හිමගිරත් සෙලවෙයිද!
හිමගිරත් සෙලවෙයිද!
හිමාලය සහ ඒ අවට කලාපය දැන් භූකම්පන සුලභ ප්‍රදේශයක් බවට පත් ව තිබේ.
නිරන්තරව ව්‍යසනකාරී භූකම්පන වාර්තා වූ මේ ප්‍රදේශයෙන් වාර්තා වූ අලුත්ම
භූමිකම්පාව පසුගිය සඳුදා වාර්තා විය. එහි කේන්ද්‍රය පිහිටා තිබුණේ
ටජිකිස්තානයේය. ටජිකිස්තානය පිහිටා ඇත්තේ පකිස්තානයට උතුරෙනි. නේපාලය
සහ ඇෆ්ගනිස්තානය එහි අසල්වැසි රටවල් වේ. වැඩි ජනාධික රටක් නොවීම
ටජිකිස්තානයේ විශේෂත්වයයි.
පසුගිය සඳුදා දහවල් 1.20ට පමණ සිදු වූ භූකම්පනය රිච්ටර් මාපකයේ සටහන්ව තිබුණේ
ඒකක 7.2ක් වශයෙනි. එහෙත් එහි ප්‍රබලත්වය කොතෙක් වීද යත්: භූමිකම්පාවේ
කේන්ද්‍රයේ සිට කිලෝමීටර් ගණනාවක් එපිටින් පිහිටි ඉන්දියාවේ කාශ්මීරයට සහ
නවදිල්ලියටද එහි කම්පනය දැනී තිබිණි. එසේ වුවද කිසිදු ජීවිත හානියක් වාර්තා
නොවීමද විශේෂත්වයක් විය.
භූකම්පනයේ කේන්ද්‍රය පිහිටි භූමි ප්‍රදේශයේ රුසියානු හමුදා කඳවුරක් පිහිටා
ඇතැයි වාර්තා ලැබුණද ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මාධ්‍ය හමුවට ඒම
වැළැක්වීමට රුසියානු බලධාරීන් කටයුතු කර තිබිණි.
හිමලයානු භූතැටිය ආශිත කලාපය මෑත කාලයේ මරණීය භූකම්පන කිහිපයක්ම මානව
ඉතිහිසයට එක් කිරීමට සමත් විය. නේපාලය, පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඒ
අතරින් වැඩිම හානි සිදු වූ රටවල් විය. සිදු වූ භූකම්පන සියල්ල සටහන් වී ඇත්තේ
රිච්ටර් මාපක හත ඉක්මවූ භූමි කම්පා ලෙසිනි.
|