![]() ![]() |
||
වැහි සොඳුර
නිල් දම් පැහැය සඟවා ගෙන අහස් කුස
සායම් පැහැය ගලනා සේ සිත්තමක
වෙල් නියරේ පා තබමින් ගැමි ළඳක
පිල් විදහා රඟනා මොනරුන් නිබඳ
එරන්දිනී සෞභාග්‍යා 11 ශ්‍රේණිය ‘ඩී’, ගෝතමි බා. වි., කොළඹ
සතුන් වත්ත නැරැඹීමට ගියදා...
අපි පාසලෙන් දෙහිවල සත්තු වත්ත නැරැඹීමට ගියෙමු. මට මුලින් ම මතකයට එන්නේ සුදුපාට පිට රටින් ගෙනාපු ඔටුවා ය. සෙලවි, සෙලවි ඉන්න නිසා බයත් ඇති වුණි. සමනල කෝෂ, සමනල බිත්තරත් අපි දුටුවෙමු. පාට පාට මාළුත් සිටියහ. මම ආසම සතා මොනරාත් එහිදී දුටුවෙමි. අපි උදය කෑම එහිදී ගෙන ගුරුතුමිය දීපු චොකලට් රස බැලුවෙමු. රංචු පිටින් ඉන්න සත්තු දැක මට පරිසරය පාඩම මතක් විණි. අපිට එදා නම් හරිම සතුටු දිනයකි.
දහම්තා අක්නදී ප්‍රනාන්දු, 2 ශ්‍රේණිය ‘සී’, සිරිකුරුස විදුහල, ගම්පහ.
පරවෙන නෙළුමක් කැකුළක් අමතයි
මේ ලෝකයේ හැම දෙයක්ම නැතිවී යනවා
සුපිපෙනකොට මටත් හරිම සතුටක් දැනුණා
මට වෙන දේ ඔබටත් වන බවම සිතන්න
ඩී. සඳනි හිමායා වැලිකල 7 ශ්‍රේණිය ‘ඊ’, විශාකා විද්‍යාලය, කොළඹ 05
නොදුටු අප්පච්චි
සංසාර අසපුවේදී
ජී.ආර්. විශාකා රත්නායක, 8ශ්‍රේණිය පොතුවාගොන්න විදුහල, පොතුවාගොන්න.
අහස
හඳ පෙනෙයි තරු පෙනෙයි වලාකුළුතියේ හංසාංගී දේශාත්රී සමරනායක, 2 ශ්‍රේණිය, එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව නව නගරය. සමනල රජතුමා
මිදුලේ සමනලයෝ, පුංචි කුරුල්ලෝ පසුපස දුවනවා, උඩ පනිනවා, කුරුල්ලන්ට ගල් ගහල රිදවනවා, කෑගහනවා. ලිතුම්ගේ මිදුලේ මල් ගස්වල පාට පාට සුවඳ මල් පිපිලා ලස්සන සමනලයෝ මල්වල වහලා මල් පැණි බොනවා. ලිතුම් ඒ දෙස බලා සිට හොරෙන් හොරෙන් අඩිය තියල සමනලයෝ ළඟට ගිහින් අල්ලාගෙන පාට පාට තටු ගලවල පිටි තවරාගෙන උඩ පැන පැන සතුටු වෙනවා. සමනල පැටවු බෝතල්වලට දානවා. සමනල පැටවු දඟලන හැටි බල බලා සතුටු වෙනවා. ලිතුම්ගේ අම්මා කියනවා “කුරුල්ලන්ට සමනලයින්ට කරදර කරන්ට හොඳ නෑ. සමනල රජතුමා ඔයාට දඬුවම් කරයි කියල.” ලිතුම් රෑ නින්දට යන විට අම්මා කියපු කථාව මතකයට ආවා. ඒ සමඟම හොඳට නින්ද ගියා. ලිතුම් මිදුලේ දුව පැන සෙල්ලම් කරමින් සිටියා. පාට වළාකුලක් පාත් වුණා වගේ අලංකාර සමනලයින් රෑනක් පියඹා ඇවිත් ලිතුම් ඔසවා ගෙන ගස් අතරින් කහ පාට, රතු පාට, තැඹිලි පාට වලාකුළු අතරින් ලස්සන වර්ණවත් මල්වලින් පිරුණු ලස්සන මාලිගාවකට ගෙන ගියා. සෑම තැනකම මල් සුවඳ විහිදෙනවා. ලිතුම්ට සතුටක් දැනුණා. වටපිට බලන විට දේදුනු පාට වර්ණවලින් අලංකාර ලොකු සමනලයෙක් දැක්කා. ඒ තමා සමනල රජතුමා. රජතුමා අනිත් සමනලයන් ගෙන් ඇසුවා “මේ පොඩි පුතා ද මගේ පැංචන්ගේ තටු කඩලා බෝතල්වලට දාන්නේ” කියල “ඔව් රජතුමනි” මාලිගාවේ හිටපු සමනලයන් උත්තර දුන්නා. ලිතුම් බයවෙලා ඇස්වල කඳුළු පුරවාගෙන අම්මා මම හොයනවා ඇති කියල වටපිට බැලුවා. රජතුමාට දුක හිතුණා ඉතාම ආදරයෙන් රජතුමා ලිතුම්ට කීවා. “මගේ පැංචන්ට රිදවන්ට කරදර කරන්ට එපා පවු සිද්ධ වෙයි කියල ලිතුම් පොරොන්දු වුණා. කරදර කරන්නෑ කියල රජතුමා හොඳ ළමයා කියල සුවඳ හමන පාට පාට මල් පොකුරක් අතට දුන්නා. සමනල රජතුමා මාලිගාවේ හිටපු සමනලයන්ට අණ කළා මේ පුතා ගෙදර එක්ක ගෙන ගිහින් අම්මට බාර දෙන ලෙස. සතුටට පත් ලිතුම් හඬ නඟා හිනහ වුණා. ඒ හිතන හඬට අම්මා ලිතුම්ට කතා කළා “අම්මේ මම හීනයක් දැක්කා” කියලා. ලිතුම් අවදි වුණා. “අම්මේ මම සමනලයන්ට කුරුල්ලන්ට රිදවන්නෙ නෑ මම ඒ අයට ආදරය කරනවා” අම්මට හරිම සතුටුයි මගේ හොඳ පුතා කියල හිස අතගෑවා අම්මා ලිතුම්ට කතන්දර පොතක් දුන්නා. ලිතුම් හොඳ ළමයෙක් වෙනවා කියල හිතා ගත්තා.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර 2 ශ්‍රේණිය ‘බී’, කේරි විදුහල, කොළඹ
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ 2013 වසරේ කණිෂ්ඨ අංශයේ ජයග්‍රහණය ලබාගත් බප/ ජය එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ දරු දැරියන් පිරිසකි මේ. 2003 වසරේ සිට 2013 දක්වාම සමස්ත ලංකා නැටුම් හා මුද්‍රානාට්‍ය තරගාවලියේ දී පළමු හා දෙවන ස්ථාන දිනා ගැනීමට මේ පාසලේ දරුවන් සමත් වී ඇත. අලුත් අවුරුදු නිර්මාණ මෙසේ යොමු කරන්න
අලුත් අවුරුද්දත් අත ළඟම එනවා. පුංචි දරුවන් කවදත් බලා සිටින්නේ අවුරුදු එනකම්. අවුරුදු නිවාඩුවත් සමඟ කවුරුත් සතුටුවන අවුරුද්ද පිළිබඳ පුංචි ඔබේ නිරිමාණ ටිකිරි හමුවට යොමු කරන්න දැන් අවස්ථාව උදාවෙලා . ඔබේ ගද්‍ය පද්‍ය හා චිත්‍ර අවුරුදු නිර්මාණ අප්‍රේල් මස 05වැනිදාට පෙර ලැබෙන සේ පහත ලිපිනයට යොමු කරන්න.
ටිකිරි හමුව-අවුරුදු නිර්මාණ
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |