හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

කාසා කලම්බු හෝටල් ක්ෂේත්‍රයේ

කාසා කලම්බු හෝටල් ක්ෂේත්‍රයේ
විශිෂ්ට සම්මාන රැසකට හිමිකම් කියයි

කාසා කලම්බු ලැබූ ජයග්‍රහණය මාධ්‍යයට කියන්නට එක් වූ ෂැකී ද සිල්වා මිෂෙල් තෙරේස්, නවාල් ක්සිම්, ලලින් මයිකල් ජිනසේන, නිහාල් ජිනසේන, ෂර්ලි ජිනසේන, හෝස්ට් ෂ්මිඩ්ක් මහත්ම මහත්මීහු.

කාසා කලම්බු විසින් විශිෂ්ටතම අභ්‍යන්තර ගෘහ අලංකරණය වෙනුවෙන් වන “2011 ආසියා ශාන්තිකර හෝටල් සම්මාන තිළිණය” සහ “2011Trip Advisor” සහතිකය සඳහා වූ විශිෂ්ට සම්මානය කාසා කලම්බු දිනාගත් අතර ආසියාවේ ප්‍රමුඛතම බුටික් හෝටලය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටලය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික හෝටලය සම්මාන සඳහා කාසා කලම්බු නිර්දේශ විය.

කාසා කලම්බු සතු ආකර්ෂණීය අලංකරණය නිසාම මේ වසරේ ෂැංහයි නුවර පැවැත්වූ බ්ලූම්බර්ග් ජාත්‍යන්තර හොටෙල් සම්මාන උළෙලේ දී පැවැති හෝටල් තරගයේදී තරුපහේ හෝටලයක් ලෙසින් සම්මාන ලැබීය. එහිදී ලංකාවේ විශිෂ්ටතම ගෘහ අලංකරණය සහිත හෝටලය වශයෙන් කාසා කලම්බු සම්මාන දිනාගන්නා ලදී.

තවද Tripadvisor.com විසින් විශේෂ තත්ත්වයක් හිමි කරදෙමින් කාසා කලම්බු තවදුරටත් ඇගයුමකට ලක්විය. මේ සඳහා සිය ඡන්දය ලබාදෙන ලද්දේ කාසා කලම්බුහි නවාතැන් ගත් සංචාරකයන් විසිනි. මෙම ඇගයුමෙන් ප්‍රදර්ශනය වන්නේ කාසා කලම්බු වනාහි සෞන්දර්යාත්මක ආකර්ෂණයක් කැටි කරගත් ස්ථානයක් පමණක් ම නොව සිය හෝටලයට පැමිණෙන සංචාරකයන් වෙත උසස් හා වින්දනාත්මක පාරිභෝගික සේවාවක් සහ සුරක්ෂිත බවක් ලබාදෙන බවයි.

කාසා කලම්බු හි හිමිකරු ව්‍යවසායක සහ නිර්මාණ ශිල්පියකු වන ලලිත් මයිකල් ජිනසේන මහතා විසින් කාසා කලම්බු හි සෑම ගෘහ භාණ්ඩයක් මෙන්ම සැරසිල්ලක් ම පාහේ මෙරට දී නිර්මාණය කළ ඒවාය. මේ සම්මාන වනාහී නිර්මාණකරණය සඳහා වන ලලින් ගේ විශිෂ්ට හැකියාව ප්‍රශංසාවට ලක්කිරීමක් පමණක් නොව ඉතාලිය, ඉන්දුනීසියාව වැනි ලොව ඉහළ පෙළේ රටවල් සමඟ පවා තරග කළ හැකි තරම් වන ජාත්‍යන්තර මට්ටමේ ගෘහ භාණ්ඩ හා සැරසිලි ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කළ හැකි බවට පෙන්වා දෙන සාක්ෂියකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා