කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
Astrology - සතියේ කල දසාව

ශ. ව. 1937 ක්වූ වෘශ්චික රවි 27 භාග උඳු­වප් මස පුර දිය­වක තිථිය ලත් දෙසැ. 13 ඉරිදා සිට 19 වැනි ශනිදා දක්වා....
හරිප්‍රිය ගුණසේකර

තමන්ට සහාය දෙන අය ඇසු­රෙන් ඈත්වී­මට උත්සාහ දරනු ඇත. එයින් තමාට අවශ්‍ය කට­යුතු බලා­පො­රොත්තු වූ ආකා­ර­යට ඉටු­කර ගැනී­මට නොහැකි වෙයි. උගත් අයගේ ඇසු­රින් විසඳා ගත නොහැකි ප්‍රශ්න­ව­ලට විස­ඳුම් ලබා ගැනී­මට හැකි වෙයි. දුර බැහැර ඥාති­යකු නිවෙ­සට පැමි­ණෙයි. තරග විභා­ග­ව­ලින් ජය­ග්‍ර­හණ ලැබේ. පෙම් සබ­ඳතා වර්ධ­නය වෙයි.

ජය අංකය - 02
සුබ දවස -  බ්‍රහ­ස්ප­තින්දා

මේ සතියේ සහෝ­ද­ර­ය­කුගේ කට­යුතු පිළි­බ­ඳව දැඩි අව­ධා­න­යක් යොමු කර­න්නට සිදු වෙයි. ප්‍රිය සම්භා­ෂ­ණ­ය­කට ඇරැ­යුම් ලැබේ. හදිසි ධන ලාභ­යක් ඇති­වී­මට ඉඩ ඇත. එය ඇතැම් විට ලොත­රැයි ජයක් විය හැකිය. දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු වෙනු­වෙන් වෙහෙස වීමට සිදු වෙයි. ගෘහ ජීවි­තය සතු­ටු­දා­යක වෙයි. සේවාවේ අවුල් සහ­ගත තත්ත්ව­යක් විසඳා ගැනීම සඳහා වෙහෙස වීමට සිදු වෙයි.

ජය අංකය - 09
සුබ දවස -  ඉරිදා

මේ සුබා­සුබ මිශ්‍ර සති­යකි. ගෘහ ජීවි­තයේ අඩු­පාඩු සපුරා ගැනී­මට හැකි වෙයි. මෙතෙක් පසු­බෑ­ම­කට හේතු වුණ තන­තු­රක් ගැනී­මට හැකි වෙයි. මංගල කට­යුතු සඳහා සුබ­දා­යක කාල­යක් උදා වුවත් තීරණ ගැනීම කල් දම­න්නට සිදු වේ. දරු­වන් නොමැති අයට දරු ඵල වාසනා උදා වෙයි.

ජය අංකය - 05
සුබ දවස -  සිකු­රාදා

වෘත්තීය ක්ෂේත්‍ර­යට අදාළ ඉහළ නිල­ධා­රීන්ගේ සහාය ලබා ගනී. එහෙත් තමාට අවශ්‍ය පරිදි බලා­පො­රොත්තු ඉටු­වන ආකා­ර­යෙන් කට­යුතු කිරී­මට නොහැකි වෙයි. රැකි­යාවේ උසස් වීමක් ලබා ගැනී­මට හැකි වෙයි. විදේශ ගම­නක් බලා­පො­රොත්තු වූ අයට එම බලා­පො­රොත්තු ඉටු කැර ගැනීමේ වාතා­ව­ර­ණ­යක් උද්ගත වෙයි.

ජය අංකය - 06
සුබ දවස - අඟ­හ­රු­වාදා

විවිධ බාධා මතු­වීම නිසා ඉටු­කර ගැනී­මට නොහැකි වූ වැඩ කට­යුතු යළි කිරී­මට හැකි වෙයි. අනා­ගත දියු­ණුව පිළි­බ­ඳව වෙහෙ­සෙයි. ශරීර සෞඛ්‍යය ගැන වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතු අතර විශේ­ෂඥ වෛද්‍ය උප­දේශ ලබා ගැනීම කෙරෙහි උනන්දු විය යුතුය. ගුරු වෘත්තියේ සහ වෛද්‍ය අංශ­වල නිරත අයට යහ­පත්ය.

ජය අංකය - 07
සුබ දවස - බදාදා

පදිං­චියේ තාව­කා­ලික වෙන­සක් සිදු­වී­මට ඉඩ ඇත. හදිසි ධන ලාබ­යක් ලැබී­මට ද ඉඩ ඇත. කෘෂි කර්මා­න්තයේ යෙදී සිටින අයට යහ­පත්ය. අවි­වා­හ­ක­යින්ට මංගල යෝග උදා වෙයි. තරග විභාග ආදි­යෙන් ජය­ග්‍ර­හණ ලැබෙයි. පෙම් සබ­ඳතා තවත් ශක්ති­මත් වෙයි.

ජය අංකය - 04
සුබ දවස -  සෙන­සු­රාදා

සංචා­රක ව්‍යාපා­රයේ නිරත අයට ආර්ථික වාසි අත් වෙයි. ගෘහ ජීවි­තය සතු­ටු­දා­යක වෙයි. සෙම් රෝග, වාතා­බාධ, උද­රා­බාධ ඇති අය වෛද්‍ය ප්‍රති­කාර කෙරෙහි වඩාත් උනන්දු විය යුතුය. පදිංචි ස්ථානයේ තාව­කා­ලික වෙන­සක් සිදු වෙයි. නිවෙසේ අලං­කා­ර­යට වැඩි උන­න්දු­වක් දක්වයි. කෘෂි කර්මා­න්තයේ යෙදී සිටින අයට කාල­ගු­ණික පීඩා නිසා අලාබ සිදු විය හැක.

ජය අංකය - 02
සුබ දවස - සඳුදා

මිශ්‍ර ඵල ගෙන දෙන සති­යකි. ගමන් බිම­න්ව­ලින් අඩු­වක් නැති අතර ආදා­යම් මාර්ග වර්ධ­නය කර ගනී. තරග විභාග ආදි­යෙන් ජය­ග්‍ර­හණ ලබා ගැනී­මට හැකි වෙයි. එක අර­මු­ණක රැඳී සිටී­මට අප­හසු වෙයි. හිත මිතු­රන් වැඩි වශ­යෙන් ඇසු­රට පත්වන සති­යකි. විදේශ අධ්‍යා­ප­නය ලබා ගැනී­මට අය­දුම් කළ අයට ඊට අදාළ සම්මුඛ පරී­ක්ෂණ සඳහා කැඳ­වීම් ලැබේ.

ජය අංකය - 03
සුබ දවස -  සඳුදා

උරුම හිමි­කම් පිළි­බඳ ප්‍රශ්න­ය­කට තම වාසි­යට හේතු වන ආකා­ර­යෙන් තීන්දු ලබා ගැනී­මට හැකි වෙයි. ඉව­සි­ලි­ව­න්තව හා කල්ප­නා­කා­රීව කට­යුතු කළ යුතුය. නව ඉඩ­මක් හෝ වාහ­න­යක් මිලදී ගැනී­මට ගන්නා උත්සා­හය සාර්ථක වෙයි. ස්වයං රැකි­යා­වල යෙදෙන අයට ලාබ ප්‍රයෝ­ජන අත් වෙයි.

ජය අංකය - 09
සුබ දවස -  ඉරිදා

බුද්ධි­මත් අය සමඟ මිත්‍ර සබ­ඳතා ඇති­කර ගැනී­මෙන් ජීවන රටාවේ නව නැම්මක් ගොඩ­නඟා ගත හැකිය. රාජ­කාරි කට­යුතු බහුල වෙයි. පදිංචි ස්ථානයේ තාව­කා­ලික වෙන­සක් සිදු වෙයි. ආහාර අපත්‍ය වීම් ඇති­විය හැකි හෙයින් ආහාර ගැනී­මේදී කල්ප­නා­කාරී විය යුතුය. දරු­ව­කුගේ අනා­ග­තය පිළි­බඳ ප්‍රශ්න නිරා­ක­ර­ණය කැර ගත හැකි වෙයි.

ජය අංකය - 09
සුබ දවස - බදාදා

රජයේ සේවයේ යෙදී සිටින අයට අති­කාල දීමනා ලබා ගැනී­මට අව­කාශ සැලැසේ. සිතට එක­ඟව කට­යුතු කිරී­මට අප­හ­සු­කම් යෙදේ. පෙම් සබ­ඳතා සාර්ථක වෙයි. සෞඛ්‍යය ප්‍රශ්න ඇති විය හැකි හෙයින් කල්ප­නා­කාරි විය යුතුය. සේවා ස්ථානයේ සෙසු අය­ගෙන් චෝදනා එල්ල වීමට ඉඩ ඇත.

ජය අංකය - 08
සුබ දවස -  බ්‍රහ­ස්ප­තින්දා

එක අර­මු­ණක රැඳී සිටී­මට අප­හසු වෙයි. අම­නාප වූවන් නැවත මිත්‍ර වෙයි. සති අග කෙටි ගමන් බිමන් අධික වෙයි. ආහා­ර­පාන ගැනී­මේදී කල්ප­නා­කාරී විය යුතුය. ස්ථාන පිළි­බඳ මත­භේ­ද­යක් මතු වීමට ඉඩ ඇත. විභාග ආදි­යෙන් ජය­ග්‍ර­හණ ලබා ගැනී­මට හැකි වෙයි. පෙම් සබ­ඳතා වර්ධ­නය වෙයි. අවි­වා­හක අයට මංගල යෝග උදා වෙයි.

ජය අංකය - 01
සුබ දවස - සිකු­රාදා


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]