හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

රිචඩ් පීරිස් සමූහයට බිලියන 3.4ක ලාභයක්

රිචඩ් පීරිස් සමූහයට බිලියන 3.4ක ලාභයක්

වසර 78 ප්‍රෞඪ ඉතිහාසයක් හා 30,000කට අධික ශ්‍රම බළකායක් සේම අනුබද්ධිත සමාගම් 42ක් හිමි ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන, රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරය පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී තම සමාගමේ මූල්‍යමය වර්ධනය පිළිබඳ ව නිවේදනය කළේ ය.

එහිදී රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය සේන යද්දෙහිගේ මහතා මාධ්‍යවේදීන් අමතමින්, “2011 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ 2010/2011 මූල්‍ය වර්ෂය රිචඩ් පීරිස් සමාගම වසර 78ක ඉතිහාසයේම වැඩිම ලාබ ඉපයූ වර්ෂයයි. මෙවර අප සමාගමේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.4ක් වූ අතර එය පසුගිය මූල්‍ය වර්ෂය සමඟ සාපේක්ෂව සැසඳීමේ දී රුපියල් බිලියන 1.5ක ලාභ වර්ධනයක්. එසේම සමාගමේ බදු ගෙවූ පසු ලාභය රුපියල් බිලියන 2.1ක් වන අතර එය පසුගිය මූල්‍ය වර්ෂය සමඟ සැසඳීමේ දී 200%ක වැඩිවීමක්. මෙම ඓතිහාසික වර්ධනයේ ඇති සුවිශේෂත්වය වන්නේ මෙම ලාභය සමාගම් සමූහයේ මෙහෙයුම් තුළින් ලබාගත් වර්ධනයක් වීමත් එම ලාභය තුළ ප්‍රාග්ධන ලාභ අන්තර්ගත නොවීමත් ය.” යැයි පැවැසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා