.
Astrology - සතියේ කල දසාව
ශ. ව. 1937 ක්වූ වෘශ්චික රවි 27 භාග උඳුවප් මස පුර දියවක තිථිය
ලත් දෙසැ. 13 ඉරිදා සිට 19 වැනි ශනිදා දක්වා....
හරිප්‍රිය ගුණසේකර
තමන්ට සහාය දෙන අය ඇසුරෙන් ඈත්වීමට උත්සාහ දරනු ඇත. එයින් තමාට
අවශ්‍ය කටයුතු බලාපොරොත්තු වූ ආකාරයට ඉටුකර ගැනීමට නොහැකි වෙයි. උගත් අයගේ
ඇසුරින් විසඳා ගත නොහැකි ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට හැකි වෙයි. දුර බැහැර
ඥාතියකු නිවෙසට පැමිණෙයි. තරග විභාගවලින් ජයග්‍රහණ ලැබේ. පෙම් සබඳතා
වර්ධනය වෙයි.
ජය අංකය - 02
සුබ දවස - බ්‍රහස්පතින්දා මේ සතියේ සහෝදරයකුගේ
කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නට සිදු වෙයි. ප්‍රිය සම්භාෂණයකට
ඇරැයුම් ලැබේ. හදිසි ධන ලාභයක් ඇතිවීමට ඉඩ ඇත. එය ඇතැම් විට ලොතරැයි ජයක් විය
හැකිය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස වීමට සිදු වෙයි. ගෘහ ජීවිතය
සතුටුදායක වෙයි. සේවාවේ අවුල් සහගත තත්ත්වයක් විසඳා ගැනීම සඳහා වෙහෙස වීමට
සිදු වෙයි.
ජය අංකය - 09
සුබ දවස - ඉරිදා
මේ සුබාසුබ මිශ්‍ර සතියකි. ගෘහ ජීවිතයේ අඩුපාඩු සපුරා
ගැනීමට හැකි වෙයි. මෙතෙක් පසුබෑමකට හේතු වුණ තනතුරක් ගැනීමට හැකි වෙයි. මංගල
කටයුතු සඳහා සුබදායක කාලයක් උදා වුවත් තීරණ ගැනීම කල් දමන්නට සිදු වේ. දරුවන්
නොමැති අයට දරු ඵල වාසනා උදා වෙයි.
ජය අංකය - 05
සුබ දවස - සිකුරාදා වෘත්තීය ක්ෂේත්රයට අදාළ ඉහළ
නිලධාරීන්ගේ සහාය ලබා ගනී. එහෙත් තමාට අවශ්‍ය පරිදි බලාපොරොත්තු ඉටුවන
ආකාරයෙන් කටයුතු කිරීමට නොහැකි වෙයි. රැකියාවේ උසස් වීමක් ලබා ගැනීමට හැකි
වෙයි. විදේශ ගමනක් බලාපොරොත්තු වූ අයට එම බලාපොරොත්තු ඉටු කැර ගැනීමේ
වාතාවරණයක් උද්ගත වෙයි.
ජය අංකය - 06
සුබ දවස - අඟහරුවාදා විවිධ බාධා මතුවීම නිසා ඉටුකර ගැනීමට
නොහැකි වූ වැඩ කටයුතු යළි කිරීමට හැකි වෙයි. අනාගත දියුණුව පිළිබඳව
වෙහෙසෙයි. ශරීර සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු අතර විශේෂඥ වෛද්‍ය
උපදේශ ලබා ගැනීම කෙරෙහි උනන්දු විය යුතුය. ගුරු වෘත්තියේ සහ වෛද්‍ය අංශවල නිරත
අයට යහපත්ය.
ජය අංකය - 07
සුබ දවස - බදාදා පදිංචියේ තාවකාලික වෙනසක් සිදුවීමට ඉඩ ඇත.
හදිසි ධන ලාබයක් ලැබීමට ද ඉඩ ඇත. කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අයට යහපත්ය.
අවිවාහකයින්ට මංගල යෝග උදා වෙයි. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබෙයි. පෙම්
සබඳතා තවත් ශක්තිමත් වෙයි.
ජය අංකය - 04
සුබ දවස - සෙනසුරාදා සංචාරක ව්‍යාපාරයේ නිරත අයට ආර්ථික
වාසි අත් වෙයි. ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. සෙම් රෝග, වාතාබාධ, උදරාබාධ ඇති
අය වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි වඩාත් උනන්දු විය යුතුය. පදිංචි ස්ථානයේ තාවකාලික
වෙනසක් සිදු වෙයි. නිවෙසේ අලංකාරයට වැඩි උනන්දුවක් දක්වයි. කෘෂි කර්මාන්තයේ
යෙදී සිටින අයට කාලගුණික පීඩා නිසා අලාබ සිදු විය හැක.
ජය අංකය - 02
සුබ දවස - සඳුදා මිශ්‍ර ඵල ගෙන දෙන සතියකි. ගමන්
බිමන්වලින් අඩුවක් නැති අතර ආදායම් මාර්ග වර්ධනය කර ගනී. තරග විභාග ආදියෙන්
ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වෙයි. එක අරමුණක රැඳී සිටීමට අපහසු වෙයි. හිත
මිතුරන් වැඩි වශයෙන් ඇසුරට පත්වන සතියකි. විදේශ අධ්‍යාපනය ලබා ගැනීමට
අයදුම් කළ අයට ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබේ.
ජය අංකය - 03
සුබ දවස - සඳුදා උරුම හිමිකම් පිළිබඳ ප්‍රශ්නයකට තම
වාසියට හේතු වන ආකාරයෙන් තීන්දු ලබා ගැනීමට හැකි වෙයි. ඉවසිලිවන්තව හා
කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නව ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමට ගන්නා
උත්සාහය සාර්ථක වෙයි. ස්වයං රැකියාවල යෙදෙන අයට ලාබ ප්‍රයෝජන අත් වෙයි.
ජය අංකය - 09
සුබ දවස - ඉරිදා බුද්ධිමත් අය සමඟ මිත්‍ර සබඳතා ඇතිකර
ගැනීමෙන් ජීවන රටාවේ නව නැම්මක් ගොඩනඟා ගත හැකිය. රාජකාරි කටයුතු බහුල වෙයි.
පදිංචි ස්ථානයේ තාවකාලික වෙනසක් සිදු වෙයි. ආහාර අපත්‍ය වීම් ඇතිවිය හැකි
හෙයින් ආහාර ගැනීමේදී කල්පනාකාරී විය යුතුය. දරුවකුගේ අනාගතය පිළිබඳ
ප්‍රශ්න නිරාකරණය කැර ගත හැකි වෙයි.
ජය අංකය - 09
සුබ දවස - බදාදා රජයේ සේවයේ යෙදී සිටින අයට අතිකාල දීමනා ලබා
ගැනීමට අවකාශ සැලැසේ. සිතට එකඟව කටයුතු කිරීමට අපහසුකම් යෙදේ. පෙම් සබඳතා
සාර්ථක වෙයි. සෞඛ්‍යය ප්‍රශ්න ඇති විය හැකි හෙයින් කල්පනාකාරි විය යුතුය. සේවා
ස්ථානයේ සෙසු අයගෙන් චෝදනා එල්ල වීමට ඉඩ ඇත.
ජය අංකය - 08
සුබ දවස - බ්‍රහස්පතින්දා එක අරමුණක රැඳී සිටීමට
අපහසු වෙයි. අමනාප වූවන් නැවත මිත්‍ර වෙයි. සති අග කෙටි ගමන් බිමන් අධික වෙයි.
ආහාරපාන ගැනීමේදී කල්පනාකාරී විය යුතුය. ස්ථාන පිළිබඳ මතභේදයක් මතු වීමට
ඉඩ ඇත. විභාග ආදියෙන් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වෙයි. පෙම් සබඳතා වර්ධනය
වෙයි. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි.
ජය අංකය - 01
සුබ දවස - සිකුරාදා
|