![]() ![]() |
||
ශ.ව. 1935 ක් වූ මීන රවි 09 භාග මැදින් මස අව ශතවත තිථියලත් මාර්තු මස 23 වැනි ඉරිදා සිට 29 වැනි ශනිදා දක්වා ...- හරිපි‍්‍රය ගුණසේකර
නව නිර්මාණවලට හිත යොමුවෙයි. රැකියා පුහුණුවක් ලබා ගැනීම සඳහා විදේශීය
ආයතනයකින් ඇරැයුමක් ලැබේ. හදිසි ධන ලාබ ගෙන දෙයි. සැම කටයුත්තක් ම ඔබගේ
වාසියට හේතුවන අයුරින් අවසන් කරගත හැකි ය.
ජය අංකය - 04 හිතට මහත් බරක්ව පැවැති ප්‍රශ්නයක් විසඳා ගැනීමට හැකිවෙයි. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන පරිදි ලබාගත හැකිවෙයි. සතියේ මුල් භාගයේ ආර්ථික තත්ත්වය එතරම් අයහපත් නොවේ. අනපේක්ෂිත සිද්ධින් ඉස්මතු වීමට ඉඩ ඇති බැවින් වියදම් පාලනය කර ගැනීම සුබදායක ය. උපදේශ ලබා දෙන්නට කටයුතු කරන අයකු නිසා පාඩු සිදුවීමට ඉඩ ඇත. ඔහු කියන දේ ඉවසිලිවන්තව අසා සිට තම බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතු ය. සෙම් රෝග හා පාදවල ආබාධ වැඩි වීමට හේතුවන ලකුණු පෙන්වයි.
ජය අංකය - 08
රැකියාවේ තනතුරු උසස්වීමක් පිළිබඳව කරන ලද ඉල්ලීමක් සාර්ථක වෙයි. අසල්වැසි අයකුට ඇතිවන ප්‍රශ්නයක් වෙනුවෙන් තමා සතු මුදලක් වැය කරන්නට සිදුවේ. නව ගෘහ භාණ්ඩ මිලට ගැනීමට තිබූ සැලසුමක් කල් දමන්නට සිදුවේ. ඉගෙනීමේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැකිවනු ඇත. විදේශ භාෂා ප්‍රගුණ කළ අයට විදේශ චාරිකා සඳහා ඇරැයුම් ලැබේ. ප්රචාරක කටයුතුවල යෙදෙන අයට හා ජනමාධ්‍ය කරුවන්ට යහපත්ය.
ජය අංකය - 03
ප්‍රශ්න හමුවේ නොසැලී කටයුතු කිරීමට උත්සාහ කළ යුතු ය. තම සේවා කටයුතුවල නිරත
වීමේදී කාර්යය බහුලත්වය නිසා අත්‍යවශ්‍ය වැදගත් කටයුතු කල් දැමීමේ
වාතාවරණයක් උද්ගත වීමට ඉඩකඩ පවතී. එවැනි අවස්ථා ගැන විශේෂ අවධානයක් යොමු කළ
යුතු ය.
ජය අංකය - 07
ගුරු වෘත්තිය හා කථිකාචාර්ය වෘත්තීන්හි යෙදෙන අයට සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක්
උදා කරයි. කරන කියන දේ අන්‍යයන් ගරු කරන තත්ත්වයක් ඇති කරයි. සංවර්ධන
කටයුතුවල යෙදෙන අයට යහපත් ය. දේශපාලන කටයුතුවල යෙදෙන අයට ජනතා අපේක්ෂා ඉටු
කිරීමට වෙහෙසිය යුතු ය. වැවිලි කර්මාන්තයේ යෙදෙන අයට තම සේවා කටයුතු වැඩි
දියුණුව සඳහා ණය මුදල් ලබා ගැනීමට හැකිවෙයි.
ජය අංකය - 02
කාලයක සිට සිත තුළ පැවැති කැලඹිලි ගති තුනීවී යයි. පෙර නොතිබූ උනන්දුවක් සිතට
නැඟී එයි. එඩිතර ගතියෙන් යුතුව ඉදිරියට පියමං කිරීමේ හැකියාව හා ධෛර්යය ඇතිවේ.
අනාගත සැලසුමක් සම්පාදනය කිරීමට උත්සාහ ගනී. බොහෝ දුරට ඇසුරු කරන අයගේ උදව්
උපකාර තුළින් එය සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පෙම්වතුන් පෙම්වතියන් අතර ප්‍රේම
සබඳතා වර්ධනයවෙයි.
ජය අංකය - 07
මුදල් තත්ත්වයේ යහපත් වර්ධනයක් ඇතිවෙයි. තම සේවා කටයුතු පිළිබඳ ප්‍රධානීන්ගේ
ඇගැයීමට යොමු වෙයි. වැටුප් වර්ධකයට හා තනතුරු උසස් වීමකට ඉඩ සැලසේ.
ලියකියවිලිවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ.
ජය අංකය - 04
ස්ථානගත ප්‍රශ්න මතුවීමට ඉඩ යෙදේ. එහෙත් කරගෙන යන කටයුතුවල වෙනස්වීමක්
සිදු නොවේ. ලාබ ලැබිය හැකි ව්‍යාපාරික අංශ කෙරෙහි හිත යොමුවන සතියකි. අධ්‍යයන
කටයුතු වලට බාධා මතුවෙයි.
ජය අංකය - 05
මුදල් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් ඇතිවේ. වාහන අලුත්වැඩියාවක් සඳහා
වියදමක් දරන්නට සිදුවෙයි. සහකරු හෝ සහකාරිගේ පාර්ශ්වයේ ඥාතියකුගේ
මංගල්‍යයක් සඳහා විෙශ්ෂ අවධානය යොමු වෙයි. විදේශයක සිටින හිතවතකුගේ
පැමිණීම හිතට සතුට දනවන සිදුවීමක් වෙයි. සොර සතුරු බියක් වර්ධනය විය හැක.
විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන අයට යහපත් ය.
ජය අංකය - 09
සුබදායක සතියකි. නායකත්වය හිමිකර ගැනීමට උත්සාහ කරන අයට සාර්ථක ප්‍රතිඵල
ලැබේ. අසල් වැසියන්ගේ දිරි ගැන්වීම තුළින් තම කාර්යයන් සාර්ථක කර ගැනීමට හැකි
වෙයි. රැකියා සඳහා විදේශ ගතවන්නන්ට සුබදායක ය. සංචාරක කටයුතුවල නිරත අයට
ආර්ථික සහන අත්වෙයි.
දරුවකුගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වෙහෙසක් දරන්නට සිදුවෙයි. සිතේ සහනය හා
සැනසීම වර්ධනය වෙයි. රැකියා ස්ථානයේ අවුල් සහගත තත්ත්වයක් මතුවෙයි. මේ තත්ත්වය
මැඬපවත්වා ගැනීම සඳහා හිතවතකුගේ සහයෝගය ලැබේ. දුර බැහැර ඥාතියකුගේ
පැමිණීමක් සිදුවිය හැක. සහෝදරයකුගේ රෝගයක් මුල් කොට තැන්පත් මුදලක් වැය
කරන්නට සිදුවෙයි. නිවාස සැලසුම් කරුවන්ට නිවාස හා ඉඩම් අලෙවි කරන්නන්ට
සුබදායක ය. ආදායම් සරුවෙයි. වාහන ලාබ හිමි වෙයි.
ජය අංකය - 02
ආර්ථික අංශය යහපත් වෙයි. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී විය
යුතු ය. මේ සතියේ අනාගත අභිවෘද්ධිය සඳහා නව පියවරක් ගැනීමට හැක. සති අන්තයේ
ප්‍රිය සම්භාෂණයකට සහභාගි වීමට අවස්ථාව සැලසේ. කෘෂි කර්මාන්ත හා මැණික් පතල්
කර්මාන්තයේ යෙදෙන අයට දේශගුණික විපර්යාස නිසා බලාපොරොත්තු වූ අරමුණ ඉටුකැර
ගැනීමට අපහසු වෙයි.
ජය අංකය - 05 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |