සති මැද ඉහළ යයි
සති මැද ඉහළ යයි
පෙර සතිය අවසානයේ 4458 ක් වූ ගනුදෙනු සංඛ්‍යාව සතිය ආරම්භක 24 වැනිදා සඳුදා
ගනුදෙනු 4128 ක් දක්වා අඩු විය. එදින මිලියනය ඉක්මවා ගනුදෙනු සිදු වූ සමාගම්
ගණන දැක්වුණේ දෙකක් පමණි. ජේ.කේ.එච්. (1030985), එස් එම් බී ලීසිං ( ඡන්ද බලය රහිත)
- 1199517. සමාගම් දෙකෙහි පමණක් එසේ කොටස් මිලියනය ඉක්මවා අලෙවි විය.
මිල ඉහළ යාම් අතින් සමාගම් එතරම් කැපී නොපෙනුණු අතර හන්ටර්ස් සමාගමේ කොටසක මිල
රුපියල් 7.00 කින් ඉහළ ගියේය. මිල පහළ යාම් අතුරින් කැපී පෙනුණු සමාගම් අතුරින්
ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් (33.90), බුකිට් ඩරා (15.00), සිලෝන් බෙවරේජස් (14.90),
සිලෝන් ගාර්ඩියන්ස් (12.60), සිලෝන් ටුබැකෝ ( 38.00) , ඊ.බී. ක්‍රෙසි (16.30)
නෙස්ලේ (20.90), නුවරඑළිය (75.30) සමාගම් විය.
පසු දින එනම් 25 වැනිදා අඟහරුවාදා ගනුදෙනු යළි ඉහළ ගියේය. ඒ ගනුදෙනු සංඛ්‍යාව
4600 ක් දක්වා ඉහළ යමිනි. මිල ඉහළ යාම් අතුරින් සමාගම් එතුරම් කැපී නොපෙනුණු
අතර නුවරඑළිය හොටෙල් හි කොටසක මිල රුපියල් 129.00 කින් ඉහළ ගියද සමාගමේ අලෙවි
වූයේ එක් කොටසක් පමණි. මිල පහළ යාම් අතුරින් කැපී පෙනුණු සමාගම් අතර එලායන්ස්
(10.60), සිලෝන් ටුබැකෝ (28.90) කන්වෙන්ෂන් ෆුඩ්ස් (21.90), ෆින්ලේස් කළම්ඹු
(25.60) හන්ටර්ස් (10.00), සිහපුත්‍ර ෆිනෑන්ස් (12.40) සමාගම් විය. සෙලිසින්ග්ස්
කොටසක මිල රුපියල් 139.00 කින් පහළ ගියද සමාගමේ අලෙවි වූයේ කොටස් 7 ක් පමණි.
මිලියනය ඉක්මවා කොටස් අලෙවි වූ සමාගම් අතුරින් පී සී හවුස් කැපී පෙනුණි.
සමාගමේ කොටස් 10454580 ක් අලෙවි වීම මෙහිදී කැපී පෙනුණි. ඊට අමතරව සියෙරා
කේබල්ස් (2733537), පී සී ෂර්මා (1137030) සමාගම්හිද කොටස් මිලියනය ඉක්මවා
අලෙවි විය.
බදාදා (26) යළිත් ගනුදෙනු සැලකිය යුතු ලෙසින් ඉහළ ගියේය. එදින ගනුදෙනු 5359 ක්
වාර්තා විය. මිල ඉහළ යාම් අතුරින් කැපී පෙනුණේ සිලෝන් ටුබැකෝ (7.70), නෙස්ලේ
(26.60), සමාගම් වන අතර මිල පහළ යාම් අතුරින් කැපී පෙනුණේ හරිස්චන්ද්‍ර (76.30),
ජී එස් ෆිනෑන්ස් (85.50), සමාගම් ය. දිනයේ මිලියනය ඉක්මවා කොටස් අලෙවි වූ
සමාගම් අතුරින් කැපී පෙනුණේ බ්ලූ ඩයමන්ඩ් (1078917), පීඩී එල් (3163952), එස්
එම් බී ලීසිං (1506421) ද ෆිනෑන්ස් කම්පැණි - (ඡන්ද බලය රහිත) -1143429, එෆ් එල් සී
හෝල්ඩින්ග්ස් ( 1287368), පී.සී. ෂර්මා (1599753), රයිගම් සෝල්ටර්ස් (3767183),
ස්වර්ණමහල් ෆිනෑන්ස් (1120044) එසේ මිලියනය ඉක්මවා කොටස් අලෙවි වූ සමාගම් අතර
වේ.
පෙර සතිය අවසානයේ සිකුරාදා සමස්ත කෙටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 5937.28 ක්
ලෙසිනි. එය සතිය ආරම්භක සඳුදා ඒකක 5883.05 ලෙසත් අඟහරුවාදා ඒකක 5835.92 ලෙසත්
බදාදා ඒකක 5872.81 ලෙසත් දැක්වුණි. එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය පෙර සතියේ
අවසාන සිකුරාදා දැක්වුණේ ඒකක 3237.82 ලෙසිනි. එය සතිය ආරම්භක සඳුදා ඒකක 3208.00
ලෙසත් අඟහරුවාදා එම දර්ශකය ඒකක 3180.06ක් ලෙසත් බදාදා ඒකක 3188.80 ලෙසත්
දැක්වුණි.
වෙළෙඳ පොළ මේ අයුරින් විවිධාකාරයෙන් ඉහළ පහළ යාම් නිසා ආයෝජකයන් එකවරම
සමාගම් කෙරෙහි ඇදී යාම් මෙන්ම සමාගම්වල ආයෝජනයෙන් ඉවත් වීම දැකිය හැකිය. මේ
නිසා වරෙක ව්‍යාජ ලෙසින් මිල ඉහළ නැංවීමට එරෙහිව ශ්‍රී ලංකා විනිමය සම්පත් හා
සුරුකුම් සභාව විසින් නීති රීති ද පනවන ලදි.
තාරක වික්‍රමසේකර
|