![]() ![]() |
||||||||||||||||||||||||
රාත්‍රිය
නිලට නිලේ නිල් පාටට අහස දිලෙනවා
වවුලන්, බකමූණන් වැනි සත්තු සිටිනවා
සඳ එළියෙන් නැහැවුණු ගංගාව දිලෙනවා
එම්. ඩබ්ලිව්. ඉසුරු සංජය 5 ශ්‍රේණිය, රාවණාගොඩ විදුහල, රාවණාගොඩ
ඉන්දියාවේ අජන්තා සිතුවම්ඉන්දියාවේ ඇති අජන්තා සිතුවම් දුටුවන්ගේ සිත් වශී කරවයි. අජන්තාව වූ කලි විශ්ව කීර්තියට පත් බෞද්ධ ලෙන් විහාරයකි. ඉන්දියාවේ හයිද්රාබාත්හි වාගෝරා ගඟ අසබඩ අශ්ව ලාඩමක හැඩය ගත් උස් පර්වතයක මෙම ලෙන පිහිටා ඇත. අජන්තා සිතුවම් නිර්මාණයේදී ප්‍රෙස්කෝ ටෙම්පරා ක්‍රමය භාවිතා කර ඇත. මෙම සිතුවම් නිර්මාණය සඳහා ගුහා බිත්තිය සකසා ගෙන ඇත්තේ මැටි, ගොම, දහයියා, වීදුරු සහ සත්ව ලෝම එකට අඹරා ගැනීමෙනි. විහාරය ගුහා විසි නමයකින් සමන්විතය. ගුප්ත යුගයේ නිර්මාණය කර ඇති බැවින් මේවායේ ගුප්ත කලා ශෛලය දැකගත හැක. ලංකාවේ සීගිරි චිත්රවලට මෙම සිතුවම් නෑ කම් කියයි. අඳුරු හා දීප්තිමත් වර්ණ භාවිතය මේ සිතුවම්වල කැපී පෙනෙන ලක්ෂණයකි.
මෙහි ඇති සිතුවම් අතර පද්ම ජානි, බෝසත් රුව, බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩීම
විශේෂය. එස්.එච්. දිල්ශානි 9 ශ්‍රේණිය, මාලාලංකාර ක.වි., කටුදම්පේ
ගුරුවරු සැම විට ලොවේ වේ අගනා
ගුරුවර හරසර පුදනෙමි බැතියෙන
ළමා ලොවේ ඇති ගති ගුණ දන්නා
තිළිණ රන්දික විජේසේකර 9 ශ්‍රේණිය ‘බී’, අනුරුද්ධ කුමාර ජාතික පාසල, නාවලපිටිය.
කෘෂි කාර්මික රටක් වූ අපේ රටමගේ රට කෘෂි කාර්මික රටකි. ජනතාවගෙන් වැඩි දෙනෙක් ගොවියෝ ය. අපේ ප්‍රධාන ආහාරය බත් ය. අපේ රටේ ජාතින් ගණනාවක් ජීවත් වෙති. ඔවුන් නම් සිංහල, දෙමළ, මුස්ලිම්, සහ බර්ගර් ය. ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ දහනමයක් පමණ වේ. අපේ ප්‍රධාන ආනයන නම් ආහාර රෙදිපිළි සහ යන්ත්රෝපකරණයි. අපේ ප්‍රධාන අපනයන නම් තේ, පොල්, රබර් ය. අපේ රට 1972 දී ජනරජයක් බවට පත්විය. අපි 1948 දී නිදහස ලබා ගත්තෙමු. අපි දැන් නිදහස් ජාතියක් වෙමු. අප රටට ඝර්ම කලාපීය දේශගුණයක් ඇත. ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ පාරාදීසයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධව ඇත. මෙහි සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා බොහෝ දේ තිබේ. දියඇලි, ඉපැරැණි නටබුන්, අභය භූමි වැලි සහිත මුහුදු වෙරළ ඉන් සමහරක් වේ. මගේ රටට මම බෙහෙවින් ආදරය කරමි.
සංජය පි‍්‍රයමන්ත බාලසූරිය 7 ශ්‍රේණිය, කොස්දෙනිය ම. වි., කොස්දෙනිය
ගස් වැල්
ගස් වැල් අපට හුඟක් ප්‍රයෝජනවත් වේ. අපට ආහාර ලබා දෙන්නේ ගස්වැල් වලිනි. ඖෂධ වර්ග
ලබා ගැනීමට ද ගස් වැල් ප්‍රයෝජනවත් වේ. ගස් වැල් අපට සෙවණ ලබා දෙයි. ගස් වැල් කපා
දැමීමෙන් අපට බීමට නෑමට ජලය නොමැති වෙයි. ගස් වැල් අපට දර ලබා දෙයි. අලංකාර ලී බඩු
සෑදීමට ද ගස්වැල් අවශ්‍ය වේ. මගේ ගෙදර අලංකාරවත් කිරීමට ගස් වැල් උදව් වේ. අපි ගස්
වැල් පණමෙන් සුරකිමු. භාග්‍යා කාවින්දි 3 ශ්‍රේණිය – මහවැලි, ධම්මාලෝක විද්‍යාලය, ගිරිඋල්ල
මනු දම්...
කටු මැටි ගේ පැල
අහරට බොජුනක්
වත් පොහොසත් කම්
අයි.කේ. ඉෂාරා (පන්තිය සඳහන්ව නැත.) කඹුරාවල ඉසුරු ම.වි., බදුරලිය.
වැස්ස
අඳුර නැඟෙනවා
පුංචි කුරුල්ලන්
වැස්ස අඩුවෙලා
තරුෂි නවෝද්‍යා ප්‍රනාන්දු, 6 ශ්‍රේණිය, ගුරුගෙදර අධ්‍යාපන ආයතනය, මාධ්‍ය කවය, සපුගස්කන්ද.
|
මං සරුංගල් යවනවා |
මල්වත්තේ මල් පිපිලා |
![]() |
![]() |
ශානුක රංසජ විතානගේ සුබෝධි පූර්ව ළමාවිය සං.ම. වැලිදෙනිය, වඳුරඹ. |
ශෂිනි කෞශල්‍යා මාටුවාගල පෙර පාසල, අක්කර දහය, මාටුවාගල. |
අනාගතේ මං |
කෝච්චියක් එනවා |
![]() |
![]() |
ජයෝද් සස්මිණ විජේරත්න 2 ශ්‍රේණිය ‘පියුම්’, දුටුගැමුණු ම.ම.වි., බුත්තල. |
රවිඳු පතිරාජ 2 ශ්‍රේණිය, ශ්‍රී විජයාරාම ම.වි., නුගේගොඩ. |
ගිරව් වී කරල් ගෙන යනවා |
අපිට ගංවතුර |
![]() |
![]() |
රවිඳු දේශාන් කුමාරසිංහ 1 ශ්‍රේණිය ‘ඒ’, පස්යාල ප්‍රාථමික වි., පස්යාල. |
තරිඳු බණ්ඩාර 4 ශ්‍රේණිය ‘රෝස’, යුද හමුදා පාසල, පනාගොඩ. |
බැස යන හිරු |
|
|
|
එම්.ඩී.විභූෂනී 3 ශ්‍රේණිය, සංඝමිත්තා බා.වි., ගාල්ල. |
ටිකිරි හමුවට නිර්මාණ යොමු කරන දූ පුතුන්ට දුවේ පුතේ,
සිළුමිණ ටිකිරි හමුවට ඔබ එවන නිර්මාණ අතරින් සතිපතා හොඳම ගද්‍ය, පද්‍ය සහ චිත්‍රය තෝරා ත්‍යාග පිරිනමන බව ඔබ දනිති. මේ ත්‍යාග සඳහා අනුග්‍රහය සපයන්නේ කොළඹ - බොරැල්ල සදීපා පොත්හලයි.
එම ත්‍යාග එවීම සඳහා ඔබගේ පෞද්ගලික ලිපින අප වෙත එවීම කළ යුතුය. බොහෝ දූ පුතුන් සිය නිර්මාණ හොඳම නිර්මාණ ලෙස තේරුණු පසු පෞද්ගලික ලිපිනය අප වෙත කිසි කලට නොඑවීම නිසා ත්‍යාග තැපැල් මඟින් එවීමේ ප්‍රමාද සහ අපහසුතා මතුව තිබේ.
එනිසා සතිපතා ඔබගේ නිර්මාණය හොඳම නිර්මාණය ලෙස තේරී ඇත්දැයි බලා පෞද්ගලික ලිපිනය නොපමාව අප වෙත යොමු කරන මෙන් ඉල්ලමි. දුරකථන මඟින් ද ලිපිනය දැනුම් දිය හැකිය.
සේමාලි නැන්දා
ලිපිනය - ටිකිරි හමුව, සිළුමිණ, ලේක්හවුස්, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10.
දුරකථන අංක - 0112429265