කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
දෙදිනක් තුළ ශීඝ්‍ර වැඩිවීමක්

දෙදිනක් තුළ ශීඝ්‍ර වැඩිවීමක්

සති කිහිපයක් තිස්සේ මන්දගාමී ස්වරූපයෙන් පැවැති කොටස් වෙළෙඳපොළ පසුගිය අඟහරුවාදා යළි ඉහළ ගියේය. කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පසුගිය සති කිහිපයේම පැවසු පරිදි ප්‍රාථමික කොටස් මිලට ගැනීමට ආයෝජකයන් පෙළඹීමෙන් පසු ද්විතියික වෙළෙඳපොළ ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙයයි. ප්‍රාථමික කොටස් මිලදී ගැනීමෙන් පසු කොටස් වෙළෙඳපොළ ඉහළ යන බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසා තිබුණි.

සඳුදා ආරම්භක දිනයේදී කොටස් වෙළෙඳපොළ මන්දගාමීව ඇරැඹුණ අතර පෙර දිනට සාපේක්ෂව වෙළෙඳපොළ විශාල පසුබෑමක් දිස්විය. පෙර දින සමස්ත කොටස් මිල දර්ශකය දැක්වූයේ ඒකක 6381.07 ක් ලෙස වන අතර එය සඳුදා වන විට ඒකක 6257.01 ක් දක්වා ඒකක සියයකට අධික ප්‍රමාණයක් පහළ ගියේය. එසේම මිලංකා මිල දර්ශකයද ඒකක 6952.65 ක් ලෙස පෙර දින දැක්වුණු අතර එය ද සඳුදා වන විට ඒකක 6818.17 ක් ලෙස දැක්විණි. එය ඒකක සියයකට අධික පහළ යාමකි.

එමෙන්ම අලෙවි කිරීමට පැමිණි කොටස් හිමියන්ගේ සංඛ්‍යාව ද වැඩි වී තිබුණි. පෙර දින 8088 ක් වූ ගනුදෙනු සංඛ්‍යාව සඳුදා දිනයේදී 10187 ක් දක්වා ඉහළ නැඟ තිබුණි. වෙළෙඳපොළ පිරිවැටුම ද පහළ ගොස් තිබුණි. සඳුදා දිනයේදී මිල ඉහළ ගියේ සමාගම් දහ අටක පමණි.

අබාන්ස්, ආසිරි, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, සිටි හවුසින්, කොන්ෆිෆි හොටෙල්ස්, එන්වයර්මන්ට් රිසෝස්ට්, එච්. ඩී. එෆ්. සී, හයිඩ්‍රො පවර් ෆි‍්‍ර ලංකා, කැලණි කේබල්ස්, ලංකෙම්, මොරිසන්ස්, පැල්වත්ත, ඔනලි රේඩියන්ට් ජෙම්ස්, රේණුකා සිටි හොටෙල්, සෙරන්ඩිබ් හොටෙල්ස් (NV), ද ෆිනෑන්ස් කම්පැණි, ටෝකියෝ සිමෙන්ට් (NV), උඩුපුස්සැල්ලාව යන සමාගම් පමණක් මෙසේ කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර විය.

ලාභාංශ ගෙවන සමාගම් දෙකක් තම ලාභාංෂ ප්‍රකාශයට පත් කරන ලදි. එයින් යුනියන් කෙමිකල්ස් ප්‍රථම වාරය ලෙසින් රුපියල් 5.00 ක් බැගින් ද කොමර්ෂල් බැංකුව කොටසකට රුපියල් 1.50 ක් බැගින් දෙවන වාරයට ද ගෙවීමට තීරණය කරන ලදි.

එක් ආයතනයකට පමණක් 10% මිල පරාසය පැනවීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණය කර තිබුණි.

අඟහරුවාදා වන විට මේ තත්ත්වය සහමුලින්ම වෙනස්ව ගොස් තිබුණි.

පෙර දින 10187 ක් වූ ගනුදෙනු ප්‍රමණය එදින 17965 ක් දක්වා ඉහළ ගියේය. සමස්ත කොටස් මිල දර්ශකය ද ඒකක 6434.85 ක් දක්වා ඉහළ ගියේ ඒකක සියයකට අධික වැඩිවීමක් පෙන්නුම් කරමිනි. මිලංකා මිල දර්ශකය ද 6988.54 ක් දක්වා ඉහළ ගියේ ඒකක 100 කට අධික සංඛ්‍යාවක් ඉහළ නංවමිනි. රිචඩ් පීරිස් සහ සමාගම ද කොටසකට ශත 0.20 ක ලාභාංෂ ගෙවනු ලබන බවට ප්‍රකාශ කරන ලදි. එම්. ටී. ඩී. වෝකර්ස් සමාගම කොටස් 19 කට 1 ක් කොටසක් ලබා දෙන බව ප්‍රකාශයට පත් කරන ලදි.

ඒ රුපියල් 33 ක මිලකට යටත්වය. අඟහරුවාදා වන විට බොහෝ සමාගම්හි කොටස් මිල යළි ඉහළ ගියේය. පහළ ගියේ ඉතා සුළු සමාගම් කිහිපයක පමණි. සඳුදා දිනය හා සසඳන කල මෙය විශාල පෙරළියකි.

විශේෂයෙන්ම කොළඹ ෆාමසි හි කොටසක මිල රුපියල් 278 කින් දිනය අවසන් වන විට ඉහළ ගොස් තිබුණි. ඩිමෝ ආයතනය රුපියල් 45 කින් ද නුවරඑළිය හොටෙල්ස් රුපියල් 38 කින් ද ඉහළ ගියේය. සිංගර් හි කොටසක් රුපියල් 35.90 කින් ඉහළ ගියේය. මේ අයුරින් බොහෝ සමාගම්හි කොටස් ඉහළ යනු පෙනුණි.

එසේම පසුගිය බදාදා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිම වන විටදී ද කොටස් මිල දර්ශක ඒකක 100 කට වඩා මිලංකා හා සියලු කොටස් මිල දර්ශක ඉහළ ගොස් තිබුණි. මෙසේ දින දෙකක් ඇතුළත කොටස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන්නේ ලාෆ් ගෑස් සමාගමේ කොටස් ඉල්ලුම් කරන ලද ආයෝජකයන්ට ලබා දුන් කොටස්වලට අනුපාතිකව ඉතිරි මුදල් ආපසු ලැබීමයි.

ලාෆ් ගෑස් සඳහා 17 ගුණයක අධික ඉල්ලුමක් තිබුණ අතර එයින් 16 ගුණයක ආපසු තැන්පත් කරුවන්ට මේ වන විට යවා ඇත. එම මුදලින් යළි කොටස් මිලදී ගැනීම නිසා මෙසේ කොටස් මිල ඉහළ ගොස් ඇත.

එමෙන්ම දින 3 ක් ඇතුළතදී ලබා ගත් කොටස් සඳහා මුදල් ගෙවීමේ නිදහස අකුරටම ක්‍රියාත්මක කිරීම ජුනි මස දක්වා කල් ලබාදීමට ගෙන ඇති තීරණ නිසා ද කොටස් මිල මෙසේ ඉහළ ගොස් ඇත. මේ ඉහළ යාම ඉදිරියේ තවත් වැඩි වන බව ද කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා