![]() ![]() |
||
ශ. ව. 1936 ක්වූ තුලා
රවි 23 භාග ඉල් මස අව තියවක තිථිය ලත් නොවැම්බර් 09 ඉරිදා සිට 15 වැනි ශනිදා
දක්වා...
අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට පලදායි ප්‍රතිඵල අත්කර ගත හැකි වෙයි. තම සහජ දක්ෂතා වැඩි දියුණු කැර ගැනීමට අන් අයගෙන් උදව් ලැබේ. අසල්වාසීන්ට සහ හිතවත් අයට උදව් උපකාර කිරීමට ඔවුනගේ අඩුපාඩු සපුරා දීමට කාරුණික සිත් පහළ වෙයි. සමාජයේ වැඩි දෙනකුගෙන් නිතර හොඳ අසන්නට ලැබේ. ව්‍යාපාරිකයන්ට අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භය වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. ලාබ ප්‍රයෝජන පතා කරන කටයුතුවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 3 හිතවතුන් හා ඥාතින් එකතු වන උත්සව කටයුත්තකට සහභාගි වීමට ඇරැයුම් ලැබේ. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ අත්වෙයි. මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතුවල වෙනසක් ඇතිවීමට ඉඩ ඇත. ක්‍රියාශීලි ගති පැවැතුම් නිසා අන් අයගෙන් ප්‍රශංසා ලැබීමට ඉඩ ඇත. සති මැද දී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවනු ඇත. ගුරු වෘත්තියේ යෙදෙන අයට කාර්යබහුල වෙයි. දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදු වෙයි. වගා කටයුතුවල යෙදෙන අයට බලාපොරොත්තු වන තරම් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වෙයි.
ජය අංකය - 6
අපේක්ෂා නොකළ මාර්ගයකින් ආදායම් ලැබීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතුවල නිරත ශිෂ්‍යයන්ට ජයග්‍රහණ අත්වීමට ඉඩ තිබේ. උද්යෝගයෙන් යුතුව රැකියා කටයුතුවල නිරත වීමට ඉඩ සැලැසේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ. විවිධ බාධක නිසා කල්ගිය ඉදිකිරීම් කටයුත්තක් සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වෙයි. ශාස්ත්‍රීය කටයුතුවලට වැඩි නැඹුරුවක් ඇති වෙයි. ලේඛන අංශයෙන් ඉහළට යාමට ඉඩ සැලැසේ. සෙම් අමාරුවලට ප්‍රතිකාර ගැනීමට සිදු වේ.
ජය අංකය - 8
කලක සිට බලාපොරොත්තු වූ තනතුරු ලාබයක් පහසුකම් සහිතව හිමි වේ. පදිංචි
ස්ථානයෙන් බැහැරව රාජකාරි කටයුතුවල නිරත වීමට පරිසරය සැකැසේ. විටින් විට
බාධක මතු වුවත් තම අරමුණු ඉටු කැර ගැනීමට වටපිටාව සකස් කැර ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 7
වාහනයක් හෝ ඉඩමක් මිලට ගැනීම පිළිබඳව තිබූ බලාපොරොත්තු ඉටුවන ලකුණු පහළ වෙයි. ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණයකින් ජය ගැනීමට හැකි වෙයි. අතිරේක ආදායම් මාර්ග ලැබීම් ඉහළ යයි. රැකියා ස්ථානයේ අතිරේක වගකීම් ආදිය පැවරීම නිසා රාජකාරි බහුල විය හැක. පරිගණක අංශවලින් තම හැකියාවන් එළිදැක්වීමට හැකි වෙයි. ව්‍යාපාරවලට හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමට හැකි වෙයි. සති අන්තයේ ප්‍රිය සම්භාෂණයකට හෝ උත්සවයක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදු වේ.
ජය අංකය - 1
බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට ජයග්‍රහණ අත්කර ගත හැකි වේ. කාලයක් තිබු
හිරිහැර කරදර දුරු වී හිතට සහනය උදාවන කාලයක් උදා වෙයි. වැඩිහිටි ඥාතියකුගේ
හදිසි අසනීප තත්ත්වයක් වෙනුවෙන් වියදම් දරන්නට සිදුවිය හැක.
ජය අංකය - 4
ගුරු වෘත්තියේ නිරත අයට තම වෘත්තියට අදාළ වැඩිදුර පුහුණුව ලැබීමේ සම්මන්ත්රණ
ආදියට සහභාගි වීමට හැකි වෙයි. දරුවන්ගේ අධ්‍යාපනික හා කලා හැකියාවන්
දියුණුව වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදු වෙයි.
ජය අංකය - 5 ණය මුදලක් අයදුම් කළ අයට එම ණය මුදල අනුමත වීම නිසා මේ සතියේ සිතට සහනයක් ලැබේ. මෙයින් පැවැති අඩුපාඩු කීපයක් සාර්ථකව සකසා ගැනීමට හැකියාව ලැබේ. අන් අයගේ හොඳහිත දිනා ගැනීමට හැකි වෙයි. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ හොඳ හිත දිනා ගැනීමට ඉඩ සැලැසේ. විදේශ රැකියා සඳහා අයදුම් කළ අයට ඒ සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වීමට සිදු වෙයි. දරුවකුගේ මංගල කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට හැකි වෙයි. අසල්වැසියන් අතර හොඳ හිත වර්ධනය කැර ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 9
හිතුවක්කාරි ගති ලක්ෂණ නිසා පාඩු සිදුවීමට ඉඩ තිබේ. නීති ගැටලු ආදියට මුහුණ
පෑමට සිදු වෙයි. මූල්‍ය අංශයේ රැකියාවලට සම්බන්ධ අය කල්පනාකාරීව කටයුතු
කිරීමට උනන්දු විය යුතුය. ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් කෙටි විදේශ සංචාරයකට
අවස්ථාව උදා වෙයි.
ජය අංකය - 2
ග්‍රන්ථකරණයේ යෙදෙන අයට සිය නව නිර්මාණ එළිදැක්වීමක් සිදු කිරීමට අවස්ථාව
උදා වෙයි. රාජ්‍ය අංශයේ රැකියාව කරන අයට උසස් නිලධාරීන්ගේ ප්‍රශංසා ලබා ගැනීමට
හැකි වෙයි. කාර්මික ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවල නිරත අයට අතිරේක ආදායම් මාර්ග
උදා වේ. ව්‍යාපාර දියුණුවට උපදෙස් හා මූල්‍ය පහසුකම් අත්කැර ගැනීමට හැකි
වෙයි. ස්වයං රැකියාවල නිරත අයට තම නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගැනීමට හැකි
වෙයි. ආගමික අංශයට නැඹුරුතාවක් දක්වයි.
ජය අංකය - 3
නිවාසයේ අලුත්වැඩියාවක් හෝ අලුතින් කොටසක් එකතු කිරීමට හැකි වෙයි. මේ සඳහා
තැන්පත් මුදලක් වියදම් කිරීමට සිදුවනු ඇත. ගුප්ත විද්‍යා කටයුතු කෙරෙහි ඇති
උනන්දුව වැඩි වෙයි. නව නිර්මාණවල යෙදෙන අයට යහපත්ය. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර
අංශයේ සාර්ථක ප්‍රතිඵල ළඟාකර ගැනීමට හැකි වෙයි.
ජය අංකය - 1
ප්‍රේම සබඳතාවලට වැඩිහිටි පක්ෂයෙන් බාධා එල්ල විය හැක. මුදල් ලාභයක්
හිමිවීමට ඉඩ ඇත. සතියේ මැද භාගයේ වියදම් අධික වෙයි. නව තනතුරු ලාභයක් අත්වීමට
හැක. දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ ප්‍රීතිදායක අවස්ථාවකට
සහභාගි වීමට හැක.
ජය අංකය - 5 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |