මම තවමත් රැඩිකල් චරිතයක්

 


 

අනුල ද සිල්වා

ලේක් හවුසියෙන් ලේඛනයට පිවිසි අනුල ද සිල්වා මිහිර, තරුණී, සිරිකත, වනිතා විත්ති, සිසුබිම, හඳමාමා හා යව්වන යන පුවත්පත්වල සඟරාවල කතු පදවිය දැරූ ප්‍රවීණ ලේඛිකාවකි. මේ වනවිට සාහිත්‍ය කෘති හැටකට අධික ප්‍රමාණයක් නිර්මාණය කොට ඇති ඇය, පාඨකයනට වඩාත් සමීප වූයේ පරිවර්තන සාහිත්‍ය හේතුවෙනි. ස්වනිර්මාණ පහළොවකට අධික සංඛ්‍යාවක් රචනා කොට තිබුණ ද, පාඨකයන් ඇය පරිවර්තිකාවක් ලෙස වඩාත් පිළිගැනීම පිළිබඳ ඇයට ඇත්තේ නොසතුටකි.

විස්තර »

ආඳාරදෙණියේ රීරියකා

 

ඒ 1910 වසරයි. තාත්තා බලංගොඩ මාදොළ මහගෙදරින් පැන ඇවිත් දෙනියායේ ආඳාරදෙණිය ප්‍රදේශයේ තේ වත්තක බංගලාවක නැවතුණ බව කියා ඇත. ඒ වන විට තාත්තාගේ වයස අවුරුදු 17 ක් පමණ වන්නට ඇත. මහගෙදරින් පැන යන්නට හේතුව හෝ මෙපමණ දුර ආවේ කෙසේද යන්න හෝ තාත්තා ආඳාරදෙණිය ට කැටුව ආයේ කවුරුන්ද යන වග හෝ අප සමඟ කිසි දිනෙක පවසා තිබුණේ නැත. එවකට මේ විශාල වත්ත අයිති ව තිබුණේ දකුණු පළාතේ ප්‍රභූවරයකු මෙන් ම ධනපතියකු වූ විජේසුන්දර නැමැති මහතෙකුට ය. ඔහු ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත ය.

විස්තර »

සෝමාවතී ස්ථූපයත් වළගම්බා රජුත් අතර සබඳතාවක් නෑ

 

බුදුරැස් විහිදෙන සෝමාවතිය නමින් වර්තමානයේ වඩාත් මහජන ගෞරවාදරයට පත්ව ඇති පොළොන්නරුව හා ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක දෙක වෙන් කෙරෙන සීමාවෙහි ස්ථානගත වන ඉහත කී සෝමාවතිය ස්තූපය පිළිබඳ ව ශාස්ත්‍රීය පුරාවිද්‍යා අධ්‍යයන මඟින් තහවුරු කර ගැනුණු කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම මේ ලිපියේ අරමුණයි. පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 40 ක් පමණ උතුරු දෙසට ගිය විට සෝමාවතී රක්ෂිතය මැද මේ චෛත්‍යය පිහිටා තිබෙනු පෙනේ.

විස්තර »

 කුමන අරුම ද නරකෙසක් නැඟිලා!

 

නන්දන වීරසිංහ

පෙර සිට ම තමාට හුරු පුරුදු අවන්හල වෙත සිය සොඳුරිය ද සමඟ පැමිණ සිටින කථකයාට කොළොම්තොට දර්ශනය වෙයි. (කොළොම්තොට යනු මුහුදුතොට, නැව්තොට හෙවත් වරාය යන අරුත මූලික කොටගත් සමස්ත කොළඹ නගරය ම අඟවන වදනකි.) කොළොම්තොට නුදුරින් පෙනෙන මේ මොහොතේ එය මහලු වී නැතැ යි කථකයාට සිතෙයි.

 විස්තර »

සිංහල නවකතා විචාරය - 05

 

මහාචාර්ය විමල් දිසානායක

සිංහල නවකථා විචාරය හා සම්බන්ධ තෙවැනි ආකෘතිය මතු කොට දක්වන ලද්දේ ගුණදාස අමරසේකර මහතා විසින් බව මම මීට ඉහත දී ප්‍රකාශ කළෙමි. මෙහි අපගේ සුවිශේෂ අවධානයට ලක් විය යුතු අංශ කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න යථාර්ථවාදයෙහි වැදගත්කම තහවුරු කිරීම හා ඒ සංකල්පයට අර්ථවත් විවරණයක් සැපයීමයි. යථාර්ථවාදය හා තාත්විකත්වය අතර පැහැදිලි වෙනසක් ඇත. 

  විස්තර »

කවිකාර කොම්බි

 

එදා මහ රාත්තිරියේ රාගන් අල්ලලා හීපද කියලා ලොකුබංඩගෙ සනිඅඬෙන් (නොනවත්වා කරන ඉල්ලීම හෝ කන්කෙඳීරිය - සන්නිය හැදුන අයෙක් නඟන හඬ සන්නි+හඬ - සන්නි+අඩ - සනිඅඬ වී සනි අඬේ වූ බැව් පෙනේ) බේරුනු කොම්බී පහුවෙනිදා පානුපැයට මූණ හෝදන්ඩ වැවට ගියා. වැවට යන අල්ල පනල්ලේ ලොකු බංඩගෙ ගෙදරන් මේන් මේ කවිය ඇහුනලු.

විස්තර »

රචෙල් කාර්සන් හා ඇගේ “නිහඬ වසන්තය”-1

 

එක්දහස් නවසිය හැටදෙකේ ජූලි මාසයේ, NEW YORK TIMES පුවත්පතේ පළ වූ ශිර්ෂ පාඨයකින් එක්සත් ජනපදය පුරා, ජාතික පිබිදීමක් ඇතිවිය. එහි දැක්වුණේ ”නිහඬ වසන්තය දැන් පීඩාකාරී, ග්‍රීෂ්ම සෘතුවක් වී ඇත.” යන්නයි. රචෙල් කාර්සන් ගේ “SILENT SPRING” නමැති පොත ජූනි මාසය තුළ එම පුවත්පතෙහි කොටස් වශයෙන් පළ කෙරුණු අතර, එම සැප්තැම්බර් මාසයේ දී එය පොතක් වශයෙන් එළිදක්වනු ලැබිණි.

විස්තර »

රුසියාවේ ජනශ්‍රැති
ජනකතා සහ සුරංගනා කතා

 

එක් අහිංසක අවංක බැටළුවෙක් දිනක් සිය ගොවිපොළෙන් පලායමින් සිටියේ ය. එසේ යන අතර බැටළුවාට නරියකු මුණගැසිණි. නරියා මෙසේ ඇසී ය. ”නුඹ දුවන්නේ මොකද?” ”මට ගොවිපොළ එපා වුණා. කවුරු වැරැදි කළත් මා බැණුම් ඇසිය යුතුයි” බැටළුවා කීය. ”මටත් ඔය ටිකමයි. මගේ ස්වාමිපුරුෂයා කුකුළන් හොරා ගන්නවා. බැණුම් අහන්නේ මං. මටත් ඔක්කොම එපා වුණා. හිස හැරුණු අත යනවා.” නරියා ද කීය. ”හොඳයි දෙන්නා එකටම යමු” එකඟතාවක් ඇති විය. දැන් දෙදෙනා ම එක්ව එක මඟ දුවති.

විස්තර »