආරම්භ වෙයි. එක පංතියකට ළමයිනු 30 බැගින් පංති 4 ක් 17 දා සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ වෙයි. බන්ධනාගාර ගතවී වසර 3 ක් ඉදිරියට කාලය පවතින රැඳවියන් මේ සඳහා ඇතුළත් කෙරෙන අතර අවු. 18ට වැඩි හා අවුරුදු 50 අඩු වැඩිහිටි පිරිස් මෙම සා.පෙළ පංති සඳහා තෝරා ගැනේ. ඒ පිරිස බන්ධනාගාර ගත වීමට පෙර අවසානයට උගත් පංතිය අනුව පැවැත්වෙන සාමාන්‍ය පරීක්ෂණයකින් අනතුරුව පංතිවලට තෝරාගැනෙයි.

මෙහි දෙවැනි අදියර යටතේ රැඳවියන්ට තොරතුරු තාක්ෂණ දැනුම, වෘත්තිය තාක්ෂණ දැනුම මෙන්ම විදේශීය භාෂා පුහුණුව ද ලබාදීමට නියමිත ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්