‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»
»
»
»


නෙළුමිවිල

සැබෑ අම්මා

සිය ස්කූටරයට නගින මේ අම්මා ලොකු දූ එහි පිටුපසට නංවා ගෙන චූටි දූ තමා ඉදිරියෙන් හිඳුවා රෙදි පටියකින් තම සිරුරට හිරවන සේ ගැට ගසා ගනී.

ඇය තම ලොකු දූ ඉංගිරිසි පන්තියට ඇරලවන්නේ ඒ ආකාරයෙනි.

ඇය ‍මේ අයුරින් දිනකට කිලෝ මීටර හයක් පමණ එහා මෙහා යයි.

අනිත් අම්මා තම දූ ඒ පන්තියට ම ඇරලවන්නේ කාරෙකෙනි.

රෝද හතරේ වාහනයේ එන අම්මා රෝද දෙකේ බයිසිකලයේ අවදානම් ගමනක යෙදෙන අම්මා හා දරුවන් දැක සසල වූවා ය.

දෙදෙනා ම දරුවන් රැගෙන යන්නේ එකම පෞද්ගලික පන්තියකට බව ද පසු දිනෙක ඇයට වැටහිණ.

ඊළඟ දවසේ පන්තිය ළඟදී දෙදෙන අහම්බෙන් හමු වූහ.

'ඔයා චූටි දූ ගැටගහගෙන ස්කූටරයෙන් එනව මං දකිනව. ඒක හරි අවදානම් ගමනක් නේද?'

'වෙන මොනව කරන්නද අනේ. තියල එන්න කෙනෙකුත් නෑනෙ.'

'මං යෝජනාවක් කරන්නද?'

'මොකක් ද?'

'ඔයා ලොකු දූත් අරගෙන ඇවිත් ඔයාලගෙ හන්දිය ළඟ ඉන්න. මාත් එන්නෙ එ‍තනින්නේ. එතන ඉඳන් මං ඔයාගෙ දූත් නග්ගගෙන පන්තියට එන්නම්. යනකොටත් එහෙම කරන්නම්. එතන ඉඳල ඔයා දරුව එක්කගෙන යන්න. මට එන්න බැරි දවස්වල මං ඔයාට කෝල් එකක් දෙන්නම්. මට ඔයාගෙ ටෙලිෆෝන් නම්බරේ දෙන්නකො'

දුරකථන අංකය ලැබිණ.

'එහෙනං එහෙම කරමු'

'අනේ බොහොම ස්තුතියි ඩොක්ටර්'

දැන් කටයුතු සිදු වන්නේ ඒ ආකාරයෙනි.

මහ මඟදීත් අනුන් දෙස දයාවෙන් බලන මෙබඳු වෛද්‍යවරියන් වාසනාවන්!
 

මාතර, රාහුල පාරේ, කේ.ඩී.කේ. රෝහිණී තිලකරත්න මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
 

පන්ති මාරුව

'ඔන්න තාත්තෙ, ඔන්න අම්මෙ මං ඉස්කෝලෙ යනකොට අපේ අයිය ඉස්සෙල්ලා ම ගිය එක වසර පන්තියටමයි යන්ඩ ඕනැ. වෙන පන්තියකට යන්ඩ මට බෑ. අයිය ගිය පන්තියට මිසක් වෙන පන්තියකට මාව බාර දෙන්ඩත් එපා! හරි ද?'

මොන්ටිසෝරි යන කාලයේ පටන් අපේ පුංචි පුතු ගේ ඉල්ලීම එය විය. අයියා ගිය පන්තියට ම යෑමට ඔහු තුළ බලවත් ආසාවක් පහළ වී තිබුණේ සහෝදර සෙනෙහස නිසා යැයි අපි සිතුවෙමු.

'හරි හරි, අයිය ගිය පන්තියට තමයි ඔයාව බාර දෙන්නෙ'

ඒ හැම වාරයක දීම එසේ කියා ඔහු සැනසීම අපේ සිරිත විය.

අප එසේ කියද්දී ඔහු ගේ පුංචි මුව කමල පිපී ගියේ අපේ හදවත් සුවඳ ගන්වමිනි.

කෙමෙන් ඔහු ගේ මොන්ටිසෝරි යුගය අවසන් විය.

ඔහු පාසලට බාර දෙන දිනය අත ළඟට ම ආයේ ය.

'ඔන්න මගෙ පොරොන්දුව මතකයිනේ. මං යන්නෙ අයිය ගිය පන්තියටමයි. හරි ද?' පාසලට බාර දීමට දෙදිනකට පෙර ද ඔහු තරයේ කියා සිටියේ ය.

'ඔව්. ඒක එහෙම තමයි' අපි දු තිර කොට කීවෙමු.

දරුවාට වී තිබූ පොරොන්දුව අපේ හිත් පත්ලට ම කිඳා බැස තිබිණ. එහෙයින් දරුවා පාසලට බාර දීමට නියමිත දිනයට පෙර දින ඒ ගැන කතා කර ගැනීමට අපි පාසලට ගියෙමු.

අලුත් හෝඩියේ පන්ති කිහිපයක් ම තිබිණ. අපේ ලොකු පුතා ගිය හෝඩියේ පන්තිය එදා මෙන් ම බාර වී සිටියේ ඔහු ට ඉගැන්වූ ගුරුතුමියට ම ය.

අවාසනාවකට මෙන් පුංචි පුතු බාර දිමට නියමිතව ඇත්තේ ඇගේ පන්තියට නොවේ; වෙනත් පන්තියකට ය.

'හරි වැඩේ. දැන් මොකද කරන්නෙ? මා බිරිය කලබල වූවා ය.

'අපි ඒ පන්තියෙ ටීචර් හම්බවෙල දරුවව මේ පන්තියට මාරු කර ගම්මු' මම යෝජනා කළෙමි.

'ඔව්. ඒක හොඳයි. එයාට දරුවගෙ ආසාව ගැන කිව්ව ම අනුකම්පා කරයිනෙ' බිරිය ද කීවා ය.

අනතුරුව අපි ඇය සොයා ගියෙමු.

'ටීචර් අපිට ටීචර්ව පොඩ්ඩකට හම්බ වෙන්ඩ පුළුවන් ද?' අපි කාරුණිකව විමසීමු.

'පුළුවනි. ඇයි ?' ඇය අප අසලට ආවා ය.

අපි අපේ අවශ්‍යතාව වඩාත් කාරුණිකව පැවසීමු.

ගුරුතුමිය ගේ මුහුණ අඳුරු වලාවකින් වැසී ගියේ ය.

'ඒ ගමන ඔයාලත් ආව ද දරුවව මාරු කර ගන්ඩ? මීට කලින් දෙන්නෙක්ව ම මාරු කර ගෙන ගියා. මේ තුන්වෙනිය. ඇයි මේ අම්මල තාත්තල මට මෙහෙම කරන්නෙ? මං දරුවන්ට කොයි තරම් ආදරේ ද? මාත් අම්ම කෙනෙක් නෙමෙයි ද? මං කොයි තරම් ආසාවෙන් ද ඔය අලුත් ළමයි ටික බාර අරගෙන උගන්නන්ඩ බලාගෙන ඉන්නෙ. ඔහොම ගියා ම මට ළමයි ඉතුරුවෙයි ද? මොකද මේ දෙමවුපියන්ට වෙලා තියෙන්නෙ? ඇයි මං උගන්නනව නරක ද?' ඇය වේදනාවෙන් කියවන්නට වූවා ය.

අපි මුහුණට මුහුණ බලා ගතිමු.

ඇය කඳුළු පිසින්නට වූවා ය.

අපට ඇය කෙරෙහි ඇති වූයේ අනුකම්පාවකි. අප දැන් ඇය අස්වැසිය යුතු ය.

'ටීචර්, අනේ කලබල‍ වෙන්ඩ එපා! අපි අපේ අදහස දැන් වෙනස් කර ගත්ත. අපි අපේ දරුව මාරු කර ගෙන යන්නෙ නෑ. ටීචර්ගෙ පන්තියට තමයි බාර දෙන්නෙ. ඒක ස්ථිරයි.'

ඇය ලේන්සුවෙන් දෑස පිසදා ගෙන සිනාසුණා ය.

'හොඳයි එහෙනං හෙට දරුවව මගෙ පන්තියට එක් කරගෙන එන්ඩකො.'

'හොඳයි ටීචර්'

අපි සමුගතිමු.
 

හංවැල්ල ප්‍රදේශයේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ,

ලේක්හවුස් ,කොළඹ .


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්