කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»

එය මෙසේ සිදුවිය

ඥාන කෝෂය

එය මෙසේ සිදුවිය

මානවයා මුද්‍රිත අකුරු කෙරෙහි තබන්නේ අසීමිත විශ්වාසයකි. අභාවප්‍රාප්ත ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් මහතාගේ එම අදහස කෙතරම් නිවැරදිද යන්න අද අපි සියල්ලෝම දනිමු. ලිතොග්‍රැෆි, ඕෆ්සෙට්, ස්ක්‍රීන් ප්‍රින්ටින්, ෆ්ලෙක්සොග්‍රැෆි, ෆොටෝ කොපි, ලේසර් මුද්‍රණ, ඩොට් මැට්රික්ස්, ඉන්ජෙක්ට් මුද්‍රණ, ඩයි-සබ් මුද්‍රණ, ඩිජිටල් මුද්‍රණ, ෆ්‍රෙස්කොග්‍රැෆි, 3 ඩී මුද්‍රණ ආදී වශයෙන් වූ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් මානව මුද්‍රණ අවශ්‍යතා ඉටුකර දෙන ආයතන එකකට වැඩි ගණනක් ඕනෑම නගරයක දැකගත හැකිය.

මානවයා සංස්කෘතික වශයෙන් ඉදිරි පියවරයන් තබමින් තිබූ අතීත එක්තරා යුගයක ඔහුට තම අදහස් වඩාත් පුඵල්ව හා වඩාත් ස්ථිරසාරව සමාජගත කිරීමට අවශ්‍ය වන්නට ඇත. ඒ අනුව මුල්ම මුද්‍රිත ලියැවිල්ල ක්‍රි.පූ. 3000 දී එවක දියුණු සංස්කෘතියකට උරුමකම් පෑ මෙසපොතේමියාවේදී ආරම්භ වී ඇත. ඒ තෙත මැටි පුවරු මත සිලින්ඩරාකාර ලී මුද්‍රණ අච්චු රෝල් කිරීමෙන්ය.

චීනය තම සිල්ක් රෙදි මත විවිධ මල් වර්ග පැහැයන් තුනකින් මුද්‍රණය කිරීම Han රාජ්‍ය සමයේ එනම්, ක්‍රි. පූ. 200 දී පමණ ආරම්භ කර ඇත. මේ සඳහා ඔවුහු ලී අච්චු සකසා පාට තීන්තවල පොඟවා එම අච්චුව සිල්ක් රෙදි මත තද කිරීමෙන් මුද්‍රණයේ කාර්යභාරය සාක්ෂාත් කර ගත්හ. මෙම ක්‍රමය ඊජිප්තුව අනුගමනය කරනුයේ තවත් වර්ෂ 600 ක් පමණ ගෙවීමෙන් 4 වැනි ශත වර්ෂයේ දී සිටය. බ්ලොක් ප්‍රින්ටින් හෙවත් අච්චු මුද්‍රණය ලෙස සැලකෙන මෙය ඇතැම් අවස්ථාවල දී අද පවා භාවිත කෙරෙයි. චීනය තම සිල්ක් රෙදි හැඩ වැඩ කිරීම පිණිස පවත්වා ගෙන ආ මුද්‍රණ ශිල්පය කඩදාසි මතට පතිත වන්නේ මහායාන බුදු දහමේ සංවර්ධනීය අවස්ථාවක් ලෙසටය. ඒ අනුව ලී අච්චු මඟින් චීනයේ මුද්‍රිත මුල්ම ග්‍රන්ථය වන්නේ 5 වැනි ශතවර්ෂයේ දී කුමාරජීව ප්‍රාඥයා විසින් පාලි භාෂාවෙන් චීන භාෂාවට පරිවර්තනය කරන ලද “දියමන්ති සූත්‍රය” නම් කෘතියයි.

එහි සඳහන් දිනය Xiantong  යුගයේ නව වැනි වසරේ හතරවැනි සඳ උදා වූ දහතුන් වැනි දවසයි. නූතන දින වකවානු අනුව ක්‍රි. ව. 868 මැයි 11 වෙනිදාය. බෞද්ධ ඉගැන්වීම් ලේඛනගත කිරීමට දරන උත්සාහය හේතුවෙන් ඉන්දියාවේ මුද්‍රණ ශිල්පය වඩ වඩාත් ප්‍රචලිත වී ඇති බව විද්වතුන්ගේ මතයයි. විශාල පිටු ගණනකින් යුක්ත “සුඛාවතී ව්‍යුහ සූත්‍රය” මේ අයුරින් මුද්‍රණය වූ වැදගත් ලේඛනයක් සේ සැලකිය හැකිය. මැටි පුවරු විශාල සංඛ්‍යාවක් භාවිත කරමින් ලී අච්චු මඟින් මුද්‍රිත මෙකී ග්‍රන්ථයේ පිටපත් අද පවා ජීවමානව ඇත. එසේම “ධම්ම පදයේ” කෙටි ගාථාවන් වෙන වෙනම ද පටිච්ඡ සමුප්පාදය එසේ මැටි පුවරු මත ග්‍රන්ථකරණයට පත්ව ඇත්තේ 4 වැනි ශතවර්ෂයේ සිට හත්වැනි ශතවර්ෂය දක්වා වූ කාලය තුළය.

ක්‍රි.ව. 1300 වන විට යුරෝපයේ රෙදි මත ලී අච්චු මඟින් මුද්‍රණය සාමාන්‍යකරණය වී තිබිණි. ක්‍රිස්තියානි ආගමික රූප මේ අතරින් ප්‍රමුඛ වූ අතර ක්‍රි.ව. 1400 වන විට කඩදාසි භාවිතය පෘථූල වීම හේතු කොටගෙන කුඩා ආගමික රූප ලී අච්චුවල නිර්මාණය කොට ඒවා තීන්තෙහි පොඟවා කඩදාසි මත තද කිරීමෙන් පින්තූර මුද්‍රණය ආරම්භ වී ඇත.

ජපන් ජාතිකයන් බොහෝ ඈත කාලයේ පටන් “ස්ටෙන්සිල්” ඇසුරෙන් රෙදි මත විවිධ හැඩ තල සහ රූප මුද්‍රණය කර ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. එය ක්‍රි.පූ. 27 තරම් වූ ඈත අතීතයක සිට පැවත එන කටයුත්තක් බව තහවුරු වී ඇත. ක්‍රි.ව. 1040 වන විට චීනයේ Bi Sheng ප්‍රාඥයා විසින් එකම අච්චුවට විවිධ අකුරු සහ මෝස්තර අඩංගු ඵලකයක් සවි කිරීමට හා ඉවත් කිරීමට හැකි ලෙස මුද්‍රණ අච්චුව නවීකරණය කළේය. මේ අනුව මෙම අච්චුව “මුවබල්” අකුරු අච්චුව ලෙස නම් කෙරුණි. මෙය ලී අච්චුවක් නොවූ අතර එය ෆෝසිලේන්වලින් නිර්මාණය වී තිබිණ. තවත් අවුරුදු 200 ක කාලයක් ගෙවෙන විට කොරියාවේ “Goryeo” රාජධානි සමය තුළ ෆෝසිලේන් අච්චුව වෙනුවට ලෝහ අච්චුවක් භාවිත කිරීම ආරම්භ විය. ඒ ක්‍රි.ව. 1230 දී පමණය.

තවත් ශතවර්ෂ දෙකක් ගෙවී ක්‍රි.ව. 1439 දී ජර්මනියේ Mainz නගරයේ Johanne Gutenberg විද්වතා විසින් මෙම “මුවබෙල්” අච්චුව සුවිශේෂී ලෙස සංවර්ධනය කළේය. ඒ අනුව ලෝහ අච්චුව තුළ පිටුවකට ප්‍රමාණවත් ලෝහ අකුරු සහ පින්තූර පිළිවෙළට සකස් කළ අතර එය යන්ත්‍රයකට සවි කර එහි කර එහි වූ ලීවරයක් පහත් කිරීමෙන් කඩදාසිය මත මුද්‍රණය වීම සැලසුම් කෙරුණි. ඔහුට මෙම පර්යේෂණ කාර්යයේදී Johanna Fust සහ Peter Schoffer විද්වතුන්ගේ සහය සහ අනුබලය නොමදව ලැබුණි. මෙම නව ක්‍රමය වඩා කාර්යක්ෂම වූ අතර පිටු සැලසුම් කිරීමටද ඉමහත් පහසුවක් ලබාදුන්නේය. ගුටන්බර්ග් බයිබලය ජර්මන් භාෂාවෙන් ක්‍රි.ව. 1455 දී ප්‍රථම වරට මුද්‍රණය වන්නේ මෙම ක්‍රමවේදයට අනුවය. මෙහිදී අප විද්වතාට තවත් පැසසුමක් ලබාදිය යුතු වේ. එනම් මෙතෙක් භාවිත කලක් ජලීය ද්‍රාව්‍ය තීන්ත වෙනුවට තෛලීය ද්‍රාව්‍ය තීන්ත මුද්‍රණය සඳහා නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ය.

මෙම මුද්‍රණ යන්ත්‍රයට ලෝකය සෙලවීමට හැකි විය. මුද්‍රණාල නගරයෙන් නගරයට දේශයෙන් දේශයට බිහිවන්නට විය. වාණිජ මට්ටමෙන් ක්‍රි.ව. 1469 යේ වැනීසියේ දී මුල්ම මුද්‍රණය ස්ථාපිත විය. මෙසේ තවත් අවුරුදු 300 ක් ගෙවෙන තුරුම විශාල වෙනස්කම්වලින් තොරව ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය මානවයාගේ සියලුම මුද්‍රණ අවශ්‍යතා වෙනුවෙන් නොපැකිල සේවය කළේය. ක්‍රි.ව. 1800 දී බ්‍රිතාන්‍ය වංශාධිපතියකු වූ Stanhope විද්වතා විසින් මෙතෙක් බර ලෝහවලින් නිර්මාණය වී තිබූ ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සහ එහි කොටස් වාත්තු යකඩයෙන් ප්‍රතිනිර්මාණය කළේය. එමඟින් යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය 90% කින් ඉහළ ගිය අතර වරකට මුද්‍රණය කළ හැකි වූ පිටුවේ ක්ෂේත්‍රඵලයද දෙගුණ විය. මෙහිදී අප නැවතත් මතක් කරගතයුතු කාරණාවක් වේ. එනම් තවමත් මුද්‍රණ යන්ත්‍රය මානව ශ්‍රම ශක්තියෙන් ක්‍රියාත්මක වන උපකරණයක් වන බවය.

හුමාල බලයෙන් ක්‍රියාත්මක වන මුද්‍රණ යන්ත්‍රයක් තමා සැලසුම් කර ඇතැයි මුල්වරට ප්‍රකාශ කරන්නේ ජර්මන් මුද්‍රණකරුවකු වූ Friedrich Koenig විද්වතාය. ක්‍රි.ව. 1804 දී ලන්ඩනයට පැමිණෙන හෙතෙම Thomas Bensley අර්ථපතියාගේ මූල්‍ය ආධාරයෙන් ක්‍රි.ව. 1807 දී තම යන්ත්‍රය සකස් කිරීම ආරම්භ කළේය. ක්‍රි.ව.1810 දී මෙම යන්ත්‍රය සඳහා බුද්ධිමය අයිතිය ලබා ගන්නා Koenig විද්වතා ක්‍රි.ව. 1811 දී හුමාල බලයෙන් ක්‍රියාත්මක වන මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන්නේය.

මෙහිදී මුද්‍රණ යන්ත්‍රය වෙනුවෙන් තම නැණ නුවණ ප්‍රඥාව සහ මූල්‍ය ආයෝජනය කළ ඓතිහාසික බුද්ධිමතුන් කීපදෙනෙකු හෝ මතක් කිරීම වැදගත් කාරණාවක් සේ මම හඟිමි. ඒ අනුව John Baskerville, Giambattista Bodoni, Andreas Dritzehen Heilmann, Procopins Waldfohel, Laurance Janszoon Coster  ආදීහු මෙන්ම මෙහි තවත් නම් සඳහන් නොවූ විද්වතුන් ද බොහොමයක් ම වෙති. මේ වන විට අච්චු අකුරු සඳහා විවිධ ලෝහ වර්ග භාවිත වූ අතර එයිනුත් වඩාත් සුදුසු ලෝහය කුමක්ද යන්න පිළිබඳව ක්ෂේත්‍රයේ වූයේ ව්‍යාකූල තත්ත්වයකි. ආසියාවේදී අච්චු අකුරු සඳහා තඹ භාවිත වූ අතර යුරෝපයේ දී ඊයම්, ටින් සහ ඇන්ටිමනි යන ලෝහ භාවිත විය. ගුටන්බර්ග් විද්වතා මේ පිළිබඳව කරන ලද පර්යේෂණ ඇසුරෙන් ඊයම් ලෝහයෙන් කරන ලද අච්චු අකුරු වඩාත් සුදුසු බවට නිගමනය කරන ලදී.

වර්ණ මුද්‍රණය 19 වෙනි සියවස වනවිට සංවර්ධනය වෙමින් පැවතිණි. මේ සඳහා දායක වූ විද්වතුන් අතර Jacob Christoph Le Blon, George Baxter, Edmund Evans ආදීන් ගේ නාමයන් සදාකාලිකය. රසායනික ප්‍රතික්‍රියාවක් ඇසුරෙන් මුද්‍රණය වන ලිතොග්‍රැෆි ක්‍රමය ක්‍රි.ව. 1796 දී බැවේරියානු ජාතික ග්‍රන්ථ කතුවරයකු වන Aloy Senefelder විද්වතාගේ සොයා ගැනීමක් වූ අතර ක්‍රි.ව. 1870 වන විට එය වඩාත් සංවර්ධනය වී ඕෆ්සෙට් මුද්‍රණය නමින් විද්වතුන් බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් ප්‍රතිනිර්මාණය විය. ක්‍රි.ව. 1907 දී ස්ක්‍රීන් ප්‍රින්ටින් ශිල්පය ආරම්භ වන්නේ ජපානයේ පැරණි ස්ටෙන්සිල් ශිල්පයේ නව දිගුවක් වශයෙනි. ඒ එංගලන්තයේ Samuel Simon විද්වතාගේ නැණ මහිමයෙනි. මෙම ක්‍රමය කැලිෆෝනියාවේ John Pilsworth විද්වතා විසින් ක්‍රි.ව. 1914 දී සංවර්ධනය කරන ලදී.

ක්‍රි.ව.1960 දී අතිශය ප්‍රාථමික මට්ටමෙන් ඡායා පිටපත් මුද්‍රණය ආරම්භ කරන්නේ “Xerox” ආයතනයයි. දශක දෙකක් තුළදී අතිවිශාල සංවර්ධනයක් ලබාගන්නා මෙම මුද්‍රණ ක්‍රමය අද වනවිට ඩිජිටල් තාක්ෂණය භාවිත කරයි. ක්‍රි.ව. 1969 දී ආරම්භ වන ලේසර් මුද්‍රණය ද “සෙරොක්ස් ආයතනයේ” පර්යේෂකයකු වන Gary Starkerather විද්වතාගේ නිර්මාණයකි. ක්‍රි.ව.1971 දී වානිජ මට්ටමෙන් ඇරඹෙන ලේසර් මුද්‍රණය ක්‍රි.ව. 1976 දී අයි.බී.එම්. සමාගම විසින් වඩාත් සංවර්ධනය කරන ලදී.

තවදුරටත් මුද්‍රණය විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් වඩ වඩාත් සුන්දර හා ප්‍රියංකර වනු ඇත. එසේම අදට වඩා හෙට අච්චු අකුරු වඩාත් ප්‍රබල සහ ස්ථාවර සන්නිවේදනය ද වනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්